ප්‍රේමණිය ම හිත් 🤍🕊️

ප්‍රේමණිය ම හිත් 🤍🕊️


(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


ආදරෙයි! අමරණිය ආදරේට !!!




+අපි ආව දුර සෑහෙන්න දිගයි නේද ?



_ ඔව්.ඒත් යන්න තියන දුර ඊටත් වඩා දිගයි නේද?



+ම්ම්...ඒත් අපි දවසක වෙන්වෙයි.



- හ්ම් සමහර විට...



+ ඇයි එහෙනම් ලං වුණේ...



_ ලං වෙන්න ඕන කියලා හිත කිව්ව නිසා...



+වෙන් වෙනවා කියලා දැන ගෙනම මෙහෙම ආදරේ කරන එකෙන් වෙන්නේ දවසක අපිට රිදෙන එක නෙවෙයි ද?



+නැහැ.ඒක මහ බොරු කතාවක් !



_ ඇයි එහෙම කියන්නේ ?



+ අපි ඉපදෙන්නේ දොත බදාගෙන දෑත බදාගෙන නලල උඩ මරණය කියන වචනය පවා කොටාගෙන ඉතින් කොහොමත් අපි කියන්නේ ම තාවකාලික මිනිස්සු පිරිසක්. අපිට දවසක වෙන් වෙන්නම වෙනවා. ඒත් අපි දන් නැත්තේ අපි වෙන් වෙන දවස විතරයි. කවදා හරි ම දවසක වෙන් වෙනවා කියලා දැන දැන ම ආදරේ නොකර ඉන්න ඕනේ නම්, කාටවත් බැරි වෙයි කවදාවත්ම තව කාටවත් ආදරේ කරන්න




_ ඒත් අපි වෙන් උනාම මේ මතක අපිව රිද්දාවී නේද?




+ ඔව්. ඒත් අපි ඇත්තටම ආදරේ කරා කියන හැඟීම නිසාම දවසක අපිව තෘප්තිමත් කරාවී.




_ ඒක හරි, ඒත් අපිට පුළුවන් අපි අපේ ලඟ නැති දවසකත් මේ මතක රිසි සේ විඳින්න.





+ ඊළග මොහොතේ වෙන් වෙන්න වුණත් ඔයා එක්ක ගත කරන මේ තප්පරේ මං ආදරෙන් ඉන්නවා.




_ මං ආදරෙයි !




+ මාත් ආදරෙයි මැණික.





මං ආදරෙයි මේ අහසටත් වඩා..

මං ආදරෙයි මේ මහ සයුරටත් වඩා..

මං ආදරෙයි හමන හුළගටත් වඩා...

මං ආදරෙයි ගන්න හුස්මටත් වඩා...

ආදරේයි කියලා හැමෝටම කියන්න පුලුවන්..

ආදරෙයි කියලා සිහින මාලිගා තනන්න හැමෝටම පුලුවන්...

ආදරෙයි කියලා තුරුල් කර ගන්න හැමෝටම පුලුවන්...

ඒත්,

ආදරෙයි කියලා තව හිතක් සනසන්න තව හිතක විශ්වාසේ රකින්න පුලුවන්...

කීයෙන් කීදෙනාටද ?




ඉඩෝරයේ පැවිල්ලට අහුවුණ හැම මිනිහෙක්ට ම...

වස්සානයේ හිරි පොදෙන් තෙමෙන්න ම ඕන...

දුක් විදීම් , හිත් රිදිම් , වේදනා ව පොදි බැදගෙන විදවන මිනිස්සුන්ට,

ප්‍රේමයේ මල් මාවතේ ඇවිදින්න දවසක් ලැබෙන්න ම ඕන

වේදනාව නිසාම ඉරි තැලුණ හදවත් වලට ප්‍රේමයේ රශ්මිය දැනෙන්න ම ඕන...




ගන්න හැම හුස්මක් ගානේ ම ආදරේ කියන වචනේ ට පවා ගෞරව කරපු මිනිස්සුන් ට,

ප්‍රාණ සම ප්‍රේමයක් හිමිවෙන්නම ඕන...

අහිමි විම් මැද්දේ අද හිමි වෙයි හෙට හිමි වෙයි කියලා බලන් ඉන්න හැම හිතකට ම..

ප්‍රේමය කියන උත්තරීතර වචනය නියම අරුත දැනෙන්න ම ඕන...




දුක තනියෙන්ම හිත අස්සේ ම දරාගෙන...

ඇස් වල කඳුළු පුරවන් ලෝකේට පේන්න හිනාවෙලා ඉන්න මිනිස්සුන්ට...

හුස්මකින්වත් දුකක් නොදෙන වචනෙකින්වත් හිතක් නොරිදෙන..

ප්‍රේමයෙන් ම පිරිච්ච,

ප්‍රේමණිය ආත්මයක් මුණ ගැහෙන්න ම ඕන...




ආදරේ උතුරද්දි ඒ ආදරේ හිත් අස්සේ හංඟගෙන ම ,

නොදැනෙන ගාණට ඉන්න හිත් මැද්දට,

සංසාරෙම පුරාවට ම එකම මඟක යන ප්‍රේමයක් ලැබෙන්න ම ඕන!

එහෙව් හිත් ඇති මිනිස්සුන්ට ආදරේන් ජය ගහන්නම ඕන....!




දිනෙක වෙන්වීම නියත බව දැනම යලි යලිත් ප්‍රේමයේ නාමයෙන් ම ලං වෙන හිත් වලට ඔවුන් පතන ඒ ප්‍රේමය හිමි වෙන්න ම ඕන!!!!




~~


දැනුනා නම් මොනවා හරි කියාගෙන යන්න.



Report Page