නිල්වන් පැතුම්...

නිල්වන් පැතුම්...


යාළුකමටයි.... ආදරේටයි සීමා නෑ...😍😍😍



💬 "හිතේ අමාරුයි ඉතින්...... මොනා කරන්න ද....? ඒත් මට සතුටුයි අනේ...."




💬 "ඔයා වගේ කවි කාරයෙක් නෙවෙයි මං. මං පොඩි කාලේ මොකටවත් දක්ෂ නෑ."



💬 "ඒත් ඔයා දින්නනේ....."



💬 "ඒත් මට දුකයි. හිත රිදුනා ගොඩක්...."😖😖😖😖




💬 "දින්නට!!!!? ඒ පිස්සු ද මිරා?"




💬 "නෑ අයියෝ...... මගේ අම්මා මං ඔය වැඩ කරනවට කැමති නෑ. එයා හිතන්නේ ඒ වැඩ කළොත් මං නිකමෙක් වෙලා යයි කියලා...



මං යනවා කිරී.... ගණන් හදන්න ඕනේ...."




මං මූණ හෝදගන්න ගියේ පෝන් එකේ ඩේටා ඕෆ් කරලා වට්සැප් එකෙනුත් එලියට ඇවිල්ලා.......😔😔😔😒😒




කිරීට නොකීවට මං ඒ වෙද්දී සෑහෙන්න අඬලා හිටියේ.😥😥😥😭😭😭




කිරී හැමදා ම කියන කතාවක් තියෙනවා. ඒක මට නම් කවියක් වගේ.......🙃🙃🙃




"ඔයා ඇඬුවයි කියලා කවුරුවත් ඔයාගේ දුක අරගන්න එන්නේ නෑනේ....

ඔයා අඬන්න ඕනේ මේ නිසා කියලා හිතෙන හැම වෙලාවෙ ම හිනා වෙන්නකෝ.....

ඉවරනේ...."😏😏😏😏




කිරී හරි ම විහිලුයි. ඒ වගේ ම ගොඩක් දේවල් වලට දක්ෂයි.😏😏😏




මං තමයි නිකමා... මොකටවත් දක්ෂ නෑ ඒ කාලේ ඉඳන්. ඒත් එයා නිසා තමා මං ඉස්සරහට ආවේ...😄😄😄😄




කිරියි මායි එක වසරෙන්මයි හම්බුණේ. ඒකත් පොඩි පොඩි වලි කීපයකට පස්සේ....😋😋😋😋



.......................................................................





මුලින් ම එක වසරෙ දි කවුද හොරෙක් මගේ පැන්සලක් ඉස්සුවා. ඒක ටීචට කිවුවට හොරාව හම්බුණේ නෑ....😣😣😣😣




ඒ හොරා මගේ තව බඩු ඉස්සුවා. ඒත් හොරා කවු ද කියලා මට හොයාගන්න බැරි වුණා.😥😥🤨🤨






එක දවසක් එයා මගේ පර්ස් එක ම ඉස්සුවා. මං ඒක නිසා පන්තියෙන් එලියට ගිහින් හොඳට ම ඇඬුවා.😨😭😭😭





කිරීව එදා තමා මං මුලින් ම දැක්කේ. එයා මං ගාවට ඇවිල්ලා මොක ද වුණේ කියලා ඇහුවා.🙄🙄🙄😏




මට වෙන කරන්න දෙයක් නැති නිසා පර්ස් එක ගැන කිවුවා.😪😪😪



"කොහෙද හොරා ඉන්නේ?"😮😮




එයා ඇහුවා ම මං පන්තිය පෙන්නුවා.🤐🤐🤐




කිරී පන්තියට ගියා විතරයි මං දැක්කේ.





ටීච ඔෆිස් එකට ගිහිල්ලා හිටියේ ඒ වෙලාවේ.🤨🤨🤨



මාත් එයා පස්සෙන් ම පන්තියට ගියා. 🙄🙄🙄



එයා සේරගේ ම බෑග් ඇදල ඇදලා බැලුවා. අන්තිමට හොරාගේ බෑග් එකෙන් මගේ පර්ස් එක එලියට ගත්තා.😮😮😮😮




ඒ හොරා අපේ පන්තියේ හිටපු වසවර්ති කෙල්ලෙක්.😓😓😔😔😔



එයා මගෙන් ගත්ත පොත් දෙකකුත් ඒ බෑග් එකේ තිබ්බා.😕😕😕



"ඇ.... ඇයි ඔ.... ඔයා ම....මගේ බ....බඩු ගත්තේ?"😨😨😨😩




මං ඇහුවා.





"මට ඕනේ නෑ ඔය ගොත ගහන එවුන්ට ඒවා කියන්න..."☹️☹️




ඒ කෙල්ල සැරෙන් කිවුවා. මට ඉකි ගැහුණා ඒක ඇහිලා....😢😢😢😢




ආයේ තප්පරයක් ගියේ නෑ කිරී ඒ කෙල්ලගේ කොණ්ඩෙන් ඇදලා ඔලුව මේසේ හැප්පුවා...😲😲😲😲




කෙල්ල අඬන්න ගත්තේ නැද්ද....😞😞



"ළමයි....., කේලම් කියන එක හොඳ දෙයක් ද......?"🙄🙄🙄



කිරී පන්තියට ම ඇහෙන්න ඇහුවා...



"නෑ......"😐😐😐😐



ඔක්කොමල ම කිවුවා.



"එහෙනම් කවුරුත් මේ වෙච්චි දේවල් ටීචට එහෙම කියන්න බෑ. එහෙම වුණොත් මං එයාට මගේ බර්ත් ඩේ එක දවසේ චොකලට් දෙන්නෙ ම නෑ."😮😮😮😮🙄🤐



කිරී හයියෙන් කිවුවා.



"ඔයාට චොකලට් 2ක් ම දෙනවා මං ඔලුව වැද්දුවා කියලා නොකියන එකටයි, අඬන එක නවත්තන එකටයි..."😯😯😯





ඒක කිවුවේ අර හොර කෙල්ලට... කෙල්ල ඒක අහපු ගමන් ඇඬිල්ල නැවැත්තුවනේ...😪🤐🤐🤐🤐



"ඔලුව රිදෙනවනේ....."😫😫😫





ඒ කෙල්ල ඇඬුම අස්සේ කිවුවා.





"පොඩ්ඩක් ඉන්නකෝ... මේ බාම් එක ගාලා ටිකක් ඉන්න. එතකොට හරි.... ඉන්නකෝ මං ම ගාන්නම්"😯😯






කි‍‍‍‍‍‍‍රී ඒ කෙල්ලට බාම් එකක් දීල ම ඔලුව මසාජ් කළා ඒ චූටි අතින්.🤗🤗🤗🤗





එදා තමා කිරී අපේ ඉස්කෝලේට ඇතුලත් වුණේ.😋😋😋😋





ඒ එයාගේ කූට ගොබ්බ වැඩ නිසා ඉස්කෝල දෙකකින් එයාව එලියට දාපු නිසා.🤣🤣🤣🤣🤣





ටීචට නම් ඒ සිද්ධිය දැන ගන්න වුණේ ම නෑ. ඒ නිසා මැර දරුණු චරිතයක් විදිහට එයා පන්තියේ පොඩි ප්‍රසිද්ධියකට ලක් වුණා.😎😎😎😎😎






එදා ඉඳන් අපි ගජ මිත්‍රයෝ....🤩🤩🤩🤩



ඒත් එයාගේ බර්ත් ඩේ චොකලට් එක කන්න වුණේ ඊළඟ අවුරුද්දේ. මොක ද එයා එන්න කලින් එයාගේ බර්ත් ඩේ එක තිබිලා තිබ්බ නිසා.🤣🤣🤣😂😂


.......................................................................

ඔව්. මං පොඩි කාලේ ගොත ගගහා කතා කලේ. ඒ නිසා මට කිවුවේ ගොත්මිරා කියලා.😫😖😖😖



මගේ දිව දිග මදි නිසා ඒ ගොත ගැහිල්ල වෙන්නේ කියලා ඩොක්ට කිවුවා. ඒක වයසත් එක්ක හරියයි කියලයි එයා කිවුවේ.😑😑😑




එහෙම කිවුවට ඒක හරියන්න මට පහේ පන්තියට යනකම් ම ඉන්න වුණා.😕😕😕


.......................................................................



මිරා.... නැත්තම් මිරුත්මී තමයි මගේ නම...🤩🤩🤩




කිරී..... නැත්තම් ක්‍රිෂාන්ත තමා එයාගේ නම.....😍😍😍😍😍




අපි එක පන්තියේ වුණාට මං එයාට වඩා අවුරුද්දක් බාලයි. මං ඉපදුනේ ජනවාරි මාසෙකනේ.....😏😏😏




කට්ටිය අපිව ජනප්‍රිය කරන්න පාවිච්ච් කලේ අමුතු ම නම් පෙලක්. අපි දෙන්නා එකට යන හැම වෙලාවෙ ම ඒක කියනවාමයි....😑😑😑





යන යන තැන ඕක කියනවා කට්ටිය. ඒ අපි එකට ඉන්න එකට ඉරිසියාවට වගේ.




" කණ්ණාඩි වීදුරුවේ සුදු කිරි...."🤣🤣🤣🤣




ඒකේ අදහසට නම් අපි දෙන්නට බඩ පැලෙන්න හිනා ගියා....

.......................................................................




මං ඉගෙන ගන්නයි, සින්දු කියන්නයි විතරයි දක්ෂ වුණේ. ඒත් ටිකයි.😏😏😏



ඒත් කිරී නම්......



චිත්‍ර අඳිනවා, කවි ලියනවා, කතා කියනවා... ගොඩක් දේවල් පුලුවන් එයාට....🤩🤩🤩🤩





එයා මට කිරී වුණේ මට ක්‍රිෂ් කියාගන්න බැරි තරම් ගොතේ බාධාවක් වුණ හින්දා. ඒක ශබ්ද කරලා කියන්න හදන හැම සැරේ ම 'කිරි' කියලමයි පිට වුණේ......😂😂🙄🙄😂😂





.......................................................................




එයා තමයි මට සින්දු කියන්න ඉගැන්නුවේ... ඒක නිසා තමයි මගේ ගොතේ නැති බංගස්තාන වෙලා ගියේ....🤗🤗🤗



එක්තරා ආකාරෙක සතුටක් ආවා 'ගොත්මිරා' නමත් ඊට ටික කාලෙකින් අන්තරස්දාන් වෙච්චි එකට....🤩🤩🤩





කොහොම හරි අපි ශිෂ්‍යත්වෙත් ලිවුවා. පුදුමයි........ මටයි එයාටයි එක ම ලකුණ ආවා. වාසනාවට අපි දෙන්න ම පාස් ගොඩේ.....😍😍😍😍😍🤩





කිරීගේ ගෙදර මට නුහුරු වුණේ නෑ පොඩි කාලේ ඉඳන් ම. එයාටත් අපේ ගෙදර එහෙමයි...🤗🤗🤗🤗




අපි දෙන්නා ගොඩක් එකමුතුව වැඩ කළේ. රණ්ඩු නොවුණු තරම්... මොක ද අපි දෙන්නට දෙන්නා විශ්වාස කළා.🥰🥰🥰






ඒත්...........




කාලයක් ගියා.... එකපාරට ම අපිට වෙනස් වෙන්න වුණා.........😵😵😵🤕🤧🤧




ඒ යක්ෂයා......... මාරයා........... ඒ දවස.....🤬😡😡😡😡😠





.......................................................................


මං මූණ හෝදගෙන ආවේ ගණන් හදන්න. ඒත් මගේ පෝන් එක හෝ ගාලා රිං වෙනවා.🤪🤪🤪




කිරී කෝල් ගහනවා එක දිගට ම....🤭🤭




මට ඉවසන්න ම බෑ. ඒ නිසා මං ඒක ඉස්සුවා.😲




📞 "ඇයි අනේ......"😒😒😒



📞 "අද අපි කොහෙ හරි යමු...."🤨🤨🤨



📞 "ඇයි ඒ? ඊයේ ගියේ..."🤔🤔🤔🤔





📞 "අද යමුකෝ.... මට ඔයාට දෙන්න බඩ්ඩක් තියෙනවා...."😮😮😮😮



📞 "මොකක් ද????"🤨🤨🤨🤔🤔🤔



📞 "එන්නකෝ..... මං පාරේ බස් හෝල්ට් එක ගාව ඉන්නම්..."😑😑😑😐


📞.............. "........."



📞..............."........."



මං කෝල් එක කට් කළා.😳



මං එයා කලින් දවසක අරන් දීපු ලස්සන නිල් ගවුම ඇඳ ගත්තා....😲😲🤪



මං එහෙම් ම ලෑස්ති වුණේ පාරට යන්න. එයා call එකක් ගත්තා.



කළුවරයි පාර ම ඒ වෙලාවේ........



වෙලාව රෑ 11.50 යි...😑😑😑







ඔව්. එයා මං එනකම් කිවුව තැන ම හිටියා. එයාට මං දවසක් අරන් දීපු නිල් පාට කමිසෙයි, ඩෙනිම් කලිසමයි ඇඳගෙනයි හිටියේ. ලස්සනයි කොල්ලා ඒකට....



මං එයා ඉස්සරහ හිට ගත්තා...




වෙලාව රෑ 11.55 යි....😑😑😑




"I love you මිරා...... and happy birthday මගේ පණ......."🥰🥰🥰😍😍😍





එයා මං ළඟ දණ ගහලා මුද්දක් අරන් මට පෙන්නුවා.





මං එයාට මගේ අත දුන්නා. එයා ඒ මුද්ද මට දැම්මා.....




මට ඒ සතුට දරා ගන්න බෑ.





විනාඩියකට මං නිශ්ශබ්ද වෙලා හිටියා....




ඔව්.... මාත් කියනවා. තවත් කල් ඉන්න බෑ. එයාව මට ඕනේ....





රෑ 12.05 යි වෙලාව...😑😑😑





"I love you too කිරී..... and happy birthday ම.... මගේ වස්තූ......"😍😍😘😘😘😘





මාත් කිවුවා. ඒ එක්ක ම එයා මාව බදාගත්තා. මාත් ඒ පපුවට තව තුරුල් වුණා. එයා එයාගේ සීතල තොල් දෙකෙන් මගෙ නළල හෙමීට සිප ගත්තා....🤗🤗🤗🤗😘





ඒ වෙලාව එනකම් මං කොච්චර කල් බලන් හිටිය ද දෙයියනේ......🤩🤩🤩🤗🤗




අපේ කැමැත්ත ඒකනේ....... ඒක තමා අපේ හමුවීමේ ඉතුරුවෙලා තිබ්බ එක ම දේ අන්තිමට ම.......🤗🤗🤗🤗









.......................................................................

ඔව්... මං ඉපදිලා තිබ්බේ ජනවාරි 31 රෑ 11.55 ට. එයා ඒ වෙලාවෙ මට ලොකූ තෑග්ගක් දුන්නා......😝😝😝



කිරී ඉපදිලා තියෙන්නේ පෙබරවාරි 1 වෙනිදා රෑ 12.05 ට. මං ඒ වෙනකම් ඉඳලා එයාටත් ඒ තෑග්ග ම දුන්නා.......😝😝😝😝




අපේ කැමැත්ත ඒ විදියටයි ඉෂ්ට වුණේ.....😏😏




ඒත් ඊට කලින් අවුරුද්දේ මේ දවසේ මේ වෙලාවේ රෑ තමා මේ දේ හරි නම් වෙන්න තිබ්බේ.......🙄🙄🙄😶



ඒත් ඇයි ඒක නොවුණේ ???🤔🤔🤔🤔🤨








.......................................................................

වසරකට පෙර......


එදා රෑ කිරී මට මැසේජ් කලේ ඉස්කෝලේ තිබ්බ කවි තරගෙන් මං දින්න එකට සතුටින්. 😄😄😄




ඒ මට දුක තිබ්බෙ එයා දෙවෙනියා වෙච්චි එක. එයාගේ කවිය තමා best ම එක මට කවදත්.....😣😣😣




එයා සතුටින් හිටියේ... එයා එදා කියපුවාගෙන් ම මට තේරුණා.



ඒත් මට දුකක් තිබ්බා. ඒ මට හම්බුණ තෑග්ග අම්මට පෙන්නන්න බැරුවයි හිටියේ. අම්මා මං ඉගෙනුම ඇරෙන්න කරන කිසි ම වැඩකට කැමති නෑ....🤧🤧🤧🤧




එදා රෑ මං ගණන් හදන්න යනවා කියලා බාත් රූම් එකට ගියේ මගේ හිත හේදිලා යනකම් ම අඬන්න...😪😪😪😪



පැයක් ම මට නොදැනී ගියා....😶😶😶




කිරී මට කෝල් කරනවා මට ඇහුණා.



මං කෙලින් ම ගිහිල්ලා කෝල් එක ඉස්සුවා.



📞 "ඇයි අනේ......"😒😒😒



📞 "අද අපි කොහෙ හරි යමු...."🤨🤨🤨



📞 "ඇයි ඒ? ඊයේ ගියේ..."🤔🤔🤔🤔





📞 "අද යමුකෝ.... මට ඔයාට දෙන්න බඩ්ඩක් තියෙනවා...."😮😮😮😮



📞 "මොකක් ද????"🤨🤨🤨🤔🤔🤔



📞 "එන්නකෝ..... මං පාරේ බස් හෝල්ට් එක ගාව ඉන්නම්..."😑😑😑😐



................................

... 📞 "මේ රෑ?"😳😳😳😳



.... 📞 "ඔන්න මං එනවා... අර මං දීපු ගවුම ම ඇඳන් එන්න ම ඕනේ. මං ඔයා දීපු ඇඳුම ම ඇඳන් ඉන්නේ....."😍😍😍😍



මං කෝල් එක කට් කළා.



මං එයා කලින් දවසක අරන් දීපු ලස්සන නිල් ගවුම ඇඳ ගත්තා.




අපි දෙන්නගේ ආස ම පාට තද නිල්.....💙💙💙💙💙




මං එහෙම් ම ලෑස්ති වුණේ පාරට යන්න. එයා call එකක් ගන්නකම් මං බලන් හිටියේ...






රෑ 12 වෙලාව. ඒත් එයා call කළේ නෑ. තව විනාඩි 5 කින් එයාට අවුරුදු 20 ලබනවා.






හරියට ම රෑ 12.04 වෙද්දී ඒ කෝල් එක ආවා.... මං ඉක්මණට ඇඳට පැනලා පෝන් එක ඉස්සුවා...🥰🤩🤩🤩




"ඇයි කිරී පරක්කු....?"😒😒











"දුව මේ පෝන් එක අයිති කෙනාව දන්නව ද?"😳😳😳😳




ඒ වෙන පිරිමි කෙනෙක්ගේ කටහඬක්.




"මං එයාගේ යාළුවා...."😳😳😳🤕






මං කිවුවා. මගේ පපුව හීන් සැරේට ගැහෙනවා......





"දුව කලබල වෙන්න එපා.... මේ පෝන් එක අයිති කෙනාව ලොරියකට හැප්පුණා. එයා නැති වෙලා වගේ..... එයාගේ ගෙදර අයට එන්න කියනව ද???"😱😱😱😱😱





මට ඇහුණේ ඒ ටික විතරයි. මගේ අතින් පෝන් එක අතෑරුණා..........






ඇඳේ කොනේ හිටපු මාව එක පාර කැරකිලා ගියා වගේ දැනුනා. කෙලින් ම බිම පැත්තට මාව යන්න පටන් ගත්තා.....





එතන තිබ්බ පුටුවේ හයියෙන් මගේ ඔලුව හැප්පුණා.😒😒😒




ඒත් මාව නැවතුණේ නෑ. අන්තිමට හයියෙන් ඔලුව බිම ම හැප්පුණා.... 😒😒😒



මට සේරම නිලංකාර වෙලා ගියා....😔😖😖😖






















.......................................................................




ආයේ මං ඇහැරෙද්දී එලිය වැටිලා. මං ඇඳන් හිටපු නිල් ගවුම පිටින් මං ඇඳ උඩ හිටියා.🙄🙄🙄


මගේ අතේ තිබ්බ පෝන් එක රිං වුණා.....😖😖



කිරී තමයි කෝල් කලේ....🙄🙄



📞"ඔයා කොහෙ ද ??????"😫😫😫




මං සද්දෙන් ඇහුවා....




📞"මං ඔයාලගේ මිදුලේ ඉන්නේ. ගොඩක් අය මිදුලේ ඉන්නවා. මට එන්න බෑ. අනේ එලියට එන්නකෝ...."🤩🤩🤩🤩




ඔව්. ඒ කිරී තමයි කතා කලේ. ඒ කියන්නේ එයා ඉන්නවා...😳🥰🥰🥰




මං ඉක්මණට නැගිටලා පල්ලෙහාට බැස්සා.




ගෙදර හැමෝ ම සුදු ඇඳගෙන. සමහරු අඬනවා. ඒත් මං නවතින්නේ නැතුව මිදුලට ගියා.🤨🤨🤨🤔


තව ගොඩක් අය සුදු ඇඳන් අපේ ගේ පැත්තට එනවා. මට තේරෙන්නේ නෑ ඇයි කියලා....🤔🤔🤔




ඒ අස්සේ එක නිල් ෂර්ට්කාරයෙක් අපේ මිදුලට පිටුපාලා හිටගෙන හිටියා. මං දන්නවා කවුද ඒ කියලා....🤩🤩🤩🤩





මං එක පාරට ම දුවන්න පටන් ගත්තා. ගිහිල්ලා කෙලින් ම එයාගේ කිහිලි දෙක යටින් අත් දෙක යවලා පිටේ එල්ලුණා.🤗🤗🤗🤗




ඒ දුක මැදින් ආපු සතුටට....🥰🥰🥰🥰🥰




"මං හි....හිතුවේ ඔයා මට නැති වුණා කියලා කිරී..."😍😍😍😍



මං කිවුවා.




"ඔයා එක්ක ඉන්න තමයි මටත් ඕනේ වුණේ....."😘😘😘😘





ඒ කිරී කතා කරපු කටහඬ මට බලාපොරොත්තුවක් දුන්නා....🤩🤩😳😳😳








......................................................................




එදායින් පස්සේ අපි දෙන්නා අපේ ගෙදර අයට මැරිච්ච මිනිස්සු වුණා. අපේ මරණ වාර්තාව කියලා එකකුත් ගෙදරට ආවා.




කිරීට ආපු එකේ තිබ්බේ රිය අනතුරින් හිස සිදු වූ තුවාලයෙන් අධික ලෙස ලේ වහනය වීම නිසා ..20 ජනවාරි 31 වෙනිදා රෑ 11.55 ට මිය ගියා කියලා....




මගේ එකේ තිබ්බේ ක්ලාන්ත වීමේ දී හිස වේගයෙන් වැදීම නිසා සිදු වූ තුවාලයේන් අධික ලෙස ලේ වහනය වීම නිසා ..20 පෙබවාරි 01 පාන්දර 12.05 ට මිය ගියා කියලා.....



ඒකත් අපි දෙන්නගේ එක සමානවනේ ආවේ.... වෙනස් වෙලා තියෙන්නේ අපි ඉපදුන දවසේ වෙලාවල් දෙක මාරු වෙලා අපි මිය ගියා කියලනේ.... 😏😏😏




මට කවි තරගෙන් හම්බ වුණ තෑග්ග අම්මට හම්බුණා. ඒත් එයා ඒක බදා ගෙන ඇඬුවා දුකට....😖😖😖😖




කමක් නෑ ඉතින්. එයාලා නැතත් අපි දෙන්නට දෙන්නා ඉන්නවනේ......😘😍😍🥰🥰🥰






.......................................................................

වර්තමානය......


දැන් මතකයි මට සේරම......




"කි...කිරී, පුලුවන් නම් ඔයාගේ ලස්සන වචන දාලා කවියක් කියන්නකෝ....."🥰🥰🥰



"ඔයා කියන්නකෝ.... ඔයානේ කවි තරගෙන් දින්නේ....."😄😄😄



"හ්ම්.... මං කියන්නම්කෝ......🤗🤗





සඳ නැති අමාවක.......

නුඹ තමා සුපුන් සඳ......

මගේ නිල් පැතුම..........

ඉෂ්ට වුණේ එක රැයක....


දැන් ඔයා කියන්නකෝ......."🤩



මං කිවුවා..... ඒ නිසල් පපුව මට තව ළං වෙන්න කියනවා වගේ දැනුනේ.....



"හ්ම්...... හා.



සිසිල් නිල් රෑක....

එක් වුණා අපි දවසක.....

වෙන් වෙන ලෝබකම.....

ගෙනාවේ නිල්වන් පැතුම් මත....


කිරී ආයේ මගේ නළල උඩ හාදුවක් තිබ්බා...🤩🤩🤩🤩🤩



අපි ටික වෙලාවක් එහෙම්ම ම හිටියා...🤗🤗🤗🤗



ටිකකින් කිරී දූවිලී ගොඩක් වගේ අහසට පාවෙලා ගියා. එයාට ඕනේ වුණු අවසන් දේ අවශ්‍ය දවසෙ ම ලැබුණනේ....🤗🤗🤗🤗🥰


.......................................................................

මාස කීපයකට පස්සේ දවසක.....




දැන් මට මාස 9ක් ඉන්න වෙනවා ආයේ එයාව බලන්න නම්...... මොකෝ දැන් එයා අම්මියෙක්ගේ බණ්ඩියක ඉන්න චූට්ටං බබෙක්...🤕🤕🤕🤕🥰





බබෙක් අම්මෙක්ගේ බඩේ මාස නවයක් ඉන්නවනේ. කිරී ඉතින් මටත් කලින් ම චුට්ටං අම්මෙක්ගේ බඩකට රිංගුවා.....😍😍😘😘



මං ඉතින් ඒ අම්මි එයාව එලියට ගේනකම් එයා ළඟට වෙලා ඉන්නවා ඉතින්....😘😘😘😘




.......................................................................

මාස 10 කට පස්සේ........





ඒ පුංචි බබා හරි cute... ඒ පෙබරවාරි මාසේ. එයාට දැන් මාසයක් මාර්තු පටන් ගත්තු නිසා..... 🤩🤩🤩🤩




අම්මී බබාට දැම්මේ ක්‍රිෂ්ණ කියලා.... මට එයාට කිරී ම කියන්න පුලුවන් ඉස්සරහටත්.......🤭🤭🤭🤭😘






.......................................................................

තව මාස 4 කට පස්සේ......


මං හිතුවේ කිරීගේ දරු සුරතල් බල බලා මට අවුරුද්දක් දෙකක් ඉන්න වෙයි කියලා...😫😫😫😫😫😫




ඒත් එදා මාවත් අහසට පාවෙලා ගියා.....🤔🤨🤨🤨🤨





ඔව්... පස්සේ සේර ම කළුවර වුණා....🤔🤔🤔🤨🤨🤨🤨🤨




මට ඇස් අරින්න ම බෑ.... පස්සේ මට දැනුනා මං ඉන්නේ දියරයක් ඇතුලේ කියලා.😖😖😖😖




ඔව්.... මාත් දැන් බබෙක් වෙන්න යන්නේ... මාත් ඉක්මණට එන්නම් කිරී......🤩🤩🤩🤩🤩🤩😍😍😍😍🥰





මට හදිස්සි තව අවුරුදු 5 කුයි මාස 9 ක් යනකම්. බලන් ඉන්නයි වෙන්නේ එක වසරට යන්න.



ජනවාරි මාසයක ඉපදිලා........🤭🤭🤭🤭



මට ඒ මොහොතෙත් කිරී කියපු කවිය මතක් වුණා.....



සිසිල් නිල් රෑක....

එක් වුණා අපි දවසක.....

වෙන් වෙන ලෝබකම.....

ගෙනාවේ නිල්වන් පැතුම් මත....












.......................................................................


කතාව ඉවරයි කියන්නයි වෙන්නේ කට්ටියට ම........🤗🤗🤗🤗🤗





දැන් ඒ කෙල්ලගේ අලුත් නමනේ අහන්න ඕනේ කට්ටියට ම...............




එයාගේ දැන් නම..........




































මිරාසා........... 🥰🥰🥰🥰






...........................නිමි!!!..................................




😌චතූ...😊



Report Page