නොනිමි🖤

නොනිමි🖤




(කෙටි කතාව)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

නිමාවක් නොවුණ ඇගේ කතාව නොනිමි.......



___



මට හරි මහන්සි...

වෙනදට වඩා අද වැඩිපුර මහන්සි...

ඇග පුරාම වේයෝ දුවනවා දුවනවා වගේ....

ඇහැරන් ඉන්න එකත් දැන් නම් කරුමයක්...

නින්දයන් නැති එක ඊට වඩා කරුමයක්...

බෙහෙත් සැරට ඇඟ ම දනවා දනවා වගේ....

ඇස් දෙක දනවා ඔක්කො ම වඩා...





ඊට හපන් මේ තියන සීතල...

ඒ මදිවට ෆැන් එකත් දාලා ගිහින්...

වතුර තිබහයි...

කට වේලිලා ගිහින්...




ඒත්,

තාමත් මං බලන් හිටියේ රූපේ ඇස් මානේ ට ආවේ නෑ....

දැන් නම් එන්න වෙලාව හරි...

වෙනදා නම් මෙලාට ඇවිත් මං එක්ක කයියකුත් ගහනවා...




ඒත්,

අද නම් තාම නෑ...

බිත්ති ඔරලෝසුවේ කටු කැරකෙනවා ටක් ටක් ගගා...

දැඩි නිහඩ බව නිසා ඒ ශබ්දය හොදට කනට ඇහෙනවා...

සමහර වේලාවට එක මාර අපහසුවක්....





"මං පරක්කුයි පොඩ්ඩක්...සොරි ආශි..."





හිනාවෙන් ම මං ලගට දුවන් ආපු ඒ රූපේ...

මගේ හොදම යෙහෙලිය...

මගේ සහෝදරී...

නේහා....




"වෙනදාට වඩා ටිකක් පරක්කුයි...."



මං එහෙම කිව්වේ ඒ අත අල්ලන්මයි...



"ඇයි වෙව්ලන්නේ ආශි සීතලයි ද?"



"ටිකක් සීතලයි.."



"ඉන්න මම ෆැන් එක නිවන්නම්."




නේහා ෆැන් එක ලගට ගිහින් නිවලා ඇවිත් ආයම මං ලගින් ඉද ගත්තා...




"හොදටම ඇදිලා ගිහින් ආශි...මට දුකයි..."




ලාවට ඇස් වල කඳුලු කැට මෝදු වෙද්දී...

නේහා එහෙම කියන්නේ මගේ අත තද කරලා අල්ලන්....




"එහෙම තමයි මගේ ජිවිතේ..."



මං ඒ මුණ මග ඇරලා කිව්වා..




"උබ කොච්චර හොද කෙනෙක් ද ආශි...එච්චරට ම හොද උබට මෙහෙම වුණේ...ඇයි බන්?"



"පෙර කරපු කරුම වලට..වෙන මොනවටද?"



මං හැගිම් විරහිත ගාණට කියලා දැම්මා...



"සුදු මැලි වෙලා ගිහින්..."



මගේ මුණ යන්තම් ස්පර්ශ කරලා ඔහේ කියනවා...

හැමදාම මෙහෙමයි...

මට වඩා මං ගැන දුක් වුණ මේ ලොකේ එකම මනුස්සයා වෙන්න ඇති මේ...

නේහා...




"දැන්වත් ඇතැරලා දාපන් නේහා...මැරෙන්න ඉන්න මම ගැන ඔහෝම උහුල්ලන එක නතර කරන්න....උබට ලස්සන ජිවිතයක් තියනවා.හොද මහත්තයෙක් ඉන්නවා.තවත් මොකටද මම ගැන හිත හිත උහුල්ලන්නේ...."




මං එහෙම කිව්වේ ඒ කඳුලු ගලන මුණේ...

තවත් කඳුලු පේලි පේලි ගලන් මුණ දිගේ බේරෙද්දී...




මං දිහා බලන් හිටපු නේහා මාව තද කරලා බදා ගත්තේ....

මගේ ඇස් වලටත් කඳුලු උනද්දී..

ඒත්,

ඒ කඳුලු නේහා ඉස්සරහ මං කීයටවත් වට්ටන්නෑ කියලා හිතුවේ...

ඕනවටත් වඩා විදවන ඒ පපුවට තවත් දුකක් එකතු කරන්න බැරි නිසා....




"මං ඉක්මනට ඇදුම් මාරු කරලා සුප් එකක් හදාගෙන එන්නම්...විනාඩි 10 ක් දෙන්න...."



නේහා යන දිහා මං බලන් හිටියේ වේදනාවෙන්...

මටත් දුකයි නේහා...

මාත් ආසයි...

මේ ගමන නොයා ඉන්න...

ඔයත් එක්ක ඉන්න...

ඒත්,

දැන් මේ ජිවිතේ ම කැපවෙලා ඉවරයි මරණයට....




මහ කරුමක්කාර ජිවිතයක් මං ගත කරේ...

මං හැදුණේ පුංචි අම්මා ගාව...

තාත්තාගේ දෙවනි කසාදේ....

මට ආදරේ මුලින් ම අහිමි වුණේ මගේ අම්මා ගෙන්,

එයා නැති වෙද්දී මට අවුරුදු 08 ක් විතර ඇති,

ඊට පස්සේ තමයි තාත්තා පුංචි අම්මාව ගෙදරට ගෙනාවේ...

කාලයත් එක්ත ජිවිතේ ම අප්පිරියා කරන්න පුංචි අම්මා වැඩ කරා...

බැනුම් පිරිච්ච ජිවිතේ ගෙදර ට කොටු වෙලා වැඩ කරා...



බිත්ති හතරක් ඇතුලේ පුංචි අම්මා ගේ නොසැහෙන්න වෙනස් කම් එක්ක මම ටික ටික හැදුණා....

තාත්තා ට වුණත් මං ගැන බලන්න වුවමනාවක් තිබ්බේ නෑ...

තාත්තා මගේ වගකීම් පැවරුවේ පුංචි අම්මාට....

පුංචි අම්මා ට තිබ්බ වගකීම් ඔක්කොම මට පවරලා එයා බලන් හිටියා...

ගෙදර තියන හැම වැඩක් ම කරේ මගේ අත් වලින්...

වයසට වඩා මං වැඩ කරා...

මහන්සි වුණා....






එහෙන් මෙහෙන් සතියට දෙතුන් පාරක් ස්කෝලේ ගියා...

උසස් පෙල කරන්න තරම් මම සමාන්‍යය පෙල පාස් වුණා...

ඒත්,

උසස් පෙළ කරන්න මාව ඉස්කෝලේ ට ආය යවන්න පුංචි අම්මා කැමති වුණේ නෑ...





එයාට ඕන කරේ මගෙන් නිදහස් වෙන්න...

යන්තම් විසි එක පහු වෙද්දී මාව කසාද බන්දලා දුන්නේ...

යොජනාවක් ගෙනාව තැනකින්...

පස්සේ තමයි දැන ගත්තේ පුංචි අම්මා තමයි ඒ මිනිස්සුන් ට මාව යෝජනා කරලා තිබ්බේ කියලා....





අෂ්ඨක කියලා පොරුවේ චාරිත්‍ර කරලා මාල හත දාලා මහ ඉහලින් කසාදයක් කර ගත්තා...

ලෝකේ ට හරි අපුරුවට පෙන්න...

මං එතනදි සතුටු වුණා...

මට මීට පස්සේ හරි හුස්ම ගන්න පුලුවන් ජිවතයක් ලැබෙයි කියලා...

ඒත් ඒ සිතුවිල්ල සම්පුර්ණයෙන් ම වැරදි.. ...

මං වැටුණේ අපායෙන් අපායට....





මං හිත හදා ගත්තා ඒ මනුස්සයා එක්ක කතා කරලා හොදින් ජිවත් වෙන්න....

ඒත් බලන් ගියාම තව ගෑනියෙක් තියාගෙන ඉන්න මිනිහෙක්....,

ඒ මනුස්සයාට වෙන ගෑනියකුයි දරුවෙකු යි ඉන්න තාත්තෙක්...

ඉතින් තවත් මං කොහෙට වැටෙන්නද?

ඒ අනියම් ඇසුර නතර කරන්න ඕන නිසා ගෙදරින් මට කසාද බන්දලා දීලා.....





සතියක් ඉන්න ඇති,

ඒත් මට තවත් එතන ඉන්න බැරි වුණා....

මගේ කියලා කිසිම දෙයක් නැතුව මං පාරට බැස්සා....

කසාදය කියන මහ අගනා නාටකයට පයින් ගහලා මං ගෙදරින් එලියට බැස්සා...





එතනින් බැහැපු ගමන තමයි මං අද මෙතන ඉන්නේ,

නේහා එක්ක....

මගේ හොදම යාලුවා එක්ක...

නේහා මැරි කරලා ඉන්නේ එයාගේ හස්බන්ඩ් නදුන් එක්ක...

නදුන් හරි හොද කෙනෙක්...

මට එයාගේ ම සහෝදරියක් වුණා...

ඒ දෙන්නා බැදලා අවුරුදු 3 ක් විතර...

ඒත් තාම ඒ දෙන්නාට ලමයි නෑ....

නදුන් ගේ අම්මා දොස් කියනවා කියලා....

ඒ දෙන්නා වෙනම රෙන්ට් එකට ගෙයක් අරන් තනියම ඉන්නවා...

ඒ ගෙදරම මාවත් නතර කර ගත්තා......







මං නේහා ගාවට ඇවිත් සතුටින් ඉන්න හැදුවා විතරයි...

මං හිතුවේ කොතන හරි පොඩි ජොබ් එකක් කරලා...

සරලව ජිවත් වෙන්න....

ඒත්,

ඒ හැමදේටම දෛවය කුහක විදිහට හරස් වුණා....





මගේ පෙනහලු වල දරුණු පිලිකාවක්....

හොද කරන්න බැරි තරම් පැතිරිලා....

මං මේ ගත කරන්නේ මගේ ජිවිතේ අන්තිම දවස් ටික......

දුකයි තමයි...

ඒත්,

ඒ දේ වෙනස් කරන්න මට බෑනේ...





මං හිටියේ මගේ මතක එක්ක ලොකු කතාවක....

ඔලුව ඇතුලෙන් කැක්කුමක් එද්දී...

මට හුස්ම ගන්න අමාරු වුණා....

මං මගේ පපුව අතින් අල්ල ගත්තේ..

ඇතුලෙන් හිර වෙනවා හිර වෙනවා වගේ දැනෙද්දී....



මට දැනුනා මගේ හුස්ම හිරවෙනවා වගේ...

ඔව්....

මට මට තේරුනා..

තව ටික වෙලාවයි මට තියෙන්නෙ කියන එක..




"නේහා...හ්....."





මම අමාරුවෙන්ම ඒ නම කියද්දී නේහා දුවන් එනවා මං යන්තමට දැක්කා....





"ල්..ඟඟට.. එ...න්..න්හ්....නේ......හා....."





මම අමාරුවෙන්ම අත දික් කරලා නේහාට කතා කරා...



"ආශි....ඇයි මේ....ඔයාට අමාරුද?....ඉන්න මම ඩොක්ටර් ට කතා කරන්නම්......"







මගේ ලඟට ම ඇවිත් මගේ අත අල්ලන් කලබල වෙලා...

ඇස් වල කඳුලු පුරවගෙන නේහා කතා කරනවා....




"ඒ....පා....හ්.....දැ.....න්......ම....ට....යන්න.....ඕන....."




මම බොහොම අමාරුවෙන් නේහාට ලං වුණා....





"මං.....ආ....ය......ම......එ.....න....වා.....නේ...හා...හ්....."





ඒ කතා කරපු ඇස් දෙක පියවෙලා ගියේ...

නේහා බලන් ඉද්දීමයි.....




"ආ.....ශි.............."










අවුරුදු එක හමාරකට පසු




"මගේ.....දරුවා....."




"කලබල වෙන්න එපා...අම්මේ ඔයාගේ දරුවා...ඔයාගේ මහත්තයා අතේ ඉන්නවා....."







ඒ නර්ස් ඒ ටික විතරක් කියලා ඉවර වෙද්දීම...

නදුන් රූම් එකේ දොර ඇරන් මං ලගට ආවා....

නදුන් මගේ අතේ හිටපු රෝස මල මගේ පපුවට ලං කරා....

මං හිමින් සැරේ නැගිටලා ඇද විට්ටමට හේත්තු වුණා...

නදුන් මගේ අතට දුන්ක පුංචි රෝසමල මං අතට අරගත්තා...




"නිල් පාට ට හුරු පැහැදිලි දිග ඇස් දෙකක්....."




මං කිව්වා නෙවෙයි කියවුණා....




"නදුන්....."



නදුන් ගේ ඇස් වල කඳුලු පිරිලා...



"නේහා......."




"එයා ඇවිත්....කිව්ව විදිහට ම ආය අපි ගාවට ම ඇවිත්....ආශි.....ආශි....."



නිමාවක් නොවුණ ඇගේ කතාව නොනිමි.......


---------------------නිමි-------------------------


පරණ ලියලා තිබ්බ කතාවක් අදයි Telegraph කරේ. ලස්සනයි ද නම් දන්නෑ...


මොකද හිතෙන්නේ...

Report Page