බොඳ වු 🕊️....

බොඳ වු 🕊️....



(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

ඇයි මේ තරම් හිත නොසන්සුන්....




"මේ පාරත් Account ක්ලාස් එකේ වැඩි ම ලකුණු අරන් තියෙන්නේ මල්ෂා දුව.ලකුණු 92 අරන් තියනවා. ලමයි හැමෝම එයාට අත්පුඩියක් ගහලා තව තවත් දිරිමත් කරන්න..."




සර් ගේ ඒ හඬත් එක්ක පන්තියේ හිටපු ලමයි හැමෝම වගේ...

මුළු හෝල් එක පුරාම රැව් දෙන්න තරම් හඩින්...

අත්පොලසන් දුන්නේ මං හිනා වෙලා බලන් ඉද්දී..

මං ළගට ඇවිදන් ආපු සර් මගේ අතට පේපර් එක දුන්නා...



"තව උනන්දු වෙන්න ඕන.."



එහෙම කියපු සර් ඔලුවත් අතගාගෙන ආයම ස්ටේජ් එක උඩට නැග්ගේ...

නතර කරපු තැනින් ගනන් ටික හදන්න...




මං ඉස්සර අකමැතිම විෂය,

ලකුණු 30 ,40 කින් සැහිමකට පත් වෙච්ච විෂය,

ඒ හැමදේම වෙනස් කරපු සර් තමයි මේ,




ලා දුඹුරු පාට ඇස්,

තද කළු ඝන ඇහිබැම,

සිරියාවන්ත මුණ,

හිනාවෙනකොට මතුවෙන නල දත්,

කවසම් ශරීරිය,

ආදරණිය වචන,

කරුණාවන්ත හිත,



ඔව්,

ඒ හැමදේම මගේ හිත හොරා ගත්තා..

මට ඕන කරා ඒ හිතේ ඉහළම තැන,

පුලුවන් තරම් මහන්සි වෙලා පාඩම් කරා..

ගනන් හැදුවා..

උපරිමයෙන් පාඩමට ඇහුම්කන් දුන්නා...

ඔව්,

හිතුවා වගේ ම ඒ උත්සහය නිසාම මට පන්තියේ  වැඩි ම ලකුණු ගත්තා...

දිගින් දිගටම මම වැඩි ලකුණු ගත්තා...

සර් ගේ හිතේ මම ගැන පැහැදිමක් ඇති වුණා...




ඒත් මගේ හිතේ ඇතිවුණේ හැගිමක්,

ඔව්,

මම ලැස්ති ඒ හැගිමට නමක් දෙන්න...

ඔව්,

ඒ තමයි ආදරේ...

මම ආදරේ කරා මගේ ම සර් ට....




සර් බැදලා හිටියේ නෑ...

ඕන නම් අපිට වඩා අවුරුදු 7 ක් 8 ක් වැඩිමල් ඇති...

සර් පුදුම තරම් දක්ෂයි...

සර් ට හරි ලස්සන කට හඬක් තිබ්බා...

ඒ වගේ ම ලස්සන ඇස් දෙකක්.....




සමහර විට මම වැරදි ඇති,

ඒත් මම මගේ හිතේ ඇති වෙච්ච හැගිමට හරි ආසයි...


පැය දෙකක් එක දිගට උගන්නපු පන්තියේ...

අන්තිම ගාණත් හදලා විනාඩි 10 ක් පරක්කු වෙලාම ක්ලාස් එකේ අද දවස ඉවර කරා....




"ලමයි 18 වෙනි පිටුවේ 3 වෙනි ගාණත් හදාගෙන එන්න ඉරිදා එද්දී.අපි එදාට ගාණ කතා කරමු...."




සර් එහෙම කියලා ස්​ටේජ් එකෙන් බැහැලා ගියා...

ලමයි නැගිට නැගිට එලියට ආවා..

මාත් ඒ අනුව ම ආවා...




ක්ලාස් එකට ටිකක් මීටර් 500 ක් විතර එහායින්...

තමයි මම යන පාරේ බස් නවත්තන්නේ...

වෙනදා යන බස් එක අද ගිහින්....

ඊලග බස් එක එනකම් තව පැයක් ඉන්න වෙනවා...





විනාඩි 15 ක් විතර හිටන් ඉද්දී රතු පාට ට හුරු කාර් එකක් මම ලගින් ම නතර කරා....

මං දන්නවා කාගෙද කියලා...




"මගේ සර්...මහේෂ් සර්..."




යන්තමට හිනා වුණ මං හිමිට කාර් එක ලගට ඇවිදන් ගියා...




"සර්..."



"ඇයි මල්ෂා තාම මෙතන?"



"බස් එක මිස් වුණා සර්..."



"ඉළග බස් එක කීයටද ?"



"තව පැයකින් සර්..."



"කොහෙටද මල්ෂා යන්නේ?"



"වැලිගල්ල හන්දියට.."



"ආහ්...මාත් යන්නේ එතනින් තමයි නගින්න.මම බස්සන්නම්..."



"ඒත් සර් ප්‍රශ්නයක් වෙයිද දන්නෑ..."



"මොන ප්‍රශ්නද දරුවෝ.නගින්න නගින්න..."




මම කාර් එක ට නැග්ගම සර් කාර් එක ස්ටාර්ට් කරන් යන්න පටන් ගත්තා..

මම සැරින් සැරේ සර් දිහා හොරෙන් බැලුවේ..

ඒ රූපේ ලගින් ම මට හම්බවුණ පලවෙනි පාර ...

සතුටක් වගේ හිත හරි නොසන්සුන්..

ඒ රූපේ හිතේ හැටියට මං සැරින් සැරේ වින්දා....

හදවත ගැහෙන වේගය එන්න එන්න වැඩි වෙනවා...




"මල්ෂා හොදට පාඩම් කරනවා නේද ?"



"ඔව් සර්..."



"A 3 වගේ ම හොද රැන්ක් එකක් දාන්න මල්ෂාට ට පුලුවන් කියලා මම දන්නවා.."



"ඔව් සර්..."



"මල්ෂා දන්නවද ?"



"මොකක්ද සර්?"



"A 3 වගේ ම හොද රැන්ක් එකත් දානකම් මමත් බලන් ඉන්නවා.."




සර් එහෙම කියද්දී නම් හිතට මාර ම හැගිමක් එක්ක..

සතුටක් දැනෙනවා..

මට පුලුවන් සර් ගේ වෙන්න..

මගේ හිතට දැනුන සිතුවිල්ල ඒක



ආය අපි අතර කිසි කතාවක් ඇති වුන් නෑ...

මම බහින තැන ටිකින් ටික ලං වෙන්න ලගයි...

සතුටත් ටික ටික වියැකෙනවා වගේ හැගිමක් දැනෙනවා...




"සර්...ඔය ඉස්සරහ හන්දියෙන් මාව දාන්න..."



තවත් විනාඩි ගාණකට පස්සේ මම එහෙම කිව්වේ...

මම බහින්න යද්දී සර් කතා කරා....



"මල්ෂා....මේ මාසේ අන්තිමට ක්ලාස් එකේ නිවාඩුවක් වැටෙනවා..."



සර් එහෙම කියද්දී මම මොකුත් අහන් නැතුව බලන් හිටියා...




"මං කැමති මගේ හොදම ගෝලයත් මගේ වෙඩින් එකට එනවට..."



මගේ හදවත එලියට පනින්න වගේ ගැහෙනවා...



"ස...ර්..."



"මම මේ මාසේ අන්තිම මැරි කරනවා මල්ෂා.මම ඔයාට කියන්නම්. අනිවාරෙන් එන්න ඕන දරුවෝ.."




සර් එහෙම කියද්දී යන්තම් මම හිනා වුණා...

කොහොම හිනා වෙන්න ද?

හදවතින් පිච්චෙනවා වගේ දැනෙනවා....



"හොදට ඉගෙන ගන්න මල්ෂා..."



සර් ආයම කියනවා...

මම ඔලුව හොල්ලලා හිනා වුණා....




"පරිස්සමින් යන්න මල්ෂා..."




"සර් ත් පරිස්සමින් යන්න..."




කාර් එකෙන් බැස්ස මම සර් ගේ කාර් එක යනකම් ම ම බලන් හිටියා...

කාර් එක ඈතින් ඈතට යන්නේ...

මගේ හදවතත් ඈතින් ඈතට යද්දී....

සර් යනවා...

මගේ හදවතත් මොහොතකට නතර කරලා....




ජිවිතේ මෙහෙම වෙන්න ඇති,

හිතන දේවල් වෙන් නැතුව ඇති,

නොහිතන දේවල් වෙනවා ඇති,




"පරිස්සමින් සර්.මම හැමදාම සර් ගේ හොදම ගෝලයා වෙන්නම්.ඒ ඉඩ මට ඇති..."




ඈතින් ඈතට යන හැගිම් එක්ක ම,

ඇස් වලින් ගලන කඳුලු කම්මුල් තේමාගෙන ගලාගෙන යද්දී....

මං මගේ ගමන යන්න ආපිට හැරුණා...




"සමහර උතුම් බැඳීම් රැකගන්න ඕන නිසාම සමහර හැගිම් හිත් වල ඇදීලා මැකීලා යන්නේ ඇස් පනාපිටමයි...."



එදාට දැනෙයි හදවතට විලංගු දාන්න තිබ්බා නම් කියලා,



***********************




මෙහෙම කතා ඕන තරම් ඇති ඒ හැම හිතක් වෙනුවෙන් ම මේ කතාව...



අලුත් වසරේ පලවෙනි කතාව මොනවා හරි කියන් යන්න..



Report Page