දෙවෙනි ඉනිම & සංගීතේ
Shaviruni Nawarathneමගේ වම් අත පැත්තේ කොන්ඩේ පොකුටු වැඩිය උස නැති උනාට මට වඩා උස කෙල්ලෙක් සිටියාය..ගැටඹේ හෝ බෝගම්බර හෝ කුමක් හෝ පිට්ටනියක් ඉදිරියෙන්ම අපි දෙදෙනා සිටගෙන සිටිය අතර අපිට ඉදිරියෙන් දැවැන්ත වේදිකාවකි.එහි තිබුණු බෝඩ් ලෑල්ලේ
"FM DERANA ATTARK SHOW WITH SANJIITHE"
කියා සඳහන්ව තිබුණි..සංගීතය නොමැතිව ඇටෑක් ෂෝ තැබිය නොහැකි නිසා එය මෙහි සඳහන් කළ යුතු නැත.අද සටනට සූදානම් වන සංගීත කණ්ඩායම් දෙක වේදිකාව දෙපැත්තෙහි සිට සූදානම් වෙති.
වම් පැත්තේ කණ්ඩායමෙහි නායකයා බෝසත් පෙනුමක් ඇති උස,කහ පාට කොල්ලෙකි..ඔහුව මීට පෙර හෑන්ඩ් බිලක විරිත්තාගෙන සිටිනු මා විසින් දක්නා ලදී.ඒ කණ්ඩායම සතුටින් සිටින්නා සේ පෙනුණි.
දකුණු පැත්තෙහි සිටි මුලු කණ්ඩායමම පාහේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පෙනුම ගති.එහි නායකයා ළඟදී පාතාලයෙන් ආ මැරයෙකුගේ පෙනුම ගත්තේය..ඔවුන් පිටියට ආ යක්කුන් මෙන් හැසිරෙමින් සිටියහ.
දකුණු කණ්ඩායමෙහි නායකයා මගේ එහා පැත්තෙන් සිටි කැරලි කොණ්ඩ කාරිය දෙස වරින් වර බලමින් රැව්වේය..කෙල්ල ඒවා දැක්කේ නැති..මන්ද යත් ඈ අනික් කණ්ඩායමෙහි නායකයා දෙස බලා සිටිය නිසාය..ඔහු වරින් වර ඈ දෙස බලා සිනාසුණු අතර ඒ සෑම අවස්ථාවකම ඈ ලැජ්ජාවෙන් රතු විය.මම දිගටම මේ නාට්‍ය දෙස බලමින් සිටියෙමි...මියුසිකල් ෂෝ බලන්නට එන අයට මෙවන් නාට්‍ය කොටස් නරඹන්නට දීම ඉතා හොඳ ප්‍රවණතාවකි.
"හරි අපි පොඩි රිහසල් එකක් කරමු" යි කියමින් නිවේදකයා වේදිකාවට නැග්ගේය.'දෙරණ කොතැනද චතුර එතැනය ' යන කියමන සැබෑ කරමින් පැමිණ සිටි මේ නිවේදකයා අපි කවුරුත් හොඳින් දන්නා පොහොට්ටුවල සිත දිනූ,නිතරම කඩ ගාව දැකිය හැකි ,අති පණ්ඩිත පෙනුමක් දැරූ ඔහු චතුර නම් විය.
ඔහු රිහසල් එක ආරම්භ කළේය..
" ඔව්ව්....අද අපි මේ එක්ව සිටින්නේ දෙරණ ඇටෑක් ෂෝ 45 වන පියවර සමගයි..අපිට පෙනෙනවා විශාල ප්‍රේක්ෂක පිරිසක් හැමදාම වගේ අපි සමග සිටින බව..අද අපි පොඩි වෙනසක් කළා..අද කරට කර උරට උර තරඟ වදින්නේ අපි සැවොම හොඳින් දන්නා ප්‍රසිද්ධ කණ්ඩායම් දෙකක්...මේක දෙරණ ටෙලි හා දෙරණ ඇටෑක් ෂෝ එකතු වෙලා කරන වැඩක්". ඔහු හුස්මක් ගත්තේය..වේදිකාවේ එක් පැත්තක් එළිය විය...ඒ වම් පසය...බෝසත් පෙනුම තිබූ කොල්ලගේ පැත්ත එළිය විය.
"ඔව්...අද අපි සමග සිටිනවා ලවන් අභිෂේක් ප්‍රමුඛ ............." නිවේදකයා නම කියන විට මයික් එක ලං කර ගත්තා වැඩිය..මට ඇසුනේ කුරුකුරු..හඬ පමණි.
එය කියද්දී ඒ කණ්ඩායම් නායකයා කැරලි කොණ්ඩකාරි ට පැණි හිනාවක් දැම්මේය..ඈද ඉතා ලැජ්ජාවෙන් සිනාසී ඇඹරුණාය...අනික් පස සිටි කොල්ලකරුවා වේගයෙන් අනික් කණ්ඩායම දෙසට ගියේය..ඔහු අර උස කොල්ලා සමග වලියට එන්නට විය..මා පසෙකින් සිටි කෙල්ල
" අනේ අයියා" ගාමින් කෙඳිරි ගෑවාය...ඒ සමගම පිටුපසින් ආ අතක් ඈට තට්ටු කළේය.ඈ හැරුණාය..ඈට ඒත් සමගම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොස්සට පහරක් වැදුණි..
" මට පේන්න බෑ මේකි අරුත් එක්ක තොඳොල් වෙනවා"
තමා ගැසූ පහර ගැන ආඩම්බරය ගැබ්වූ හඬක් ඇසුණි..ඒ මගේ හොඳ බොක්කකි.
වේදිකාවේ සිටි දෙදෙනා සිය සටන අතහැර පහත බැලූහ.කැරලි කොන්ඩ කෙල්ල තරහ පිරුණ මුහුණින් තැලිච්ච නහය අත ගාමින් හඬයි.ඇය කොතරම් දුකින්ද යත් ඇගේ මුහුණේ සමත් දිය වෙමින් වැටෙයි.
" අනේ පව්" මගේ සිත අනුකම්පාවෙන් පිරෙයි.
" මොකද්ද බං උඹ ඒ කළේ.." යි මම යාලුවාගෙන් ඇසුවෙමි..ඈ නැත..පසුවට වෙන කරදර ගැන සිතා ඌ මාරු වෙලා වගේය.අර කණ්ඩායම් නායකයන් දෙදෙනා ඉන් බැස මේ දිහාවට එති..මාත් මාරු වීම හොඳය..මම සෙමින් පිටිපසට පැමිණ එතනින් මාරු වුණෙමි.ෂෝ එක හමාරයි වගේය..මාත් යන්නට ඕනෑය.
පාරට බසින විටම ටැක්සියක් ආවේ මගේ පිනටමය..මම එය නතර කර ගතිමි.
" කොහාටද" රියදුරා අසයි..
මම මට යන්නට ඕනෑ තැන කීවෙමි..එය ඔබ දැන ගන්නට ඕනෑ කමක් නැත.රථය තුළ තවත් 'ඇන්ටි ' කෙනෙක් සිටියාය.ඇය අත බඩු මලුද විය.කොණ්ඩය උඩට කර ගෙඩියක් ගසා සිටි ඇයව දැක පුරුදු පෙනුමක් ඇත.ඒ තවත් හෑන්ඩ් බිලකින් වන්නටද බැරි නැත.මම වාහනයට නැංග පසු එය යන්නට විය.මගේ ගමනාන්තයට වැඩි දුරක් නැත.මම එහා පස සිටි ඇන්ටි ගැන මතකය ගොඩ ගන්නට තනමින් සිටියෙමි.
" ආ..ආ..මේ අරර..." නැත .මට මතක නැත.
අපි වැඩි දුරක් නොගොස් ග්‍රාමීය මාර්ගයකට හැරුණෙමු..මේ ඇන්ටිගේ හයර් එක විය යුතුය..අදාළ නැතිදේට කට නොදමා සිටිය යුතුය.රථය ගොර ගොර හඬක් නැගූ අතර රියදුරා ඒ ගැන නොතකා දිගටම ගියේය.අපි එක ළඟම පිහිටි බාලක හා බාලිකා පාසල් දෙකක් පසු කලෙමු..එයින් මඳ දුරක් යද්දී ගොර ගොර හඬ තවත් වැඩි විය.
ඇන්ටි රියදුරා අමතා,
"මොකද ප්‍රශ්නයක් ද" කියා විමසුවාය.
ඔහු ඊට පිළිතුරු දෙන්නට පෙරම වාහනය දඩස් ගා නතර විය..රියදුරා පණ ගන්වන්නට උත්සහ කළද නොහැකිය.
" මීට ටිකක් එහායින් අපේ ගරාජ් එක තියෙන්නේ...එතනට ගිහින් කවුරුහරි එක්ක එන්න." ඈ නිවැරදිය..මඳක් එහායින් ගරාජයක් ඇත.රියදුරා ගියේය..අනතුරුව ඈ මා දෙස හැරුණාය..ඇගේ දෑසින් අනුකම්පාව උතුරයි.
" අපේ ගෙදරත් මේ ළඟ තියෙන්නේ..එන්න අරය වාහනේ හදනකම එහෙට යමු"
මේ වාගේ ඇන්ටිලා මැවූ දෙවියන්ට පින් සිදු වන්නට ඕනෑය..මට ගරාජ් එක ලඟ සිටගෙන සිටීමට උවමනා නැත.ඇන්ටි යන්නට ගත්තාය.ඈ ළඟ බඩු මලු කිහිපයක්ම ඇත.
" දෙන්න ඇන්ටි එකක්." මම මගේ හොඳකම පෙන්වීමට ඉල්ලුවෙමි.
ඈ වැලි පාරක් දිගේ ගොස් නිවෙසකට ගියා ය..යාමට ලැබුනේ ඉස්තෝප්පුව තෙක් පමණි.කොණ්ඩය දිග ,ගවුමක් ඇඳ සිටි කෙල්ලක් අඬාගෙන ,කාට හෝ බණිමින් ආවාය.
"බලන්න අම්මේ..තාත්තා ආයෙම අරයට ගහන්න ගිහින්..බණිනවා මං ඇහුවම"
"ඇයි යකෝ තොට ලැජ්ජා නැද්ද ඌ එක්ක කතා කරන්නවත්." ඇගේ පියා විය යුතු කෙනාද බැණ ගෙනම ආවේය.
මා කැඳවාගෙන ආ ඇන්ටිටද ලැජ්ජා සිතෙන්නට ඇත..මටද ලැජ්ජා සිතෙයි.මම පාර දෙස බලාගෙනම සිටියෙමි..
ඇන්ටි ඇගේ දුව සනසන්නට විය..පිට කෙනෙකු ඉද්දී රණ්ඩු වීම හොඳ නැති නිසා තාත්තාත් දුවත් කට වසා ගත් හ.මං දිගටම පාර දෙස බලා සිටියෙමි.
ටිකකින් ඈතින් තැඹිලි පාට රූපයක් පෙනෙන්නට විය.හාමුදුරුවෝ වඩිනවා සේ සන්සුන් ලෙස එන ඒ රූපය හෙමින් ලං වෙයි.ඒ හාමුදුරුවන් නොවේ..මෙහෙණියකි.ඈ ගෙදර ළඟටම වැඩියාය.
ගෙදර අය ඈව දුටුවේ දැන් ය.
"ස...ස.....සමල්කා"කොණ්ඩේ දිගට තිබූ කෙල්ල හඬන්නට විය..
"මං දැන් සමල්කා නෙවේයි..මං ඒ ජීවිතෙන් මිදිලා එපිසොයිඩ් ගණනාවක් වෙනවා"ඈ සන්සුන්ව කියයි.
ගෙදර කෙල්ල හඬයි.." අනේ ...." ඉකි ගසන නිසා කියන දේ අපහැදිලිය..ඇගේ පියාද ශෝකයෙන් මෙන් බලා සිටී...මෙහෙණියට වැඳ වැටෙමින් කෙල්ල හඬයි..මට මෙය බලා සිටිය නොහැක.
මං මා කැඳවාගෙන ආ ඇන්ටි ට යන්නම්වත් නොකියා පිටවූයෙමි.මගේ දෑස් කඳුලින් බොඳ වී ඇත..යන මග නොපෙනේ..මට මා ඉදිරියෙන් තිබූ වල පෙනුනේ නැත..ඊට කකුල වැටෙන්නාත් සමගම මා ගැස්සී ඇහැරුණෙමි..
වාසනවට තවමත් ඔන්ලයින් පන්තිය පැවැත්වේ..මට ඒ අතර නින්ද ගොසින් ය..පන්තිය හමාර වී වට්ස්ඇප් ආ විට ආනන්ද මළ පුවත දැනගන්නට ලැබිණි.මා සිහිනෙන් දුටු නිසා මලාවත්ද?☹️
...........
නිමි..ස්තූතියි ..🙄
Shavi🥲