තවත් කතාවක් 🍂

තවත් කතාවක් 🍂



(කෙටිකතාවකි )

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

මම හැමදාම ආදරේ කරේ අහිමිවෙන බව දැන දැන ම නුඹට.........





+ කෝ දැන් එයා..


_ ගියා


+ මොකද වුණේ එයාට?



- එයා දැං මං ගාව නෑ.ගොඩක් දුරකට ගිහින්...



+ඇයි ඒ ?....



- එයා මගෙන් හුඟාක් දුරකට ගිහින්.අද එයා කොහේ හරි සතුටින් ඉන්නවා ඇති මම දන්නවා ඒක.මට දැනෙනවා එහෙම



+ඔයා එයාට ආදරෙයිද තාමත්....?



- ම්ම්ම් මහ ගොඩක් ආදරෙයි අදත් හෙටත් ඉස්සරහටත් ජිවිතේ කාලේ පුරාවට ම එයාට අවංකවම ආදරේ කරයි.



+ ඒත් ඉතිං එයා දැන් එයා නෑනේ ඇයි ඔයා එයාට ආදරේ කරන්නේ.....



- හුම් ඔව් ඔයා හරි දැන් එයා මං ළග නෑ.ඒත් ඇයි මට තවත් එයාට ආදරේ කරන්න බැරි.මට එයාට ආදරේ නොකර ඉන්න බැරිකමක් නෑනේ. හිමිවෙන්නම ඕනද ආදරේ කරන්න.නෑ හිමිවෙන්න ම ඕන නෑ ආදරේ කරන්න. මට ම කියලා අයිති නොවුනත් දුරින් ඉදන් හරි එයා දිහා බලලා සැනසෙන එකත් ආදරේම එක කොටසක්.



+ ඔයා දැන් හිත හතාගෙනද ඉන්නේ.....?



- නෑ.තවම බැරි වුණා.මං දන්නවා ඉස්සරහටත් බැරිවෙයි.ඒත් දරාගෙන ඉන්නවා....



+ ඔයාට මතක් වෙනවද එයාව....?



- මතක් වෙන්නෑ කියලා කිව්වොත් ඒක අමුලික බොරුවක්.අපි ආව ගිය තැන්වල මතක,එයා මට දුන්න මතක හිටින ලස්සන දේවල්.අපි ගත්ත පින්තූර ආය ආය ම දකිද්දී.ආය ආයම පෙනෙද්දී හිතට දැනෙන දේවල් වචන කරන්නවත් මම දන්නෑ.ඒක මහ නොතේරේන අමුතු හැගිමක්.

  


+ ඔයා එයා වෙනුවෙන් අඬනවද....?



- නෑ.මම අඬන් නෑ.හැබැයි මගේ හිත කෑ ගහලා අඬනවා.මටත් වඩා මහ හයියෙන්.ඒත් දරා ගන්නවා.ඒ හැමදේම හිනාවෙලා.මොකුත් නොවුන ගාණට ම

 



+ ඉතිං ඇයි ඔයා එයාට මෙච්චර ආදරේ කරද්දිත් ඔයාව දාලා ගියේ



- හේතුවක් මම තාමත් දන් නෑ.සමහර අය අපි ට ලං වෙන්නේ හේතුවක් නැතුවම. ඒ වගේ ම අපිව අමතක කරලා දාලා යන්නෙත් හේතුවක් නැතුවම

  



+ බලාපොරොත්තුවක් තියෙනවද එයා ආය ම ඒවි කියලා...




- ම්ම්ම්.නෑ එයා ආය එන්නේ නෑ. එයා ගියේ මගේ මුළු ආත්මෙම අරගෙන මාව අමු අමුවෙම මරලා දාලා හුස්ම ගත්තටම මම මැරිච්ච මල කඳක්.ඉතින් මට තවත් එයා එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ?




+ ඔව් පුළුවන්, සමහර විට එයා ආයම එයි.....



- නෑ.එහෙම හිතන්න හියොත් වෙන්නේ.මම ආයම මාවම රවට්ට ගන්නේ තව තවත් ඉදිරියට. එයාව අත් හරින්න හදපු හැම තැනකදිම මම හුඟාක් අමාරුවෙන් එයාව අල්ල ගත්තා.ඒත් අවසානේ මන්වත් දන් නැතුවම එයා මටත් නොකියම යන්න ගියා.



+  ඔයාට එදා එයා මුණ නොගැහුණානම්....?




-  අද වගේ මගේ ඇස් වල කඳුළු නොතිබෙන්න තිබ්බා.නිදි වර්ජිත රැයවල් පහු නොවෙන්න තිබ්බා.හිත් වල වේදනාවක් නැතුව සතුටින් හිනා වෙලා ඉන්න තිබ්බා.

  


+ තනියෙම හැමදාමත් ඉන්න බෑ ඔයාට තේරේනවා නේද මම කියන දේ ?



- බෑ තමයි.ඒත් දැන් හුරුයි.කාලයත් එක්ක මිනිස්සු වසන්තයට වගේ ම ඉඩෝරයටත් හුරු වෙනවා.

  



ප්‍රේමය,

හුදෙක් ම වචනයක් නොව,

ප්‍රේමය කියාගත් පමනින් සියල්ලෝම හිමි වන්නේද නැත

ප්‍රේමය කියාගත් පමනින් සියල්ලෝම හමු වන්නේද නැත

හදවතට දැනුන පමනින් සියල්ලෝම ප්‍රේමණීයන් නොවෙනු ඇත.

හමු වු සියල්ලම අහම්බෙන් ද ?

හමු වු සියල්ලම සංසාරික ද ?

විය හැකිය,

ඒත්,හමුවීම අහම්බයක් වුවද හිමිවිම සංසාරික වියහැක.



ඔබ,

ප්‍රේමයට ප්‍රේම කරන්න.නමුත් කිසි දිනක අන්තයට ගොස් අධිමාත්‍රාවෙන් ප්‍රේමයේ ඇලි හැලි වෙලි නොසිටින්න. මන්ද එසේ සිදු කළහොත් ඔබ ට ඔබව ම මග හැරෙණු බව නොවනු මාන ය.




~~~~~~~~~~~~~~~~~~~~~



දැනුන දෙයක් කියන් යන්න



Report Page