තහනම් මලක් 💍❤️‍🩹

තහනම් මලක් 💍❤️‍🩹


Nishu Perera...🧸💕

කෙටිකතාවකි ~ A short story

අයිතිය පසෙකළා ප්‍රේම කරන ඔහුත් , ඇයත් ❤️‍🩹"





" මේක වැරදි..අපි මේ කරන්නෙ වැරැද්දක් නේද සතීශ්



" මොකද්ද දසු ඔයා කියන්නෙ.. ඇයි උබට දැන් අර නාකි මනමාලයා ගැන ආදරයක් හිතිලද..ඒකද උබ මාව මඟාරින්නෙ.."



ඒ වචන..අවුරුදු ගානක් මං පිස්සුවෙන් ආදරේ කරන්නෙ එකම එක මනුස්සයෙක්ට විතරයි..එයා මේ කතා කරන්නෙ ඒක ගැන හොඳටම දැනගෙන..




දසුනි පවන්‍යා සෙනෙවිරත්න..එහෙම නැත්නම් ඇමති විරාජ් රණබාහු ගෙ නීත්‍යානුකූල බිරිඳ..තව පැත්තකින් ගත්තොත් පණ වගේ, හුස්ම ටත් වඩා මට ආදරේ කරපු මනුස්සයව තනියම දාලා සල්ලි වලට කසාඳයක් කරගත්ත ගෑනියෙක්..

සතීශ් රණබාහු...ඔව් එයා විරාජ් ගෙ අයියගෙ පුතා..මගෙ අම්මගෙයි තාත්තගෙයි බල කිරීමට මට ඒ මිනිහව කසාඳ බඳින්න උනා..අවුරුදු ගානක් සතීශ් එක්ක මැව්ව හීන එක විනාඩියෙන් මගෙ දෙපා මුල කඩන් වැටුනා..මට වඩා අවුරුදු 18ක් වැඩිමල් මිනිහෙක්ව මට කසාඳ බඳින්න උනා, සේරම උනේ අම්මගෙයි තාත්තගෙයි තියෙන සල්ලි කෑදරකමට..



" දසුනි "


කල්පනාවෙන් හිටිය මං පියවි සිහියට ආවෙ එයා මගෙ අත අල්ලගත්තපාර


" මට දැන් උනත් ප්‍රශ්නයක් නැ දසුනි.. මට ඔය විරාජ් අදාළම නැ..අපි යමු..කොහෙට හරි ගිහින් අපි ජීවත් වෙමු.."



එයා පව්..ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා පොරොන්දු උන මං එයාව ජීවිතේ පටන් ගන්න කලින්ම මගින් දාලා ආවා.. මට එන්න උනා..ඒ ආදරේ ඉස්සරහා මැරෙන්න උනත් පුලුවන්කමක් තිබුනා මට.. එච්චර ආදරේ කරපු එයාව මට තනි කරන්න උනා..සේරම..ඒ සේරම උනේ සල්ලි නිසා..



" අපි හොටෙල් එකට යමුද සතීශ්..මට ඔයා එක්ක ඉන්න ඕනි "



ඔව් මේක අසම්මතයක්.. මිනිස්සු ලේබල් ගහන්නෙ එහෙම..ලෝකෙට අසම්මත උනත් ආදරේ ආදරේමයි.. කොළ කෑල්ලකට පුලුවන් ද සම්මත අසම්මත කමක් තීරණය කරන්න..



කැෆේ එකට වෙලා අයිස් කොෆී එකක් බිබී හිටිය අපි ඒක දාලා ආවෙ හැමදාම වගේ අපි හම්බෙන තැනට.. විරාජ් මගෙ හස්බන් උනත් අද වෙනකම් ඒ මිනිහගෙ ඇඟිල්ලක්වත් මගෙ ඇගට වැටෙන්න දීලා නැ මම..


අසම්මතයක් උනත් මං නිරුවත් උනේ මගෙ එකම ආදරේ ඉස්සරහා විතරයි..


හොටෙල් එකට ඇවිත් සතීශ් මට රූම් එකට යන්න ගියා එයා ගියෙ මොනව හරි ඕඩර් කරලා එන්නම් කියලා.. හැමදාම ඔහොමයි..



හොටෙල් රූම් එකට ගිහින් එහෙම්ම වැටුනෙ ඇඳට..මේක කොච්චර වැරදිද.. ඒත් ආදරේ ඉස්සරහා මිනිස්සු කොච්චර අසරණද..මට වඩා සතීශ් කොච්චර විඳවනවා ඇතිද..විරාජ් මේවා දැනගත්තම සතීශ්ට හොඳින් ඉන්න දෙන එකක් නැ.. අද මේක දෙකෙන් එකක් ඉවර කරගන්න ඕනි නිසාමයි මං හොටෙල් එකට ආවෙ..




ඇඳට වෙලා විනාඩි 15ක් විතර ඉද්දි දොරත් ඇරගෙන අතේ මලු දෙකකුත් අරන් ඇතුලට ආවෙ සතීශ්..

මාව දැක්කම එයා ගැස්සුනා වගේ.. ගැස්සෙන්නෙ නැතුව තියේද මලමිනියක් ගානට මං එයා දිහා බලන් ඉද්දි..එහෙම්ම එයා ගෙනාපු කවර දෙකත් සයිඩ් එකේ තියෙන ටේබල් එක උඩින් තියලා අඩියට දෙකට ආවෙ ඇඳ ලගට..එහෙම්ම එයත් ඇඳට වැටිලා මාව බදාගෙන ඒ මූන මගෙ බෙල්ල අස්සෙ තියාගෙන ,



" ඇයි මැනික මේ.."


එයා අහන්නෙ එක අතකින් මාව ඒ තුරුලට ගන්න ගමන්..



" අහකට යන්න සතීශ් "


" බැ "


" යන්න "


" බැ කිව්වනෙ "


" අහකට යනවා සතීශ්..මං බැඳපු ගෑනියෙක්..තමුසෙට ලැජ්ජා නැද්ද බැදපු ගෑනු එක්ක බුදියගන්න "


මවාගත්ත කේන්තිය පිටින් එයාව තල්ලු කරලා දාලා මං ඇඳෙන් නැගිට්ටා.. කොහොමද දරාගන්නද සතීශ්.. මේක නිසා ඔයාට හීරීමක්වත් උනොත් මං කොහොමද දරාගන්නෙ..එකට ඉඳලා එයාට වේදනාවක් දෙනවට වඩා මේ වේදනාව තනියම දරාගන්න මට පුලුවන්..



ආයෙම එයා පිටිපස්සෙන් ඇවිත් බදාගෙන .. ඇයි දෙයියනේ මෙහෙම


" ඇයි මේ කේන්ති ගිහින්.. බැඳලා තමයි ඒත් ලෝකෙට පේන්න..තමුසෙ මගෙ ගෑනි .. එච්චරයි..මං මගෙ ගෑනි එක්ක බුදියගන්නෙ නැතුව අල්ලපු ගෙදර මිනිහගෙ ගෑනි එක්ක බුදියගන්නද "



මට බැ දෙයියනේ..එයාගෙ ඒ වචන මං තව එයාට ඇබ්බැහි වෙන එක විතරයි වෙන්නෙ.. ඇයි සතීශ්..ඇයි.. මට බැ ඔයාට වරදක් වෙන්න දෙන්න..

ආයෙම එයාව තල්ලු කරලා මගෙ හෑන්ඩ් බෑග් එකත් අරගෙන හැදුවෙ මෙතනින් යන්න..බැ යන්න බැ එයා මාව අල්ලගෙන..


" මොකද වෙලා තියෙන්නෙ දසු "

ඒ දෝතට මගෙ මූන අරන් අහන්නෙ මගෙ මූන පුරා ඒ තද කළු ඇස් අරන් යන ගමන්.. ඒවා දිලිසෙනවා.. වෙනදා වගේ ආදරෙන් නෙමෙයි..කඳුළු කැට වලින් ඒ ඇස් පිරිලා..


" ම්..මෙක වැරදි සතීශ්..අපි මේක නවත්තමු "



චටාස්.... 👋



හිතන්නවත් උනේ නැ.. ජිවිතේට මට අතක් උස්සපු නැති එයා..


එහෙම්ම කම්මුල අල්ලගෙන මං වාඩි උනේ බිමින්.. දණිස් දෙක මූන ලගට වෙනකම් නමාගෙන මූන ඔබාගත්තෙ ඒ අස්සෙ.. මට රිදෙන්නෙ එයා ගහපු පාර නෙමෙයි..එයා මට අතක් ඉස්සුවා කියලා මතක් වෙනකොට.. මේ ලෝකේ මං වැඩියෙන්ම විශ්වාස කරන , වැඩියෙන්ම ආදරේ කරන එකම කෙනා..



" හරි උබට ඕනි යන්නනෙ..පලයන්.. හැබැයි උබ හිතාගනින් මං මැරිලා කියලා .. උබම මගෙ සොහොන හැඳුවා කියලා හිතාගනින්..ම්..මං තොට ආදරේ කලේ අන්තිමට ඕක අහගන්නද..ආ..කියපන්.. තෝ..තෝ මට ආදරේ නැ.. ආදරෙයි නම් කොහොමද කියන්නෙ යන්න කියලා.."


දඩස් ගාලා රූම් එකේ තිබ්බ වාස් එක පොළොවෙ ගහද්දි මං තවත් ගුලි උනා.. කවදාවත් මෙහෙම කේන්ති අරන් නැ එයා.. මට බයයි..එයා ගොඩාක් හිතන කෙනෙක්..


එහෙම්ම එයා මගෙ අත දෙකේ වැලමිට ලගින් අල්ලලා මාව නැගිට්ටුවා.. පිස්සුවෙන් වගේ ඒ තොල් අරන් යන්නෙ මගෙ මූන පුරා..අන්තිමට ඒ තොල් තද කලේ මගෙ නලලින්..මාව තව තවත් එයාට තද කරන්.. මෙච්චර වෙලා ඇස් වල හිර වෙලා තිබුන මගෙ කඳුලු කම්මුල් දිගේ ගලන් යනවා..


එහෙම්ම එයා මගෙ මූන එයාගෙ දෝතට අරන්,



" ප්..පරිස්සමින් ඉන්නවා නේද මගෙ මැනික..ම්ම්..අපි ගොඩක් පවු කරලා ඇති මෙච්චර විදවන්න..මගෙ මැනික නැති ජීවිතයක් මට නැ දසු..ඔයා මට පේන්නෙ මගෙ අම්මා වගේ..ම්..මං නැතුව මගෙ මැනිකට ඉන්න පුලුවන්..විරාජ් එක්ක සතුටින් ඉන්නවා නේද..ම්ම්ම්..අපි මවපු හීන එයා එක්ක හැබෑ කරගන්නවා නේද.. ඔව් නේද මැනික..චූටි බෝනික්කියෙක් ගේනවා නේද...එයාට සෙනුශි කියලා නම තියනවා නේද..."



" අ..අනෙහ් සතීශ්..."


" ශ්...අහන්න...අපි මේ ආත්මේ කාටවත් වරදක් කලේ නෑනෙ මැනික..මේ ආත්මේ අපිට එකතු වෙන්න බැරි උනා.. ඒත් ලබන හැම ආත්මෙකම මගෙ මැනික වෙලා ඉන්නවා නේද..මගෙ ලගින්ම..ඔව් නේද මැනික..ම්..මට පොරොන්දු වෙන්න.."


" ස්..සතීශ්...ඕක..න්..නවත්..තන්න..අනේ..හ්"


තවත් දරාගන්න බැරිම තැන මං අල්ලගත්තෙ ඒ තො වලින්... එයා මට රිද්දනවා..ඒ පිට වෙන්නෙ එයාගෙ දුක.. මොනවා කරන්නද සතීශ් අපිට අපි හිමි නැත්නම්..


හිතක් පපුවක් නැති ගානට මාව ඇඳට තල්ලු කරලා එයා දොර ලගට වෙනකම් ගිහින් ආයෙම හැරිලා


" පරිස්සමින් ඉන්නවා දසුනි..මං ආදරෙයි "


කියාගෙන දොරත් ඇරගෙන ගියා... තව මොනවා කරන්නද ගුලි වෙලා අඬනවා ඇරෙන්න..





....




පැයක් දෙකක් මං හොටෙල් රූම් එකේ ඇඳට ගුලි වෙලා අඬන්න ඇති..සතීශ් තාම ආවෙ නැ..

එහෙම්ම ෆෝන් එක අරන් ඩයල් කලේ සතීශ්ට.. දෙපරාක් තුන්පාරක්ම ගත්තත් ආන්ස්වර් කරන්නෙම නැ..එයාට දුක ඇති.. කේන්තිය නිවුනම එයාම කතා කරයි.. දැන් හවස පහටත් ළඟයි..එහෙම්ම කැබ් එකක් දාගත්තෙ ගෙදර යන්න..අද විරාජ් ගෙදර නැති නිසාම හොඳයි...




කැබ් එක දාගෙන ගෙදර එද්දි හවස හයත් පහු වෙලා..කැබ් එකෙන් බහිද්දිම හික් ගෑවුනෙ විරාජ්ගෙ වාහන ටික දැකලා.. ඒ කියන්නෙ එයා ඇවිත්..කමක් නැ මොකක් හරි බොරුවක් කියනවා..එයා කොහොමත් කිසිම දෙයක් ගැන හාරාවුස්සන්නෙ නැ..



මං ගේ ඇතුලට යද්දි විරාජ් ඉන්නෙ සාලෙ මැද සෝෆා එකට වෙලා වාඩි වෙලා අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන..ගාඩ්ස්ලගෙ මූනත් හරි නැ..අනේ මන්දා..කොහොම උනත් මං විරාජ්ගෙ දේවල් හොයන්නෙ නැති නිසා එයා මූඩ් ගහන් ඉන්න දේ මට අහන්න උවමනාවක් නැ..

ඒත් මං එහෙම්ම උඩට යන්න යද්දි විරාජ් මාව දැක්කා..


" සුදු නෝනා.."


එකතැනම ගල් උනේ එයා කතා කරපු නිසා.. ඒ මිනිහා මාත් එක්ක කොච්චර සතුටින් ආදරෙන් ඉන්න හැදුවත් මට දැනෙන්නෙ පිළිකුලක් විතරයි..



" ගිහින් වොශ් එකක් දාගෙන ඇඳුමක් දාගෙන එන්න..අපි අයියලගෙ ගෙදර යන්න ඕනි "



ඒ කියන්නෙ සතීශ්ලගෙ ගෙදර.. විරාජ් මොනාහරි දැනගෙනද..ඉහෙන් කනෙන් දාඩියත් දානවා..


" ඇ..ඇයි.."



" අපි යමුකො..ඔයා ලෑස්ති වෙලා එන්න.. තව පැය දෙකකින් වගේ යමු "



" ම්ම්ම් "


ආයෙම විරාජ් මුකුත් කියන්න කලින්ම මං උඩට ආවා..



අනේ මන්දා හිතට හරි බරයි..ඇඳට වැටිලා ආයෙම ඩයල් කලේ සතීශ් ට.. රින්ග් වෙනවා විතරයි..ආන්ස්වර් කරන්නෙ නැ.. සමහර විට ක්ලබ් එකට ගිහින් ද දන්නෙ නැ.. පව් එයා..මං වගේ කෙල්ලෙක් නිසා විඳවනවා..




...




තව පැයක් විතර යද්දි මං වොශ් එකක් දාගෙන අතට ගත්තෙ දවසක් සතීශ් මට අරන් දුන්න සුදු රෙද්දෙ රතු පාට චූටි මල් වැටුන විලුඹ ලගට වෙනකම් දිග ස්මෝක්ඩ් අත් දිග ගවුම..එයා ගෙදර ඉන්නවා නම් මේක දැකලා හරි කේන්තිය චුට්ටක් හරි අඩු වෙයිනෙ කියලා හිතාගෙන ඒක ඇඳගත්තා...මහ ලොකු දිගක් නැති කොන්ඩෙ අල්ලලා පෝනියක් දාගෙන ලාවට ලිප්ස්ටික් චූට්ටකුත් ගාගෙන මං පහලට යද්දි ගාඩ්ස්ලා ඔක්කොමත් සුදු ශර්ට් එකට මාරු වෙලා..



අනේ මන්දා..මුන්ට උදේට එක යුනිෆෝම් එකයි රෑට තව යුනිෆෝම් එකයි..ෆැෂන් ශෝ වගේ..





....





තව පැයක් යද්දි අපි හිටියෙ සතීශ්ලගෙ ගෙදරට යන පාරෙ යන ගමන්.. පාර දෙපැත්තෙ සුදු කොඩි දාලා...මන්දා මගෙ හිත ගැස්සිලා වගේ.. හදවත ගැහෙන්නෙ අමුතු විදිහට..සතීශ්ලගෙ ගෙදර මල ගෙයක් වෙලාද.. ඒක වෙන්නැති එහෙනම් මට කතා නොකලේ..අහුවෙයිනෙ.. කොනිත්තන්න ඕනි පාර හිටින්න..ඇයි වදෙ යන්න කිව්වම එහෙම යනවද..



වාහනෙ මිදුලට දාලා විරාජ් ඒ පැත්තෙන් බහිද්දි මාත් බැහලා එයාගෙ පස්සෙන්ම යන්න ගියා... මුලින්ම යන්නෙ ගාඩ්ලා.. එයාල මැද මායි විරාජුයි යන්නෙ..මල සමයන්..තමන්ගෙ ගෙදරකට එද්දි අහවල් එකටද ගාඩ්ස්ලා..



හිතුවා හරි මෙහෙ මල ගෙයක්.. අන්කල්වත් නැති වෙලාද..ඒත් එයාට එහෙම ලෙඩක් තිබ්බෙ නෑනෙ..ගේ ඇතුලට අඩිය තියනවත් එක්ක විරාජ් මගෙ අත අල්ලගද්දි මට කරකියාගන්න දෙයක් නැති උනා..මුකුත් නොකියා මවාගත්ත හිනාවක් එයාට දාලා එයා එක්කම ඇතුලට යන්න උනා...








" නැ නැ නෑ......මේක හීනයක්..මේක හීනයක්.. ම්.. මේක..හී..න..ය..ක්...හීන..යක්..."













....💍❤️‍🩹....












සතියක් අදට...එයා ගිහින්..මාව දාලා යන්නම ගිහින්..ආයෙ නො එන්නම ගිහින්.. ආයෙ එන්නම නැද්ද සතීශ්...මං දිහා ඔයා බලාගෙන නේද ඉන්නෙ..ඔයාට පේනවද මාව..මං ඉන්න හැටි පේනවද...දුක හිතුනෙ නැද්ද මාව තනි කරලා යන්න..



සතීශ්...!!!!!!!



මං තාම එතන සතීශ්..අන්තිමට ඔයාව දැකපු තැන..අපෙ හොටෙල් රූම් එකේ සතීශ්...කෝ ඔයා..වෙනදට මේකට ආව ගමන් පිස්සුවෙන් වගේ කිස් කරන මාව අද කිස් කරන්නෙ නැද්ද...මගෙ උකුලෙන් ඔලුව තියන් කියව කියව ඉන්නෙ නැද්ද.. මට ආදරෙයි කියන්නෙ නැද්ද සතීශ්... මට බැ දෙයියනේ මට බැ...මාවත් ගන්න සතීශ්.. මට හුස්ම ගන්න බැරි තරම් ඔයා නැතුව... මට දරාගන්න බැ සතීශ්...මට බැ... මං එනවා..ඔයාගෙ තුරුලට ම එනවා සතීශ්.. ඔය ලෝකේ අපි ආදරෙන් ඉමු..හැමදාටම..







" හෙලො මිස්ට විරාජ් රණබාහු..."



"ඔව් "



"සර් අයිම් සොරි..ඔයාගෙ වයිෆ් අපේ හොටෙල් එකේ 5th ෆ්ලෝ එකෙන් පැනලා suicide කරගෙන.."










අපිට අපි හිමි නොවුන තැන්වල ආදරේ හරි පරිස්සමට තිබුනාවෙ...

ඔයා වෙනුවෙන් මගෙ හුස්ම මං අතෑරියා සතීශ්...ඔයා වෙනුවෙන් මං ආවා..❤️‍🩹🍃"













- නිමි -

...💍❤️‍🩹...







විකාරයක් වගේද...

අසම්මත කියලා සමාජේ ලේබල් ගහන ආදරේ වෙනුවෙන්🤍.... හිතෙන දෙයක් කියන්න..මං බලන් ඉන්නවා...❤️‍🩹




Nishu Perera...🧸💕




Report Page