පාවෙන හෝටලය
#SeeTheWorld

ඔබ දන්නවාද අප්‍රිකාවේ Ivory Coast කියන ප්‍රදේශයේ තියෙනව වෙරළ ආශ්‍රිතව පාවෙන හෝටලයක්😱. මේක මෙහෙම පාවෙන්නෙ මේ හෝටලය ගොඩනගල තියෙන්නෙ ප්ලාස්ටික බෝතල් ලක්ශ ගණනක් මත නිසා.
වසර කීපයකට කලින් මේ ප්‍රදේශයේ ඉවතලන කුණු ප්ලාස්ටික් බෝතල් ඇරුනම වෙන කිසිම දෙයක් තිබුන්නෑ. වෙරළ තීරය තනිකරම ප්ලාස්ටික වලින් වැහිල දූශණය වෙලා තිබ්බෙ.
ඉතින් මේ Eric (3 pic) කියන අපූරු මිනිස මේක දැකල ඒ තිබ්බ ප්ලාස්ටික් බෝතල් උපයෝගී කරගෙන වතුරෙ පාවෙන හෝටලයක් හැදුව. දැන් මේ හෝටලයේ පාවෙන පිහිණුම් තටාක , පාවෙන මත්පැන් හල් මෙන්ම පාවෙන resturant පවා තියෙනව. ඒ වගේම සංචාරකයො එක් රැයකට ඩොලර් 100ක වැනි මුදලක් ගෙවල මේ බෝතල් 800,000 ක් මත ඉදි කරපු හෝටලේ නවාතැන් ගන්නව.
Eric තවමත් වෙරළ තීරයේ තියෙන ප්ලාස්ටික් එකතු කරනව. ඒ ඔහුට තව හෝටලයක් හදන්න නෙවෙයි. ස්වභාවධර්මයෙන් අපිට දීපු මේ ලස්සන වෙරළ ප්ලාස්ටික් වලින් මුදාගන්න......
source :- Nas Daily (yt)