නුඹම ඇස් සොයනා🌷
Kιყҽɾα💘
🌷තිස්හයවන දිගහැරුම 🌷
තමුසේ මේක මතක තියාගන්නවා ලුනාරා... මං තමුසෙට ආදරෙයි කිව්වේ ඇත්තටම ආදරේ නිසා... වෙන කෙහෙල්මලකට නෙවේ... තමුසේ මාත් එක්ක ඉන්නේ අකමැත්තෙන් නම් මං තමුසෙව බලෙන් තියාගන්නේ නෑ... මමත් ඇතිතරම් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා... උන්න මට ඕනි විදිහට මං පාවිච්චි කරලත් තියනවා හැබැයි මං ආදරේ කරන කෙල්ලට මං එහෙම කිසිදෙයක් කලේ නෑ... මං එහෙම කරන්නෙත් නෑ...
ම්...ම්...
යන්නතම් මගේ කටින් ඒ අත ගත්තා... එතකොට තමයි මං එයාගේ අත හරිගටම දැක්කේ.... අර ත්‍රීවිල්එකට නගින හදපුවෙලාවේ මම හපපු පාර එයාගේ අතේ හොදටම හිටලා... සමහර දත්වලට ඒ අත තුවාලවෙලා ලේත් ඇවිත්.... මට ආපහු ඇඩුනා ඒක දැකලා....
ලුනාරා කට.... අඩන එක නවත්තනවා අයිසේ....
හැම රෙද්දටම අඩන්න තියාගන්න එපා...
ලුනාරා... මං ආපහු කියන්නේ නෑ.... අඩපන්කොඇති තරම් මං මේවාහනේ හප්පලා දානවා දෙන්නම මැරිලා යන්න...
ඔව් එයා ඒක කරන්න බැරිකමක් නෑ... ඒ නිසාම මං අඩන එක නැවැත්තුවා... ඒ පාර එයා කට කොනින් හිනාවෙනවා...
තමුසේ දැන් මොකද කියන්නේ මේ එෆෙයා එක නවත්තමු කියලද...
එයා එහෙම අහද්දිනම් මාව ගැස්සිලා ගියා.. කලින් නම් මං එහෙම කිව්වා තමයි... ඒත් මට බෑ එයාගෙන් ඈත්වෙන්න...
මං කලින් කිව්වා වගේ අකමැත්තෙන් නම් ඉන්නේ මං බලෙන් තියාගන්නේ නෑ....
ඒත් මං තමුසෙට යන්න දෙන්නේ නෑ...
ඇ..ඇයි...
මං නැතුව ඉදී දවසක්වත් මේන් කියලා.... අර නිවාඩු දවස්ටිකේ දැක්කනේ මං.... බලන්න ආවේ නෑ කියලා තරහාවෙලා මුලු දවස තිස්සෙම කෝල්එකේ හිටපු විදිහ... එක කෝල් එකක් පැය පැය තිස් දෙකයි විනාඩි හතලිස් හතයි තත්පර දහතුනයි....
....
මොකද කට වැහිලා.... ඒනිසා මාව දාලා යනවා කියන එක එතකොට බ්‍රේකප් වෙමු කියන එක තව දවස් සති ගනන් තරහා වෙලා ඉන්න එක ගල් මුල් අස්සේ ලව් කරන එක තර්ඩ් ක්ලාස් ටික්ටොක් වීඩියෝ කරන එක ඔන්න ඕවට මම රැවටිලා එන්නේ නෑ.... තමුසේ වහ බොනවා කිව්වත් මං බලන් ඉන්නම් වහ බොනකන් ඊටපස්සේ හොස්පිටල්එකට අරන් ගිහින් බෙහෙත් කරනවා.... ඒ නිසා ඔය වගේ ආතල් මාත් එක්ක තියාගන්න එපා... මං තමුසෙගේ මේ අත අල්ලගත්තේ මගුල් නටන්න නෙවේ... ලස්සනට ජීවත්වෙන්න.....
ඒකත් ඔය මැටි මොලේ ට දාගන්න...
ඔයත් එහෙම තමා.. හිතෙන හිතෙන වෙලාවට මාව රිද්දන්න තියාගන්න එපා.... මාත් බලන් ඉන්නේ නෑ....
දැන් මොකක්ද මං රිදෙන්න කිව්වේ.... මට ඒක කියන්නකෝ... හරියට නිකන් නැටුවේ මං තමුසෙව උස්සගෙන ඇවිත් මිනිස්සු මැද්දේ රේප් කරන්න හදනවා වගේ සීන් එකකටනේ...
මගේ හිත රිදෙන දේවල් කියද්දි මං ඒ දේවල් අහන් ඉන්න ඕනි කියලද ඔයා කියන්නේ..
ලුනාරා මං අද ඒ කියපු හැම එකක්ම චිව්වේ විහිලුවට...
විහිලු තේරුම්ගන්න බැරි ලෙඩක් තියනවද....
මනුස්සයෙක්ට විහිලු දරාගන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා... අනික ඔයා කියපුවට වඩැ සැර විහිලු කරලා තියනවා යාලුවෝ මට...
එහෙනම් අහවල් එකටද නටන්නේ...
ඒ විහිලු මට වැඩක් නෑ... මං ගැන ජරා වීඩියෝ හදලා ලෝකේ හැම තැනම ප්‍රසිද්ධ කලත් මට වැඩක් නෑ... හැබැයි මං ආදරේ කරන අය මට රිදෙන විහිලු කලාම මට දරාගන්න බෑ...
ඔයා උනත් එහෙමයි......
ඔයාට වඩා මං කලුයි කියන එකත් මං දන්නවා... ඒත් ඒක අල්ලගෙන ඔයා මට වි...හි..ල්..ලු ක්..කර..ද්..දි ..ම්..ම.ට රි..දෙ...න්..නවා....
හරි හරි මං ආය එහෙම කරන්නේ නෑ... ඔයාව අවුස්සන්න හිතාගෙන මං එහෙම කිව්වේ.... කෝ දැන් අඩන එක නවත්තන්නකෝ... හැබැයි නැවැත්තුවේ නැත්නම් වාහනේ හප්පනවා හරිද....
එයා එහෙම කියලා මාව ඩ්‍රයිවින් ශීට්එකට උස්සලා අරගෙන තුරුල් කරගත්තා... ටික වෙලාවක් ඉද්දි අපේ ඉස්සරහින් වාහනයක් නැවැත්තුවා ඇහුනා... මං එහෙම්මම එයාගේ පපුවට ඔලුව තියාගෙන හිටියා...
තමුසෙලා දෙන්නා මොකද පෙම් කිලින් වාහනේ ඇතුලේ...
පලකෝ උබ වද නොදී....
ඒ නිකූ....
ඝණ්ඨාර අයියා ඇවිත් හිටියේ... මං එයාගේ පපුවෙන් ගැලවෙන්න හැදුවත් එයා මාව තවත් ඒ පපුවට තුරුල්කරගත්තා... අයියගෙයි තාත්තගෙයි පපුවෙන් දැනෙන ඒ සැනසීම රැකවරණය හැමදේම මට ගෝනිබිල්ලගේ පපුවෙනුත් දැනුනා... එයාගේ මුලු ඇග පුරාම වැටෙන නාඩිවල හඩ ඒ පපුවෙන් මට ඕනිවටත් වඩා තදට ඇහෙනවා... ඒ හඩ ඇබ්බැහියක් වගේ....
උබට මොකද මගේ එකීව... ඒකි නිදි..
අනේ මේ තමුසෙගේ මව මට එපා... මට දුක තමුසේ නිකූට අතවර කරයි කියලා... මෙහෙම අතුරු පාරවල්වල වාහන ඇතුලේ නයි වගේ වෙලි.....
මේ පල යන්න වද නොදී.... අනික නි වගේ වෙලෙන්න ඕනිනම් වාහන ඇතුලට එන්නේ නෑනේ ගෙදර යනවනේ... තමුසෙනම් මහ කරුමයක්....
මං තමා කරුමේ ඇයි අර ටානියා ආලියා ශියාරා උන්
පල යන්න තෝ....
Pov: Yash
අර තිරිසනා ඇවිත් මෝඩ ගෑනු සෙට්එකගේ නම්ටික එකදිගට ඇරියනේ.... මේකි දැනගත්තොත් විනාසයි... සහෝදරයෝ කියන්නෙනම් බාල්දිවල උල්පත...
නිකූ මම ගියා... අපේ අයියගේ අනිත් කෙල්ලො ටිකගේ නම්ටික තමයි මං ඔය කිව්වේ... එහෙනම් මං ගියා...
තමුසෙට මම....
අයියේ....
ඇයි ඇයි... තමුසේ දැන් ඔය අර කෙල්ලෝ සෙට් එක ගූනනම් අහන්නේ මං දන්නේ නෑ උන් ගැන... ඌ මේ හිතලා කියපු නම්...
අයියේ....
ඇයි...
ඒ ඔයාගේ එක්ස්ලද
එක්ස්ලා හිටියෙත් නෑ නෙක්ස්ට්ලා හිටියෙත් නෑ... ඉන්නේ තමුසෙ විතරයි...
හ්ම්....
ඒ කෙල්ලොන්ගෙන් ප්රශ්නයක් වෙන්නෙ නැත්තම් කමක් නෑ....
ඒ කිව්වේ....
සොරි... මං දැක්කා ඔයාගේ බ්‍රොක් ලිස්ට්එකේ ඒ ඔක්කොම ඉන්නවා...
ලුනාරා මගේ ෆස්ට් ලව් එකත් තමුසේ ලාස්ට් ලව්එකත් තමුසේ... මගේ ජීවිතේම තමුසේ... ඒ කෙල්ලෝ මං ටෝක් කරපු අය විතරයි... ඔයා හම්බුනාට පස්සේ කිසිට කෙනෙක් එක්ක කිසිම සම්බන්ධයක් නෑ...
හ්ම්...
අපි යන්ද...
හා..
දෝණි මොකක්හරි අසනීපයක්ද දරුවෝ...
නෑ අම්මා....
ඇස් දෙක ඉදිමිලානේ අනේ...
අපේ අම්මටත් ඕනි නැති මගුලක් නෑනේ... මේකිත් ඉදගෙන හොරෙන් මං දිහා බලනවා... අපේ අම්මට තියෙන්නේ උකුසු ඇස් ලුනාරා... උබට මං උබේ නැන්දම්මා ගැන පස්සේ වෙලාවක ලෙක් එකක් දෙන්නම්....
ආ අම්මේ ඔය අපේ නිකූ අඩලා ඉන්නේ.. අපේ අයියා කඩොලාන පදුරු පෙන්නලා මේ පොඩි එකිට...
චූටි පුතා...
පොඩී තමුසෙ අද ඉවරයි....
ඔන්න පුතේ අර දෙන්නා මරාගත්තාවි ඇතිවෙනකන්... ඔයා එන්න මාත් එක්ක...
අම්මේ... මං ඇඩුවේ එක්සෑම් එකට පාඩම් කරගන්න බැරි උන නිසා.. පොඩි අයියා...
අයියෝ හරි දරුවෝ... චූටි පුතා ලොකූව අවුස්සන්න ඔහොම කියන්නේ ඔය...
අහ් අදත් ආවද තමුසේ
සුදු දුව කටවහගෙන යන්න.. මතකයිනේ එදා....
ඕප්ස් සොරි නැන්දා...
අපේ මෝඩ බූරුවාට දෙකක් ඇන ඇන ඉද්දි සදුමි රවාගෙන උඩට ගියා... ඕකි ලුනාරට මොනවාහරි කිව්වද කියලා ශුවර් නැති නිසා පොඩීව අත ඇරලා දුවන්ගියේ කිචන්එකට... ඒ යද්දි නැන්දම්මා හදලා දුන්න තේ බොනවා පැන්ට්‍රිය උඩ ඉදගෙන.... යකෝ මේකි...
අහ් දෙන්නගේ වලිය ඉවරද... තේ එකක් හදන් බොන්න එහෙනම්...
ඇහ් මොකක්...
තේ හදන් බොන්න කිව්වේඕනිනම්..
මට හදලා දෙන්න....
මං වැඩක්...
ලුනාරා හදනවකෝ....
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
යශ් ලුනාරා ෆෑන්ලගෙන්.....
From Jayalii
🤍🥀
ලඟ ඉද්දි අගයක් නැති
දුරට ගියාම පාලුව තනිකම දැනෙන,,
කොයි වෙලෙත් රණ්ඩුවකින්ම බැඳීම ගෙනි යන
නෑ කිය කිය පණටත් වඩා ආදරය කරන,,
ඇතුවත් බැරි
නැතුවත් බැරි,,
ලස්සන ආදර කතාවක් හැමෝටම තියෙනවා,,
🤍🥀
අර්ථ විරහිත ප්‍රේමාදරයේ
උච්චර ස්වරය නුබම විය
නොපෙනෙනෙ
ක්ෂිතය කැලබු
මායාවකින් හසු වු
ප්‍රේමණීය ආමන්ත්‍රණය නුබ විය
සියල්ලම පසෙකලා එකෙනෙහිම නැගෙන
සිනහව නුබ විය
යතාර්ථවාදි ලොව තුල
ෆැන්ටසියක් මවනා
මහ පොලව හූල්ලද්දිත්
අහසත් වැසි වස්සනා
අමරණීය ගී කාව්‍ය නුබ විය
ඉතින්,
නුබෙන් තොර ලොවක් නැත
මා නුබට ඇබ්බැහි වී හමාරය ...
🤍🥀
From කවී🦋🌼🍃
🤍🥀
දැනුනි ප්‍රේමය නුබේ නමින් මට
අකීකරු දගකාරකම් ලග
දඩබ්බර වන නුඹගේ නෙත්වල
දැනුනි නිම්හිම් නොවුණු ප්‍රේමය
ඉඩක් නෑරම හද අරක්ගත්
මාගේ හුරතල් පුංචි යක්ශනිය
නුඹම අවුලන මගේ හැගුමන්
නුඹේ දෙතොලග අතර පැටලී
නිවාලන්නට ඉඩක් දෙනවද
යශ්ගෙන් ලුනාරට 🧡
🤍🥀
From Shenu
🤍🥀
කරන විට දඟ වැඩ
ආදරෙන් සුරකින්න
සිත රිදුන සැමතැන
සෙනෙහසින් දරාගන්න
තොරතෝංචියක් නැතුව
කියවන පුංචි හිතට
සැනසීමෙ පහන්සිල වෙන්න
පුංචි දඟකාරියකට ඕනිමලු
ආදරණිය ගෝනිබිල්ලෙක්
🤍🥀