පාවී...🍀

පාවී...🍀

dew girl



නුඹ ළගටම පාවී ... 🌷




Previous episode 

https://telegra.ph/%E0%B6%B4%E0%B7%80-04-26





දාහතරවන පාවීම 🍁..14



දැන්නම් මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.


කිසි දෙයක් තේරෙන්නෑ.සේරම අවුල් වෙලා වගේ.


ඒ කොහොම උනත් මට මේක අත අරින්න බෑ.


ඒක නිසා මං කොහොමහරි මේ අවුල ලිහාගන්නවා.





🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷





අද එතැන් සිට...




අද ගැලරි එකේ ක්ලාස් දවසක්.ඇත්තටම මං හිතුවටත් වැඩිය ඒ වැඩේ හොදට කෙරීගෙන යනවා.


ක්ලාස් එකේ ගොඩක් ඉන්නෙ පොඩි අය.ඉස්කෝලෙ යන වයසෙ ළමයි.


ක්ලාස් එක කරන්නෙ නං මං නෙවේ.හැබැයි මාත් පුලුවන් වෙලාවට ගිහින් ක්ලාස් එක කරන්න උදව් වෙනවා.


මං කොහොමත් පුංචි අයට හරි ආදරෙයි.පොඩි අයත් එක්ක ඉන්නවා කියන්නෙ වෙනම දෙයක්.


එයාලා චිත්‍ර අදිනව බලන්න මං ආසයි.


ඉතින් අදත් මං ගියා එයාලට ටීච් කරන්න.


මං ක්ලාස් එකට එනවට ඒගොල්ලො නම් හරි කැමතියි.මොකද මං යන දවසට හැමෝටම මොනවම හරි දෙයක් ගෙනියනවා.


ස්වීට්ස් ,ටෝයිස් වගේ දේවල් වලට පොඩි අය කොහොමත් කැමතියිනෙ.


ඉතින් උදේ වරුව ඔෆිස් එකෙයි හවස් වරුව ක්ලාස් එකෙයි ගත කරලා අද දවස ගෙවිලා ගියා.









▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁








Author's Pov : 


ආරා උදේම ලෑස්ති උනේ ඔෆිස් යන්න.මේ දවස්වල ගැලරි එකට සෑහෙන්න වැඩ හම්බෙලයි තිබ්බෙ.


ඉතින් ඒවත් එක්ක ආරා මේ ටිකේම හිටියෙ ඔෆිස් එකට හිර වෙලා.


" ආච්චා සීයා මං යනවා.පරිස්සමින් ඉන්න " 


ආරා අතේ බැදන් හිටිය වොච් එකෙන් වෙලාවත් බල බල පඩිපෙළ බැහැලා ආවෙ හදිස්සියෙන්.


" සුදු දූ අද වේලාසනම යනවද ? " 


" ඔව් සීයා. මේ ටිකේ වැඩ ගොඩයි.උදේම ගියාම වැඩ ටික ඉවර කර ගන්න ලේසියි." 


" දෝණි එන්න.කෑම ලෑස්තියි " 


" අනේ ආච්චා කන්න නම් බෑ.ටූ ලේට්. " 


" අනේ දරුවො.අදවත් කාලා යන්න.මේ ටිකේම ඔයා උදේට කාලා නෙවේ ගියෙ.


ගිහින් කන්නම් කිව්වට මං දන්නවනෙ ඔයාගෙ කෑම ගැන " 


" අනේ ආච්චො.අද විතරයි.හෙට කනවමයි " 


" දෝණී..ගුටි නොකා ඉදගන්න " 


බලෙන්ම මාලි ආරව ඉන්දෝගෙන වදෙන් පොරෙන් කටවල් දෙක තුනක් කැව්වා.


ජයනාත් නම් මේ යුද්දෙ දිහා බලන් හිටියෙ හිනා වෙන ගමන්.


කාලා ඉවර වෙලා ආරා මාලිටයි ජයනාත්ටයි වැදලා ඔෆිස් ගියා.


" දෝණි දැන් සෑහෙන්න බිසී ජයේ.ඔයාට නම් එයාව බිස්නස් වලට අල්ල ගන්න හම්බෙන්නෑ " 


" කොහොමත් එයා දැන්ම බිස්නස් බලන්න ඕනි නෑ.එයා ඔහොම නිදහසේ එයා කැමති විදිහට හිටපු දෙන්." 


" එතකොට අර වැඩේට මොකද වෙන්නෙ.ඔයා දෝණිට තාම ඒ ගැන කිව්වෙත් නෑනෙ." 


" දුව ගැලරි එකේ වැඩත් එක්ක බිසීනෙ මාලි.ඉතින් කොහොමද කියන්නෙ.


අනික එයා ඒ වැඩ කරන්නෙ ආසාවෙන්.බිස්නස් ගැන එයාට එච්චර උනන්දුවක් නෑ "


" ඒත් ජයේ එයානෙ කවද හරි මේවා බලන්න ඕනෙ.අනික ගැලරි එකේ එයාට හැමදාම වැඩ නෑනෙ."


" හරි හරි මං දුව එක්ක කතා කරලා බලන්නම්කො." 


පැය කීපෙකට පස්සෙ ජයනාත් පිටත් උනේ මාලින්දව හම්බෙන්න යන්න.

( මාලින්ද කියන්නෙ ප්‍රභාත්ගෙ තාත්තා.ඒ කියන්නෙ දේව්ගෙ සීයා.) 


" ආ ජයේ.එන්න එන්න මං ඒත් බැලුවා මොකෝ පරක්කු කියලා " 


" කෙල්ල යනකන් ඉදලා ආවෙ මාලින්ද " 


" ඉතින් ඉතින් කොහොමද විස්තර.මාලියි දුවයි දෙන්නා හොදින් ඉන්නවනෙ " 


" ඔව් ඔව්.දෙන්නම හොදින්.කෙල්ල නම් දැං මටවත් ගෙදර පේන්න නැති තරම්.


එයා දැන් බිසී වෙලා ඉන්නෙ." 


" එහෙම වෙන්න එපැයි.දැන් එයාටම කියලා බිස්නස් එකක් තියනවනෙ. "


" ඒක ඇත්ත.ඒ වැඩ වලට එයා හරි උනන්දුයි " 


"ඒක හොදයි.දැනටමත් බිස්නස් එක හොද තැනක තියනවා.


එයාගෙ මහන්සියෙන්ම ඒක ගොඩනගා ගන්න එක තමා වැදගත්. "


ජයනාතුත් ඔලුව හොල්ලලා ඒ කතාව අනුමත කලා.


"ඉතින් ජයේ.ඔයා දුවගෙන් මං අර කිව්ව කාරණේ ගැන ඇහුවද ? 


එයා මොකද කිව්වෙ.ගැලරි එකේ වැඩත් එක්ක එයාට ඒක කරන්න අමාරුයි කිව්වද ? " 


" ඇත්තටම මාලින්ද මට කෙල්ලත් එක්ක මේ ගැන කතා කරන්න උනේම නෑ.


මොකද එයාට මේ ටිකේ වැඩ නිසා ටිකක් අල්ල ගන්න අමාරුයි " 


" ආ ඒකට මක් වෙනවද. මාසයක් විතර තියනවනෙ.දුවගෙන් අහලා මට හිමීට උත්තරක් දෙන්න.


හැබැයි කෙල්ලට බල කරන්න යන්න එපා.එයා කැමති නම් විතරක් එන්න කියන්න " 


" හරි මාලින්ද.මං ඉක්මන්ට ඔයාට උත්තරයක් දෙන්නම් " 


කතාවෙන් කතාවට වැටුනෙ ජයනාත් මාලින්ද දෙන්නා තේ බොන අතරෙ.


" ඒක නෙවේ මාලින්ද.මොකද්ද අර කියන්න තියනවා කිව්වෙ. " 


" හ්ම්ම්.ජයේ ඇත්තටම මං මේක අහන එක හරිද වැරදිදවත් මං දන්නෑ.


ඒත් මං මේක උඹෙන් අහන්නෙ උඹෙයි මගෙයි සහෝදරකම යාලුකම හිතේ තියන් මිසක් වෙන අරමුණකින් නෙවේ "


මාලින්ද කතාවට මුල පිරුවෙ බර හුස්මක් පිට කරන ගමන්.


" මං දන්නවා මාලින්ද. උඹ කවදාවත් වැරදි දෙයක් නම් මාත් එක්ක මේ විදියට කතා කරන්නෙ නෑ කියලා." 


ජයනාත් හිනාවෙලා කියද්දි මාලින්දත් ජයනාත් එක්ක හිනා උනා.


" උඹයි මායි ඉපදුනේ පැල්පත්වල ජයේ.කලිසම් කොටේ කාලෙ ඉදන් අපි හිටියෙ එකට.


අපි ගොඩ ගියෙත් එකට.උඹට මට රහස් නෑ.බෙදාහදාගන්න බැරි දේකුත් නෑ.


අපි දෙන්නා කසාද බැන්දයි කියලා අපේ යාලුකමේ වෙනසක් උනේ නෑ ජයේ.


මගෙ එකම කොල්ලයි උඹේ එකම කෙල්ලයි හැදුනෙ වැඩුනෙත් එකට.


උන් දෙන්නා හරි කාලෙට ආවම අපි උන්ව එකතු කරන්න හැදුවත් උන් දෙන්නා අතර තිබ්බෙ අපි හිතුවා වගේ දෙයක් නෙවේ.


අපි ඒක තේරුම් නොගත්තයින් උන් මුරණ්ඩු වෙලා උන්ගෙ ලෝකෙ හදාගත්තා.


ඇත්තටම ජයේ අපි කරන්න ඕනි නැති දෙයක් කරන්න හදපු හින්දා අපේ ළමයි අපිට ඉස්සර උනා.


අන්තිමට අපිට අපේ ළමයි නැති උනා.ඒ දේවල් එහෙම උනේ අපෙත් වැරැද්දෙන්.


මට ඕනි ඒ දේවල් මතක් කරලා උඹේ පරණ තුවාල පාරන්න නෙවේ.


එකම වැරැද්ද මං ආයෙම කරන්න හදනවා කියලා හිතන්නත් එපා උඹ.


එහෙම කියලා මාලින්ද ආයෙත් හුස්මක් පාත දැම්මා.ජයනාත් මුකුත්ම නොකියා මාලින්දට ඇහුම්කන් දුන්නා.


"උඹේ පොඩි කෙල්ලයි මගෙ පොඩි කොල්ලයි දෙන්නා පිළිවෙලක් වෙනවා නම් මං කැමතියි. "


මාලින්ද එහෙම කියලා බැලුවෙ ජයනාත්ගෙ මූන දිහා.


ජයනාත් මාලින්දට ලා හිනාවක් පා කලා.


" මගෙ පොඩි කෙල්ල ගැන මාලින්ද දන්නවා.මං තරම්ම මගෙ කෙල්ලට මාලින්දත් ආදරේ බව මං දන්නවා.


ඒ දෙන්නම හැදුනෙ අපේ අත්වල.


මගෙ පුංචි එකී හුරතල් වයසෙදිම විදින්න ඕන්නැති මහ එපා කරපු විදිහෙ දුක් ගොඩක් වින්දා මාලින්ද "


අන්තිම ටික කියෙද්දි ඒ කටහඩ වෙව්ලුවා.ඇස් වල කදුලු පටලයක් ඇවිත් බැදුනා.


ජයනාත්ගෙ ඉස්සරහ පුටුවෙ හිටපු මාලින්ද ඇවිත් ජයනාත් ලගින් ඇවිත් වාඩි උනේ පිටට හෙමින් තට්ටු කරන ගමන්.


ටික වෙලාවක් බිම බලන් හිටපු ජයනාත් ආයි ඔලුව උස්සලා කතා කරන්න පටන් ගත්තා.


" මාලින්ද හොදටම දන්නවනෙ එයා විදවපු තරම.ඔයා ,ප්‍රභාත් පුතා හොදටම දැක්කනෙ ඒ දරුවා වින්ද දුක් කන්දරාව.


මලක් වගේ හුරතලේට පරිස්සමට හැදුනු මගෙ දරුවා මාස ගානක් මැෂින් අස්සෙ හුස්ම හෙව්වා.


ඒ දරුවා නොමැරි බේරුනේ කොහොමද කියලා අදටත් දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි.


අවුරුදු ගානක් මානසික ලෙඩෙක් වෙලා දුක් වින්දා මගෙ දරුවා.


එයා රිකවර් උනත් ඇක්සිඩන්ට් එකේ බලපෑම එහෙම්මයි.


ලොකු දුකක් ශොක් එකක් එයාට දරාගන්න බෑ.


අදටත් එයා හීනෙන් බය වෙනවා.සමහර වෙලාවට ඔහේ කල්පනා කරනවා.අඩනවා.


එයා අපි ඉස්සරහා කොච්චර නෝමල් විදිහට හිටියත් මං දන්නවා වෙච්ච දේවල් තාමත් එයාගෙ හිතට වද දෙනවා.


එන්න එන්න කෙල්ල ලොකු වෙනකොට ලස්සන වෙනකොට එයාව පරිස්සම් කරන්න මං හුගක් මහන්සි උනා.


නරක හුලගක්වත් වැදෙන්නැති වෙන්න මං එයාව පරිස්සම් කලා.


එයා අද වෙනකන් කාටවත් ලං වෙලා නෑ.


මට හිතෙනවා සමහරවිට එයා තනියම ඉන්නෙ එයාගෙ නරක අතීතෙ එක්ක එයාව භාරගන්න පුලුවන් විදිහෙ කෙනෙක් නැහැයි කියලා හිතන නිසාවත්ද කියලා.


ආරන්‍යාගෙ කසාදෙ ගැන මගෙ හිතේ තියෙන්නෙ බරක්.


එයා ඕනවටත් වැඩිය දුක් වින්දා.මගෙ දරුවා පව් මාලින්ද.


ඉතින් කවදහරි එයා යන්න ඕනි එයාගෙ අතීතෙ හාර අවුස්සන්නැති කෙනෙක් ගාවට.එයාගෙත් කැමැත්ත ඇතුව.


මොකද මට ඕනි නෑ මගෙ දරුවට තවත් විදවන්න දෙන්න." 


ජයනාත් කතාවට පොඩි විරාමයක් දෙද්දි මාලින්ද කතා කරන්න පටන් ගත්තා.


" මං මේ යෝජනාව ජයේට කරන්නෙ ඒ හැමදේම ගැන අකුරක් නෑර දන්න නිසා තමයි.


මගේ දේව්ගෙයි ආරන්‍යා දුවගෙයි මට වෙනසක් නෑ ජයේ.ඒ දෙන්නම මගෙ දරුවො.


ආරන්‍යාව පිට තැනකට දුන්නොත් එයා තනි වෙනවා ජයේ.මෙච්චර කලුත් ඈත් වෙලා ඉදලා ආයෙමත් එයාට එයාගෙ අයගෙන් ඈත් වෙන්න වෙනවා.


ඒත් මේ පවුල එයාට පිට තැනක් නෙවේ.එයාට අපි කාගෙන්වත් ඈත් වෙන්න ඕනි නෑ.


" ඒ වගේමයි ජයේ , ඔයා දන්නවනෙ දේව් ගැනත්.


මං , ප්‍රභාත් වගේ නෙවේ.ඌ අමුතුම එකෙක්.මිනිහා නහරකාරයා.මිනිහා අනිත් කොල්ලන්ට වඩා වෙනස්.


ජයේ දන්නවනෙ.දේවිකා මගෙ කොල්ලො දෙන්නගෙ ජීවිත අපායක් කලා.ඒ ගෑනි හින්දා දේව් අන්තිමට ප්‍රභාත්ගෙනුත් ඈත් උනා.


දේව්ට සතුට කියන දේ හරි දුරයි.ඌ වැඩ අස්සට හිර වෙන්න කැමති ඇයි කියලාජයේ දන්නවද ?


එයා හිතනවා එතකොට බැදීම් වලින් දුරස් වෙලා ඉන්න පුලුවන් කියලා.එයාට ඕනි එයාගෙ හැගීම් හිර කරන්න.


ඌත් අද වෙනකන් කාටවත් ලං වෙලා නෑ.විශේෂයෙන්ම ගෑනියෙක්ට.


මගෙ පොඩි කොල්ලටත් එච්චර හොද කාලයක් නෙවේනෙ තිබ්බෙ." 


මාලින්දගෙ මූනෙ තිබ්බෙ කලකිරීමක්.

මාලින්ද දිහා බලන් හිටපු ජයනාත්ට තේරුනා ඒ දෙන්නම ඉන්නෙ එකම ප්‍රශ්නෙක කියලා.


" මාලින්ද මේ ගැන අහපු එක ලොකු දෙයක්.නොකිව්වට මගෙ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නෙ මේ කසාදෙ බව මාත් දන්නවා.


මගෙ හිතෙත් මේ කාරණේ තිබ්බා.මං මාලි එක්කත් මේ ගැන කිහිප වතාවක්ම කියලයි තිබ්බෙ.


මං දන්නවා උඹ ,ප්‍රභාත් පුතා මගෙ කෙල්ලව පරිස්සම් කරනවා කියලා.ඒත් දේව්ගෙ හිත නොදන්න නිසයි මං මේ ගැන අහන්න පරක්කු උනේ.


මගෙ පොඩී එකීව උඹේ පොඩි එකාට දෙන්න මගෙ කිසි අකමැත්තක් නෑ මාලින්ද." 


ජයනාත් එහෙම කියද්දි මාලින්දගෙ මූනෙ ඇදුනෙ ලස්සන හිනාවක්.


" උඹ උඹේ කෙල්ලව මගෙ කොල්ලට දෙනව නම් මං ආරන්‍යට පණ උනත් දෙනවා ජයේ " 


මාලින්ද කිව්වෙ ජයනාත්ගෙ අත් දෙක තමන්ගෙ අත් වලට මැදි කර ගන්න ගමන්.


" සීයලා දෙන්නා නම් ඔන්න කැමතියි.මුනුපුරයි මිනිපිරියි කැමතිද නැද්ද කියලා තමා දැන් දැනගන්න තියෙන්නෙ."


ජයනාත් කිව්වෙ හිනාවීගෙන.


" උබ වැඩේට ඕකේ හින්දා මං මේක කියන්නම්.උන් දෙන්නගෙ කැමැත්ත ගන්න තමා මං මාස පහකට ආරන්‍යව දේව්ගෙ සෙකට්‍රි වේකන්සි එකට ගන්න ඇහුවෙ." 


මාලින්ද එහෙම කියන ගමන් සෝෆා එකට හේත්තු උනා.


" ඒ කියන්නෙ උබ දැනටම වැඩේට බැහැලා ඉන්නෙ." 


ජයනාත් මාලින්දගෙන් ඇහුවෙ ආපු හිනාවත් මැඩගෙන.


" උබ මං ගැන දන්නවනෙ.කොල්ලා කාලෙ ඉදන් මේක මගෙ හැකියාව.උබෙයි මාලිගෙයි කපුකම කලෙත් මමනෙ " 


එහෙම කියලා දෙන්න හයියෙන් හිනා උනේ කරට අත දා ගන්න ගමන්.


" ඒක නෙවේ උබ ප්‍රභාත් පුතාට මේ ගැන කියලා බැලුවද ?"


" අහන්න දෙයක් නෑ.ප්‍රභාත් කැමතියි.ඌ අරූට මනමාලියො හෙව්වෙ කෙල්ලෙක්ට මනමාලයෙක් හොයනවා වගේ.


දේව් බෑ කියද්දි කියද්දි ප්‍රභාත් සද්ද නැතුව හිටියෙම ආරන්‍යව කතා කරන්න හිතේ තියාගෙනමයි.


ප්‍රභාත් මට ඒ ගැන කියලමයි තිබ්බෙ "


" ප්‍රභාත් පුතත් කැමති නම් එච්චරයි.


ඉතින් දැන් කොහොමද අපි මේක ගැන පොඩි උන් දෙන්නගෙන් අහන්නෙ " 


" මෙහෙමයි ජයේ.අපේ එකාගෙ සෙකට්‍රි පෝස්ට් එකේ අද වෙනකන් හිටියෙ කොල්ලො.ඌ කෙල්ලො ගන්න කැමති නෑ.


දැන් ඉන්න එකා මාස්ටර්ස් වලට යූකේ යනවා තව මාසෙකින්.ඒ වේකන්සි එකට ඉන්ටවිව් තියනවා ලගදි.බලෙන් පොරෙන් මං කෙල්ලොන්වත් ඉන්ටව් කරන්න කොල්ලව කැමති කර ගත්තා.


කොහොමත් ඕකා තෝර ගන්නෙ කොල්ලෙක්.ආරන්‍යා මේකට් කැමති උනොත් මං දන්නවා බෝඩ් එකෙන් ආරන්‍යව සිලෙක්ට් කරනවා.


මාස 5ක් 6ක් වෙද්දි දෙන්නා ලගින් වැඩ කරන හින්දා දැන අදුන ගන්නවනෙ.


ඊට පස්සෙ ප්‍රපෝසල් එකක් ගේන විදිහට මේක කතා කරමු " 


මාලින්ද කියද්දි ජයනාත් හිනාවෙන්ම කතාව අහන් හිටියෙ යකෝ මූ කියන්න වගේ මූනකින්.


" ඇත්තමයි මාලින්ද උබ නම් ගැලපෙන්නෙ මගුල් ජෝඩු කරන්නම තමා " 


ජයනාත් කිව්වෙ මාලින්දගෙ කරට අතක් දාගන්න ගමන්.


" හැබැයි ජයේ එකක්.කොහෙත්ම ඒ දෙන්නට බලපෑමක් නොකර ඉන්න අපි වග බලාගමු.


ඒ දෙන්නා කැමති නම් මේ කසාදෙ වෙයි.එයාලා අකමැති නම් එයාලා එයාලට ගැලපෙන කෙනෙක් හොයා ගනියි " 


" ඔව් මාලින්ද.ඒක හරි. එක සැරයක් උනු වැරැද්ද ආයි අපේ අතින් වෙන්න දෙන්න හොද නෑ. " 


" මට ඕනි අපේ ළමයි සතුටින් ඉන්නවා බලන්න ජයේ.මං දන්නවා ආරන්‍ය දුවට පුලුවන් අපේ එකාව වෙනස් කරන්න.


ආරන්‍යා දුවව අපේ එකා හොදින් බලා ගන්නවා.ඒක මට විශ්වාසයි " 


එහෙම කියලා මාලින්ද සැනසුම් සුසුමක් හෙලුවා.

ජයනාතුත් හිටියෙ හැමදේම හොදින් සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව.













🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷







දේව් ආරා දෙන්නා එකතු වෙයිද ? 👀


නැත්නම් ආරව වෙන කාටහරි දෙමුද ? 🤔


ඔයාලා මොකෝ කියන්නෙ ළමයි 😌




කතාව ලස්සන නැද්ද බබාලා 🤧



කමෙන්ට් එකක් දෙන්නකො












🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷








15 වන පාවීමෙන් හමුවෙමු...🍀


Report Page