දැනුන ප්‍රේමය 💜

දැනුන ප්‍රේමය 💜




Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

හිමි වුණොත් බලාගන්න....අහිමි වුණොත් දරාගන්න.....










සමහර හමු වීම් තියෙනවා

කිසිම හේතුවක් නැතුව

කිසිම වෙලාවක් කලාවක් නැතුව

අහම්බයක් වෙච්ච ..


ඒ හමු වීම් කෙතරම් හුරු පුරුදුද කීව්වොත්....

කොච්චර හිතින් අමතක කරන්න හැදුවත්....

හැම වෙලාවෙම මතක් වෙන තරමටම

ඇබ්බැහි වෙච්ච....

හිත් කොනේ තදටම පැල්පදියම් වෙච්ච හමු වීම්....

ඒ ඇබ්බැහිය ප්‍රේමයට එහා ගිය මරාන්තික ඇබ්බැහියක්.....





දුරින් ඉදන් බලා වැලපෙන නෙලා ගන්න බැරි සිහිනයක් ළග අතරමං වුණ කෙනෙක් මං......




මං කියන්න යන කතාව මගේ කතාව.....

මට දැනුන ප්‍රේමය....

ඒ වගේ ම අහිමි වුණ ප්‍රේමය...




මං නිලු.....

යමක් කමක් තිබ්බ පවුලක ඉන්න ගැණු ලමයෙක්.....



සංසාර පුරුද්දට වගේ මං උසස් පෙල කරන කාලේ.....

මගේ න් කැමැත්ත අහපු කෙනෙක් හිටියා....

එයා ජයත්,





මගෙන් කිප සැරයක් ම ඇවිත් මගෙන් එකම දේ ඇහුවා..



"මං ඔයාට ආදරෙයි නිලු..ඔයා මට ආදරේ ද ?"




ඒ මුණ දිහා ඒ රූපේ දිහා බලාගෙන මට තවත් උත්තරයක් නොදි ඉන්න බැරි වුණා...


"මම ආදරෙයි...."



ඔව් මම කිව්වා එයාට මාත් එයාට ආදරේ කරනවා කියලා.......



ඔව්,

අපි ආදරේ කරා...

හිත් වල ආදරේ පුරෝගෙන අපි ආදරේ කරා....




දොළ ලග දී අපි දෙන්නා කාටත් හොරෙන් මුණ ගැහුණා...

දොර ළග තිබ්බ නා ගහේ සෙවණ ලග අපි කතා කරා.....




ප්‍රථම ස්පර්ශය.....

මං නා ගහ අල්ලද්දී...

එදා එයා මුල් ම වතාවට මගේ අතින් අල්ල ගත්තා....

ඒ තමයි අපි ආදරේ වින්ද විදිහ......






පෝන් කෝල් මැසෙජ් නැති දුර ඉදන් බලලා සැනසෙන ආදරයක්....

අපේ හිත් වල ඕනවට වඩා පිරිලා තිබ්බා.....

ලියුමක් ලියන්න තරම් හොද වටපිටාවක් තිබ්බේ නෑ මට....





කාලයක් තිස්සේ අපි මෙහෙම ආදරේ කරා...

ඒත් ඒ හැමදේ ම ගෙදර ට ආරංචි වුණා....




ගෙදරින් එක හෙලාම ජගත් ව ප්‍රතික්ෂේප කරා....

ජයත් සමාන්‍ය පවුලක කෙනෙක් නිසා....

මට මගේ අක්කා හැමදාම දොස් කිව්වා....





"නංගී....ජයගත් ව අතාරින්න.එයා ඔයාට ගැලපෙන්නෑ.බලන්න එයාගේ පවුල් පසුබිම වුණත්...."




"මට එයාව අමතක කරන්න බෑ අක්කේ.මං එයාට ගොඩක් ආදරෙයි....."





දිගින් දිගටම ගෙදරින් මට බලපෑම් කරා....

ටික ටික උසස් පෙල විභාගයත් ලං වුණා....

ඒ අතර ජයත් අපේ ගෙදර ආවා.....





"මං රට යනවා.මං එනකම් නිලු ව පරිස්සමින් බලා ගන්න.මං ඇවිත් එයා ව මගේ ලගට ගන්නවා......"






එදා අපේ ගෙදරට ම ඇවිත් එහෙම කියලා ගියා....

එයා රට යන්න කලින් එකම එක දවසක්..

ආය ම දොළ ලගදි හම්බවුණා...




එදා තමයි එයා මාව ඉස්සරෝම තුරුල් කර ගත්ත දවස,

අද වගේ ම මට ඒ දවස මතකයි.....





එයා රට ගියා....

මං එයා ගැන හිත හිත ම හිටියා....

මට විභාගේ හරියට කර ගන්න බැරි වුණා....






කාලයත් එක්ක අපේ ගෙදරින් මට එක දිගට විවාහ යෝජනා ගෙනාවා.....

ඒ හැම යෝජනාවක් ම මම ජයත් නිසා ප්‍රතික්ෂේප කරා.....

මං බලන් හිටියා එයා එනකම්.....

උදා වෙන හැම දවසකම...





ඒත්,

එක නපුරු දවසක් උදා වුණා...



"මෙහේ ඉදන් දුව බලන් හිටියට වැඩක් නෑ.අන්න අරහේ ජයත් රටකි වෙන කෙනෙක් කසාද බැදලා..."




අපේ නැන්දා ඇවිත් කිව්වා ජයත් රට දී...

වෙන කෙනෙක් කසාද බැදලා කියලා.....





මට දැනුනේ තරහක්....

දුකක්....

මං ගැනම කලකිරිමක්....

ඒ කේන්තියටම මම වෙන කෙනෙක් ව කසාද බදින්න තිරණය කරා.....





ගෙදරින් ගෙනාව යෝජනාවකට මං කැමති වුණා...

මං කසාද බැන්දා.....

කසාද බැලදා මං ගමෙන් ආවා......







ඔව්...

මං රැවටිලා...

පුදුම තරම් රැවටිලා.....




ජයත් රට ඉදලා මාව හොයන් මගේ ගෙදර ඇවිත්....

මං ගැන කිසි ම දෙයක් නොකියා ඉදලා ගෙදරින්...

ඒත් ඒ දවස් වලම මම ගමේ ගියා......

අතර මගදි මට එයාව හම්බවුණා....





"ඇයි ජයත් මට බොරු කරේ.ඇයි බොරු කරේ.ඇයි මට බලාපොරොත්තු දුන්නේ...ඇයි ඔයා වෙන කෙනෙක්ව බැන්දේ ජගත්... "





"මං බොරු කරේ නෑ නිලු.මට කසාද බැන්දේ නෑ.මං ආවේ ඔයාව එක්කන් යන්න...ඒත් ඔයා තමයි මාව අමතක කරලා තියෙන්නේ......"



ඒ වචනයක් වචනයක් ගානේ මගේ හදවත සිදුරු කරා.....

ගෙදරින් මාව රවට්ටලා......

මං මගේ ආදරේ අවිස්වාස කරා.......







ජයත් ගියා....

යන්න ම ගියා......

පස්සේ මම දැන ගත්තා එයා ත් වෙන කෙනෙක් ව කසාද බැදලා සතුටින් ඉන්නවා කියලා.....

මට සතුටුයි...

ඒත් පුංචි දුකක් හිතට දැනෙනවා......

මට දැනුන ප්‍රේමය ඒ නිසා......




ඔයාව මට හමුවුන ඒ අහඹූ හමුවීම ඇතුලේ....

එදා ඉදන් අපි කරන අපිට දැනෙන ආදරේ ඇතුලේ.....

ඔයා ලග මට අසීමාන්තික සැනසීමක් දැනුනා...




කලින් වගේ හරි ආසයි

ඔයාට ලං වෙලා ඔයාගේ අතින් අල්ලන්

හීන් සීරුවට ඇවිදින්න,



සමහර දවස් වලට ගමේ ගියාම මට ජයත් ව හම්බවෙනවා....

දුවලා ගිහින් ඒ අත අල්ලන් කොහොමද ජයත් කියලා අහන්න හිතෙනවා.....



ඒත් දැන් මට එහෙම කරන්න බෑ....

එහෙම කරන්න අවසර නෑ....

එතකොට,

මං මගේ දරුවෝ දෙන්නා දිහා බලලා හිත හදා ගන්නවා....


ප්‍රේමය,

හිමි වුණොත් බලාගන්න

අහිමි වුණොත් දරාගන්න.....




___________________




කතාව හොදද?



අදහසක් කියාගෙන යන්න.


Report Page