෴පතිවත෴

෴පතිවත෴







නැගිටපන් හසි මම උබව පයින් ගහලා ඇදෙන් තල්ලු කරන්න කලින්... යකෝ අව්රැදු හයක් මම ලව් කරලා බදිනකන් ඉන්න බැරි උනාද උබට... "

   කිසි දෙයක් තේරැම් නොගත්තු හසි නිරැවත් සිරැර පොරොනයෙන් වසාගන.. අකිලගෙ අතින් අල්ල ගත්තෙ කදුලු ගලද්දි..


"තෝ හිතුවද තෝ වටේ ගිහින් පත්තිනි අම්මා වගේ මගෙ කරේ එල්ලුනාම මම බාරගනි කියලා... කියපන් කා එක්කද උබ නිදාගකත්තෙ කියපන්"

    හසි කන් දෙක වහගත්තෙ මේ තමන් පන සේ ආදරය කල පෙම්වතාමදැයි සිතමින්.. තම මංගල රැයේ.. ඔහු තුරැලේ සිටි ඇයට මේ වදන් දරාගත නොහැකි තරම්.. එහෙමම ඇදෙන් නැගිට ඔහු දෙපා මුල ඇය වැද වැටුනා..


"මගෙ මහත්තයො මාව මරන්න ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි.. ඇයි දෙයියනේ තාත්තත් නැති මටම මෙහෙම උනේ"


අකිල අැගේ උරිස් වේගයෙන් අල්වාගන ඇගේ මුහුන වේගයෙන් ඇද දෙසට හරවන්නේ තරහින්..


"හරි එහෙනම් කොහොමද කියපිය මෙහෙම උනේ.. උබ අද වෙනකන් කෙල්ලෙක් කියන්නෙ කොහොමද.. කියපිය.."


හසි හැමදේම තේරැම් ගත්තා... අද වෙනකන්.. වරදක් නොකලත් ඇගේ පිලිතුරැ බවට සාදක ඇද ඇතිරිල්ල මත නැ.. විවාහ දිනයේ ප්තම රාත්රියේම මේ චෝදනා එනිසායි...


"මම කියන දේ අහන්න මහ"


ඇගේ කතාව අවසන් වෙන්නත් කලින් කම්මුල් පාරක්...


"වරෙන් යන්න"


අකිල අම්මට හැමදේම කියලා හසිගෙ අම්මට කෝල් කලා.. අකිලගෙ අම්මා කෙල්ල දිහා බැලුවෙ සතෙක් දිහා වගෙ.. ඒ නිසා අඩනවා ඇර ඇය කතා කලේ නැ...


හසිගෙ අම්මා ආවම අකිල හසිගෙ ඇදුම් සේරමත් එක්ක කෙල්ලව එලියට දාන්නෙ නොහදුනන ගානට...කෙල්ලගෙ අම්මට තාත්තා නැතිව හදාගත්ත කෙල්ල මංගල රැයේම ගෙදර ඒම අම්මට දරාගන්න බැ

පහුවදා කෙල්ල දකින්නෙ තමන්ගෙ අම්මා.. සාලෙ මැද ගෙල වැලලාගන... අහිංසකි සදහටම තනි වෙනවා.. අකිල මරන ගෙදර ආවත් කෙල්ල දිහා බලන්නෙ නැ...

මරනින් දවස් තුනකට පස්සෙ.. අකිලට වෛද්යවරියක් කෝල් කරන්නෙ තමන්ව මුන ගැහෙන්න කියලයි..

" මිස්ට අකිල අද මට ඔයාගෙ නෝනා කතා කලා.. මේ අහන්න.. කාන්කාවකගෙ පිරිසිදුකම මනින්න.. ඒ යොදාගන්න දේ සාර්තක නැ මොකද සමහර කාන්තාවන් උපතින්ම කන්යා පටලයක් නැති අය.. මේ ඔයාගෙ වයිප්ගෙ රිපෝට්.. එයාටත් උපතින් එහෙම පිහිටිමක් නැ"

  එතනින් එහා එක වචනයක් කොල්ලට ඇහුන් නැ

"මේක ඔයාට දෙන්න කිවා වයිප්"

 කොල්ලා ලියුම අතට ගත්තා එ්කෙ මෙහෙම තිබුනා

" වරදක් කලේ නැ සත්තයි.. ඒත් දෙන්නෙපා සමාවක් කිලිටි නැති අහිමි පතිවතට"

කොල්ලා කාල්ල හොයන් යද්දි බැනර් එකක ""හසි ඔබට නිවන් සුව!""...


෴෴෴සිතන්න෴෴

#සැ.යු__සමාව දීමට තරම් වටිනාකමක් ඇති අයට සමාව දෙන්න...ෂානා෴




Report Page