නෑනා පොඩ්ඩ

නෑනා පොඩ්ඩ

රචනය මහී❤️

[41.කොටස] [අවසාන කොටස]

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"අහ්..චූටි..

හිනාවෙවීම දොරෙන් ඇතුලට ගිය කෙල්ල ඒ පමාවට එලියට විසික් වුනේ කෑ ගහගෙන..


කේශිගෙ සිහින් ඉකිබිඳීම අතරෙ ගවේශ් කෙල්ල ළඟට දිව්වෙ ඇඟේ නහරයක් ගානෙ ආපු තරහට අත් දෙකත් මිටමොලෝගෙන...


"චූ..ටී..


බෝල ඇස්වල කඳුලු පුරෝගෙන බිම වැටිලා හිටපු කෙල්ල ගවේශ් දිහා බැලුවෙ මහ අසරණකමින්..


කොල්ල රතු වුන ඇස් වලින් අත ඉස්සුවෙ කේශි දිහාම බලාගෙන..ඒත් කොල්ල ඉස්සරහ හිටියෙ මෙහෙම දෙයක් කරයි කියලා හිතන්නවත් බැරිකෙනෙක්..

කෙල්ලගෙ චූටි ඇඬුමකටත් වදවෙන කොල්ලගෙ අම්මා...කෙල්ලව අඬෝනවා කියලා තමන්ට අනේක වාරයක් බැනපු ගහපු කොල්ලගෙ අම්මා...රේඛා..


"ශික්...


ගවේශ්ගෙ ඉහළට එසවුන අත එහෙම්ම පහළට වැටුනෙ කොණ්ඩෙත් ඇදගෙන කෑ ගහන ගමන්..


"උබ අත ඉස්සුවෙ මේ අම්මට ගහන්නද පුතේ... ආ..ගහපන්.. උබව මෙච්චර උස් මහත් කරපු අම්මට ගහපන්..

රේඛා කෑ ගැහුවෙ ඉහවහා ගිය තරහකින්..


"අනේ අක්කෙ..මගෙ කෙල්ල..

අනුලා ඇවිත් බිම වැටිලා ඉකි ගහන කෙල්ලව නැගිට්ටෝලා පපුවට තද කරගත්තෙ දේවකත් ඒ පස්සෙන් එළියට එනකොට..


"අයියෙ මේ මගෙ කොල්ලා..අරකි ඔයාගෙ දුව උනත් හැමදේටම වඩා මට මගෙ කොල්ලව වටිනවා..ඔය නැහැදිච්ච එකීව අරගෙන එළියට බැස්ස නම් හරි..


"අම්මා...අම්මා කියලා හැමදාම ඉවසන්නද දෙයියනේ.. ඔයාගෙ දෝණිට කොහොමද අම්මා අත ඉස්සුවෙ..

ගවේශ් හැමදාම අම්ම ඉස්සරහ අසරණ වෙනවා..ඒ කෙල්ල ඉන්න ලෝකෙ එයාගෙ අම්මත් මහලොකු කොටස්කාරයෙක් හින්දා..කොල්ලගෙ ලෝකෙ අම්මා..


"ගැහුවෙද...ගැහුවෙ මේකිව මං ඔලුව උඩ තියන් දැගලුවට මේකි මේ ගේ අස්සටම රිංගගෙන මගෙ පවුලම කාපු හින්දා...


"අම්මා..


"උබට මේ අම්මව මතක් වුන් නැද්ද මේකිත් එක්ක හොටෙල් අස්සෙ රිංගද්දි..ආ..මතක් වුන් නැද්ද..

රේඛා හයියෙන් කෑ ගහද්දි කේශි හයියෙන් ඉකි ගගහම අනුලට තුරුල් වුනේ ගවේශ්ගෙ හිතුවක්කාර කඳුලු ඔහේ පල්ලම් බහිනකොට..


"අර මිනිහා උබලගෙ නැටිලි එවද්දි උබට හිතුන් නැද්ද මේ අම්මව ඕව බලන්නෙ කොහොමද කියලා..මේකිට පිස්සු කියලා මගෙ එකා දුක් විඳලා හරියනවද..


"අම්මා ඇති...කිසි දෙයක් නොකරපු අර පොඩි එකීට මුකුත් කියන්න එපා..

කේශිගෙ ඇඬුම වැඩි වෙද්දි කොල්ල හෙල්මට් එකත් පොලේ ගහලා කෑ ගැහුවෙ මෙච්චර වෙලා හැමදේම දිහා බලාගෙන නිහඬව හිටපු දේවක අනුලගෙ කර වටේට අතදාලා කේශි එක්කම ලංංකරගද්දි...


ඒ පොඩි ගමේ මිනිස්සු ඔක්කොම වටවෙලා..එහෙන් මෙහෙන් අහෙන කතා අස්සෙ ගවේශ් හිටියෙ ගිනි ගොඩක වගේ...

අනුලා කෙල්ල එක්කම දේවකගෙ පපුව අස්සෙ හැංගුනේ ඒ මිනිස්සුන්ගෙ බැල්මෙන් මිදෙන්න..


"යං ඇතුලට..මාමෙ යමු..අම්මා ඔය කෑගැහිල්ල නවත්තගන්න..මේ මිනිස්සුන්ටත් ඇහෙනවා..


"ඇයි උබට ලැජ්ජද..කරද්දි හොඳ නම් මිනිස්සු දැන ගත්තට මොකද.. මේකිගෙ රැඟිලි ඔක්කොම දැක්කහමත් ඉවසන්නද කියන්නෙ.. අයියෙ මෙන්න මේ වේ#@ අරන් මෙහෙන් පලයන්..පිස්සු හැදිච්ච එවුන්ට කොල්ලො දෙන්නෙ මෙහෙ කොල්ලො හදලා නෑ..


වේ@#$....

කොල්ලට දැනුනෙ උල් පිහියක් පපුව හාරගෙන ටික ටික ඇතුලට කිඳා බහිනවා වගේ...ගවේශ් ළඟ තිබ්බ කනුවකට වාරු වුනේ ඒ වචනෙ දෙපාරක් තුන්පාරක් හිමීට මුමුණන ගමන්...


"ආදරේ කරපු එක වරදක්ද අම්මා...ඒ ටිකට ඔයාගෙ මේ චූටි පුතාව අවිශ්වාස වුනාද මගෙ අම්මට.. අම්මගෙ අස්සෙම දැවටි දැවටි හුරතල් වුන අර පුංචි එකීව එච්චරට පහත් තැනට දැම්මද...

ගවේශ් හරි අසරණ හිනාවකින් අහද්දි රේඛා අහක බලාගත්තා..


"අනුලා දෝණිව එක්කන් එන්න..අපි යමු..


"අපෙ මහ.ත්තයා...


"යන් අනුලා..

දේවකගෙ නිව්ච්ච හඬ පිටිපස්සෙ තිබ්බෙ දරාගන්න බැරි කෝපයක්... වේදනාවක් කියලා අනුලා දන්නවා.. ඒකයි ඉකි ගගහ හුස්ම අල්ලන කෙල්ලවත් තුරුල් කරගෙන දේවක පස්සෙ ඇවිදන් ගියෙ...

ගවේශ් මේ දිහා බලන් හිටියෙ කිසි හැඟීමක් නැතුව..

කොල්ලට තේරුනේ එක දෙයයි...ඒ ආය කවදාවත් ළං කරගන්න බැරි තරමට එයාගෙ ආදරේ ඈතට යන වග විතරයි...


"මං කටවහගෙන මගෙ පොඩි එකිත් අරගෙන යන්නෙ මං දන්නව මගෙ කෙල්ල කවදාවත් එච්චර පහත් තැනකට වැටිලා නෑ කියන්න..මං ඉන්නෙ උපරිමේට ඉවසගෙන..අද මේ අයියගෙ අතින් උබ පාරක් කෑවනම් මෙතනම මැරිලා වැටෙයි..තරහට වඩා වේදනයි..උබව මලක් වගේ ගෙදරින් පිටකරපු මං ඉස්සරහම මගෙ කෙල්ලව උබ ගමක් ඉස්සරහ බඩුවක් කරපු එකට..මෙතන හරි වේදනයි නංගියෙ..

දේවක කියන්නෙ පපුවට තට්ටුවක් දාන ගමන්..


"ඒ වගේම මගෙ කෙල්ලගෙ අසනීපෙ ගැන අර කොල්ලා මට ඇවිත් කිව්වෙ මගෙ එකී හොස්පිල් නැවත්තුව දවසෙමයි..අද ඉඳන් උබ මගෙ කවුරුත් නෙමේ..උබ වගේ එකියක් මට මගෙ පන..මගෙ නංගි වෙලා හිටිය කියන්න මං අමතක කරා..


දේවකගෙ රලු වචන අතරෙ කේශි බැලුවෙ ගවේශ් දිහා..කෙල්ල හදන්නෙ එයාගෙ චූටිගෙන් ඈතට යන්න.. කේශිට හිතුනෙම එක පාරක් ශර්ට් එකේ බොත්තම් ගැලවිලා පේන නිරුවත් පපුවට තදට තුරුල් වෙන්න..


"බලපන්කො මං උබලට කිව්වෙ මේකි දොල ළඟදි අපෙ කෙල්ලට ගහපු දවසෙමයි මං කිව්වෙ මේකි හොඳ බඩුවක් කියලා..


"අනුලත් නොදන්නවා උනාට ඔය කෙල්ලගෙ පැටිකිරිය අපි නොදන්නවෑ..අර අකිල පුතත් එක්කත් ගවේශ් පුතා ඇනගත්තෙ ඕකිගෙ වේ@# ම් හින්දලු..


"රේඛටත් හොඳ වැඩේ ඔලුවෙ තියන් ගේ අස්සට දාගත්තට..අර රටක් වටින් කොල්ලත් අයාලෙ යන එක උනේ..


ගවේශ්ගෙ උනුහුම ඕන වුනත් අනුලගෙ තුරුල ඊට ඉඩ නොදෙද්දි වටේ හිටපු අයගෙ කුණු කතා මැද නවත්තලා තිබ්බ කාර් එකට ගොඩ වුනේ ජීවිතේ තව දුර ගමනක් යන්න එයාගෙ චූටිගෙන් ඈත්වෙලා..



"උබ ආයෙ මගෙ කෙල්ලත් එක්ක ඇයි හොඳයියක් නැත්තන් මං කැමති..උබ කැමති නෑනෙ වේ#@$ කසාඳ බඳින්න නේද...


"මා..මේ..


"මගෙ එකී ගෙදරට නාකිවෙලා ගියත් මේ අද මේ දැන් මං දිවුරනවා මගෙ පන ඩිංග තියෙනකන් මගෙ කෙල්ලට උබගෙ හුස්මක්වත් වැටෙන්න දෙන් නෑ..

දේවක කොල්ලගෙ උරහිසට තට්ටු කරලා යන්න ගිහින් ආපහු හැරුනා.


"තව එක්ක..උබට පින් පුතේ මෙච්චර කාලයක් මගෙ කෙල්ලව බලාගෙන අර වගේ නමක් දුන්නට..උබට පින් සිද්ද වෙන්න මගෙ පොඩි එකී දැන් ගමටම වේ#$@ක්..

ගවේශ් එහෙම්ම දණිහ බිම ඇනගෙන බිම ඇදගෙන වැටුනෙ ඒ කොලු හිතටත් දරාගන්න බැරි උපරිම සීමාවත් පන්නලා තියෙනකොට...



"මැණික කාගෙද වැරැද්ද බං..අපි හිනාවුන එකද..පොඩි වෙලාවකට හරි මේ මූණුවල හිනාවක් ඇඳුන එකද..

අපි නෑනා මස්සිනා වුන එකද ඕයී... මොකද්ද කියපන් වරද..මට තේරෙන් නෑ ඕයී....

මාව දාලා යන්න එපා මැණික..

දෙයියනේ පපුව පැලෙයි ඕයී...එච්චරට රිදෙනවා..



දේවකගෙ කාර් එක ඈතට නොපෙනී යනකොට ගවේශ් ඒ පස්සෙම බිම දිගේ ගිහින් මිදුල මැදම ඇදගෙන වැටුනෙ රේඛා කොල්ල දිහාට දුවගෙන එද්දි..


"චූටි පුතා..


"අහකට පලයන්...මාව අල්ලන්න එපා..

කොල්ලා කෑ ගැහුවෙ පපුවත් එක අතකට මිරිකගෙන..


තාමත් ඒ රතු වුන ඇස් පාර දිහා..නෑ එයාගෙ පන නොපෙනීම ගිහින්...



"මල්ලි...ඕයී..මගෙ පොඩි එකා..නැගිටපන් රත්තරන්...


ගවේශ්ගෙ ලොකූ...ආකේශ් පාරෙම නවත්තපු කාර් එකෙන් බැහැලා දුවන් ඇවිත් කොල්ලව පපුවට කරගත්ත..


"අයියෙ මගෙ මැණික ගියා බං..මගෙන් ඈතටම ගියා..

ගවේශ්ගෙන් පිටවුන වචනත් එක්ක කොල්ලා කෑ ගහලා ඇඬුවෙ ආකේශ්ගෙ ශර්ට් එකේ එල්ලිලා.. නපුරු ඇස් ටික ටික පියවිලා යද්දි අකේශ් දාඩියට ඇලවුනෙ කොල්ලගෙ කොණ්ඩෙත් අවුස්සලා ගවේශ්ව නැගිට්ටෝගත්තෙ කඳුලු පුරවන් බලන් ඉන්න රේඛා දිහාට බැල්මක්වත් නොදා..

.

.

.

.

.

.

____________________________

.

.

.

.

.

_මාස හයකට පසු_



බයික් එකක සද්දෙට කෙල්ල එක පිම්මට දොරෙන් එළියෙ..

හිනා කටක් පුරෝගෙන බලන් ඉන්නෙ ඒ බයික් එක ගේට්ටුවෙන් ඇතුලට දානකන්..ඒත් ගේට්ටුව පාස් කරලා පාර දිගේ දිගටම යන බයික් එක දැක්කම කෙල්ලගෙ ඇස්වලට ආය කඳුලු පිරුනෙ පිටිපස්සෙන් ආපු අනුලට තුරුලුවෙන ගමන්...



"චූටි අයියා අදත් නෑ අම්මි...එයාට දෝණිව අමතක් වෙලාද කොහෙදො..


"එයි මැණික..ඕං බලන්නකො..හෙට අනිවාරෙන් එයි..

අනුලා මාස ගානක් අතෑරපු බොරුව ඒ ඇස් මගඇරලම කිව්වෙ ඊළගට ඒ බොළඳ හිත අහන උත්තරේ දැනගෙන..


"හෙට එයිද ඒනම්..අදත් වැඩ ගොඩක් ඇතිද..


බෝල ඇස් වලින් තව බලාපොරොත්තුවක් පොඳි බැඳගෙන අහද්දි අනුලව පිච්චෙනවා..

"ඔව් දෝණී..වැඩ ඉවර වුනාම එයි..කෝ අපි යන්කො ඇතුලට..


දේවක තව දුරටත් ඒ ගමේ ඉන්න බැරිකමට කොළඹ ආවෙ හැමදේම අතෑරලා..ගවේශ් කවදාවත් එන් නැති බව දැන දැනත් අනුලා වගේම දේවක කෙල්ලගෙ හිත හදන්නෙ තව දවසකට බලාපොරොත්තුවක් දීලා..



"දෝණි අපි ෆිල්ම් එකක් බලමු.. ඉන්නකො මං දෙන්නටම බීම හදන් එන්නම්..


අනුලා ටීවි එක දාලා කුස්සිය පැත්තට ගියෙ කෙල්ලගෙ ඔලුවත් අතගාගෙන.. ඒත් ඇහුන දේත් එක්ක එහෙම්ම අඩිය පස්සට අරන් ආපහු හැරුනා..




||"මෙන්න දැන් ලැබුණු විශේශ පුවතක්.. අද අලුයම හතරයි තිහට පමණ මාතර බෝවත්තපිටිය මංසන්ධිය ඉදිරිපිට කපා කොටා ඝාතනය කළ පුද්ගල මලසිරුරක් හමුවී තිබෙනවා.. ඔහු අවුරුදු හතලිහක පමණ එක් දරු පියෙක් වන අතර ඔහු මීට වසර දහයකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙක්ද වනවා..මොහු මියගොස් ඇත්තෙ දිගු කලක් වදහිංසාවලට ලක්ව අභ්‍යන්තර අවයව හානිවීමෙන් බව මරණ පරික්ශන වාර්තාවෙ දැක්වෙනවා..මීට සැකපිට වයස අවුරුදු විස්සක තරුණයෙකු අත්අඩංගුවට ගත් බව මාතර පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා..ඔහු ගවේශ් නේශ්වර රුද්‍රිගෝ නම් මාතර ආසන්නම පදිංචිකරුවෙකු බවත් ඒ මහතා වැඩිදුරටත් පවසනවා...

එම පුවත නැවතත්...||


(End)

(නෑනා පොඩ්ඩ Part 01)


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඊලයි ලමයී..

මං සාමාන්‍යයෙන් එන්ඩ් එක සෑඩ් එකක් කරන් නෑ ලමයි..ඒත් මේ කතාවෙ හිතුනෙම සෑඩ් එන්ඩින් එකක් දෙන්න..

හැබැයි කලබල නොවී ඉන්න.....

(නෑනා පොඩ්ඩ part 02)

එනකන්..


ඕතරීට අද නම් ඔයාලගෙන් දිග කමෙන්ට් එකක් ඕන..

නැත්තන් නපුරු ඕතරී part 02 අල්ලලා කැලේට විසික්කරනවා..🙃

Report Page