ප්‍රේමණිය ඔහු....🤍

ප්‍රේමණිය ඔහු....🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

🛑සත්‍ය කතාවකි 🛑

දෛවයේ සරදමක්.....🤍



"මට තමුසේ එක්ක කතා කරන්න ඕන....මම කියන තැනට එනවා....."



කොල් එක කට් කරලා දාලා මං බෙන්ච් එකට වෙලා ඉදන් හිටියේ එයා එනකම්....

විනාඩි විස්සක් විතර යද්දී...

හැන්ඩ් බැග් එකකුත් දාගෙන කෙල්ල හති දාගෙන දුවන් එනවා...

එහෙම දැක්කම පපුව පිච්චිලා යන ගතියක් දැනුනා...

ඒත් මං ඒ බව නොදැක්ක ගානට අහක බලා ගත්තා...




"ඇයි එන්න කිව්වේ අහස් ඔයාට ප්‍රශ්නයක් ද?"




"ඔව් මට ප්‍රශ්නයක්?"



"දෙයියනේ මොකක්ද ප්‍රශ්නේ....."




"තමුසේ තමයි මට තියන ලොකු ම ප්‍රශ්නේ උදාරි...."



"මොකක් මම..."



"ඔව් තමුසේ.....මට තමුසේගෙන් ඈත් වෙන්න ඕන මේ අදම...."



"දෙවියනේ...අහස් ඇයි මහත්තයෝ මේ එකපාරට ම මගෙන් මොකක් හරි වරදක් වුණාද?"



"ඔව් වුණා.ලොකු වරදක් වුණා.ඒ නිසා තමුසේ ආය මගේ ඇස් ඉස්සරහට එන්න එපා...."




මං එහෙම කියලා එතනින් නැගිටලා ආවේ...

උදාරා පපුව අල්ලගෙන බෙන්ච් එකට ට අඩ අඩ ම වැටෙද්දී....

අවුරුදු ගාණක් තිස්සේ පපුව අස්සේ තියාගෙන ආදරෙන් පරිස්සම් කරපු කෙල්ලව....

අද මම තිරිසනෙක් වගේ වචන වලින් පාරලා දැම්මා...




"මට සමාවෙන්න උදාරි...මේ මොහොතේ ඔයා අඩයි.ඒත් ඔයා ව හිත හදාගනි හිමිට.මේ පව්කාරයාට සමාවෙන්න උදාරි......"

~ 🖤~



"පුතා අහස් මේ අම්මට මෙච්චර ගින්දරක් දෙන්න එපා පුතේ..මං කියන දේ අහන්න රත්තරං..."



"අනේ අම්මේ...පොඩ්ඩක් තෙරුම් ගන්න....මේක මගේ ජිවිතේ...ඒ නිසා මට මම කැමති දේවල් කරන්න ඉඩ දෙන්න....."




මං එහෙම කියලා මගේ ඇදුම් දා ගත්ත බැග් එකත් කරට දාගෙන එලියට ආවේ...

අම්මා අඬ අඬ ම මං එන දිහා බලන් ඉද්දී....



මං අහස්....

මටත් තිබ්බා ලොකු දරා ගැනීමක්....

හරියට අහස වගේ ම...

ඒ දරා ගැනී ම නිසාමයි....

මං ආදරේ කරන මට ආදරේ කරන එයාලව මං ඈතින් තියන්න හිතුවේ....

මං එහෙම නොකලා නම් එයා ලා මට ඉස්සර වේදනාවෙන් මිරිකෙයි...

මට තරම් දරා ගැනීමක් එයාලට නෑ....

කියලා මං හොදටම දන්නවා....



මං ඉංජිනියර් ෆැකල්ටියෙ ෆයිනල් ඉයර් එකේ...

තව මාසෙකින් වගේ කැම්පස් එකෙන් අවුට් වෙනවා...

එතනින් එහා ජිවිතේ මට ගොඩක් දේවල් ලැබෙන්න තිබ්බා....

ඒ ලැබෙන හැම දෙයක් එක්කම නොලැබීම කියන වචනේ....

තද අකුරින් කවුරු හරි කෙනෙක් අහස් කියන නම ඉස්සරහ තදටම ලියලා....

සමහර විට ඒ දෛවය වෙන්න ඇති....

දෛවය ට අභියෝග කරන්න මම ලක් කාරයෙක් නෙවෙයි....





මම ඉපදෙන්නේ ම අනාතයෙක් වගේ....

ඉපදුණ ගමන් ම මාව කුසින් වදාපු මගේ අම්මා මාව ඉස්පිරිතාලේ දාලා යනවා.....

එතනින් එහාට මාව බාර ගත්තේ...

දැන් ටිකකට කලින් මං වෙනුවෙන් කඳුලු කප්පරක් හලපු මාව හදාපු මගේ රත්තරං අම්මා....

එයා නර්ස් කෙනෙක්....

එයා යි මාව මේ තරම් දුරකට උස් මහත් කරේ තනියම....

එයාගේ මහත්තයත් නැතුව....

මං ඒ ණය කොහොම ගෙවන්නද මගේ අම්මේ.....

ජාති ජාතිවත් මට ඒ ණය නම් ගෙවලා ඉවර කරන්න බැරි වෙයි....

මට සමාවෙන්න මගේ අම්මේ....



~ 🖤~


මාස 03 හමාරකට කට පසු.....



"ආන්ටි....මම එන්නද?"



"අනේ....මගේ රත්තරනේ....මේ වෙච්ච දේවල් මට හීනයක් වගේ පුතේ....මගේ කොල්ලා....දෙයියනේ....මගේ කොල්ලා.....මගේ කොල්ලා මං ලග නෑ කියලා මට හිතාගන්නවත් බෑ පුතේ....."





අහස් ගේ අම්මා පපුවට ගහ ගහ අඩද්දී....

මං ඒ දිහා බලන් හිටියේ කියා ගන්න බැරි තරම් හැගිම් ගොඩක් අස්සේ මම ම හිර වෙද්දී....




අහස් කියන්නේ....

ලස්සන හදවතක් තිබ්බ හරි ආදරණිය මනුස්සයෙක්...

කරුමෙකට වගේ ඌ ට හැදුණේ කරුමක්කාර ලෙඩක්...

නම කියද්දී පවා මුසල ගතියක් දැනෙන මහ අදුරු ලෙඩක්....



කැන්සර් එකක්.....

අපි ඒ ගැන දැන ගද්දී අහස් ගේ ජිවිතේ බේර ගන්න බැරි තරම් දුරකට...

ඒ කරුමක්කාර ලෙඩේ පැතිරිලා....

ඒ නිසයි අහස් උදාරිගෙන් ඈත් වුණේ...

ඒ වගේ ම තමන්ගේ අම්මාගෙනුත්....

ඌ ලග තිබ්බ ඒ ශක්තිය මම ලගවත් නෑ.....

අහස් ගෙදරින් ලෙඩේ හැංගුවා...

බෙහෙත් පවා හොරෙන් ගත්තා...

බැරීම තැනදී හැමෝ එක්කම තරහ වෙලා...

මං ගාවට ඇවිත් නතර වුණා....

ලස්සනට හිටපු කොල්ලා දවසින් දවස වැහිරිලා ගියා....

බලන් ඉද්දී අහස් දුර්වල වුණා.....

අන්තිම මොහොත වෙද්දී හුස්ම ගන්න පවා අපහසු වුණා....

අවසානේ හැමෝම අඩවලා අහස් යන්න ගියා.....



අදට අහස් නැතිවෙලා තුන් මාසේ දානෙත් දීලා ඉවරයි....

මං ආවේ අහස් වෙච්ච පොරොන්දු දෙක ඉටු කරන්න....

ඒ අහස් එයාගේ අම්මට දුන්න ලිවුමත්,

එයාගේ උදාරි ට දුන්න ලිවුමත් දෙන්න....



"ආන්ටි...මේක අහස් දෙන්න කියලා කිව්වා....."



ආන්ටි මං දුන්න ලිව්ව දිග ඇරලා කියවන්න පටන් ගත්තා.....


ආදරණිය අම්මට,
"අම්මේ...මේ ලිවුම අම්මට ලැබෙද්දී මම මගේ අම්මාගෙන් ගොඩක් ඈතට ගිහින් ඉදී.අම්මා තවම අඩනවද?අඩන්න එපා.මං නෑ කියලා මම හැමදා මගේ අම්මාගේ හිත ඇතුලේ ජිවත් වෙනවා.මං කරපු හැමදේටම මට දහස්වාරයක් සමාවෙන්න.ඔයාලට දුකක් නොදෙන්නයි මම ඔයාලගෙන් ඈත් වුණේ.මං නිසා මගේ අම්මාගේ හිත රිදෙන්න ඇති ඒ හැමදේටම මට සමාවෙන්න.මං දෙයක් කියන්න ම ඕන.මේ ලොකේ ඉන්න හොදම අම්මා තමයි ඔයා.මං ප්‍රාර්ථනා කරනවා මතු උපදින ඉපදෙන හැම භවයක ම මං අම්මාගේ දරුවෙක් වෙලා ඉපදෙන්න ඕන.හැම භවයකම ඔයා මගේ අම්මා වෙන්න ම ඕන.මම නවතින්නම්.මගේ අම්මා පරිස්සමින් ඉන්න.මට සමාවෙන්න.මං අම්මට ගොඩක් ආදරෙයි.."
අහස්~




"නංගී උදාරි මේක ඔයාට..."


උදාරි මං දුන්න ලිව්ව දිග ඇරලා කියවන්න පටන් ගත්තා.....



"ආදරණිය උදාරි,

     ඔයා හොදින් ඇති කියලා මම හිතෙනවා.මුලින් ම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා.මම ඔයා ට කරේ වරදක්.බලාපොරොත්තු පිරිලා තිබ්බ ඔයාගේ හිත කෑලි කෑලි වලට කඩලා දාලා මෙහෙම යන්න වුන එකට මට සමාවෙන්න.මම මෙහෙම දෙයක් කලින් දැනන් හිටියා නම් මම මේ විදිහට ඔයාට ලං වෙන්නෑ.දන්නවද අපේ ආදරේ ට දෛවය හරස් වුණා.වෙනස් කරන්න බැරි තරමට ම දෛවය හරස් වුණා.හැම ආදර කතාවකම හිමි වීමක් තියෙනවනම් මේ ලෝකේ ආදරේ කරන මිනිස්සු අද කොච්චර සතුටින්ද උදාරි...ඔයයි මායි අපි පුලුවන් තරම් ජිවිතේ වින්දා.මං ඔයාව බලා ගත්තා.ඔයා මාව බලාගත්තා.මම ඔයා ව පරිස්සමි කරා.ඒත් මට දැන් යන්න වෙලාව ඇවිත්.මගෙන් සිද්ධ වුණ හැමදේටම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා.ලබන ආත්මේදිත් අපි ආයම මුණගැහෙමු.ඒ ආත්මේ දී මේ වගේ වෙන් නොවී ඉමු.....පරිස්සමින් ඉන්න...මං ඔයාට ගොඩක් ආදරෙයි.
~අහස්~"



~ 🖤~



ආදරය ලැබීම හෝ නොලැබීම අතර තියෙන්නේ...

දෛවයද?

නැත්තම්....

දෛවයේ සරදමක්ද ? 

සමහර විට ඒ හැමදේම කරන්නේ දෛවය වෙන්න ඇති...

ඒ දෛවය අපේ ජිවිතේ ට බලපෑම් කරන්නේ...

තාවකාලිකව වෙන්නත් පුලුවන්...

නැත්තම් සදාකාලිකව වෙනනත් පුලුවන්....

නැත්තම් සසරෙන් සසර පතාගෙන ආපු විදිහට වෙන්නත් පුලුවන්....




~ 🖤~


මේකත් රික්වෙස්ට් එකක් තරූ රණසිංහගේ....මේක සත්‍ය කතාවක් ඇසුරින් ලියන කතාවක්...




කතාව කොහොමද?අනිවාරෙන් හිතුණ දේ කියාගෙන යන්න



Report Page