තනි තරුව ⭐💫

තනි තරුව ⭐💫

Madhara Madhubhashini
#_තනි තරුව


____________________________📖🎗️




#_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐




🔥පස්වන දිගහැරුම 🔥





මගේ ඇස් යන්තම් ඇරුනෙ මූණට වැටුන වතුර පොදකින්...



තනූ.. තනූ අනේ කතා කරන්නකො මැණික..



මට සිහිය නැති වෙලා.. වටේම අය පිරිලා.. දුෂේන් මාව එයාගෙ පපුවට තුරුල් කරගත්තා... මගෙ කකුලක් හුගක් රිදෙනවා ඒත් මට කියාගන්න බෑ ඒක..



අපි යමු මැණික හොස්පිටල් එකට ඉක්මනට බෙහෙත් දාගන්න.. මට සමාවෙන්න මෙහෙම දෙයක් වුණාට..

අනේ අයියේ ත්‍රීවිල් එකකට කතා කරන්නකො



මොකද්ද උනෙ කියන්නවත් දන්නෙ නැති මම හිටියේ ෂෝක් වෙලා.. ඒ අස්සෙ ඇහුනෙ වටේ අයගේ කටහවල්



"නෝනට විතරක් නෙමේ මහත්තයා මහත්තයගෙ අතටත් බෙහෙත් දාගන්න වෙයී ගොඩක් ලේ ගියා..."



මං ඒ එක්කම දුෂේන ගෙ අත දිහා බැලුවේ යන්තමින් ඇස් හරවල..


දෙයීයනෙ ඒ අතෙන් ලේ ගලනවා.. ඇගිලි ලග ඉඳන් වැලමිට වෙනකම්ම තුවාලයී..

ඒ තුවාල දැකල මම තවත් බය වුණා.. මට තාම හිතාගන්න බෑ මොකද උනේ කියල.. ත්‍රීවිල් එකක ට මාවත් වඩාන නැග්ග දුෂේන් කීවේ හොස්පිටල් එකට යං අයියේ කියලා..



හොස්පිටල් එකට ගිහින් මගෙ අත්වලට බෙහෙත් දාපු ඩොක්ටර් ම දුෂේන්ටත් බෙහෙත් දැම්මා.. ඩොක්ටර් කීවේ දෙන්නගෙම ඔලුව ඩැමේජ් නෑ අභ්‍යන්තර ඩැමේජ් වෙලත් නෑ ඒත් මේ ලමයගෙ වම් කකුලේ පොඩි පේන් එකක් තියෙයී.. ඒත් ඒක අඩු වෙයී මං දෙන බෙහෙත් ෆාමසි එකෙන් ගන්න... පුතා ඔයාගෙ කකුල් වල නම් ප්‍රශ්නයක් නෑ මං හිතන්නෙ ඔයාගෙ මේ ඩෙනිම් රෙද්ද ගණකම නිසා ඔයා බේරිල... පොඩි සීරිමක් තිබුණා ඒකටත් මං බෙහෙත් දැම්මා.. කියල...


ඩොක්ටර් ගියට පස්සෙ මං දුෂේන් ගෙ අත අරගෙන බැලුවේ.. මුල අත පුරාම තුවාල වලට බෙහෙත් දාල...



එවලෙ උන හැමදේටම මට අඩන්න ඕන වුණා..



දුෂේන් ඔලුව අතගාලා ප්‍රශ්නයක් නෑ නේද කකුල අඩුවෙයී කියලා කීවා... මං එයාව බදාගත්තේ කඳුලු වැටෙන එක නවත්තගන්න.. ඒත් තවත් අඩපු එක තමා මං කලේ



මොකද්ද දුෂේන් එවලෙ වුණේ .. ඇයී මේම වුණේ 😭

ඔයාට ගොඩක් රිදෙනවද..



එයා මාව පපුවෙන් දුරස් කරල කලේ කඳුලු පිහ දාපු එක.. ලමයො මට පොඩ්ඩක් වත් රිදෙන්නේ නෑ.. ඇති යම්තම් ඔයා වචනයක් හරි කතා කලා.. අපි යමුකො දැං මොනා හරි කාලා පේන් එකට දුන්නු බෙහෙත් අරං ටිකක් රෙස්ට් කරමු.. ඔයට ඇවිදන් යන්න පුළුවන් ද..



එහෙම අහද්දි මං එයාගෙ ආදාරයෙන් ඇවිදන් ගියා.. රිඳුනත් කියන්න හිතුනේ නෑ එයාගෙ අත දැක්කම..



ආව ත්‍රීවිල් එකේම බෝඩිම ලගට ආව එයාට මාව බොඩිම ඇතුලට ගෙනියන්න අවසර නැති නිසා එහියේ ඉඳන්ම ඇන්ටිට කතා කලා... ඇන්ටි එළියට ඇවිත් එයාගෙ ඇගට මාව වාරු කරගත්තා..



දුෂේන් දිහා හැරිලවත් බලන්න වෙලාවක් හම්බුනෙ නෑ එයා ගියා.. මගෙ ෆෝන් ඒව කොහෙද කියන්නවත් මං දන්නැ..



මට කාමරේ ඇතුලට ගිහින් ඇඳෙ ඇල වෙන්න වත් හම්බුනේ නෑ


තනූ කියලා සනූ කෑ ගැහුවා..





තනූ මොකද වුණේ දෙයියනේ..

දුෂේන් කීව ඔයා ව බලාගන්න කියලා ඒකයී මං මේ ආවෙ..




අනේ මං දන්නේ නෑ සනූ මට මතක මං වැටෙන්න ගිහින් විසි වෙනවා වගේ විතරයී..





ඒත් එක්කම සනූගේ ෆෝන් එක රින්ග් වුණා..



හෙලෝ..




අහ් කියන්න




ඔව් මං බලාගන්නම්.. හරි හරි ඔයාට අවුලක් නැ නේද.. මං දේෂ් ට කෝල් කලා එයා එයී ඔයාව බලන්න..




අහ් ආවද හරි පරිස්සමින් ඉන්න..




ඔයා එන්න ඕන නෑ දේෂ් අතේ එවන්න




හරි මං තියන්නම් බුදු සරණයි පරිස්සමින් ඉන්න


📱



කවුද සනූ




දුෂේන් කතා කලේ.. ඔයා ගැන අහන්න



අනේ එයා ට කොමද සනූ




එයා ලග දේෂ් ඉන්නව බය වෙන්න එපා.. දැං නිදාගන්නකො මං ගිහින් ඇන්ටි එක්ක කන්න මොනා හරි හදන් එන්නම් බෙහෙත් බොන්න..



හ්ම්ම්.. අනේ සඳලි මගෙ ෆෝන් එක හොයල දෙන්නකෝ එහෙම නැත්තම් ඔයාගෙ ෆෝන් එක හරි.. මට දුෂේන් එක්ක කතා කරන්න ඕන..



හරි ගන්න.. ඔයාගෙ ෆොන් එක යී බෑග් එකයී දුෂේන් ලග තියෙනවා ඒක හෙට දෙයී




ඒකටනම් කමක් නෑ 🥺 දුෂේන්ට කතා කරන්න තිබ්බොත් ඇති




ගන්න කෝල් කරල බලන්න..



මං සනූගේ ෆොන් එක අරං දුෂේන්ට කොල් කලා




දුෂේන්.. පරිස්සමින් ඉන්නව නේද



ප්‍රශ්නයක් නෑ.. ඔයා




ම්ම්හ්.. අනේ මොකද්ද උනේ.. ඔයාගෙ අතෙන් ගොඩක් ලේ ගියානේ🥺




ඒක ගැන මතක් නොකර නිදාගන්න ටිකක්..



අනේ කියන්නකො...




ලමයො දැං නිදාගන්න.. බෙහෙත් බීවද ඔයා ..




තාම නෑ කෑම කනකම් ඉන්න කීවා සනූ




එහෙමද.. මෙතන දේෂ් ඉන්නවා මං එක්ක බය නොවී නිදාගන්න දැම්





අනේ පරිස්සමින් ඉන්න.. හෙට එනවද මාව බලන්න




ඔහෙට එන්න බෑනේ තනූ..




මං එන්නම් එලියට 🥺 අනේ මට බලන්න ඔන ඔයාගෙ අත




හරි බලමුකො ඒක හෙටනෙ දැං නිදාගන්න... බුදු සරණයී




හ්ම්ම් බුදු සරණයි පරිස්සමින් ඉන්න බෙහෙත් බොන්න



ඔයත්




කෝල් එක කට් වුණා.. අනේ 😭 ඇයී එයා මට මැණික කීවේ.. මාව එයාට එච්චර වටිනවද අතෙන් ලේ ගලද්දි කිසිම ගානක් නැතුව මට සිහිය එනකම් හිටියේ... 🥺 සමහර විට බය වෙන්නැති. මමත් මොනව හිතනවද මංද...



මං අනිත් පැත්තට හැරිල කඳුලත් පිහදාගේන ඇස් පියාගත්තා



පැය කිහිපයකට පසූ



අනේ දුෂෙන් ඔයාගේ අතේ ලේනේ.. ගොඩක් ලේ එනවනේ 😪😪



තනූ... තනූ.. හීනයක් දැක්කද.. ඇහැරීන්න ලමයො දැම් ඇති..



මං ගැස්සිල ඇහැරුණේ මට කතා කරද්දී..



තනූ.. ඔයා හීනෙනුත් දැක්කද මේ දේවල්...




😕 ඇයී




දැං කීවේ... දුෂේන්ගෙ අතෙන් ලේ එනවා කියලා...




😕 ම්හ්ම්ම් ඒමද.. අනේ දුෂේන් හොඳින් නේද සනූ..




ඔව් මං කෝල් කලා.. ඔයා කෝ ඇහුවම නිදි කීව.. ඔයා ගොඩක් වෙලා නිද්ගත්තා.. එන්න මං කවන්න කාලා බෙහෙත් බීල ඉන්න..




හ්ම්ම්




සනූ මට බත් කවද්දි මතක් වුණේ අම්මව... චූටි කාලෙ වැටිල තුවාල වුණාම අම්මත් බත් කවනවා .. මට අම්මව මතක් වුණු නිසා ඇස් වලින් කඳුලු ආවෙ මටත් නොදැනිම




ඇයී තනූ ඇස් වල කඳුලු රිදෙනවද මැණික ගොඩක් 😕 නැත්තම් බත් සැරද




නැහැ කියලා මං ඔලුව දෙපැත්තට වැනුවා




බත් කාලා බෙහෙත් බීලා ආයෙත් ඇඳට වුණේ කකුලෙත් බෙහෙත් එක සනූ ගෑවට පස්සේ...





අනේ මංදා සනූ මොකක් වුණාද කියලා.. මට මතක නැ මොකද වුණේ කියලා.. ඔයාට කීවද සනූ දුෂේන් මොකද උනේ කියල




ම්හ් නැහැ කීවේ නෑ.. ඒව වැඩක් නෑ ඔයාලා දෙන්නම හොඳ වෙන්නකො..




ඒත් මට මතකයී සනූ දුෂේන් බයික් ඒකත් එක්කම ඉස්සරහට ඇඳීගේන ගියා.. එතකොට ම මගේ ඇස් පියවුණා




හරි ලමයො දැම් ඕව ගැන හිතන්න එපා...





හ්ම්ම්.. සනූ අපෙ අම්මට කියන්න එපා බය වෙයී එයා..




😕හ්ම්ම් නොකිය ඉමු ඒත් ඉතින් කීවොත් හොඳයී කියලයී හිතෙන්නේ..




එපා සනූ මට බයික් එකත් තහනම් කරයී




හ්ම්ම් දැං ඔයාට රිදෙනවා අඩුද..



ප්‍රශ්නයක් නෑ.. මට දුක දුෂේන් ගැන.. පව් එයා මාව එක්කම් යන්න ආවේ නැත්තම් එයාට මේ දේ වෙන්නේ නෑ.. ඒකත් මං නිසා..




අයියො එහේම නෑ ලමයො ඒක අර කන්ටේනර් කාරයගෙ වැරැද්ද.. ඔයාගෙ වැරැද්දක් නෑ..




😳 මොකද්ද...




හ්ම්ම් ඔයාලට ඉස්සරහින් ගිය කන්ටේනර් කාරයගෙ බ්‍රේක් ලයිට් වැඩ නෑ.. ඌ බ්‍රේක් කරල.. බයික් එක කන්ටේනර් එකේ වදින ඒක නවත්තගන්න දුෂේනූත් බ්‍රේක් කරන්න ගිහින් වේගෙත් එක්ක බයික් එක ලිස්සල.. කන්ටේනර් එකේ වැදුනනනම් දෙන්නා ඔයීට වැඩිය දුර විසි වෙන්න තිබ්බා 🤕




දෙයියො 😑😕 අනේ පව් නේද දුෂේන් එයාගෙ අතේ ලේ ගලද්දින් එයා මාව වඩාන ත්‍රීවිල් එකටත් දාල මාව හොස්පිටල් එකටත් අරම් ගියා...





මේ ඔය කතා අමතක වෙන කතාවක් කියන්න ද දැං ඔයාටයී දුෂේන්ටයී වෙඩින් එකට යන්න වෙන්නෑ.. අපරාදේ අර ඇන්ටිගෙ ඇඳුම හොරෙන් ගත්තේ




අනේ මං ඒනව කකුල බැඳගෙන හරි 😒



හම්බේ හම්බේ😂




හිනා නොවී ඉන්නවද 😒 මාර යාලවො තමා හුම්ම්... දුෂේන් නැතුව මෙයාඑතන හිටිය නම් මට හිනා වෙවී ඉඳි..




එහෙනම් ඉතින් දැනුත් දුෂේන් ගෙන්න ගනිම්කො😒





😐හී ඒම බෑනේ ඉතින් ඔයාට වද දෙන්නත් එපැයී. මේ මට මෙහෙම මෙහෙම.. මාව ඒක්කම් යනවකො




දුෂේන් ට කියපන් 😒




දෙන්න ෆෝන් එක මං එන්න කියන්න එයා එයී රූං ගාලා 😏නොන්ඩියට කටත් ඇද කරල මං කීවට මං හිතුවේ නෑ ෆෝන් එක දෙයී කියල දුෂේන්ට කෝල් එකක් ගන්න..




ආ අරං කියනවා..




අපො විහිලුවක් කලේ මගෙ මැණිකා 😒





නෑ නෑ දැං කීවනේ එයී කියලා ඉන්නකො මං කියන්නම් දුෂේනට ඔයාට මොනවද කියන්න තියෙනවා කියලා..




ඒයී ගන්නෙපා කෝල්.. ඕක කට් කරනවා මෝඩයො




හෙලො දුෂේන්...




ආ මේ තනූට මොකද්ද කියන්න තියෙනවලු





අනේ සනූ තමුසෙනම් මහ ඔන්නෑ...

අනේ දුෂෙන් මේ සනූට පිස්සු අනේ මං මේ එයාට කියපු එක එයා කියනව ඔයාට කියන්නලු




පිස්සු කෙල්ල මං නිදියනවා තනූ මහන්සි.. බෙහෙත් බීවද





ඔව් බීවා ඔයා බීවද...




හ්ම්ම් මං තියනවා...





හරී.. කෝල් එක කට් කලාට පස්සෙ සනූට ඔරොවල ෆෝන් එක දූන්නේ "ආ මෝඩයා" කියලා කෑ ගහල 😒




මං දිහා රවල බලල සනූ කීවේ ඒනව යන්න කියලා 🙈




වෙලාව ගෙවිල ගිහින් නොදැනිම හවස් වුණා...



වෙලාව කීයද සනූ...




හතර හමාරයී...




හ්ම්ම් පොතක් අරං දෙනවකො...




අපෝ ඔං පටන් ගත්තා...




අනේ..🥺





ඉන්නව ඉන්නව ඉතින්..




සනූ පොත අරං දෙන්න යන අතරේ දොරට තට්ටු කරනව ඇහුණා... ඉතින් සනූ ගිහින් දොර ඇරිය




හිටගෙන හිටිය කෙනා දැකල අපි දෙන්නම පුදුම උනේ මූණ මූණ බලන්..


එහම ආවේ කෝමද කියන ප්‍රශ්නේ දෙන්නගෙම හිතේ තිබ්බා





ඊළග කොටසින් හමුවෙමූ

#මං මදූ ⭐🎗️

මදාරා මධුභාෂිනී 💜✍️


Madu 🌸💫


Report Page