පාරිභාශික වචන 😅

පාරිභාශික වචන 😅

Wolf
  • Dst - Destination ( ගොඩක් වෙලාවට End Device එක ගැන කියන්නෙ)
  • Src - Source ( මුල් වුණ Device එක ) 

dst, src කියලා මම මේ article එකට මට සඳහන් කරන්න පහසුවට කියලා තියෙන්නෙ. වැඩිය හිතන්න එපා.

  • PDU, Connection - කියවද්දි විස්තර කරලා තියෙයි.
  • Protocol - දැනට නිකන් ක්‍රමවේදයක් වගේ කියලා හිතන්නකො (නියම අර්ථකථනය මේක නෙමෙ).
  • Encryption/Decryption, Encoding/Decoding - දන්නෙ නැත්තන් මේ දෙකම ගැන idea එකක් අරගෙන එන්න
  • OS - Operating System මෙහෙයුම් පද්දතිය (ex - Windows 10, Ubuntu, Debian)
  • Kernel - මේක ගැන පොඩ්ඩක් හොයලා එනවනන් හොඳයි, Hardware ත් Software ත් අතර මැද්දෙන් තියෙන්නෙ Kernel එක මේකට තමා hardware full control එක තියෙන්නෙ memory allocation, resources management මේ වගේ තවත් ගොඩක් දේවල් මේකට කියලා තමා කරගන්නෙ. (ex - Linux Kernel, Windows Kernel)
  • Data - මේකෙ Data කියලා හැමතැනම වගේ කියන්නෙ මේ දත්ත කියන එක ගැන නැතුව Internet යන්න තියෙන Data නෙමේ
  • metadata - මේ කියන්න තියෙන data වලත් information "data about data"
  • Header - Header කියලා කියන්නේ ඒ ඒ layer වලදි packet වල metadata අන්තර්ගත වෙන table එකක් වගේ කියලා හිතන්නකො.
  • application/service - application කියන්නෙ client run කරන program ඒවට අදාලව server එකේ run වෙන program වලට තම service කියන්නෙ (ex - website එකයි server එකේ ඒකට අදාල backend එකයි)
  • buffer - හිතන්නකො ගෙදර වතුර ටැංකිය ගැන වතුර ටික ප්‍රයෝජනයට ගන්න කලිම් අපි මේ කරන්නෙත් ටැංකියට වතුර buffer කරන එක තමා, ඒ වගේ තමා මෙතනදිත් 😁

මේ වචන මහා භායනකයි වගේනෙ පෙන්නෙ නැත්තන්


Report Page