පොඩ්ඩියේ....
Senadhi ♥️❀පොඩ්ඩියේ_(කෙටි කතාවක්)
---------------------------------
"ඔය....දරුවෝ දෙන්නා ජීවිතේ තියන තාක් අම්මට පින් අනුමෝදන් කරන්න. ඒ ඇත්තී ඉන්න ටිකේ පිනක් දහමක් කරලා තියෙනවා නම් ඒවා ඈට මතු ආත්ම වලදී විපාක දෙයි. පව් කරලා තියෙනවා නම් ඒත් එහෙම තමයි"
"එහෙමයි....හාමුදුරුවනේ"
"හොඳයි....දැන් මේ දරුවෝ දෙන්නා ගෙදර යන්න...පුළු පුළුවන් විදියට දාන මාන කරලා අම්මට පින් අනුමෝදන් කරන්න. ඒ තරමට ම ඔය දෙන්නටත් පින් ලැබෙයි. ඕනෑකමක් එහෙම වුණොත් පන්සල පැත්තේ ඇවිත් යන්න කෝ"
"හරි...හාමුදුරුවනේ....අපි එහෙනම් ගිහින් එන්නම්"
"හොඳමයි දරුවනේ...."
අම්මගේ හත් දවසේ දානෙත් දීලා , ලොකු හාමුදුරුවෝ එක්කත් කතා කරලා පන්සලෙන් එළියට ආවේ ඉක්මනට ගෙදර යන්න ඕන නිසා....එහා ගෙදර සිරියා නැන්දට ගේ භාර දීලා ආවේ නැන්දගේ නෝක්කාඩුවත් අහන ගමන්.....
කවුද කැමති ගණිකාවගෙ ගෙට රිංගන්න...ගෙට එනවා තියා ගෙයි අහළකටවත් එන්නේ නෑ....ළඟින් යන උන් පවා කෙළ ගහන් යනවා මිසක්.....
අම්මා.....ඒ මේ ලෝකේ තියන උත්තරීතර ම බැඳීම.....ඒ දේට සම කරන්න කිසිදෙයක් මේ මිහිපිට නෑ......බුදුන්ට විතරයි ඇය දෙවනි වෙන්නේ.....හැම අම්මා කෙනෙක් ම එහෙමයි...වැඳුම් පිදුම් ලබන්නට තරම් ඈ පූජනීයයි.....උතුම්.....දරුවන් වෙනුවෙන් ඒ සා විශාල තරම් දුක් කන්දරාවක් විඳින , ඒ තරම් කැප කිරීම් කරන ඈ වැනි තවත් කෙනෙක් නොමැති තරම්.......
"අයියේ........අද ම යනවද ඔයා"
ඒ....අම්මා ඇරුණ ම මට ඉන්න එකම ලේ නෑයා....පොඩ්ඩි.....මගේ එක ම සහෝදරිය....
"ඔව්....පොඩ්ඩි....අද ම යන්න ඕනි..."
"හ්ම්"
---------------------------------
"අපිටත් ගෙවල් වල වැඩ පල තියෙනවා....මේ වේ# ගෑනුන්ගේ ළමයි බමයි බලාගන්නයි ගෙවල් බලාගන්නයි අපිට වෙලාවක් නැහ්"
"හ්ම්...සිරියා නැන්දේ....බෝම පින් හිටියට"
"හහ්...උඹේ පින තියගනින් බන්"
ගෙට ගොඩ වුණ හැටියේ ඇහුණේ ඒ ටික....
ඔය වගේ කතා මේ කන් වලට නුපුරුදු නෑ......එහෙම කියන්නේ......
එහෙම කියන්නේ අපේ අම්මා ගණිකාවක් නිසා......
ඔව්.....අම්මා ගණිකාවක්.....
ඒත් දෙයියනේ ඒ අපේ අම්මා.....
එයා ඒ රස්සාවට ගියේ අපේ බඩ කට පුරවන්න මිසක් අම්මට තිබ්බ අසහනේකට නෙවෙයි......තාත්තා අපිව දාලා ගිය දවසේ ඉඳන් බඩට හරියට බත් ඇටයක් දාගන්නේ නැතුව අපිව උස්මහත් කළේ අඩුම එයා ගැනවත් නොහිත.....
එක එක්කෙනාගෙන් ඉල්ලගෙන කන්න කවදාවත් අම්මා අපිව් යැව්වේ නෑ...ඈ පුළුවන් විදියට කීයක් හරි හම්බ කරලා අපිට කන්න දුන්නා මිසක්......
එක එක්කෙනාගෙ ගෙවල් වල වළං පිඟන් හෝදලා....නැත්නම් කාගෙහරි ඉඩමක් උදලු ගාලා.....කොහේ හරි වත්තක දළු කඩලා....රබර් කපලා කීය කීය හරි හොයන් ඇවිත් අපේ බඩ පිරෙව්වා මිසක් ඈට හොඳයි කියලා හිතෙන කිසි දෙයක් කරේ නෑ...............
රස කෑමක් බීමක් කෑවේ නෑ....හරියට ඇඳුමක් පැළඳුක් ගත්තේ නෑ....හැමදෙයක් ම කරේ අපි වෙනුවෙන්.....අපේ හෙට දවස ලස්සන කරන්න ඇයට පුංචි හීනයක් තියෙන්න ඇති....රැයක් දවාලක් නැතුව නිදි වරාගෙන වැඩ කරේ ඒ වෙනුවෙන්.....
එහෙම හිටිය අම්මා නැවතුණේ ගණිකා මඩමක් ළඟ......තාත්තා වෙනුවෙන් විතරක් පේ වෙච්චි අම්මට ගණිකාවක් වෙන්න වුණේ අපි නිසා.....
ඒක පවක් ද?????
එතනට එන දහයක් පහළොවක් පිරිමින්ගේ නරුම ආශාවන් එක්ක ඔට්ටු වෙලා ඒ හැම වේදනාවක් ම වින්ඳේ......ගමේ රටේ උන් කියන කියන හැම කතාවක් ම ඇහුවේ අපි ව උස්මහත් කරන්න......
ඒක වැරද්දක් ද?????
එතකොට ඒ එන මිනිස්සු වැරදි නැද්ද......ගෙදර කෙනෙක් තියා ගෙන හොටෙල් ගානේ ක්ලබ් ගානේ වෙන පහසවල් හොයන් උන් එන එක හරිද?????
මේ සමාජේ හරි වෙනස් කියන්නේ එකයි.....
මේ සමාජෙට අපේ අම්මා වැරදි ඇති....පිළිකුල් ඇති....ඒ අපිට අපේ අම්මා කවදාවත් වැරදි නෑ.....කවදාවත් පිළිකුල් වෙන්නේත් නෑ.....
---------------------------------
"ඔය.....ගෑනි මැරුණ එකමයි හොඳ....නැත්නම් මේ ගමත් ඉවරයි"
"ශික්....විතරක් මෙහෙමත් ගෑනු"
"ඔය දෝණියැන්දත් හැදෙන කොට හොඳට හිටී"
"කවුද දන්නේ ඔය පුතයි කියන එකා කෙල්ලෝ කීයක් අනාථ කරලද කියලා"
ඔය වගේ කතා මළ ගෙදරදි අනන්තවත් ඇහුණා...ඒ හැමදේම අහන් කරබාගෙන හිටියේ අපිට කියලා කරන්න දෙයක් නැති නිසා.....
මිනිස්සු අසරණ වෙද්දී ඒ අසරණ කමෙන් ප්‍රයොජන ගන්නෙත් මිනිස්සු ම තමයි......
"අයියේ....මේ කහට උගුර බීලා හිටිය නම්"
"හ්ම්....පොඩ්ඩි"
"ම්ම්...."
"මයේ හොඳ පොඩ්ඩි වගේ මන් කීයක් හරි හොයන් එනකන් ගෙට වෙලා ඉදහන්....හොඳ ද....සල්ලි අතට ලැබුන විගහට මන් උඹවත් එක්කන් යන්නම්"
"හ්ම්....හරි අයියේ......"
පොඩ්ඩි දුන්න කහට එකත් බීලා ටවුන් එකට ආවේ රස්සාවක් හොයාගන්න හිතන්........
---------------------------------
බෝම අමාරුවෙන් බැංකුව මුර රස්සාවක් හොයා ගෙන එකේ ම නැවතුනේ තවත් ලේසි නිසා...
සති දෙකක් විතර ගෙවුණා......ගමේ යාළුවෙක්ට කියලා ආවේ පොඩ්ඩි ගැන බලන්න කියලා....මොකද මට ඌ විතරයි විශ්වාස කරන්න හිටිය එක ම කෙනා.....
ඒත් දවසක්.......
ඌ කිව්වා දෙයින් ඔළුව උඩ අකුණක් ගැහුවා වගේ දැනුණේ....
"ඒ බන් පොඩ්ඩි....අර මුදලාලි කාරයයි පුතා......."
එච්චරයි මතක......දිව්වා......ගෙදරට යනකන් ම දිව්වා.....ඒ යද්දී ආපු ට්‍රැක්ටරේක එල්ලිලා ගෙදර එද්දී.....
ගෙයි දොර ඇරලා....
මගේ ඉහ මොළ රත් වෙලා ගියා....
මගේ පොඩ්ඩිට මොනා හරි වෙලා තිබුණොත් මන් ඕකුන් ව කම්බස් කරනවා කියලා හිතන් කඩුල්ලෙන් ගලවලා ගත්තේ පොල්ලක්.....
ගේ ඇතුළට යද්දී.....
පොඩ්ඩි ඉන්නවා හොඳට ම අඬ අඬ.....
මාව දැක්ක පාර ඇඳෙන් නැගිටලා ගුලි වුණේ මගේ පපුවට.....
අර තිරිසනා වැටිලා ඇඳ පාමුල......
"අ......යි......යෙ...හ්"
"පොඩ්ඩි....කෝ....කෝ නාඬ ඉදින් බන්.....කියන්න මට මොකක්ද වුණේ කියලා....අනේ මාව බය කරන්න එපා පොඩ්ඩි...."
"අ...යි.....යෙ...හ්.....ඌ....ම....ට....ක.....ර.....ද....ර.....ක...ර..න්න්.....හැ....දු...වා......ම....න්...මන්.....ඌ...ට.....කො.....ස්....සෙ....න්....ගැ....හු....වා...
ම....ට...බ....ය..යි......දැ.....න්.....අ...යි....යෙ....හ්......ම...ට...හි....රේ.....ය....න්....න....වෙ.....යි...හ්......"
"කෝ...නෑ...නෑ.....එහෙම වෙන්නේ නෑ...කෝ මන් බලන්නම්...."
පොඩ්ඩිව ඇඳ උඩින් වාඩි කරවලා මන් අරූ ළඟ ට ගියේ පණ තියෙද බලන්න.....නහය ළඟට ඇඟිල්ල තිබ්බම හුස්ම වැටෙනවා කියලා දැන ගත්තා.....සිහි නැති වෙලා විතරයි....
එතකොට ම වගේ මුදලාලි කාරයයි ගමේ එවුනුයි ගේ වට කරා....
"හහ්....ඒ බ## තෝ මගේ කොල්ලව මරා ගත්තද.....අහ්"
මුදලාලි දෙස් දෙවොල් තියද්දී....පැමිණි ගම්මු අපිට සාප කළා.....
ඒ වෙලාවේ ම වගේ කාමරෙට ආවේ පොලිසියෙන්....
ඇඳ උඩ වාඩි වෙලා හිටිය පොඩ්ඩි මගෙ ළඟ ට ඇවිත් පපුවේ ඔළුව හංග ගත්තා.....
"අ...නේ...හ්....අ....ය්...යේ...."
"අනේ බලන්න ඉන්ස්පෙක්ටර් සර්.....මගේ කොල්ලා...."
"ඉන්ස්පෙක්ටර් මහත්තයෝ....මුදලාලි මහත්තයගෙ පුතා මැරිලා නෑ...සිහි නැති වෙලා විතරයි.....නංගිට කරදර කරන්න ඇවිත්......ඒ වෙලාවේ කොස්සෙන් ගහලා....."
"මෙයාව ඉක්මනට හොස්පිටල් අරන් යන්න.....අපිට කටඋත්තරයක් ගන්න ඕන"
පොඩ්ඩිගෙන් කට උත්තරේ ගත්තට පස්සේ පොලිසිය ගෙදරින් ගියා...
ගමේ එවුනුත් අපිට බැන බැන ගියා....
"අයි...යේ...."
"ම්ම්ම්..ඇයි පොඩ්ඩි....දැන් නාඬ ඉදහන් බන්....මුකුත් වුණේ නෑ නෙ...."
"මේ....ඔ...ක්...කොම...අම්මා.... නිසා අයියෙහ්......මොන....එහෙකට.......අම්මා...එ..හෙ...ම...රස්...සාවක්....කරා...ද මන්දා...............
අම්මා....වේ#.....කමේ....ගි..ය....එක...ට......අපි....පලිද.....අ....යි....යේ....හ්.....දැන්.............."
එච්චරයි කියන්න හම්බුනේ........
මට ආපු ආවේගෙට ම අත දිග ඈරලා පාරක් දුන්නේ පොඩ්ඩිගේ කම්මුලට....
ඒ...පාරට ගැස්සිලා වගේ ඇස් වල කඳුළුත් එලියට පැනලා....
"අ.....යි.....යේ...හ්....."
"අයියේ.....කියන්න එපා උඹ මට අයියේ කියලා........හහ්.....උඹට කොහෙන් ආපු හයියකින් ද උඹ වදාපු අම්මට ඔහොම කතා කරන්නේ ආ......යටි ගිරියෙන් කෑ ගහලා මහ වේදනාවක් විඳලා මේ ලොකේට එන්න දුන්න නිසාද..ඔය....අහ්....................
කියපන්.....ඒ උඹේ අම්මා..යකෝ....අම්මා....වේ#යක් වෙන්න ඇති.....ඒත් ඒ උඹව බිහි කරපු අම්මා.........
උඹ දන්නවද........
තාත්තත් නැතුව අපිව හදන්න අම්මා දරපු විත්තිය....අහ්......උඹ දන්නවද...
නැහ්...උඹ දන්නේ කොහොමද....
උඹ ට පෙනුනේ අම්මා ගෙනත් දෙන ටොෆියයි......ඇඳුමයි විතරයි....උඹ හිතන් හිටියේ අම්මා කරන්නේ මහ ඉස්තරම් රස්සාවක් කියලානේ......
උඹ දන්නේ නෑ බන්....අම්මා උඹව හදන්න වින්ද දුක...ඒත් මන් දැක්කා බන්.........තාත්තා දැකලා නැති උඹ තාත්තා කිව්වේ මට..........
ඉස්සර උඹව නිදි කරවලයි ගෙදර උයන්න පිහින්න ගත්තේ......අම්මට පහත් වෙලා වැඩ කරන්න බෑ බන් බඩේ තුවාලේ පෑරෙන නිසා.....රෙදි ටික හොදගන්න බෑ....නාන්න බෑ...
වතුර වැටුන තුවාලේ පැහැවන නිසා....ඒත් ඒ හැමදේම ඉවසුවා බන්....
උඹව හරහට වඩන් පපුව උඩින් තියන් මාවත් බඩ උඩින් තියන් මහ රෑට නිදාගත්තේ.....
ඒ කිසි වේදනාවක් ගණන් ගන්නේ නැතුව.......
අම්මා දුක් වින්දේ මෙච්චරයි කියලා කියන්න බෑ බන්.....
දන්නව ද සමහර දවස් වලට අම්මා නොකා අපිට කන්න දෙනවා බන්.....හට්ටියේ තියන දංකුඩ ටිකට ලුණු ටිකක් ඉහන් කනවා මන් ඕන තරම් දැකලා තියෙනවා.........
එහෙමයි බන් අපිව හැදුවේ.......
උඹ හිතනවද අපේ අම්මා වැරදියි කියලා.....ඔය හිතට තට්ටු කරලා අහපන්...වැරදි කියලා.....
නෑ බන් අපේ අම්මා වැරදි නෑ.....එහෙම රස්සාවකට යන්න වුණේ අපිට කන්න දෙන්න....අපිට උගන්නන බන්......
උඹ දන්නවද....ඔය මහ ලොකු මුදලාලි කාරයා තමයි රස්සාවක් දෙනවා කියලා අම්මව ඔය නරාවලට ඇදලා දැම්මේ....ඒකට ඌට නම් සහ ගහලත් මදි.....
ඊයේ උගේ පුතණ්ඩියා ආවෙත් උඹවත් අරන් යන්න.....හැබැයි මේ අයියා ඉන්නකන් නම් ඒක කරන්න හම්බවෙන්නේ නෑ පොඩ්ඩියේ.....
අම්මට තිබ්බ ආසාවකට නෙවෙයි පොඩ්ඩියේ.....අම්මා ඕක කරේ....අපිව ලස්සනට තියෙන්න ඕන නිසා......
කවදාවත් අම්මා උඹවයි මාවයි අනාථ කරලා දාලා ගියාද....
නෑ....
පාරවල් ගානේ...බෝක්කු ගානේ අතෑරලා ගියේ නෑ බන්....
කන්න ඉල්ලන් වරෙන් කියලා එක එකා ළඟ හිඟා කන්න ඇරියෙත් නෑ....
ඒ සේරම කළේ අපි වෙනුවෙන් බන්....
ගරු කරපන් බන් ඒ උඹෙ අම්මා....
ලේ කිරි කරලා උඹට පොවපු අම්මා බන්.....
අපිට රට්ටු එක එක කතා කියනවා තමයි..... ඒ කියන උනුත් බෝසත්තු නෙවෙයි පොඩ්ඩියේ.....ඉවසපන් බන් හැමදේම හරියන කාලයක් එයි.....
හැබැයි බන්....අම්මට ගරු කරාපන්...
මල් තියලා වැන්ඳන් පව් නෑ බන් අපිට..........."
හිතට ආපු ආවේගෙට ම කියලා දැම්මේ පොඩ්ඩිට මුකුත් කියන්න ඉඩ නොදී.....
"ම.....ට....ස...මාවෙ...න්න...අය්...යෙ...හ්..."
"හරි පොඩ්ඩි.....ආයේ එහෙම කියන්න එපා බන්.....වාවන්නේ නෑ"
"නෑ....මන්....කි....ය....න්....නේ...නෑ....."
"අපි....යමු....බන්...මෙහෙන් තොරොංචි වෙලා ම"
"හ්...ම්...."
එහෙම කියපු මන් පොඩ්ඩිවත් අරන් ගමෙන් පිට වුණේ අම්මා , අපි මෙහෙම දුක් විඳිනවට කැමති නැති නිසා......
---------------------------------
එහෙම ආපු ගමන නැවතුනේ අපි ගාම්න්ට් ප්‍රැක්‍ටරි දෙකක ම අයිතිකාරයෝ කරලා.....
දැන් ඒවයි වැඩ කරන්නේ මොකක් හරි හේතුවකට සමාජේ තනි වුණ ගැහැණු උදවිය......
අපි වින්ද දුක තව කාගෙහරි ළමයෙක් විඳිනවට අපි කැමති වුණේ නෑ.....
ඒ වගේමයි කවාදාවත් අම්මගේ සොහොන ළඟ ට යන්නත් අපි අමතක කරේ නෑ....
"අයියේ....අපි යමුද"
ගෙවුණ අතීතයේ අතරමං වුණ මන් පියවි සිහියට ආවේ පොඩ්ඩිගේ කටහඬින්.....
"හ්ම්....යමු"
"මොනාද කල්පනා කරේ"
"ම්ම්ම්......ගෙවුණ කාලේ ගැන"
"හ්ම්....ඒ ගෙවුණු කාලේ දැන් වැඩක් නෑ අයියේ....දැන් ගෙවන්න තියෙන කාලේ ගැන හිතන්න...."
"හ්ම්....."
"අයියේ....අර සින්දුව ප්ලේ කරන්නකෝ"
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බින්ජු පුපුරන දාක
නංගියේ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම.....
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැන් යමන් පඬිපුර ගිනි තියපන්.....
සතා කියා ඉඳහිටකදි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹේ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට.....
දං කඳ නැති දාට රං කඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවෝ අණ කර බණ පද එවුවා
මුචලින්දගේ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බණ් කතාවක් බුදු ගෙයි ලිව්වා
රත් වුණ යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුන බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තෙද ලෝකේ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා....
ඒ සින්දුව නිකන් අපේ කතාවට ම ලිව්වා වගේ....
සින්දුවත් අහගෙන ආවේ අම්මගේ සොහොන ළඟ ට.....
පහනකුත් පත්තු කරලා අම්මට පින් අනුමෝදන් කරලා හැරුනේ ආයෙත් යන්න...
අම්මේ.....
කොහේ හරි ඉඳන් අපි දිහා බලන් ඉන්නවා නම්.....
එකම එක දෙයක් කියන්න තියෙනවා.....
මේ සසරෙදි ම නිර්වාණය දකින්න අම්මේ.....
තවත් දික් වෙන තරමට දුක වැඩියි......
~නිමි~
---------------------------------
කතාව අවසාන කළ විදිය හරිද මන්ද.......
සින්දුව ඇහුවම හිතට දැනුණ දේ වචන කළේ.....
මන් ඒ වෘත්තීය හරි යි කියලා අනුමත කළා නෙවෙයි......
ඒත්....
ඇත්තටම මෙහෙම අය ඕන තරම් ඇති මේ සමාජේ.....
අපි කරන්න ඕන එයාලව පද හදලා කතා හදලා පහළ ට ඇදලා දාන එක නෙවෙයි.....
එයාලව ඒකෙන් ගොඩ ගන්න එක....
එතකොට නිකන් ම ඒ වෘත්තියත් සමාජෙන් නැති වෙලා යාවි.....
හොඳයි නම් අදහසක් කියන් යන්....
බුදු සරණයි ♥️
මන් ,
Senadhi❤