දඩබ්බර හදවත් ❤

දඩබ්බර හදවත් ❤

❤AK❤
හිතුවක්කාර දෙහදක ආදර අන්දරය

https://telegra.ph/%E0%B6%AF%E0%B6%A9%E0%B6%B6%E0%B6%B6%E0%B6%BB-%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD-08-12


12 - කොටස


ඉක්මනින් එන්න කිව්ව නිසා මාත් ඉතින් ගියා ඉක්මනට. නැත්තන් ඉතින් උදේ කෑමට මාව ගනී මගේ බොසා. දොරටත් තට්ටු කරලා ඇතුලට ගියා. ගියාම තමා දැක්කේ එතන හිටන් ඉන්න අපේ රුවී( සහන්‍යා රුවිනි අතුකෝරල හෙවත් සෙවලි ). අඩේ ඒ කියන්නේ මේකිටත් සෙට්වෙලා ජොබ් එක. ඒකත් මරු ඉතින් දන්න තව එකෙක් ඉන්නවනේ මගේ වැඩවලට ලේසි වෙයි. මාව දැක්ක ගමන් මේකිත් ෆුල් කන්ෆියුස් උනා. හිතන්න නැතුව ඇති මටත් ජොබ් එක සෙට් වෙලා කියලා.

" අහ් තමුන් ආවද මේ තමා අපේ company එකේ අලුත් එකවුන්ට් බ්‍රාන්ච් එකේ හෙඩ්. මෙයත් අලුතින් තමා ආවේ. අපේ අලුත් project එකේ මෙයත් ඉන්නවා. මෙයාටත් ඒකේ details ගැන පොඩි idea එකක් ගන්න අර ෆයිල්ස් ටික දෙන්න"

"Okay sir, I do it"

"ඔයා මෙයාගෙන් ඒ ටික ඉල්ලන් ස්ටඩී කරන්න හොදට මේක අපිට important project එකක්. කලින් සැරේ චාන්ස් එක කොහෙවත් යන කෙල්ලෙක් හින්ද මිස් උනා. මේ පාර එහෙම දෙයක් වුනොත් කාටවත් සමාවක් නෑ " වචන ටික රුවීට කීව වගේ තිබ්බට මන් දිහා බලපු විදියෙන් තේරුනා මේකා ඒ ටික කීවේ රුවීට නෙමේ මට කියලා.

" okay sir , I understand මන් අදීගෙන් ඉල්ලගන්නම් ඒ ටික" ඉවරයි දැන් ඉතින් මේකා දැනගන්නවා අපි කලින් ඉදලා අදුරනවා කියලා. මේකී මන් ඒ කාලේ ඉදලා කරපු ඒවා කීවොත් ඉතින් අදී උබට අඹ සරණයි.

" අහ් මෙයාව කලින් ඉදලාම අදුරනවාද ඒකත් හොඳයි මටත් දැනගන්න දේවල් ටිකක් තියනවා. මන් පස්සේ අහගන්නම්කෝ" මන් දිහා කින්ඩි බැල්මක් දාලා හිනාවෙලා කීව විදියට මගේ පපුව හෝස්ගාලා ගියා.

" හරිනේ අදී උබ ඉවරයි. අනේ ඇත්තටම මට මේකිව මෙතනම් කන්න හිතෙනවා. ඇයි යකෝ දැන් මේකා මොනා කරයිද දන්නෑ ෂික්" බිම බලාගන හිතින් රුවීට බැන බැන ඉන්නකොට මේකි මගේ අත කෙනිත්තුවේ නැතැ.

" මොකෑ සෙවලියේ මගේ අත හූරන්නේ පූසෙක් වගේ. රිදෙනවා යකෝ" අතට දැනුනු වේදනාව හින්දම ටිකක් සද්දෙන් කෑගැහුවා. කියන්න සන්තෝසයි රුවියි අර යකයි දෙන්නම මන් දිහා බලන් ඉන්නවා. මේකි හින්ද තමා ඔක්කොම ෂික්. ඒ අස්සේ මට හිනත් වෙනවා.


" මෙතන තමුන්ගේ ගෙදර නෙමේ හූ කියන්න යනවලා දැන් " රවලා එහෙම කීවම මාත් රුවීවත් අතින් ඇදන් එළියට ආවේ හොදට අමතන්න හිතාගන.

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


" හෝව් හෝව් සුදා බනින්න එපා පන මන් එවලේ කන්ෆියුස් වෙලා හිටියේ යකෝ ඒකයි ඉතින් අත චුට්ටක් හීරුවේ"

" අනේ බොගේ චුට්ට බලකෝ මොන ලෙඩ හැදෙයිද දන්නෑ. දැන් ඇයි කියහ්න්කෝ උබ කන්ෆියුස් උනේ"

"අනේ පල යන්න මන් කියන්නේ නෑ හැදෙන ලෙඩේ. මොකක්ද බන් අර කිව්ව කතාව නිකන් මන් හින්ද ඒ project එක නැති උනා වගේනේ කීවේ "

" ඒක කීවේ උබට නෙමේ ඕයි මට. මන් කරපු ගොන් වැඩක් නිසා තමා ඒක නැති වුනේ" මොන්ගල් හිනාවකුත් දාලා වෙච්ච දේවල් ඔක්කොම කීවම මෙකිත් හිනාවෙනවා.

" හිනාවෙන්න එපා බන් මනුස්සයෝ අසරණ වුනාම. පව් පිරෙනවා තොටත් තේරෙයි ඔහොම දෙයක් උනාම. මේකා මාව දකින දකින තැන පලිගන්නවා. කොයි වෙලේ මොනා කරයිද දන්නෑ හාට් එක එකසිය ගානට ගැහෙනවා"

" හොද වැඩේ ඕන නැති රෙද්දවල් කරන්න යනවට. උබ ඉතින් ඒ කාලේ ඉදලා කරේ ඕවමනේ. විහාත් උබට ඒ දවස්වල ඉදලා කීවා කනකට ගත්තාද"

ඒ නම ඇහුනම මගේ ඇස් දෙකට කදුළු ආවේ ඒ අතීතේ මතක් වෙලා. විහා මට හැමදාම බනිනවා කෙල්ලෙක් වගේ ටිකක් සන්වරව ඉන්න කියලා ඒත් මන් කනකටවත් ගන්නෑ එයාටත් ඔච්චම් කර කර හිනාවෙනවා. අපිට මෙහෙම උනේ ඇයි විහා. ඇයි මාව දාලා ගියේ මන් කොච්චර හීන දැක්කද අපි ගැන අපේ පැටියා ගැන. එයාව ඩොක්ට කෙනෙක් කරන්න ඔයාට ඕන වුනේ. එතකොට දුප්පත් අයට නොමිලේ බෙහෙත් දීලා පිහිට වෙන්න පුළුවන් කීවා නේද. ඇයි ඒ හීන හැබෑ කරගන්න ඉන්න බැරි වුනේ. අවුරුදු හතරක් ඔයා අපිව දාලා ගිහින් දැන් අපේ පැටියටත් අවුරුදු හතරක්. හරිම ලස්සනයි එයා ඔයා වගේමයි.


" අනේ ඇයි අදී මේ අඩන්නේ මොකද කෙල්ලේ වුනේ. බය නොකර කියහන්කෝ" මගේ ඇස්වල කදුළු දැකලා රුවී හොදටම බය වෙලා. අමාරුවෙන් හිනාවෙලා ඉන්න හැදුවත් මට බෑ හිනාවෙන්න පපුව හිරවෙනවා වගේ විහාව මතක් වෙද්දි.

" එයා මාව දාලා ගියා රුවී. කවදාවත් මාව තනි කරන්නේ නෑ. හැමදාම මාත් එක්ක ඉන්නවා කියපු විහා මාව දාලා ගියා. දැන් අවුරුදු හතරක් මේ අවුරුදු හතරට මන් හිනාවෙලා හිටියා ඒත් ඇතුලින් පිච්චි පිච්චි හිටියේ බන්. එයානම් ලේසියෙන් යන්න ගියා මන් කොහොමද බන් ජීවත් වෙන්නේ. ඒ මගේ පන උබට මතකද අපි දෙන්නට දෙන්නා නැතුව ඉන්නවත් බෑ ඒත් එයා යන්න ගියා" කියගන්න බැරි දුකක් පපුවේ තෙරපෙද්දී මන් රුවීව බදාගන ඇඩුවේ දුක ටිකක් අඩු කරගන්න.


එතකොටම වගේ පවී ආවා එතනට එයා දැක්කා මගේ ඇස්වල කදුළු. පවී ටිකක් බයවෙලා වගේ බලන් ඉදලා මගේ ඔළුව අතගෑවා. එයා හිතන්න ඇති අභී මට බැන්ලා මන් අඩනවා කියලා.

" ගනන් ගන්න එපා අදී අභිමන් සර්ගේ හැටී ඔහොම තමා තරහා ගියාම කරන්නේ මොනාද කියලා සර්වත් දන්නෑ" පවීටත් හිනාවෙලා මන් වොෂ් රූම් එක පැත්තට ගියේ මූණ ටිකක් හොදන් එන්න. මූනත් හෝදගන එනකොටම මන් කාගෙදෝ ඇගේ හැප්පිලා වැටෙන්න යද්දී ඒ කෙනා මාව අල්ලගත්තා.

බයටම ඇස් පියවුනාට හිමීට ඇස් දෙක අරිද්දිම මාව අල්ලන් හිටියේ මෙතන මැනේජ කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් එයාගේ නම රයන්. පියවි සිහියට ආපූ ගමන් එයාගෙන් මන් ඈත් වෙලා තැන්ක්ස් කරලා යන්න යද්දීම මේ මනුස්සයා මගේ අත අල්ලගත්තේ නැතෑ. දවලා අළු කරන බැල්ලමක් දාලා ඉක්මනින් අත ඇදලා ගත්තා. මේකනම් එච්චර හොද එකෙක් නෙමේ නිකන් බලන් ඉන්න හැටි සැක්.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


"යකෝ මේකි පුදුම එකියක්නේ. යමන්කෝ ඔහොම මන් තාම පලිගන්න පටන් ගත්තේ නෑ. ඔය කටේ සද්දේ බස්සලා තමා මන් පස්ස බලන්නේ. මේ අභී කවුද කියලා තාම දැනගත්තේ නෑ තමුසේ" අදී පවීට වාරුවෙලා අඩන දිහා බලන් හිටපු අභී හිතුවෙ කට්ටියගේ අනුකම්පාව දිනගන්න අදී මෙහෙම කරනවා කියලා. අමතක වෙලා තිබුන දෙයක් එකපාර මතක් වෙලා වගේ අභී ෆෝන් එක අරන් නම්බ එකක් ඩයල් කරාලා කනේ තියාගත්තේ නසරානි හිනාවක් දාගන.


" හෙලෝ මේ මිසිස් සමරසිංහද"

...................................................

" මට පොඩි වැඩක් තියනවා කරගන්න. ඉල්ලන ඕන ගාන්ක් දෙන්නම් මට වැඩේ තිත්ට වෙන්න ඕනේ"

......................................................

" ඔකේ මේකයි වෙන්න ඕනේ.........."

........................................................

" මේක ගැන කවුරුත් දැනගන්න බෑ. විශේෂෙන් අදිති මේක පිටිපස්සේ මන් ඉන්නේ කියලා කොහොමත් දැනගන්න බෑ "

..........................................................

" okay මන් ඔයාගේ බැන්ක් අකවුන්ට් එකක් සල්ලි දාන්නම් මට නම්බර් එක ටෙක්ස්ට් එකක් දාන්න"

" බලමු තමුන් දැන් මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා " ෆෝන් එක්ත් කට් කරලා වියරු හිනාවක් මූනට ආරූඪ කරගන වීදුරු ජනේලෙන් පේන අදී දිහා බලාගන හිතන්නට විය.

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


දවසම මහන්සිවෙලා ගෙදර ආපු මන් මුලින්ම වොෂ් එකක් දාගන පහලට ඇවිත් තේ එකක් හදාගන සදීට අද වෙච්චි දේවල් ඔක්කොම කියවලා දැම්මා. නැත්තන් ඉතින් මට විසුමක් නෑ මේකිගෙන්.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


"චුටි පුතා කලා යන්නේ නැද්ද ලමයෝ" නිමාලි මෙලෙස ඇසුවේ කාර් එකේ යතුරත් කරක කරක පහලට බහින තම මුනුබුරු දෙස බලගනයි.

" දැන්ම බඩගිනි නෑ ආච්චි මන් පස්සේ මොනාහරි කන්නම් අනේ"

" අනේ මගේ සුදු ආච්චියේ ඕකට දැන් ඔෆිස් එකේ හොද කෑමක් සෙට් වෙලා තියෙන්නේ. ආය ඉතින් ඒක අතාරින්නේ නම් නෑ. කියන්න බෑ ඉතින් ගෙදර ගෙනත් කයිද දන්නෙත් නෑ" එහෙම කියාගන එතනට ආපු සනූ නිමලිව බදාගත්තේ මහත් ආදරයෙනි.

" මොකක්ද පුතේ ඒ කතාව මට කියපු කිසිම දෙයක් තේරුණේ නෑනේ කියන දෙයක් තේරේන්න කීවනම්" කිසිවක් තේරුම් ගත නොහැකිව බලාසිටි නිමාලි සනූගෙන් ඇසීය.

" මේකයි ආච්චියෝ....." සනූට මුකුත් කියන්න දෙන්නේ නැතුව අභී තමන්ගේ අතින් සනූගේ කට වැසුවේ තම මිත්තනිය මේ ගැන දැනගහොත් කිසිවක් සිදුකිරීමට ඉඩ නොදෙන නිසයි.

"ආව් යකෝ තොට පිස්සුද මිනී මස් කන්නේ රෙද්ද මගේ අත" වහාම ක්‍රියාත්මක වූ සනූ අභීගේ අත හපා දැම්මේ ඔහුගෙන් මිදීමටයි.

" අනේ උබේ මස් කලා මට ලෙඩක් හදාගන්න ඕනේ නෑ යමන් දැන් ඔෆිස්"

" පුතත් අද චූටි පුතාගේ ඔෆිස් එකටද යන්නේ"

"ඔව් ආච්චි පොඩි වැඩක් තියනවා ඒක කරගන්න ඕනේ"

එහෙම කියලා දෙන්නම පිටත් වුනේ ඔෆිස් එකට යන්න. ඔෆිස් එකට ගිය අභීයි සනූයි දැක්කේ ෆයිල් එකකට ඔළුව ඔබාගන මොනාදෝ ලියන අදීව. සනූ හිමින් අදී ලගට ගිහින් හොරෙන් බැලුවේ අදී මේ උදේම මොකක්ද කරන්නේ කියලා ඒත් අදී කරන වැඩේ දැක්කම සනූට හිනාව නවත්තගන්න බැරි වුනා.

අදී ඇද ඇද හිටියේ අභීව ගෙබි මූනක් දාලා කෝට් සූට් අන්දලා ලොකුවට "අභිමන් ගෙම්බා" කියලා ලියලා තිබ්බා ඒ කොලේ. ඔළුව උස්සලා බැලුව අදී දැක්කේ තමන් ඇදපු චිත්‍රය දිහා බලන් හිනාවෙන සනූව. අභීත් එතනට ඇවිත් බැලුවේ ඇයි සනූ මේ හිනාවෙන්නේ කියලා. තමන්ගේ නමත් ලියලා ඇදලා තියන චිත්‍රය දැක්කම අභීගේ ඇස් දෙක කේන්තියෙන් රතු උනේ අදීවත් බයටම දාඩියෙන් නාවමින්.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


අම්බෝ අදී මූ කොහොමද මෙතෙන්ට ආවේ උබේ අවසානේ ලන් වෙලා වගේ. එහෙම හිතනකොටම වගේ මගේ ලගට ආපු මනුස්සයා මගේ අතින් ඇදලා අරන් බිත්තියට හේත්තූ කරලා මගේ අතත් හිරකරගන

" උබට වැඩිකල් ඔහොම නටන්න තියන්නේ නෑ මේ අභී ලගදිම ලෑස්ති වෙයන් පාරට බහින්න. තමුන්ට උන් හිටි තැන් නැති කරලා තමා මන් නවතින්නේ" කියලා තවත් අත තදින් මිරිකලා යන්න ගියේ මන් ඇදපු චිත්‍රයත් අරන්.

" අම්බෝ නන්ගි උබනම් මාරයිනේ ඕයි. අපේ එකාව දැක්ක දා ඉදලම මොකක්හරි කරලා යකා ඇහැරවනවා නේද"

ටිකක් හොදට බැලුවම තමා මතක් උනේ මේ අර එදා කාර් එකට ගල වැදුනු දවසේ හිටපු එකා නේද කියලා. එකපාරම සදී මේකට කරලා තිබ්බ එක මතක් වෙලා මට බකස් ගාලා හිනා ගියා. කොල්ලටත් වැඩේ තේරුනා වගේ මූන නිකන් ඇදවෙලා ගියා.

" මන් දන්නවා මොකටද හිනාවුනේ කියලා. මොනා උනත් නන්ගිගේ යාළුවා කැත වැඩේ කරේ ආ. අසරණ වෙලා ඉන්න වෙලාවේ එහෙම කරපු එක එච්චර හොද නෑ ඉතින්"

" අම්බෝ සර් ඉතින්, ඒකිගෙන් අහලා තිබ්බ විදියට තරහ ගිහින් එහෙම කියලා තියෙන්නේ sorry sir"

" මොන සමාවද නන්ගි මූට ඔහොම වෙලා මදී මොනා උනත් ඔයගේ යාළුවා පට්ට ආ" එහෙම කියාගෙන එතෙන්ට ආවේ තේජ් අයියයි හසී අක්කයි තව කොල්ලෙකුයි.

අදී- " මන් අයියට පෙන්නන්නම්කෝ දවසක එයාව" මාත් හිනාවෙලා කීවා.

සනූ- " ඔහොම හිටහන්, මේකි කවද්ද උබට නන්ගි වුනේ ආ උබලා කලින් අදුරනවාද"

තේජ්-" එහෙම තමා නේද බන් මේ අපේ නන්ගි " එහෙම කියලා හසී අක්කයි තේජ් අය්යයි මාව තුරුලු කරගත්තා. කවදාවත් පවුලක සෙනෙහස විදපු නැති මට ඒක මහමෙරක් වගේ.

අදී - " අනේ අය්යේ ඇත්තටම ඔයාලට ගොඩාක් පින් මේ ආදරේට"

සනූ - " අහ් එයාට විතරක් පින් හම්බුනාම ඇතිද මටත් නන්ගිලා නෑ මාත් ඉතින් කැමති ලස්සන චූටි නන්ගියෙක් ඉන්නවන්ම්"

එයා එහෙම කියනකොටම අපි ඔක්කොම හිනා වුනා හයියෙන්. මෙයලා අර යකාගේ යාළුවෝ කියන්නත් බෑ හරිම හොඳයි. ඒකටත් එක්ක අර ගෙම්බා. අපි ඔක්කොම ගොඩක් ෆිට් උනා. තේජ් අයියා, හසි අක්කා, සනූ අයියා, මනූ අයීයා හරිම ආදරෙන් මට කතා කරේ. ඒත් අර නපුරා කරන දේවල් වලට විරුද්ධ වෙන්න එයාලට පුළුවන්කම්ක් නෑ ඒකට හේතුවන්ම් හිතාගන්න බෑ. ඒත් ඒකට කම්ක් නෑ මේ ආදරේ මට ඇති ඒත් මගේ ඇත්ත දැනගත්තමත් මේ ආදරේ මෙහෙම තියෙයිද😔😔


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


අභී- "උබලා මොනාද අරකි එක්ක කියෙව්වේ අතන ඉදන්" කේන්තියෙන් එහෙම අහපු අභී හැමෝම දිහා බැලුවේ ඔරවගන.

හසී - "උබට ඒකී එක්ක තරහක් ඇති බන්, ඒත් මට ඒ කෙල්ල සල්ලි පස්සේ යන කෙල්ලෙක් වගේ පේන්නේ නෑ. මට ඒ කෙල්ල කතා කරනකොට අමුතු හැගීමක් එනවා. ඒක කියන්න තේරෙන්නේ නෑ මට"

සනූ - " මටත් හිතෙනවා බන් ඒකී හොද කෙල්ලෙක් කියලා. මාත් එදා එතන හිටිය්නේ උබ ඒ කතා කරපු විදියට ඕන කෙල්ලෙක් එහෙම හැසිරෙයි"

අභී - "අහ් දැන් උබලා ඔක්කොටම ඒකී සුද්දවන්ති උනාද. එහෙනම් මොන එහෙකටද මන් ඔච්චර ගහලා බැනලත් මේකෙම් වැඩට ආවේ. තියන සල්ලි පෙරේත කමනේ. දුප්පත් එවුන් ඔක්කොම එකයි සල්ලි වලට ඕන දෙයක් කරයි. උබලා ඒකිත් එක්ක කොච්චර ෆිට් උනත් කමක් නෑ මගේ වැඩවලට අත දාන්න එපා"


තරහෙන් එලෙස ගිගිරු අභී පුටුවත් තල්ලුකර නැගී සිටියේ තරහටමයි. අනිත් අයත් ඊට වඩා ඒ ගැන කතා කරන එක නවත්තා දැමුවේ අභීට කේන්ති ගිය නිසයි.

අභී- "හරි දැන් උබලගේ වැඩ කොහොමද. තේජ් දැන් ඔක්කොම රෙඩීද ලගදිම ඉතින් සියදිවි නසාගන්නනේ යන්නේ මේකිව බැදගන"

හසී - " උබලට පාඩු වෙයි මන් වගේ කෙල්ලෙක් බැන්දම. තේජ් ඔයත් හිනා වෙන්න හොදට මන් අල්ලගන්නම්කෝ. එතකොට මනූ අහ් උබටත් ලගදිම හම්බවෙයි. එනවා කියලා තියනවනේ නේද "

අභී- " ඔව් ඔව් ඔක්කොටම හපන් එකී. උබව පට්ට ගහයි"

කට්ටියම කතා කර කර ඉදලා විසිර ගියේ අදීටත් කියාගනමයි.


💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠


"දැන් තමා වෙලාව පවීගෙන් අහගන්න ඕනේ මේකේ personal files තියන තැන. තවත් පරක්කු වෙන්න බෑ " එහෙම හිතලා මන් පවී ලගට යනකොට දැක්කේ පවීගේ ෆෝන් එකේ wallpaper එක ඒක දැක්ක ගමන් මගේ කකුල් දෙකත් පන නැතිවෙලා ගියා.

😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳


කාගේ ෆොටෝ එකද අදී දකින්න ඇත්තේ විහාගෙවත්ද 🙄🙄

අදී මෙහෙම විදවන්න හේතු උනු විහා කවුද , කොහෙද ඉන්නේ, එයාට මොකද උනේ. අදී ඇයි අභී ලගට ජොබ් එකට ආවේ. අදීගේ අදුරු අතීත කතාව මොකක්ද

ඉස්සරහට මේ ඔක්කොටම උත්තර හම්බෙයි


To be continue ................🤝


❤AK❤



Report Page