ප්‍රථම ප්‍රේමය ❤️

ප්‍රථම ප්‍රේමය ❤️



(කෙටිකතාවකි )

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

මට මගේ නොවන මගේ ම ආදරයක්....🤍





මතකද මුලින් ම තනියම හිනා වෙච්ච දවස...

මතකද මතක මතක් කර කර හිනා වෙච්ච දවස..

කණ්නාඩියෙන් පේන තමන්ගේ ම ප්‍රතිභිම්බය දිහා බලලා...

මට එයා කැමති වෙයිද කියලා තමන්ට ම මුමුණ ගත්ත අන්න ඒ දවස...

එයා දිහා ඇස් උස්සලා බලන්න තියන ලැජ්ජාවට...

එයා ට හොරෙන් හැංගිලා එයා දිහා බලපු දවස...





අන්න හරි...

ඔයා එයා ගැන හිතන්න පටන් ගත්තා කියලා තේරුණ දවස...

අන්න ඒ දවස ගැන තමයි මං මේ කිව්වේ....

සමහර විට එයා ඔයාගේ ලගම කෙනෙක් වෙන්න ඇති...

සමහර විට එයා ඔයාගේ ලගම යාලුවා වෙන්න ඇති...

සමහර විට එයා ඔයාගේ කියවිල්ල අහන් හිටපු එකම කෙනා වෙන්න ඇති...

සමහර විට ඔයාව තෙරුම් ගත්ත එකම කෙනා එයා වෙන්න ඇති...




ඔව්...

ඔයා හිතුවා හරි...

හා හා පුරා කියලා ඔයාට ඉස්සරෝම ආදර හැගිමක් දැනුන අන්න ඒ දවස වගේ ම දවසක්...

මගේ ජිවිතෙත් තිබ්බා...

එහෙම ආදරයක්...

මටත් තිබ්බා....





ඒ ඇස් දකිද්දි හදවත ගොලු වෙලා වචන අමතක වුණා...

එකම හැගිමකින් මුලු ආත්මෙම වේව්ලපු ආදරයක්...

රහසින් කරපු ආදරයක්...

දැහැනට සම වැදිලා වරු ගණන් ඒ රූපය දිහා බලන් ඉන්න ඇති.....

අදටත් ඒ හැගිමෙන් ඔහු මත්තේ ම නහින්න තරම්...

ඒ ආදරණිය මනුස්සයා ට මම හරි ලෝභයි....




මංගල සීනු නාද වුණා...

ඔව් එයා නමින්..

පණටත් වඩා ආදරේ කරපු එයා වෙනුවෙන්...

හදවත ගොලුවුණා ඒ රූපෙට...

වචන අමතක වෙලා කකුල් දෙක පණ නැති වෙලා...

ඇස් වලින් කඳුලු ගලන්න ඕන දවසක් අද...

අද එයාලගේ දවස...





අලු පාටට හුරු දිලිසෙන සාරියක් ඇදලා...

කොන්ඩේ උස්සලා කට්ටක් ගහලා...

කොන්ඩ කෑලි දෙකක් මුණ ඉස්සරහට දාලා...

ලාවට පොඩි මේකප් එකක් දැම්මා...

අලු පාට ට ම හුරු හීල්ස් දෙකක් දාලා...

මාවා ගත්ත හීනාව මුණේ තියන් මං මං දිහාම බැලුවා...

ලස්සනයි...

නෑ චාම්...

මං හැමදාම සරල කමට ආදරේ කරා...





ටැක්සියෙන් බැහැලා ඇවිත් හොටෙල් එක ඇතුලට ඇවිදන් ගියා....

බිම බලාගෙන ම ඉස්සරහට ඇවිදන් ගියේ....

ආපු යුතුකම ඉෂ්ට කරලා හැමෝගෙම ඇස් වලින් ඉක්මනට හැංගෙන්න තියන වුවමනාවට....





මං ඇවිදන් ගිහින් නතර වුණේ..

හදවත ඉල්ලලා කෑ ගහන රූපේ ඉස්සරහ...

ඒත් අද නිත්‍යානුකූලව වෙන කෙනෙක් ගේ ස්වාමියෙක්...





මවා ගත්ත හිනාවෙන් ම ඔලුව උස්සලා ඒ රූපේ දිහා බලලා හිනා වුණා...

ඇත්තටම හරි ලස්සනයි...

නැ...

කඩවසම්...

හැමදාම අතරමං වෙන ඇස් අස්සේ කිමිදෙන්න අදත් මගේ හිත දගලනවා...

හිතට තහංචි දැම්මට හිත හරි මුරණ්ඩුයි....

ඒ රූපේ ඉස්සරහ පාලනයක් නැති මගේ හිත ගැන මට ම දැනෙන්නේ අනුකම්පාවක්...



භාතිය,

ඔව් එයා භාතිය...

ඒ අකුරු තුන කාලයක් මට ඇබ්බැහියක් වුණා...

ඒ ඇබබැහිය අදටත් එහෙම්මයි.....




"අද හරි ලස්සනයි..."





මං කිව්වා නෙවෙයි...

මට ඉබේ ම කියවුණා...




"ඔයත් හරි ලස්සනයි හංසි...."




එයා එහෙම කියලා යන්තම් තොල් ඈත් කරලා හිනා වුණා....

චාරිත්‍ර ඔක්කොම කරලා නිතියෙන් ම ඔවුන් ඔවුන් ගේ වුණා...

වේදනාවෙන් පිරි ඇස් වලින් අඩන්න බැරි කමට....

පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙද්දී...

බොහෝම අමාරුවෙන් ඉවසන්...

මං ඒ දිහා බලන් හිටියා....





අපි නොහිතුවට මුලු ලෝකේ ම පවතින් නේ...

ආදරේ නිසා...

ඒක ඇත්ත...

අපි වේලාවකට ගනන් නොගත්තට...

ආදරේ මත බැදීම් මත තමයි....

හැම දෙයක් ම නිර්මාණය වෙන්නේ....

එක කොතන ගියත් වෙනස් වෙන්නෑ....

එක තමයි හරි ම ඇත්ත...





දෙන්නෙක් අතර බැදීමක් ගොඩ නැගෙන්නේ...

විශ්වාසය මත...

එහෙම විශ්වාසයක් ඇති වෙන්නත්...

හිත් වල ආදරයක් තියෙන්නේ ඕන....

ආදරේ ට තියෙන්න ම ඕන දෙයක් තමයි...

තේරුම් ගැනීම සහ ඇහුම්කන් දීම...

ඒ හැමදේම කැටිවුණ තැන ආදරය කියන සුන්දර බැදීම....

ආදරය කියන සුන්දර හැගිම අඩුවක් නැතු ව ඕනම කෙනෙක් ට විදින්න පුලුවන්...





ඒහෙම නොවුන තැන තමයි වේදනාව,විරහව, දුක, කෝපය ,දරා ගැනීම හැමදේයක් ම ඇති වෙන්නේ....

ඒ හැගිම් හරියාකාරව තොර ගන්න බැරි වෙද්දී...

අවසානේ දී...

නිර්මාණය වුණේ...

තැන් දෙකයි...

එකක් අංගොංඩ...

එකක් වැලිකඩ...




ආදරේ සුන්දරයි...

ආදරේ හරියාකාරය තෝර ගත්ත තැන....




මේ කතාවේ හංසි වෙච්ච මටත් තිබ්බා ලස්සන කතාවක්....

හිතින් කරපු පාරිශුද්ධ ආදරයක්....

එකම හුස්මකින් සමවැද්දී...

බලා හිදිල්ලකට පමණක් සීමා වෙච්ච ආදරයක්....




මටත් තිබ්බා,

     මට මගේ නොවන මගේ ම ආදරයක්....




🤍🌙


සැහෙන කාලකින් නේද?ටිකක් අසනීප වුණා ලගදී....මං වෙනුවෙන් ප්‍රර්ථනා කරපු හැමෝට ම ගොඩක් ස්තූතියි.මට ඉක්මන් සුව පතන්න ඉන්බොක්ස් කතා කරපු හැමෝටමත් බොහෝම ස්තූතියි...




මේක මට ආව රික්වෙස්ට් එකක්.මං හිතනවා කතාවට මං සාදාරණයක් කරා කියලා....ඔලුව අස්සේ කතා ව තියාගෙන මට කවදාවත් කතාව ලියන්න බෑ.ඒ මගේ හැටි.කොලවල ලියලා කතාව ටයිප් කරන පුරුද්දක් මට ඇත්තේ ම නෑ.අද වෙනකම් එහෙම ලියලා කරලා කතාවක් ලියලා නෑ මං. එවෙලට හිතට දැනෙන වචන වලින් තමයි මම කතා ලියන්නේ.ඉතින් මේකත් එක කෙටිකතාවක් ආදරේ ගැන ලියවුණ.අඩුපාඩු ඇති සැහෙන්න ඒවට සමාවෙන්න.



ඉතිං අදහසක් කියන්න යන්න කියලා මං හැමෝගෙන් ම ඉල්ලනවා.

Report Page