පරිත්‍යාග
(කෙටිකතාවකි)
Aυƚԋσɾ Mσσɳ 🌙✍
"පුතා....දැන් කොහොමද?"
"දැන් නම් ලොකු අමාරුවක් නෑ ඩොක්ටර්....."
"පුතාගේ ජිවිතේ බේරුණේ...වාසනාවට....හරි ම වෙලාවෙදී ගැලපෙන ම හොදම දේ ලැබුණ නිසා තමයි අද පුතා මෙහෙම හුස්ම ගන්නේ...."
"ඩොක්ටර්...මගේ ඔපරේශන් එක කරේ කොහොමද ඩොක්ටර් මෙච්චර ඉක්මනට..."
"හරි ම වෙලාවේදී පුතාට ඕන කරන හදවතක් ලැබුණ නිසා ඔපරේශන් එක සක්සස් වුණා..."
"ඒත් ඩොක්ටර් කොහෙන් ද මට මෙච්චර ඉක්මනට හාර්ට් එකක් බද්ධ කරන්න හාර්ට් එකක් ලැබුණේ...."
"පුතා ට ඒ ගැන දැන ගන්න පුලුවන් එලිය ඉන්න දරුවා ගෙන්...."
ඩොක්ටර් එහෙම කියලා රූම් එකේ දොර ඇරන් එලියට ගියා....
ඩොක්ටර් එලියට යනවත් එක්කම රූම් එක ඇතුලට ආවේ....
මං හීනෙකීන්වත් නොහිතපු කෙනෙක්....
"සිහලි....ඔයා......"
"කොහොමද දේව්....දැන් නම් සනීපයි නේද?"
"ඔව් ටිකක් අඩුයි.ඔයා ආවේ මාව බලලා යන්නද සිහලි..."
"ඔව් දේව්..."
"කෝ යාලුවා..."
"මොන යාලුවද?"
"පැහැසි...."
මං ඒ නම කියද්දී ම සිහලි ගේ මුණ මැලවිලා ගියා...
"ඇයි ප්‍රශ්නයක් ද?"
"එහෙමත් ම නෑ..."
"පැහැසි හොදින් ද?"
"නෑ...."
"ඒ මොකද...එයා ට කරදරයක් ද සිහලි..."
"කරදරයක් වෙන්න එයා දැන් අපි අතර නෑනේ දේව්..."
"මොකක්ද ඒ කතාව..."
"ඔයා ට හුස් ම දිලා එයා යන්න ම ගියා දේව්..."
"සිහලි..."
"ඔව් දේව්...ඔයා ගේ පපුව අස්සේ ගැහෙන් නේ ඔයා ප්‍රතික්ෂේප කරපු ඒ කෙල්ලගේ හදවත...ඔයා බැනලා එලව ගත්ත ඒ කෙල්ලගේ හදවත දේව්...මතකද ඒ දවස....."
අතීතය
"අපි මේ සම්බන්දේ නතර කරමු..."
"දේව්..."
"දේව් තමයි ඕයි...මොන කරුමයක් ද පැහැසි තමුසේ...මට නම් එපා වෙලා ඉන්නේ තමුසේ ව...."
"දේව්....."
"තමුසේ ව මට එපා....මම වෙන කෙනෙක් ට ආදරෙයි.තමුසේ මාව අමතක කරලා දානවා..."
"අනේ දේව් එහෙම කරන්න එපා..."
"මේ ඕයි...යන්න දීපන් මගුල..."
"ප්ලිස් මාව දාලා යන්න එපා...දේව්....මං ඔයාට ආදරෙයි..."
"තමුසේ මට ආදරේ වුණාට මම වෙන කෙනෙක් ට ආදරෙයි.ඒ නිසා මට පාඩුවේ ඉන්න දෙනවා..."
"දේව්...දේව්....කවදාහරි දවසක ඔයාට මං ගැන තදින් ම දැනෙයි....දේව්...."
වර්තමානය...
"එදා ඔයා පැහැසි ව දාලා ගියාට පැහැසි ඔයා ව දාලා ගියේ නෑ...පැහැසි හැමදාම ඔයා එක්ක හිටියා.....හැමදාම හිටියා...."
"පැහැසි... එයා...ඒත්...."
"ඔව්,ඔයා අසනීපෙන් කියලා පැහැසි දැන ගත්තා.එයා කැමති වුණා එයා ගේ හදවත ඔයා ට දෙන්න.ඒත් හොදට ජිවත් වෙන කෙනෙක් ගේ හදවතක් වෙන කෙනෙක් ට බද්ධ කරන්න ඩොක්ටර් ස් ලා කැමති වුණේ නෑ...."
"ප....ස්...සේ....."
"පැහැසි ඒ ගැන දැනගෙන ගොඩක් දුක් වුණා...ඊට පස්සේ පැහැසි එයා ගේ ඇස්,වකුගඩු,හාර්ට් එක හැම දේ ම දන් දෙන්න තිරණය කරලා ඒ ලියකිවිලි හැදුවා....ඒවා හැමදේ ම සෙට්ල් කරලා ගෙදර යද්දී පැහැසි ඇක්සිඩන්ට් වුණා...."
"මොකක්...."
"ඔව්,පැහැසි ව හොස්පිට්ල් එකට ගෙනාවට පස්සේ..එයා ව බේර ගන්න තරම් මට්ටමක තිබ්බේ නෑ....ඔලුවට ලොකු ඩැමේජ් එකක් වෙලා මොලේ ටික ටික මිය යමින් තිබිලා තිබ්බේ...."
"...පැ...හැ...සි...."
"ඔව්...දේව්....ඒ හේතුවයි පැහැසි ගේ අන්තිම කැමැත්තයි හේතු කරන් එයා ගේ හාර්ට් එක ඔයාට බද්ධ කරා....ඒ හදවතින් තමයි ඔයා හුස්ම ගන්නේ...."
දේව් ගේ අත පපුවට ගියේ ඔහු ගේ හදවතට වේදනාවක් එක්කම..
ලොකු හිසිතැනක් දැනෙද්දී....
ඇස් වලින් කදුලු කැට වැටුණේ දිගින් දිගටම වරදකාරි හැගිමක් හිතට දැනෙද්දී....
"මම මහ ගොඩක් අවාසනාවන්තයෙක් පැහැසි. ඔයාගේ ඒ ආදරෙ තේරුම් ගන්න පරක්කු වුනා".
ගොඩක් අය බිසි වුනෙ නැ...
එ වගෙ පෙන්නුවා...
තවත් අය ඇත්තට ම ආදරේ කලේ නැ...
එහෙම රගපෑවා...
මවපෑවා...
යන්න ඔනි උනාම බොරු
හේතු දහස් ගාණක් හෙව්වා...
කියන කියන හැමවචනෙම
අඩු පාඩු හෙවුවා...
නිතර හොයලා බලන එක
වදයක් කිවුවා...
එත් සමහරු....
හේතු හෙව්වා හැමදාම ලගින් ඉන්න...
පොඩි පොඩි දෙත් හරි ගැස්සුවා...
දාහක් වැඩ අස්සෙත් තත්පරයක්
ගානේ හොයලා බැලුවා...
ලෝකයා ඉදිරියෙ එයා මගේ කියලා කියන්න
ආස කලා හින දැක්කා....
හැබැහින් නොලැබුනත් ඔහුගෙ ඇයගේ සතුටම පැතුවා...
පුන්චිම දෙකදි උනත්
ගොඩක් සැර කලා...
පුංචි දේටත් බය උනා..
මුවින් නොදෝඩා නෙත් වලින්
බෝහො දේ ඇගේව්වා...
එහෙම අය ලග ආදරෙ මහ ගොඩක් තිබුනා...
ඒත් අවාසනාවකට...
අපිට
ඒ ආදරේ,
තේරුම් ගන්න පරක්කු උනා.
කම්මැලි නිදිමතක් ආවා ඒ නිසා ලිව්වේ.ලස්සන නම් නැතුව ඇති.නතර කරලා තිබ්බ හුස්ම කොටස් කීපයක කෙටිකතාව ලියලා ඉවර කරන්න හිතුවා.
කියවපු නැති අය කියවන්න .
හුස්ම 01 කොටස