නාදුනන පෙම්වතුන් 🤍

නාදුනන පෙම්වතුන් 🤍


(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


නාදුනන අපි පෙම්වතුන් ද......




Pov: ගඟනි



ආදරේ....

ආදරේ....

වචනයක් ඇතුලේ හැංගිලා තියන මිහිරි හැගිමක්.....

මං ආදරේයි.....

අසීමාන්තික නිදහසක් දැනෙන මේ විසල් අහසටත් වඩා මං ඔයාට මටත් වඩා ආදරෙයි.....

ආදරේ කියන්නේ ම වෙනස් පුද්ගලයන් දෙන්නෙක් අතර ඇති වෙන මනෝභාවාත්මක හැගීමක්....





ඇත්තටම ආදරේදී හොයන්න ඕන

අතාරින්නෙ නැතුව දිගටම ආදරෙන් ඉන්න කෙනෙක්...

හිතට වදින හිතට දැනෙන කෙනෙක්

අපිට ආදරේ කරන කෙනෙක්

අපිව බලාගන්න කෙනෙක්

පරිස්සම් කරන කෙනෙක්

තේරුම්ගන්න කෙනෙක්

කොටින්ම කිව්වොත්

අපිව ජීවිත කාලේ පුරාවට ම තනි නොකර...

එක වහලක් යට මැරෙනකල්ම ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක්.....




දැනුන ප්‍රේමය අමතක කරන්න බෑ...

අමතක කරන්න අමාරුයි.....

තදින් ම දැනිච්ච ඒ ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

සමහර බැදීම් ඉස්සරහ පුදුම විදිහට හිත් අසරණ වෙනවා...

සමහර විට මට ඔයාව මුණගැහෙන්න බැරි වෙයි......

ලං කර ගන්න බැරිවෙයි...

නමක් නැති මේ බැදිම දිහා ගව් ගානක් දුරින් ඉදන් බලා වැලපෙන්න වෙයි...

නෙලා ගන්න බැරි වෙයි.....




මට ඔයාව ළඟයි කියලා දැනෙන්න හරි

ඉතුරු වෙලා තියෙන්නේ ඔයා එක්ක කතාකරන මේ පුංචි වචන ටික විතරයි...

ඔයා දැනෙන නොදැනෙන ගානට දෙන මේ පුංචි ආදරෙයි විතරයි......

අපිට හැමදාම කතාකරන්න බැරි වෙන්න පුළුවන්...

කල්පෙකට පාරක්වත් හම්බවෙන්න කතා කරන්න බැරි වෙයි.. ...

එහෙමයි කියලා කවදාවත් මගේ හිතට දැනෙන මේ හැගිම...

අංශූ මාත්‍රයක් තරම්වත් වෙනස් නොවෙයි...

අපි දෙන්නට දෙන්නා බලාපොරොත්තු වෙන්නේ සැනසීමක්....

ඔයා ගේ කතාව වචන වලින් මට අදටත් දැනෙන්නේ...

කවදාවත් නොදැනිච්ච සැනසීමක්...

ඉතිං...

මේ වැලපෙන හිතට සැනසීම එකතු කරපු ඔයාට පිං.....

දන්නවද,

සමහර විට මං නිසා සමහර දේවල් වලට ඔයාගේ හිත රිදෙනවා ඇති....

ඒ රිදෙන හැම මොහොතකට ම මට සමාවෙන්න....





දැනෙන නොදැනෙන ගානට ඔයා දෙන ඒ ආදරේට මං හරි ලෝභයි...

දැනෙන නොදැනෙන ගානට පාවිච්චි කරන ඒ රිදුම් දෙන වචන වලට මං හරි බයයි....




"මං ගොඩක් ආදරෙයි..."



හැමදාම හදවතින් ම මම මෙහෙම කියයි...

ඔයා මට හිමි වුණත් අහිමි වුණත්...

මට හැමවෙලේම ඔයාට ආදරෙයි කියාගන්න බැරිවෙයි,

ආදරෙයි කිව්වත් සමහර වෙලාවට ඔයා නොදැනෙනවා වගේ ඉන්නවට,

ළඟ ඉන්න ඕනි හැම වෙලාවටම ළඟ ඉන්න බැරිවෙයි,

අමාරුම වෙලාවල හයියක් වෙන්න බැරිවෙයි,

තනියම කියල දැන දැනත් ලඟට එන්න බැරි කමට,

ඇස් දෙකවත් දකින්න නැති කේන්තිය ඔයාගෙන් පිට කරල දානවට,

මට සමාවෙන්න...






ඔව්,

මට පුළුවන් ඔයාව දරාගන්න...

ඒ වගේම කවදාහරි දවසක ලැබුනොත් හොදට බලාගන්න...

ඒ වගේම කවදාහරි දවසක නොබුනොත් දුරින් ඉදන් බලා සැනසෙන්න...

ඔයාගේ සතුට ඔයාට ලැබෙනකම් ම ඔයා එක්ක ම ඉන්න

මට පුලුවන්,




මේ දැනෙන හැගිම වචන කරන්න මමදන්නෑ...

හිතට දැනෙන මේ අසීමාන්තික ආදරේ වචන කරන්න මට බෑ...

හැම තිස්සෙම මෙහෙම කරදර කරනවට මට සමාවෙන්න...

ඒත් මම හැමදාම ඔයාට කරදර කරනවා...

ඒ තමයි මගේ විදිහ,

මගේ ආදරේ,



ෆැන්ටසි ලෝක වල ජිවත් වෙන අපි දකින සමහර හීන වලින් අපි ඇහැරුනාම,

අපිට හරි ම ඇත්තට මුණ දෙන්න බැරි වෙයි...

ඒත්,

මම ආදරෙයි සෑහෙන්න.......




"පරිස්සමෙන් ඉන්න "



අයිති වුනත් නැතත් මගේ හීන වල පවා ඔයා මට වද දෙනවා ...

මෙච්චර ඔයා ගැන වද වෙන්නෙ ඇයි කියලා මං හරියටම දන්නේ නෑ

ඔයාට මං මෙච්චර ම ආදරේ කරන්නේ ඇයි කියලා මම දන්නෑ....

මං දන්න විදිහට මෙහෙම කියන්නම්.....

ඔයාව මට දැනුන එක තමයි එකම හේතුව .....






ජීවිතේ අපිට දැනෙන අපි ආදරේ කරන අය අපිට මුණ ගැහෙන්නෙ එකම එක පාරයි...

ඒක සංසාරික හමුවීමක් වෙන්න පුලුවන්.....

අයිති උනත් නැතත් ඒ සංසාරික හමුවීමට මං සැහෙන්න ආදරෙයි....



ඉතිං,

මැනික මම ආදරෙයි කියලා ආය පාරක් කියන්න ද?



හමුවීම හිමිවීම අහිමි විම ලෝක ස්වභාවය වුවත්,

හමුවී හිමිවී අහිමි වී ගිය බහුතරයක්....

නැවත කෙදිනක හෝ...

මේ ලොවේ...

කවදා කෙදිනක හෝ ,

නැවත හමුවනු ඇත...❤

හිමිවනු ඇත... 🖤

අහිමි නොවුනු ඇත....🕊️



___________________________




කවුරු හරි කෙනෙක් Pov එක විදිහට බෝයි ගේ පැත්තෙන් ලියනවා නම්,එක හොදයි කියලා මම හිතනවා....


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

Report Page