බලා ඉන්නම්...

බලා ඉන්නම්...

Gangu 🥀❤️
බලා ඉන්නම් කල්ප ගාණක් උනත් මං...එදා කී කතා සිත පතුලේ තියා ...🥀❤️‍🩹


මුලින්ම පටන් ගත්තා කොටා සිංදුව...ඒකනම් අපිටම ගැලපෙන එක..........................

_________________________________________________________________________

තිස් පස්වන කොටස...

__________________________________________________________________________

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

                               ❤️‍🩹

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 

__________________________________________________________________________

සාගරේ වගේ සිලබස්

පතරන්ගේ වගේ ටියුෂන්

ඉවරයක් නැතුව පැවරුම්...

මේ සේරම මැද්දේ පොඩි වලක් බහිනවා

අපි උ.පෙ කරන්නේ

සා.පෙ ගොඩ දාලා තියෙන්නේ.....


මේකා අපේ සර්වත් අල්ලන් මුගේ මේ පිස්සු වැඩ වලට......


අපි ටියුශන් යනවා පාඩමුත් කරනවා

මොනවා නැතත් අඩු ගානේ S තුනක් දානවා...

( ඒ පාර මේකා සර් ගාවට ගිහින්...මොනා නැතත් අඩු ගානේ s තුනක් දානවා කියලා...කෑ ගහනවා...සර්ට හිනා.....මහ පිස්සෙක් මේකා...)

එහෙම කරලා ජැන්ඩි පහට

රෙදි ඇදගෙන පාරෙ යන්න

චාටඩ් පටන් ගන්නවා...

සාගරේ වගේ සිලබස්....//


ආදරේ ඕනෙ නෑ

කෙල්ලො පස්සෙ යන්නෙ නෑ

( ඒම කියලා කවියා දිහා බලලා මූ ඇහැක් ගහනවා....කොල්ලො ටික හූ කියනවා...)

කීකරුවට අපි හැදුනත්

හා ද අහනවා...

අපිත් ඉතින් හිතලා හිතලා

ඔන්න ඔහේ ඕන දෙයක්


අදාල නෑනෙ කියනවා......


( එක පාර්ටම සර් නැගිටලා..ඕක කියලා කෑ ගැහුවා කියහන්කෝ...මරු හැබැයි...ආතල් තමයි ඉතින්..)

සාගරේ වගේ සිලබස් .....//


එතනින් පස්සෙ එක දිගට සිංදු ගොඩක්....

අර ඩයස්ගේ නංගිද- බුදු අම්මෝ ලස්සන

( ඒම කියලා මේකා මාව පෙන්නවා...මාත් ඉතින් දුන්නා පොඩි ඇක්ටින් පාරක්...)

වෙරලු මල් වෙරලු මල්.....

ටිකිරිලියා....

ඇදලා කරලා යන එපා...වදී ඇස් වහා...

( වැනුවා...පස්ස සෝන්ග්ස්....සමහර කෑලි ගිල ගිල හැක හැක ගගා මුන් ඒක කියනවා...)

කොමලී.....

ළඟ ලගටම ඇවිත් ඔයා...

නාදෙන්....

ඈ නීල වරල පීරලා...

කොන්ඩෙ නැතත් ඉන ගාවට...

මේක ගුණෙ අයියගේ බජව්දාන කාමරේ....

ඔය වගෙ සිංදු කෝටියයි...මරු ඉතින්....සෙට් එකම පිස්සො වගේ නටනවා....

මුලින්ම අපි ගියේ මහියංගන විහාරෙට...එතනින් උදේට කාලා වැදලා ආවා....ඊට පස්සෙ රන්දෙනිගල ඩෑම් එක ගාවට...එතනින් කෙලින්ම අබේවෙලට....

අපෙ ගොං රැලත් දක්කත් අපි ගියා උන්ගේ අනික් නෑදෑයො ටික බලන්න....ආයෙ කියන්න සංතෝසයි බං පුදුම සුවදක් ඒ පැත්ත....නහය කඩාගෙන යන්නඑනවා...පොශ් කමකට කියනවා නෙවේ ඒ ගඳ නම් මට ඉවසගන්න බැරි උනා...අංජුලාටත් අමාරුයි කීව නිසා අපි ආවා එළියට....මං හිතන්නෙ ඒ සැර ඉස්මොල්ලෙටම වැදුණා...ඒ සත්තු එකම තැන....හෙන සීතලයි ඒවා ඇතුලත්...අස්කරන මිනිස්සුන්ටනම් පුරුදු ඇති....ඒත් අපිට හුරු නෑ....ඊට පස්සෙ අපි ගියේ හාවො ඒම ඉන්න හරියට...අනේ එයාලව මස් වලට විකුන්නලු ඇති කරන්නෙ....ඒ පැත්තට යං පාරේ දකුනු අත පැත්තෙ තියනවා එක දිගට වවපු ගස් පෝලිමක්....ඒ ටික දුරනම් මාර ගති...ඊට ටිකක් ඉස්සරහින් වම් අත පැත්තට.....කැන්ටින් එක්කුත් තියනවා...ඒ උනාට මට කන්න හිතුන් නෑ....හැම තැනම අර කිරිවල සුවඳ...මං ඒකට ආස නෑ....ඉතින් මං එළියට වෙලා හිටියා.....ලාවට පොද වැස්සක් යනවා.... ඒ අස්සෙ ඔළුව කැක්කුමකුත් ඇවිල්ලා..ඉන්න බෑ මට..ලාවට..සීතලයිත් එක්ක.... .ඒත් එක්කම එතනට ආවෙ අර යස්සයා.....

"ඔය අයිස් කැප් එක දා ගනින්..."

" දැන් බෑ අප්පා...." ඒ පාර මේකා ඇවිත් ඒ මගුල මගෙ ඔලුවෙ එබුවා....

" මොකද තමුසෙ අමාරුවෙන් වගේ ඉන්නේ..."

" එහෙම නෑ අනේ..."

" නැත්තෙ නෑ....ඔළුව රිදෙනවද ...තමුසෙගෙ...මූනත් එක්ක මැලවිලා.."

"ටිකක් විතර...."

"බැරි තැන් වල නෑවිත් ඉන්න ඕන....අර ගදට වෙන්න ඇති...එනවා යන්න බස් එකට...."

සෙට් එකටත් කතා කරගෙන අපි ගියා බස් එකට....සර්ලා එන්නම් අපිට ගිහින් ඉඳන් ඉන්න කීවා....

" ආ මේ ටොෆි ටික කනවා...ටිකක් හරියයිඅප්පිරියා ගතිය..." ඒ පාර මගේ දිහාට හැක්ස් ටොෆි වගයක් දික් කරන් ඉන්නවා...ඒක සැර නිසා මාත් ඉතින් ගත්තා. එකක් කෑවා...දැන් නම් පොඩ්ඩක් හරි වගේ...ආයෙත් සේයා කෙල්ල කරලියට....

සර්ලත් ආවා...ඊගාවට ස්ට්‍රෝබෙරි ෆැක්ට්‍රි එකට....ම්ම්ම්ම්....ඔය තියෙන්නේ...මරු අනේ....රතුපාටට බෝල බෝල....හෙන ලස්සනයි....ඒවා නිකම් පදුරුත් වගේ වැලුත් වගේ ගෙඩි පිරිලා...ස්ට්‍රෝබෙරිත් ගත්තා...කෑවා....මහලොකු රසකුත් නෑ...හොදයි ඉතින්...

ඔන්න ඉතින් වැස්ස පටන් ගත්තා...ඉවරයක් නෑ වහිනවා...ආයෙ නම් ඇවිදිනවා කියන එක බොරු...පොඩ්ඩක් තදටම වහින නිසා සර් කීවා හොටෙල් එකට ගිහින් හෙට උදේ ඉදන්ම ආයෙ ඇවිදිමු කියලා...මහන්සිත් නිසා ළමයි ඔක්කොම ඒ වැඩේට කැමති උනා....

මේ පැත්තම මාර ලස්සනයි...අමුතුම කොලපාටක්...තේ වතු හැමතැනම...ගෙවල්නම් පොඩි පොඩි ඒවා තියනවා...ඒවගෙ තියන පුංචි ඉඩෙත් කැරට් ලීක්ස් වවලා....හරි ලස්සනයි...මට හිතුණේ එක දෙයයි...මේ පැත්තෙන් ඉඩමක් අරන් පොඩි ගෙයක් හදන්න ඕනි කියලා....

ආ කෝමද මේක මට අමතක උනේ....මං බැලුවෙ අර යස්සයා කොහෙද කියලා....මෙච්චර සල්ලිකාරයො වෙච්ච මුන්ට මෙහෙ ඉඩමක් නැත්නම් මුගෙන් ඇති වැඩකුත් නෑ.....පිස්සුවෙන් වගේ එළිය බලන් හිටපු මම බස් එක ඇතුල පැත්ත බැලුවෙ අර නපුරව හොයා ගන්න....බැලින්නම් මේකා මගේ එහා පැත්තෙ ඉඳන් මං දිහා බලාගෙන....

" ඔහොම බලන් ඉන්න එපා මනුස්සයෝ බය හිතෙනවනේ..."

" මට ඕං නම් මංං බලනවා...." මුගේ ගැස් යකෝ....නෑ මං මූත් එක්ක තාම පොඩ්ඩක් විතර තරහයි...ඒ උනාට මං කතා කරා...

" මේ තෙවන්..." නෝ කතා නෝ සිනා...පොන් එකට බෙල්ල දාන් ඉන්නවා.

" මේ තෙවාආආආආන්න්න්..." ආයෙත් මං කතා කරා....ඔන්න ඒ පාර නම් බැලුවා..

" මොකද ඕයි...."

" මේ අහනවකෝ..."

" කියනවා ඉතින්..."

" ඔයාල්ට මේ පැත්තෙන් ඉඩමක් ඒම නැද්ද.."

" මොකද නැත්තේ....වත්තක්ම තියනවා..."

" ඇත්තමද...."

" ඔව් බං...මං මොකටද බොරු කියන්නෙ..."

" බැන්දාම මෙහෙ පදිංචියට එමු...." අර මිනිහා සද්ද නෑ මං බැලුවෙ ඒ මූණ දිහා..

" මොකද අනේ....ඇයි මෙහෙ එන්න බෑද..."

" නෑ එමු....උබ මාව බදිනවද..."

" ඇයි තමුසෙ මට ලව් කරන්නෙ මාව බඳින්න බලන් නෙවේද...."

" නෑනෙ...."

" එහෙනම් මොන මගුලකටද..."

" මොකට හරි...උබට වැඩක් නෑ..." මන්දා මට දුක හිතුනා ඒකට නම්...මං පොඩ්ඩක් හේත්තු උනා ඒ උරහිසකට...බස් එක ඇතුළෙ කාටවත් ඒම පේන් නෑ...ලයිට් ගොඩනේ...අනික ඉන්නෙත් අපේ උන්නේ..අවුලක් නෑ ඒ නිසා...

" ඒයි....මෝඩ අදිති...." මං සද්ද නැතිවම හිටියා....මට දුකයිනේ ඉතින්...

" කෝ මෙහෙ බලනවා...." මන්දා කදුලුත් එනවා....රෙද්ද...

" කෝ තමුසෙ අඩනවද...මෙහෙ බලනවා..."

" අප්පෝ බං...අඩලත් ඉවරයි....උබව නැතුව කාව බදින්නද..."

'' හ්ම්ම්..." එච්චරයි මං කීවේ...එහෙම්ම ඇස් දෙක පියා ගත්තා...එයා ලාවට මගෙ ඔළුව අතගානවා...හෙන සනීපයි අප්පා...තව ටික්කින් ශුවර් මට නින්ද යනවා....

එක පාරම පත බ්‍රේක් පාරක් ගහපු පාරට මං ඇහැරුනේ....ඉතින් එයා හරි පරිස්සමට මාව අල්ලගෙන...

" කෝ කෝ නැගිටපන්...කෙලත් පෙර පෙර හොඳට බුදිය ගත්තා උබ..." සින් ගාලා මං කට පිහා ගත්තා යකෝ....අරකා හැක හැක ගානවා....එතකම් බොරු බං කියලා තියෙන්නෙ.....

ඒත් එක්කම් කඩාපාත් උනේ කොටා...

" ආ කුරුලු ජෝඩුව...මදැයි පෙම් කෙලියා....දැන් බැහැපල්ලා....ඉන්න තැනට ආවා..."

මෝඩ ජොඉඩුවත් එකක බස් එකෙන් බැස්සා...මාර ලස්සන ප්ලේස් එකක්....ගෑනු ලමයින්ගේ කාමර එක පැත්තක පිරිමි ලමයින්ගේ තව පැත්තක.....කට්ටියම ගියා කාමර වලට...අරුන් දෙන්නට කලින් බාතෲම් එකට රිංගන්න යනකොට මට කෝල් එකක්....ඒ ශනික අංජුවා පැන්නා බාතෲම් එකට....

අම්මා....❤️🥰

" හෙලෝ රේණු කෙල්ලේ....කෝමැයි.."

" චූටී....උබවනම් හදන්නම බෑ පුතේ..."

"හලි හලි මගේ සුදු අම්මියා....මොකදකරන්නේ..."

" අපි මේ ටීවි බලනවා...ඔයාලා දැන් කොහෙද..."

" නවතින තැනට දැන් ආවේ....නාන්න කියලා හැදුවේ...මහන්සී අනේ.."

" නාන්නෙම නෑ..ඔය සීතලේ.." හරිනේ ඉතින්...නාලා හමාරයි...

" ඕකේ මැඩම් මං නාන් නෑ...." ඊගාවට අයියා කාරයාගෙ බෙලෙක් වොයිස් එක..

" ආ චුටියා...උබ නැතුව නම් මේ ගේම සිරියාවයි අප්පා..."

"අනේ මේ....යනවා බොරු නොකියා..."

" ඇත්තමයි බං...අපි මේ රෑට රයිස් එක්ක කොත්තු ගෙනාවා..."

" මං නැතුව ඕවා ගේන් නෑ..."

" උබ නැති නිසාමයි ගෙනාවෙ....හම්මා සුවඳ....කාලා එන්නම්කෝ චුටියෝ...." මහ නරකයි මං නැතුව පාලුවත් නැද්ද කොහෙද ඒකට....කකා බිබී යසට ඉන්නවා වගේ...

ඊගාව අප්පච්චී ....,

" චූටික්කී...කෝමද පුතේ..."

" හොදයි අප්පච්චි .....ඔයාලා කෑවද.."

" තාම නෑ පුතේ..."

" මං නැතුව පාලු නැද්ද ඔයාට..."

" මුලු ගේම පාලුයි...අයියත් ඔය කියව කියව හිටියේ...අපරාදෙ චූටිව යැව්වේ....ඉන්නත් කම්මැලී ගගා..."

" ඔයලා මං නැතුව රයිස් කනවා නේද...තරහයි මං..."

" අයියගේ බොරුනේ...මෝඩ කෙල්ල අහුවෙනවා..."

" ඒකනේ...මං දන්නවනේ මගෙ අප්පච්චි මං නැතුව ඕවා ගේන් නෑ කියලා..."

" ඒකනෙ මැනික...පරිස්සමින් ඉන්න ඒනම්...බුදු සරනයි..."

" බුදු සරනයි අප්පච්චි ....ආදරෙයී...උම්මා..."

ඒ කෝල් එක ඉවරවෙලා ෆෝන් එක තියන්න යද්දි දැක්කෙ අර යස්සා කෝල් 5 අරන්...පුදුමයි යකෝ....වෙනදට ම්ං ගත්තොත් විතරනේ කතා කරන්නේ...මං ඉතින් ගත්තා කෝල් එකක්...

අන්සර් කරා...ඒත් එහෙන් කතා නෑ..ඉතින් මංම කතා කරා...

" හෙලෝ..."

" කියනවා..."

"ඇයි කෝල් ගත්තේ..."

" මොකත් එක්කද බිසීවෙලා හිටියේ.."

" අම්මලා කතා කරා..."

" ආ..ඒනම් කමක් නෑ....තමුසෙ නෑවද..."

" තාම නෑ...යන්න හදන්නෙ මේ..."

" නාන්න එපා උබ.."

" මට බෑ..මං නානවා..."

" කන පලා ගන්නැතුව...ඇගසෝදන් වරෙන්.."

" බෑ...."

" හා පුලුවන්නම් නාලා එලියට වරෙන්කෝ...මං බලා ගන්නම්..."

" බය නෑ..." මං තිබ්බා ෆෝන් එක...කෝමත් මං ඇගසෝදන්නෙ බං..ඌට බයකට නෙවේ...අම්මගෙ වචනෙට ගරු කරලා...ඇගත් සොදන්..පැන්ඩො ඉන්න නයිට් සූට් එකත් දා ගත්තා...ජර්සියත් දා ගත්තා....හොටෙල් එක ඇතුල එච්චර සීතල නෑ...ඒත් ලාවට සීතලයි...අර ජෝඩුවත් එක්ක ගියේ...කෑම කන තැනට.....දිග මේස තුනක් විතර දාලා...පුටු වටේට තියලා...ඒක නම් මරු...මං යද්දි කොටා ඉඳන් අත වනනවා..

" මැණිකේ...මෙහෙට එන්ඩෝ..." ගෙදර වගේ මේකා බෙරිහන් දෙනවා...මං බැලුවෙ අර යස්සයා දිහා...ඌ ඇස් වලින් එතනට එන්න කියනවා...ඒක දැක්කෙ නෑ වගේ ගිහින් කොටා ළඟින් ඉඳ ගත්තා මං...ඒ පාර රවනවා මට හැටට හැටේ..ඒක බලං ඉඳලා මිහිනුවත් හිනාවෙනවා.මං ගැහුවා මිහිනුවට ඇහැක්...ඒත් එක්කම ඌ නැගිටලා ඇවිත් මගේ එහාපැත්තෙන් ඉදගත්තා....අරකගෙ මූන රතුවෙලා තරහට....මගේ මෝඩ ජෝඩුව ගිහින් එයාගෙ දෙපැත්තෙන් ඉඳ ගත්තා...දැන් හරිනේ ඔක්කොම...

" සීතලද සේයා..." මිහිනුවා අහනවා...

" නෑ බං...අවුලක් නෑ..."

" තෙමෙන්න ඒම යං නෑ...දගලන්නත් බෑ...පාඩුවෙ ඉන්න ඕන.." ඔන්න ඉතින් පටන් ගත්තා උපදෙස් දෙන්න...

" හරි අනේ....පාඩුවෙ ඉන්න්වා..."

" හොද කෙල්ල මගේ..." එහෙම කියලා මේකා මගේ කම්මුලක් මිරිකනවා...එකෙනෙක්නම් ඊරිසියාවෙ පැලෙනවා...පව් ඉතින්...

සර් ඇවිත් කීවේ හැමෝටම කන්න යං කියලා...බුෆේ දාලා යකෝ කන්න තියෙන්නේ...සර්ටනම් හොද වියදම් වගේ...ෆ්‍රයිඩ් රයිස්,චිකන් ඩෙවල්,චොප්සි,කට්ලට්,මාලු ඩෙවල්,සෝස්,චිලිෆේස්ට්,බටුමෝජෝ...මරු තමා ඉතින්....සර්ට ඉතින් සල්ලි නැතයි....අපේ උන් හොඳට බෙදන් කනවා...මාත් ඉතින් බෙදා ගත්තා...බෙදා ගත්තට වඩා මිහිනුවා මට බෙදුවා...ඒකා හිටියෙ මට පිටිපස්සෙනෙ....ඌත් එක්කම ගිහින් වාඩි උනා...

" ඔක්කොම කන්න ඕන උබ..." මේක නිකම් අපෙ අයියා වගේ බං..

" හා කනවා..." මගෙ මූනත් එක්ක දෙල් වෙලා...මෙ කොතක් වගේ එක කොහොම කන්නද බං...අර යකානම් බලන බලන තැන රවනවා පුප්පනවා...

කෝම හරි ඒකත් කාලා...පැනගෙන ගියේ අයිස්ක්‍රීම් කන්න....ඒක ගන්න අත තියනවත් එක්කම..කොහෙද ඉඳන් ආව අර යස්සයා....

" අයිස් ඕං නෑ..."

" අනේ අප්පා...මට ඕනෙ.."

" කියන දේ අහපන්...ගෙදර ගිහින් අරන් දෙන්නම්..." ඒම කියලා පත ජෙලිකප් එකක් තිබ්බා මගෙ අතේ...කමක් නෑ දුකක් නෑ...මේ ඇති හොඳටම.

ඔක්කොම කට්ටිය කාලා බීලා...ඉඳන් ඉන්න ගමන් කයියක් ගහනකොට...සර් කතා කරා.....

" ලමයි හැමෝම යමු එළියට...."

වාව්....මරම ලස්සන විව් එකක් බං....ටිකක් ලොකු ගිනිමැලයක් ගහලා...ඒක වටේට පුටු තියලා රවුමට....මැද හොඳට ඉඩ තියනවා....වැස්සත් හොදටම නතර වෙලා...තරු පිරිලා අහසේ...

මේ හරියනම්...මේ වගේ වැඩ වලටම හදපු හරියක්.....අපි ඉතින් හැමෝම වාඩි උනා....එලිවෙන්න කිට්ටු වෙනකම් එතන ඉන්න තමා ප්ලෑන් කරලා තියෙන්නේ....ලා එළියට ලයිට් දාලා....මල්වැල් හැමතැම...මාරම ලස්සනයි බං....තෙවන් ගත්තා එයාගෙ ගිටාර් එක...තව ලමයෙකුත් ගිටාර් එකක් ගත්තා...මිහිනුවා බොන්ගෝ එක....මුලින්ම සර් ගෙන් සිංදුවක්.....

ඒත් එක්කම ලමයි ඔක්කොම....

"' අභියා සිංදුවක් ඕනේ..." හිනාවෙලා එයත් ඔළුව වැනුවේ හා කියන්න....එයා පුටුව අරන් මැද හරියට ආවා....ගිටාර් එකයි එයයි ගිනිමැලෙයි ලා කලුවරත් එක්ක පුංචි පුංචි ලයිට් එලි.....ඒක මාරම ලස්සනයි....

මං බලන් හිටියේ ඒ ඇස් දිහා...ඒ ඇසුත් මගේ ඇස් එක්කම පැටලිලා...

එයා පටන් ගත්තා සිංදුව කියන්න......

_____________________________________

නැවත හමුවෙමු...🥀❤

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_____________________________________














Report Page