එක පරිච්ඡේදයක්....📖

එක පරිච්ඡේදයක්....📖



(කෙටිකතාවකි)


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

ජිවිතේ කියන්නේ ම දිගම දිග පරිච්ඡේදයක්...........




උසස්පෙළ පන්තියට ඇවිත් මාසයක් විතර ඇති....

වැඩි හරියක් කරන්නේ පිස්සු වැඩ....

පුංචි කාලේ ඉදලා හිටපු යාලුවෝ කැඩිලා විසිරිලා ගිහින්...

හැමෝම තමන් ආස සබ්ජේට් තෝරන් බෙදිලා ගිහින්...

සමහර අය වෙන ස්කෝල වලට ගිහින්...

තව සමහර අය වෙන වෙන  ස්ට්‍රීම් තොර ගෙන වෙන පන්තිවල....

හොදම යාලුකම් දුරස් වුණාම හිතට දැනෙන්නේ තනිකමක්....

මගේ හොදම යාලුවෝ දෙන්නාගේ අසාවට ඒ දෙන්නම ආර්ට් කරා...

මං ඒ දෙන්නාගෙන් ඈත් වෙලා මං ආස විෂය ධාරා ව හැදැරූවා....




ඒත් මං ආස විෂය ධාරා ව කොමස් වුණාට...

මං කැමති විදිහේ ලමයි පිරිසක් පන්තිය ඇතුලේ හිටියේ නෑ...

ග්ර්ල්ස් ස්කූල් වල විවිධ විදිහේ ලමයි ඉන්න නිසා...

සමහර ලමයිගේ විදිහ හැසිරි ම මට එක්කරේ කලකිරීමක්...




උදෙන් ම මගේ පන්තිය ට යන්නැතුව ආර්ට් ක්ලාස් එක ට රිංගන්න මම පුරුදු වුණා....

උදේ පාන්දර ම බෑග් එකත් අරන් හැමදාම ආර්ට් එකට රිංගන්නේ...

ආර්ට් එකේ හිටපු සෙට් එක ගොඩක් ෆෙන්ඩ්ලි නිසා...

කට පුරා හිනාවෙලා කතා කරන සෙට් එකක් ක්ලාස් එකේ හිටියා.....

පැයක් විතර පන්තියට වෙලා කතාබහ කරලා ඉදලා බෙල් තුන් ම ගැහුවට පස්සේ මගේ පන්තියට එන්නේ...

අපේ ක්ලාස් එකේ උන්ගේ හින්ට් පාස් කෙරෙලි මං කනකට ගන් නැතුව ඇහෙන් නෑ වගේ ඉද්දී...



"උඹ ආර්ට් ක්ලාස් එකේ ම නවතින්න එපැයි ඇයි ආවේ..."


"මොකටද දන්නෑ ආවේ..."



එක එක කතා කිව්වත් මං ඇවිත් දවසේ ඉගෙන ගන්න ටික ඉගෙන ගෙන...

ආයම ඉන්ටර්වල් එකට කෑම එකත් අරන් පුරුදු පරිදි ආර්ට් එකට රිංගනවා....

අපේ පන්තියේ සෙට් එකට මාව රුස්සන් නැති වෙද්දී...

ආර්ට් එකේ සෙට් එකට මං නැතුවම බැරි චරිතයක් වුණා...




"උඹ විතරයි කොමස් එකේ මනුස්සකම දන්න එකෙක් විදිහට ඉන්නේ...."


"අරුන් උඹටත් බනිනවා ඇති අපි එක්ක ඉද්දැද්දී..."


"අරුන් ගේ ගනකම වැඩි යකෝ...උඹ කොහොමද උන් එක්ක ඉන්නවද දන්නෑ..."


"ප්‍රශ්නයක් වුණොත් අර අපේ ක්ලාස් එකට වරෙන්..."



කාලයත් එක්ක ටිකෙන් ටික ඉගෙන ගන්න වැඩත් එක්ක ක්ලාස් ගමන් එක්ක ජිවිතේ අර්ත සුන් බව අඩු වෙලා....

හිතට ශක්තියක් දැනෙන්න ගත්තා...

මගේ ගමන මම යන්න ඕන කියන හැගිම තදින් ම දැනෙන්න පටන් ගත්තා....

ඒ නිසා සතියේ දවස් හතම මම මං එක්කම ඔට්ටු වෙලා පුලුවන් තරම් මහන්සි වුණා...






හැමෝම මහජන පුස්තකාලේ ට බැදිලා...

පොත් කියවනවා....

අර පරණ තිබ්බ හිත් අමනාපකම් ටික ටික දුරස් වෙලා....

එක අම්මාගේ දරුවෝ වගේ...

හැමෝම වැඩ කරා...

කෑවා බිව්වා, ඉගෙන ගත්තා,ක්ලාස් ගියා,පිරියඩ් කට් කරලා බැනුම් ඇහුවා,ගුටි කෑවා,දන ගහන් හිටියා.....

ඒ තමයි මගේ ජිව්තේ එක පරිච්ඡේදයක්...




සමාන්‍ය පෙල කාලේ කරපු දේවල් ඒ මතක වලට උසස් පෙල මතක සම කරන්න නම් කියටවත් බෑ....

උසස් පෙල කාලය සමාන්‍ය කාලයක් වුණේ....

ඒත් සමාන්‍ය පෙල පන්තියේදී තමයි රස මතක වැඩි පුරම හිතට දැනුනේ......




එක සතියක බදාදා දවසක්...

ස්කෝලේ ඇරිලා හවස එකවුන්ට් ක්ලාස් එකට ඒ ගමන් යන්න ඕන..

තුනේ ඉදලා හය වෙනකම්....

එක හමාරට ස්කෝලේ ඇරිලා කෑමත් මිහාරා එකෙන් ඇරන්...

අපි කෙලින් ම යන්නේ මහජන පුස්තකාලයට....

හැමෝගේ ම බලවත් ඉල්ලීම නිසා මාත් පුස්තකාලේ ට බැදුණා...

ඒ දවස් වල නම් මං කියවන්න ආසම නෑ....




මුල් ම කාලේ පාර්ස් පේපර් සබ්ජෙට් වලට ආදාලා පොත් දෙකක් ම ගන්නවා....

අදත් මං පොත් දෙකක් ම අරන් කවුන්ටර් එක ගාවට යද්දී...

මගේ යාලුවා අතින් ඇදලා ආයම පොත් තබඩ් එකක් අස්සට ඇදන් ගියා.....



"ඇයි බන්...."


"ඇයි අහන්නේ....ඔය පොත් දෙක ගත්තේ කියවන්නද?"


"ඔව්...කියවන්න....හිතුණම බලනවා...."


"එහෙමද?"


"ඔව්....."


"එහෙනම් මෙහෙම වැඩක් කරමු..."


"හැමෝම නවල් එකක් කියවන එකේ..අපිත් නවල් එකක් අරන් බලමුද?"


"පිස්සුද දිල්....අපේ අම්මා බලනවා මං මොනවද ගෙනාපු පොත් කියලා...මට නම් බෑ නවල් කියවන්න...අනික මම ඕවා කලින් කියවලත් නෑ...අනේ මට බෑ....."


"මං බොරුද කියන්නේ...තොට තාම තියෙන්නේ....ලමා මානසිකත්වය....."


"කමක් නෑ මටනේ දිල්...."



"යකෝ....මෙහෙම කරමු හිරු...උඹ එක පොතක් සබ්ජේට් එකකට අදාලා ව ගමු....අනික නවල් එකක් ගමු..."


"අනේ මට බෑ දිල්...."


"දියන් ඕක හිරු...."



මගේ අතේ තිබ්බ එක පොතක් අරන් ගිහින් ආයම රැක් එකට දාපු දිල්....



"දැන් නවල් එකක් තොරලා ගනින්...මේ වයසට නවල් එකක් කියවන එකේ වරදක් නෑ හිරු....නැත්තම් බොතල් මුඩි වගේ කන්නාඩි දාගත්ත දවසට ද උඹ නවල් එකක් කියවන්නේ....අපි බොරු ද උඹට කියන්නේ...තොට හැගිම් දැනිම් නෑ කියලා....ගනින් පොතක් දැන්...."



දිල් මාවත් ඇදන් ගිහින් නවල් කබඩ් ගාව නතර කරලා ඒකි හෝ ගාලා පොත් තොරනවා...

මාත් බේරෙන්නම බැරි තැන පොත් අතට අරන් බලනවා...

එකක් ගන්නවා...

අයියෝ එකේ පිට කවරේ ටිකක් අවුල්....

තව එකක් ගන්නවා...

ඒකේ නම අවුල් ගතියක් දැනෙනවා.....

තව එකක් ගන්නවා...

පිටු ගාණ වැඩි...

එක එක හේතු වලට පොත් ඇරන් ආයම තියනවා....

කොහොම හරි මම පොතක් තෝර ගත්තා මුල් ම දවසේ...





තෝර ගත්ත පොත ගැන කියනවා නම්....

පිටු අඩු,

පිටකවරේ පරණ ඉතිහාස පොතක් වගේ තියන...

නමත් පොඩ්ඩක් ඉතිහාසයට ගැලපෙන නමක් තිබ්බ පොතක්...




"උඹ පොතක් තෝර ගත්තද?"



"ඔව්...දිල්..."


"කෝ...පෙන්නපන්...."


"බලපන්...මේකේ හැටි....ඉතිහාස පොතක් වගේ....තොට කියන කට හොදයි මම ගලක උලා ගන්නවා...."


"මේක මට හොදයි...දැන්වත් යන්ද?"


"හුම්...යමන් හිරු..."



පොතත් කවුන්ට් එකට පෙන්නලා අපි දෙන්නා පොතත් අරන් ක්ලාස් එකට ගියා....

ක්ලාස් එහෙමත් ඉවර වෙලා ගෙදර ගිහින් පොත පොඩ්ඩක් පෙරලලා බැලුවා....

පිටු පහ හයක් කියවපු මං බැලුවේ...

දිල් කිව්වා වගේ ම මේක ඉතිහාස කතාවක් වගේ...

අර ජේ.වි.පී කාලේ තරුණ අය සංවිධානය වෙච්ච විදිහ ගැන කියවෙන කතාවක්....

ගත්ත පොතත් දාලා මං නිදා ගත්තා....

පහුවදා ගිහින් පොත ගැන කියද්දී දිල් බඩත් අල්ලන් හිනා වෙනවා...

එයා ගත්ත පොතනම් ශේප් කියලා කිව්වා...

එයා කියවලා ඉවර කරලා මට පොත දුන්නා කියවන්න....

ඒක කියවලා ඉවර වුණාම ටික ටික කියවන්න ආස හිතුණා....





හැම බදාදා ම අපි පුස්තකාලේට යන්න අපි පුරුදු වුණා...

බොයිස් එකත් ඇරලා හැමදාම අනුශ්කයි ඉසුරුයි දෙන්නත් පුස්තකාලේ ට එන්නේ....

පරණ යාලුකම් මතකේ තියාගෙන......

අනුශ්ක මං ඉසුරු තුන් දෙනාම එකම ගමේ...

එකට නර්සරි ගියේ...

අනුශ්ක කියන්නේ මගේ පුංචි ගේ පුතා.....

ඉසුරු අපේ අම්මාගේ හොදම යාලුවෙක් ගේ පුතෙක්...

බදාදා ට පුස්තකාලේ ට ගියා ම එක පැත්තකින් දිල් මටත් එක්ක පොත් තොරනවා...

මං ඉතින් රාක්ක අස්සේ රිංග රිංග පොත් වල පිට කවර බලනවා...





අනුශ්ක යි ඉසුරුයිත් පොත් ඇරගන්නවා...

සමහර දවස් වලට මට ත් එයාලා ගන්න පොත් දෙනවා...

"මේකත් කියවලා බලපන්" කියලා....

ගෙදරදී මම නවල් කියවන්නෑ...

අම්මා බනි කියලා...

ඉස්කෝලේ වැඩිය උගන්නැති වේලාවල් වල පැයෙන් දෙනෙක් එක හුස්මට පොත් කියවන් යනවා....

අද වෙනකොට මං පොත් දෙදාහකට වඩා කියවලා ඇති....

ඊට වැඩි මිසක් අඩු නම් නෑ....




මොනිකා පුෂ්පකුමාරි මහත්මිය...

යෞවන සමින්ද්‍ර මහත්මයා...

වත්සලා කරුණාරත්ත...

දිල්හානි මහත්මිය...

සුජිව ප්‍රසන්න ආරච්චි....

තවත් කතුවරු සැහෙන්න ප්‍රමාණයකගේ පොත් කියවලා ඇති....




සමහර පොත් වලින් ජිවිතේ ඉගෙන ගත්තා...

මනුස්සකම ගැන...

ආදරේ ගැන...

බැදීම් ගැන....

හැමදේම ගැන....





ඉතිං ඒ තමයි මං ආස මං ගත කරපු මගේ ජිවිතේ එක ලස්සන පරිච්ජේදයක්.....

ඉතිං මං අද ලියන අකුරක් ගාණේ මං ලියන්න ඉගෙන ගත්ත දැන ගත්ත හැම කතුවරයෙක් ට ම ගොඩක් ස්තූතියි.....






ඉතිං පොත් කියන්නේ ඇස් කියලා නිකන් ද කියන්නේ.....



මගේ ජිවිතේ සත්‍ය ම කතාවක් ඇසුරින් ලියන ලද පරිච්ඡේදයක්.....


ඉතිං හිතුණ දෙයක් කියන්න

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

Report Page