දඩබ්බර ඇස්

දඩබ්බර ඇස්


ρ𝐫¡т¡✍️🥀

දහහතරවන කොටස ❣️

♥️වෛරය ජීවිතය කරගත් ඔහුගේ නොදුටු හදවතේ කතාව♥️


මාව අපෝ මේ



ඇයි උබව බැදලා මුලු ලංකාවෙම කුඹුරු ටික හාගන්නවා



අනේ මේ අයියේ




කෙල්ලෙක් සෙට් කරලා දීහන් නැත්තම් උබව බැදලා ගෙදර එක්කන් යනවා

නියෝග කරන්නේ හරිද




දහතුන්වන_කොටස ❣️





▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎▪︎





ගුඩ්මෝනින් අයියේ.....

මං එදා රෑ අයියට කෝල්කලා ඒත් මං හිතන්නේ අයියා ඒ වෙලාවේ හොද සිහියෙන් හිටියේ නෑ වගේ...



ගුඩ්මෝනින් නංගි...

මට ගානක් නෑ කෝල් එක ගැන ඇයි හදිස්සියක්ද නංගි...




නෑ අයියේ



ලොකුතාත්තව ඉක්මනට ගෙදර යවන්න ඕනි ඒ ගැන පොඩ්ඩක් කතාකරගන්න ඕනි




අහ්.. මේ ඔයා ගෙදර කවුරුහරි එවන්නකො අද පුලුවන්නම්...

මම බලන්නම් අදම ටිකට් කපන්න



අනේ හරි අයියේ මම තාත්තට කියන්නම් එන්න කියලා අදම




හරි නංගි එහෙනම් මම තියන්නම්..

බායි



හරි අයියේ






අචිනි අක්කේ...

මම හැමදාම මෙහෙද ඉන්නේ



අනේ පැටියෝ ඇයි ඔයා කැමති නැද්ද අපිත් එක්ක ඉන්න




කැමතී




ආ ඒකනේ... මං අද ඔයාව අපේ වත්ත බලන්න එක්කන් යන්නම්... මේ කිරිඑක බීලා ඔයා ලෑස්තිවෙන්නකෝ



හරි අක්කේ







දෙන්නම පරිස්සමට හරිද දග වැඩ එහෙම කරන්න බෑ



අයියෝ හරි අම්මා




මේ වත්ත ඉතින් අපේ ආච්චිගේ... ඒ කියන්නේ කේෂ් අයියගෙයි තාත්තගෙයි අපේ අම්මගෙයි අම්මගේ..



මේ අක්කි කේෂ් අයියා කිව්වේ ඩාක්ටටද



ඔව් ඔව් ඔයත් එයාට අයියා කියන්න ඔය ඩොකා පෝස්ට් හොස්පිටල්එකට විතරයි




කමක් නෑ




එන්නකෝ අතනින් ඉදගන්න..


ආ හරි දැන් මට ඔයා කියන්නකෝ ඔයාගේ විස්තර.. ඊයෙත් හරියට කතාකරගන්න බැරිඋනානේ




මගේ නම ශෙනාදි අමායා දංකොටුව. එතකොට වයස 21යි.

අම්මයි තාත්තයි දෙන්නම වෙන්වෙලා එයාලා එයාලගේ ලෝක හොයන් ගිහිල්ලා. එයාලා කොහෙ ඉන්නවද කියන්නවත් දන්නේ නෑ...



අනේ




මං ආච්චීයි සීයයි එක්ක හැදුනේ.. දැන් අවුරුදු පහකට කලින් සීයත් නැතිඋනා..

සීයගේ අසනීපවලට බෙහෙත් ගන්න ඕනි නිසා මම ඉස්කෝලේ යන ගමන නවැත්තුවා...

ඊටපස්සේ මම කැලනි පන්සලේ මල් විකිනුවා.. ඒ දවස්වල තමයි අර මිනිස්සුන්ට මාව අහුනේ... ඊටපස්සේ මගේ ජීවිතේම විනාස උනා...

ඊටපස්සේ ජීවිතේ එපා කියලා තීරණය කරපු වෙලාවේ තමයි කේෂව් අයියා මාව බේරගත්තේ...



හරි පැටියෝ ඔයා ඒවා අමතක කරන්නකො.. දැන් ඔයාල අයියෙක් ඉන්නවා අක්කෙක් ඉන්නවා අම්මෙකුයි තාත්තලා දෙන්නෙකුයිම ඉන්නවා....



ඒත්



අහන්නකෝ...

ජීවිතේ හැමදෙයක්ම මට නෑ මට බෑ කියලා නෙගටිව් විදිහට හිතුවාම මුලු ජීවිතේම නෙගටිව් වෙනවා.. ඒ නිසා ඔයා ආපහු ඒවිදිහට හිතන්න එපා පැන්චි....

දැන් ඔයා අපිත් එක්ක ඉමු



මාව මේ විදිහට බලාගන්නවට ඔයාට ගොඩක් පින් අයියටත් එක්කම



හරි හරි අයියා එන්න කලින් අපි ලෑස්තිවෙලා ඉමු නැත්තන් එයාට යකා නගිනවා



ආ ඇත්තද නෝනා...

ඒක හොදට දන්නවනම් ගිහින් ලෑස්තිවෙනවා


පැන්චි



ඒ අයියේ.... ඔයා කාටද පැන්චි කීවේ..


වෙනකාටද ....







මේ කොටස චූටියි ඉතින්.. කමක් නෑ ඔයාලගේ කමෙන්ට් රිඇක්ශනුත් චුට්ටයිනේ...


එහෙනම් පරිස්සමට ඉන්න....


Report Page