නපුරු ආලය

නපුරු ආලය

_𝘿𝙚𝙙𝙪𝙣𝙪 𝙍𝙖𝙣𝙖𝙨𝙞𝙣𝙜𝙝𝙚🌙

නපුරු ආලය❤


36 වන කොටස_


....................❤👀......................


ඒයි මෝඩයෝ.. " ඉක්මනට ලැස්ති වෙලා පල්ලෙහාට එන්න. ගමනක් යන්න ඕනි.. " 


ඇහ්.. කොහෙද ?.. "


ලැස්ති වෙලා එනවකො පල්ලෙහාට.. "


එහෙම කියපු අභි අතට පෝන් එකත් අරන් පල්ලෙහාට ගියේ යෙශු අභිට බැන බැන බැල්කනියෙන් නැගිටිද්දි.. 


...............................


අභි පල්ලෙහාට වෙලා කාර් එකට හේත්තු වෙලා පෝන් එක බල බල හිටියා.. 

ටික වෙලාවකිනුත් යෙශු නාව නිසා ආයෙත් උඩට ගිහින් බලන්න කියලා පොන් එක සාක්කුවට දාගෙන අභි ඉස්සරහට අඩිය තිබ්බත් එතනින් එහාට අඩිය තියාගන්න බැරි උනේ පඩිපෙල බැහැලා එන රුව නිසා...


කලු පාට පටි ගැටගහන දනහිස ගාවට වගේ තියෙන ගවුමක් ඇදලා කලු පාටින් හීනි පටි සෙරෙප්පු දෙකක් දාලා කොන්ඩේ කඩාදාගෙන චුටි හැන්බෑග් එකකුත් එල්ලගෙන වටපිට බල බල කෙල්ල එනවා.. 


කොල්ලා කටත් ඇරන් කරන්න ගිය දේත් අමතක කරන් යෙශු දිහා බලන් ඉන්නවා.. ඇත්තටම එඇදුමට යෙශු ගොඩක් ලස්සනයි.. 

පඩිපෙල බැහැලා අභි ගාවට ඇවිත් කෙල්ල හිටගත්‍තත් කොල්ලට සිහියක් නැ.. 


මේ.. යන්නේ නැද්ද දැන් අනේ .. " 


එතකොට තමා අභි පියවි සිහියට ආවේ.. 


අහ් ම් හා .. යන් යන්.. "


වචන පටල පටල කතා කරපු අභි කාර් එක තියෙන පැත්තට නැතුව යෙශුගේ ගේ පැත්තට ඇවිදගෙන යන්න ගත්තේ අසිහියෙන් වගේ.. 

කෙල්ල බය වෙලා වගේ කොල්ලා දිහා බලලා කොල්ලගේ පස්සෙන් දුවන් ගිහින් ඉස්සරහට පැන්නා..  


කොහේද අනේ යන්නේ ? " 


ඇ අයි දැන් යන් කිව්වේ .. ? 


මොනාද අනේ වෙලා තියෙන්නේ.. දැන් ඔයානේ ගමනක් යන්ම ලැස්ති වෙන්න කිව්වේ , දැන් කොහෙද ආයි ගෙදරට යන්නේ.. ? 

මෝඩ ඔරං ඔටං . " 


කෙල්ල කොල්ලට හිමින් බැන බැන කාර් එක ගාවට ගියා.. 


කොල්ලට හැමදේම අමතක වෙලා හිනාවක් ගියේ යෙශුගේ කටකාරකම් ආයෙත් මතුවෙලා නිසා. මෙච්චර දවසක් ඇඩුව ඇස් අද දිලිසෙනවා.. අභි දන්නවා ඒ තමන් නිසා කියලා.. 

අභිටම පුදුමයි..තමන් වෙනුවෙන් ජිවිතේ උනත් දෙන කෙල්ලෙක්.. 

අභි ඉස්සර ඉදන්ම කෙල්ලො ගැන හිතුවේ වැරදියට.. හැම කෙල්ලම එක වගේ කියලා හිතන් හිටිය අභිව ගොඩක් වෙනස් උනේ යෙශු නිස...

හිනාවෙන්ම ඔලුවට අතින් තට්ටුවක් දාගත්ත අභි කාර් එක ගාවට ගිහින් යෙශුට දොර ඇරලා දිලා , අභිත් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි උනා.. 


කාර් එක ස්ටාර්ට් කරල පාරට වාහනය දාපු කොල්ල කාර් එකේ රේඩියෝ එක ඔන් කලේ යෙශු දිහත් බලන ගමන්මයි.යෙශු ජනේලෙන් කාර් එකෙන් එලිය බලාගෙන හිටියෙ 


 ' ලියූ කවිපද දහක් අතරේ

 කියාගන්නට බැරිව ලතැ උන 

 එකම එක දිග පුංචි පැතුමක්

  තවම පතනව මං...' 

  

රේඩියෝ එකේ ප්ලේවුන සින්දුව යෙශුත් අභිත් හොර රහසේම රසවින්ද..නිහඩවම ගෙවුන විනාඩි 30 කට විතර පස්සෙ අභි කාර් එක නතර කලේ මුහුද වෙරළ අයිනෙ.කාර් එකෙන් බැස්ස අභි එහා පැත්තෙන් ඇවිත් යෙශුට බහින්න කාර් එකේ දොර ඇරිය.යෙශු කාර් එකෙන් බැහැල ඈතින් පේන මුහුද දිහා බලන් ලස්සනට හිනාවුනා.

  

මං ආසම තැන'


යෙශු හිමින් මුමුණද්දි අභි යෙශුගෙ අතින් අල්ලගත්ත.මුහුද දිහා බලන් හිටිය කෙල්ල ගැස්සිල වගේ කොල්ල දිහා බැලුව.

  

 ඒ නිසා තමා එක්ක ආවෙ " 

  

යෙශු ප්‍රශ්නාර්ථයකින් වගේ අභි දිහා බලද්දි අභි ඉස්සරහ බලාගෙන කාර් එක ලොක් කරල යෙශුගෙ අතකින් අල්ලගෙන මුහුද පැත්තට ඇවිදගෙන ගියා.වෙරලෙ හෙවන හරියෙන් තියෙන බංකුවක යෙශුයි අභියි දෙන්නම ඉදගත්ත. බලන ඕනෙ කෙනෙක්ට යෙශුවයි අභිවයි පේන්නෙ ආදරවන්තයින් දෙන්නෙක් වගේ.කෙල්ල වගේම කොල්ලත් සුදු පාට ට්‍රවුසර් එකක් ඇදල ඒකට මැච් වෙන කළු පාට ෂර්ට් එකක් ඇඳන් හිටියෙ.දෙන්නත් එක්ක බංකුවෙන් වාඩි වුනත් ටික වෙලාවක් යනකම් දෙන්නම කතා කලේ නැ

.ටිකක් එහැයින් පේන මුහුද දිහා බලාගෙන භාවනාවක.ඒත් අභි අල්ලගත්ත යෙශුගෙ අතනම් තාම අතඇරැනෙ නැ


.ටික වෙලාවකට පස්සෙ දෙන්න අතර තිබ්බ නිහඬතාව අභිම බින්දා


 'යෙශු...මං ඔයාට කතාවක් කියන්නද

  

 'අහ්..ම්ම්..'

  

 'ම්හ්.හොදින් අහගන්න හරිද?'

  

  හ්ම්..'

  

 ' දන්නවද යෙශු.එක කොල්ලෙක් හිටිය.ඒ කොල්ලා ගොඩක් නපුරුයි.එයා හැමකෙනෙක්ටම වෛර කලා.විශේෂයෙන් ගෑනු අයට.එයාගෙ අම්ම විතරයි එයාට හොද කෙනෙක් වුනෙ.අනිත් හැමෝම එයාට නරකයි... එයාගේ ගෙදර අයට විතරයි එයා හොද කෙනෙක් උනේ.. ටික ටික ලොකු වෙද්දි එයාට හම්බෙනවා ලොකු මැරයෙක්ව, එයාගේ මාර්ගයෙන් එයා ටික ටික ලොකු කෙනෙක් වෙලා underworld එකේ king වෙනවා.. ඒ උනාට ඒක ලොකු රහසක් , මොකද ඒ මැරයාව ගොඩක් අය දැකලා තිබ්බේ නැ.. දැකපු අය හිටියේ අතලොස්සයි. ඒ මැරයාට හැමෝම බයයි .. ගොඩක් මිනිස්සු මුන බලන් කතා කරන්නේ නැ.. ඒ මැරයගේ නම ඇහුවත් දුවනවා..

 ඉතින් කොහොමහරි එක දවසක් ඒ මැරයට හම්බෙනවා එයාට බය නැති කෙනෙක්.. ඒ මැරයාට කටර් එකක් වගේ බැනගෙන යන පොඩි කෙල්ලෙක් ව .... ඒ කෙල්ල හරි මුරණ්ඩුයි .. හරියට නිකම් කොලු පැටියෙක් වගේ... "


අභි එහෙම කියලා හිනාවෙද්දි , යෙශුත් හිමින් හිනා උනේ ඔය නම් කියන්නේ තමන්ට බව දන්න නිසා.. 


ඉතින් ඒ මුරණ්ඩු කොලු පැටියට මන් ආදරේ කරන්න ගත්තා.. හොරෙන් හොරෙන් මන් දිහා බලලා ඔරවන, කොච්චර චන්ඩියා උනත් මන් බැන්නොත් ටග්ගාලා ඇස් වලට කදුලු පුරවගන්න ඒ මගේ අහිංසකෝස මලට මන් ගොඩක් ආදරෙයි.. 

ඒත්.. මට එයාට ලං වෙන්න අමාරුයි.. මොකද මන් ඉන්න තත්ත්වේ එච්චර හොද නැ.. .. මන් නිසා එයාට කරදරයක් උනොත් මට දරාගන්න බැරිවෙවී. මොකද මන් ඒ තරම් එයාට ආදරෙයි.. එයාට ගොඩක් ඉවසන්න වෙවි මාත් එක්ක ඉන්නවනම්.. මගේ ආදරේ වගේම මගේ කේන්තියත් දරාගන්න වෙවි.. මට ඕනිම වෙලාවලදි මාත් එක්කම ඉන්න වේවි.. " 


ම්ම්ම්ම්හ් " දිගු හුස්මක් අතඇරපු අභි යෙශු ගේ මුණ දිහා බැලුවත් ඒ වෙලාවේ යෙශුගේ මුණ දැක්කම අභිට හිනා ගියා.. 

යෙශු හිටියේ අභි දිහා බලාගෙනමයු. ඒ ඇස් වලින් කදුලු බේරෙනවා.. මොකද අභි කිව්ව හැම වචනෙකම තුබ්බෙ යෙශු වෙනුවෙන් තියෙන ආදරය.. !


මො ක ද ? ".. 


නහය උඩට ඇද ඇද යෙශු අහනකොට අභිට තවත් හිනා ගියා.. 


මන් නිකන් ද කිව්වේ.. ?පේනවනේ පොඩ්ඩ බැරිවෙන්න බැ.. " 

මෝඩයා.. " 


එහෙම කියපු අභි යෙශුගේ කදුලු පිහිදලා දැම්මා... 





..................................................



එලියේ මිදුලේ තිබිලා ජානකගේ මලසිරුර හමුවීමත් සමග විල්ෆ්‍රඩ් හැසිරුනේ වෙඩි කාපු ඌරෙක් වගේ .. මහේන්ද්‍රගේ කම්මුල් දෙකම ඉදිමුනෙ විල්ෆ්‍රඩ් ගේ කේන්තියේ ප්‍රතිඵලයක් විදිහට.. 

කැගහලා කෑගහලා බැරිම තැන විල්ෆ්‍රඩ් නිහඩවම සාලේ සෙටියකින් ඉදගත්තා.. 

එක බඩවැල කඩන් ආපු සහෝදරයා.. මොන තරම් මිනිස්සු මැරුවත් විෆ්‍රඩ් තමන්ගේ මල්ලිට හානියක් වෙන්න දුන්නේ නැ.. අම්මයි තාත්තයි නැති විල්ෆ්‍රඩ් ට ජානක කියන්නේ පණ වගේ.. ඉතින් අද විල්ෆ්‍රඩ්ගේ හිතේ දරුණුතම තුවාලයක් ඇති කරන්න ගුරු ට පුලුවන් උනා. 


මහේන්ද්‍ර .. "' 


විල්ෆ්‍රඩ් කතා කරනකොට විල්ෆ්‍රඩ්ගේ කකුල් දෙක ගාව ඉදගෙන හිටිය මහේන්ද්‍ර ටක්ගාලා ඔළුව උස්සල බැලුව.මහේන්ද්‍රගෙ ගෝලයොන්ටනම් හරි පුදුමයි.තමන්ගෙ ලොක්ක මේ හැසිරෙන විදිහට.හැබැයි මහේන්ද්‍රත් එක්ක ඉස්සර ඉදන්ම හිටිය ගෝලයොන්ටනම් ඒක එච්චරම අරැම පුදුම දෙයක් නෙවෙයි.මොකද ඒ හැමෝම විල්ප්‍රඩ්ව දන්නව.

මහේන්ද්‍ර ඇමති කෙනෙක් කලේ විල්ප්‍රඩ්. ඉතින් මහේන්ද්‍ර මෙහෙම විල්ප්‍රඩ් ගාව වැටිල ඉන්න එක සාධාරණයි.


කියන්න ලොක්කා...'


කව්ද ඌ ?.... මලේ මල්ලිට මේ වගේ දෙයක් කලේ ? කව්ද ඌ ? 

 "ලොක්කා .. මන්නම් හිතන්නෙ ඒ ගුරු... ගුරු තමයි ජානක බොස්ව පැහැරගෙන ගිහින් තිබුනෙ ගුරු තමයි....'

 

   මොකාද් ඒ ගුරු කියන්නෙ.....කියහන් ඌ ඉවර වෙන්නෙ මගේ අතින්.. " 

   

   විල්ෆ්‍රඩ් කෑ ගහනකොට මහේන්ද්‍ර එතනින් නැගිට්ටා...

   

  ' සිරි.... ඔය ෆොටෝ එක ගෙනෙන්....'

  

 ' ලොක්කා...මේ ෆොටෝ එක බලන්න.මේ තමා ගුරු.underworld එකේ කින්ග්..හැබැයි මෑන්ව දැකපු අය සීමිතයි.මාත් ඒ අතරින් කෙනෙක් තමා... මුගෙ මැර ජිවිතය රහසක් වෙන්නෙම මූ ලොකු බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක් නිසා. 

  මහේන්ද්‍ර දීපු පින්තූරය අතට ගත් විල්ෆ්‍රඩ් ඇස් හීනිකර ගුරුගෙ පින්තූරය දිහා බැලුවා. ලොකු හුරුපුරුදු කමක් දැනුනත් නිශ්චිතවම ඒ මූන කාගෙද කියල මතක් වුනේ නැ විල්ෆ්‍රඩ්ට.

  

   කව්ද මුගෙ තාත්තා? 


" මිලින්ද නාගොඩ රක්කවත්ත...' "

 ගුරු කියන්නෙ තේමිය අභීෂ රක්කවත්ත '....


රක්කවත්ත....ම්හ්...රක්කවත්ත.. හොදට අහල පුරුදුයි...


ලොකු බොස්...මං දෙයක් කියන්නද?....'


විල්ෆ්‍රඩ් රක්කවත්ත කියන්නෙ කව්ද කියල කල්පනා කර කර ඉද්දි සිරි මැද්දෙන් පැනල කතා කලා. සිරි කියන්නෙ එදා ගුරුගෙන් ගුටි⁣කාපු කෙනා...


ම්හ් කියහන්...'


ගු"රු දෙයක් කිව්වා බොස්...රට ඉන්න මහලොකු බොස්ට කියන්න කිව්ව.... සිංහවංශ එයාව හොයන් ආව කියල. " 


මොකක්?...


විල්ප්‍රඩ් නැගිට්ටෙ හීයක වේගෙන්....

දැන් මතක් වෙනව හැමදෙයක්ම...ඒ මූනෙ හුරුකම් සමාන කාටද කියල... රක්කවත්ත කියන්නෙ කව්ද කියල...ඒ වගේම සිංහවංශ .....


සි  සිං හවංශ...ඒත් ඌ කො හො මද ?....


  විල්ප්‍රඩ් එහෙමම බැලුවෙ තමන් අතින් අතහැරිල මේසේ උඩට වැටිල තියෙන අභිගෙ පින්තූරය දිහා....


.............................................................


යෙශුගෙ කදුලු පිහිදලා දාපු අභී

 යෙශුගෙ අත් දෙකින් අල්ලල තද කරගත්තා..

 නහයත් උඩ ඇද ඇද යෙශු බැලුවෙ අභී දිහා...

  

   'යෙශු' මං දන්නෑ මං මේ කරන්න හරි දෙයක්ද කියල ,ඒත් මට තවත් ඔයාට මෙහෙම දුක් දෙන්න බැ.හැමදේම අදින් විසදෙන්න ඕනෙ.."

    

  එහෙම කියපු කොල්ල ඊලගට කරපු දේ නිසා යෙශු ගේ ඇස් පුදුම වෙලා කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ...



...............................................


🙂❤


.................


හැමෝම පරිස්සමෙන් ඉන්න.. 


#කතෘ අවසරයකින් තොරව උපුටාගැනීම සම්පුර්ණයෙන් තහනම් !🚫

#කතෘ අවසරය ඇතිව පලකරන සමූහ වලින් උපුටාගෙන අනවසරයෙන් වෙනත් සමුහ වල පල කිරීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිම් ! 🙂


මම ,

 දේදුණු රණසිංහ ! ✍️❤



Report Page