බලා හිදිල්ලක්.....🤍

බලා හිදිල්ලක්.....🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

".......සමහර අය හිටියා හිතට තදින් ම කා වැදුන....."



මං එක දවසක් දැක්කා එක පොස්ට් එකක්...

ඒක පුංචි වචන දෙක තුනක්...

බලාපොරොත්තු තමයි දවසක මනුස්සයෙක් ජිවත් කරන්නේ.......

මිනිස්සුන් ගේ් හිත් වල බලාපොරොත්තු නැත්තම්,

ඒ ජිවිත වලට අර්ථ සුන් බවක් ඇති වෙනවා.......



බලාපොරොත්තු පොදි බැදගෙන ජිවිතේ ඉස්සරහට යද්දී....

මහ වැස්සක් මැදින් කුඩයක් යටින් යද්දී....

ආගන්තුක පුද්ගලයෙක් කුඩේ ඇතුලට අනවසරෙන් ම රිංග ගන්නවා.......

ඒ ආගන්නතුකයා වැස්ස පුරාවට කුඩේ ඇතුලට වෙලා...

අනාරාධිතව ඉද්දී....

වැස්ස පායන්න ඔන්න මෙන්න තියෙද්දී කුඩේ අයිතිකාරයා වෙච්ච මටත් නොකියා යන්නේ....

වැස්සටත් කලින්....




සමහර බැදීම් එහෙමයි....

හරි ම අහම්බෙන්...

අනාරාධිතව....

හිත අස්සට එඹිලා ලංවෙලා....

හිත අස්සට හොරෙන් ම රිංගනවා.....

ඒ බැදීමට අපි ලෝභකම් කරනවා....

ඒ බැදීමට අපි ලොල් වෙනවා....

ඒ බැදීම මත්තේ ම නැහෙනවා...

ඒ බැදීම ට හිත වහල් වෙනවා....

ඒ බැදීම ආශා කරන්න පටන් ගන්නවා....

පස්සේ.

අපිම ඒ ඒ බැදීමට නමක් හොයනවා....





අන්තිමේ තෝරලා බේරලා ගලපලා නමක් දෙන්න.....

අපි තිරණය කරනවා....

නමක් තියන්න යන්න යද්දී ම වගේ.......

අර මහ වැස්සට ආනාරාධිත ව ආපු මනුස්සයා වගේ....

අපි ආස කරපු...

අපි හිතන් බැදුණ මනුස්සයා.....

අපෙන් ඈත්වෙන්න පටන් ගන්නවා.........




ඒක කියා ගන්න බැරි හැගීමක්,

කෙනෙක් ට එහෙම කරන්න පුලුවන් ද කියලා හිතෙනවා....

ඒත් ඒ කෙනා එහෙම කරනවා......

සමහර බැදීම් ඉස්සරහ හිත් බොලද වෙනවා....

තදින් බැදිච්ච ඒ බැදීම...

ටික ටික ඈතට යද්දී...

ඒ දිහා විදව විදව බලන් ඉන්නවා...

හිත උහුල්ලනවා...

වරු ගනන්...

දවස් ගනන්...

මාස ගනන්....

අවුරුදු ගනන්....

එහෙම විදවන හිත් ඇස් පනාපිට ම දැකලා තියනවා....




සමහර වෙලාවට හිතෙනවා...

ඇයි හිත් මෙහෙම...

ඇයි මිනිස්සු මෙහෙම...

හදවත කියන දේ ඇයි මම ඇහුවේ....

හදවත කියන දේ නාහා....

මොලේ කියන දේ පිලි පැද්දා නම්.....

මෙහෙම විදවන් නෑ නේද කියලා....

කොච්චර හිත ශක්තිමත් වුණත්...

සමහර බැදීම් ඉස්සරහ හිත් අසරණ වෙනවා....




හිත ඇතුලේ කා වැදිච්ච අර බැදීම......

මකන්න බැරි තරම්....

තදට කා වැදිලා...

ඒ අඩුව ඒ පුරප්පාඩුව...

වෙන කිසි ම කෙනෙක් ට පුරවන්න බැරි තරම්....

ලොකු හිස්තැනක්......

කියා ගන්න බැරි තරම් හිස්තැනක්....



හැම බැදීමක් අවසානේ ම තදින් ම රිදුණම...

හැමෝටම දැනෙන එක දෙයක් තියනවා...

ඔව්...

බැදීම් කියන්නේ,

මහ බොරුවක්,



හිමි නොවන සමහර බැදීම් දිහා....

අපි බලන් ඉන්නවා...

කවදා හරි ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්........




සමහර අය හිටියා ...

හිතට තදින් ම කා වැදුන...

හිමි නොවන බව දැන දැන ම හිමි වේවි යැයි බලා සිටියා....

හැම හමුවීමක් ම කෙළවර වෙන්නේ ආයේ ම පසු වදනක් ලියන්න පුංචි හරි හිස්තැනක් තියලා.....







හෙනම විකාර රූපියි....

මටම හිතෙනවා....



පරිස්සමින් ඉන්න.





Report Page