තනි තරුව

තනි තරුව

Madhara Madhubhashini
#_තනි තරුව


*තනි තරුව*

____________________________📖🎗️




#_සඳත් අහසත් වලාකුළුත් අතරේ අතරමං වුණු තනි තරුව 💫⭐




🔥හතරවන දිගහැරුම 🔥






සනූ වොෂ් දාගෙන එනකම් මං ෆේස්බුක් එකේ උඩට පහලට යද්දි ආවේ අවීගෙන් මැසේජ් එකක්..



💬 මට හෙට එන්න වෙන්නෑ . මළගෙයක් වෙලා මට ගෙදර යන්න වෙනවා..



අනේ කවුද මැරිල තියෙන්නේ🤕

මමත් රිප්ලයි කලා




💬 ආච්චි අම්මා නැති වෙලා... මට යන්නම වෙනවා එයා බලන්න අවසාන වතාවට



🤕අනේ ඒමද.. අපිත් එන්නද.?




💬 එපා එපා මං ගිහින් එන්නම් හෙට පරිස්සමින් ඉන්න



🤕 හ්ම්ම්..




රිප්ලයි එක සීන් කරපු එයා ඉමොජියක් විතරක් දාල ඕෆ් ලයින් ගියා.. පව් දුක ඇති..

ඒත් එක්කම ආවේ සනුව..



අනේ සනූ 🤕



ඇයී.. මොකද උනේ




අවීලගෙ ආච්චි නැති වෙලා




අප්පා... එතකොට




හෙට එයා ගෙදර යනවලු




එහෙමද.. පව්




ඔව් අනේ එයා ගොඩක් ආදරෙයී නේ ආච්චිට




අපි ත් යනවද




එන්න ඔන නෑ කීවා එයා නම්...




එහෙමද 😕... ඒනම් ඔන නැතුවැති නේද..



හ්ම්ම් මාත් වොෂ් එකක් දාං එන්නම්



_____________________________________________





අම්මා ඔයා පොඩ්ඩක් තේරුම් ගන්නකො අම්මා.. ඔයාට බැහැද ස්වේතා ආන්ටි එක්ක ගිහින් එන්න මං එන්නම ඔනද එතකොට ඔෆිස් එකේ වැඩ කවුද බලන්නෙ


(පවුලෙ කෙනෙක් ගෙ වෙඩින් එකකට යන්න බෑ කියලා අම්මා එක්ක රණ්ඩු කරන්නෙ යෙනුල් දුෂ්මන්ත..)



පුතා ඔයා හැමදාම ඔහොමයී ඒත් මේකට නම් එන්නම ඕන ඔයාගේ ඔය ඔෆිස් එක නිසා ඔයගෙ ජීවිතේ වැදගත් දේවල් අහිමි කරගන්න එපා.. ස්වේතා ආන්ටිලා එක්ක ගියා කියලා මගේ පවුල නියෝජනය වෙන්නෑ.. මට ඕන ඔයත් එක්ක යන්න යී.. ආයී කතාවක් නෑ මෙතනින් එහාට ඔයත් මාත් එක්ක එනවා



ඔයත් නම් අම්මා.. හරි හරි මං එන්නම් හැබැයී මේ අවසාන එක




අවසාන එකද පලවෙනි එකද කියල බලාගමුකො.. මට ස්වේතා ආන්ටි එක්ක කතා කරන්න ඕන කෝල් එකක් අරං දෙන්න මගෙ ෆෝන් එකේ සල්ලි ඉවරයී ඒකත් දාල දෙන්න මට...




ම්ම්ම් ඉන්න මං අරං දෙන්නම්..




හෙලෝ ස්වේතා... වෙඩින් එකේ වැඩ කොහොමද නංගි...




_____________________________________________



තනූ ඔයා ආවද 😕 මාර ප්‍රශ්නේ




ඇයී එපාර මොකෝ...




ඔයාට හෙටතනියම ලෙච්චර්ස් යන්න පුළුවන් නේද..




ඇයී ඔයා???




මං මේ.. දේෂ් කියනවනේ එයා එක්ක ෂොපීන් කරන්න යන්න එන්න කියලා




යන්න ඉතින් එපා කීවද මම..කමක් නෑ දුෂේන් ඉන්නවනේ ඉතින්




කමක් නෑ නේද තනූ 😕




කමක් නෑ ලමයො ගිහින් එන්න...

මං එහෙම කියද්දි ඇද වෙලා තිබ්බ සනූ ගෙ මූණට ලස්සනට හිනාවක් ආවා..

තෙත කොණ්ඩෙ ටිකවෙලාවක් පිහදල ඇඳට වැටිල මං තනි වුණේ මගෙ ලොකෙක..




මං ගියේ මගෙ අතීතෙට.. මමත් ආදරේ කලා කාලයක්.. එයා නමින් ශෙනුල්... මට වඩා අවුරුදු තුනක් වැඩිමල් එයා.. ශෙනුල් අයියගෙ උවමනාවටම ඉස්කෝලෙදි 12වසරට ආව අලුත එයා ට මං ආදරෙ කරත් එයාට ඒවෙද්දිත් වෙන ගර්ල් කෙනෙක් ඉඳල... මං විතරක් කරපු ආදරයක් වුණා ඒක...



තනූ බබා




කියන්න අයියේ




අපි මැරි කරාම රට යමු නේද.. මං නම් ආස නෑ මෙහෙට



ඔයා කියන ඕනම දේකට කැමති මං..

අයියේ දෙයක් අහන්නද..




අහන්න මැණික..




මාව දාල යන්නෙ නෑ නේද කවදාවත්




ෂ්ෂ්ෂ්.. මොනාද මේ කියන්නෙ මැණික.. මං හැමදාම ඔයා ලගින්ම ඉන්නව.. එයා කියන්නෙ මගෙ කට එයාගෙ අතකින් වහන්..



එදා ඒ විදිහට ආව අයියා ස්කූල් එකෙන් අයින් උනා.. එදා ඉදන් ආයී මාව හම්බෙන්න ආවෙ නෑ.. බලන් ඉන්නම බැරිම තැන මං එයාගෙ මල්ලිගෙන් ඇහුවා.. එයාගෙ මල්ලි කීවේ එයා රට ගිය කියල.. බලාපොරොත්තු සුන් වුණු කෙනෙක් වගේ මං එතනින් ආවා...

එදා ඉදන් එයාට මොනව වුණාද කියන්න මට දැනගන්න බැරි වුණා... මං තනි වුණා... පලවෙනිම ආදරේ ඇති වුණේ ශෙනුල් අයියට.. ඒත් ඒ ආදරේ මට හිමි කරගන්න බැරි වුණා.. ස්පෝර්ට් මීට් කාලෙදි අහම්බෙන් අක්කෙක් ව සෙට් වුණා.. නමින් දුලීෂා.. එයත් එක්ක කතා කරල එයා ඒ කාලේ මගෙ හොඳ යාලුවෙක් වගේ වුණා.. එයා දවසක් එයාගෙ බෝයී ෆ්‍රෙන්ඩ් ගැන කීවා 🙂 හ්ම්ම් ඒ ශනුල් අයියමයී.. මං එයාට ආදරෙ කරපු කාලෙමයී.. මං නම් ආදරෙ කලෙ එයාට ලං වුණේ ටික කාලයක් විතරයී.. ඒත් දුලීෂා අක්කට අමතක කරන්න බැරි අවුරුදු තුනක මතක තිබුණා... මමත් පුළුවන් තරමින් හිත හැදුවා... මමත් හිත හදාගත්තා... ගෙදර අයවත් දැකල නැති ගෙදරක් වත් දැකල නැති හදවතකට මාත් ආදරේ කරා.. මං දුන්නු ආදරෙ ගැන වෛර නොහිතාම එයාව හිතින් අත්හැරියා..





තනූ ඔයා නිඳිද...





මං අතීතෙන් ඇහැරුණේ සනූගෙ කටහඩ ඇහිල... ඇස් අග වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ කඳුලු බිංදුව ආයෙත් ඇහැ ඇතුලට ම අරං මං සනූට උත්තර දුන්නා..




නෑ සනූ මං නිදි නෑ..





මං ඇඳෙන් බැහැල අරං ආවේ නවල් එකක් 📖




ඕක කියවන්නේ පොතක් කියවපන්කො...




ඉතින් මේ පොතක් නේ 🙈

සනූ කැමති නැත්තෙ මං නවල් කියවනවට...




එදා රෑම නවල් එකත් එක්ක ගෙවුණා.. සනූත් මොනාදො දේෂ් එක්ක කියව කියව හිටියා..




පහුවදා මං විතරයී නේද ලෙච්චර්ස් යන්නේ කියලා මතක් වෙද්දි චුට්ටක් දුක හිතුනා..

එතකොටම හිතට ආව අදහසට තමා දුෂේන් ට කොල් එකක් ගත්තේ



දුෂේන්.. ඔයා එනවද අද..




ඔව්.. අවියනම් එන්නැ කීවා..





හ්ම්ම් මටත් කීවා පව් නේද...





ඔව් ඌ උදෙන්ම ගියා ගෙදර..




දුෂෙන් ඔයාට බැහැඳ මාව එක්කම් යන්න එන්න මෙහෙට..




ලෙච්චර් එකට යන්නද..




ඔව් 😪



ඇයී සනූ කෝ...




එයා එන්නෑලු අද..




හරි මං එන්නම්

දුෂේන් ඒම කියද්දි ආව සතුට පාලනෙ කරගන්න බැරුව මං කිවේ




හී මගෙ හොඳ කොල්ලා කියල 🙈



මං 8.35වෙද්දි ඔතන.. ලෑස්ති වෙලා ඉන්න.. පරක්කු වෙන්න බෑ




හරී 🙃

කෝල් එක තිබ්බ ගමන් මං ඉක්මනට වොෂ් දාන්න ගියා..



මං දුෂේන් එන වෙලාවටම වගේ ලෑස්ති වෙලා හිටියා... සනූ ටත් කියලා මං දුෂෙන් එක්ක යන්න බයික් එක ලගට ආවා.. එයා දුන්නු හෙල්මට් එකත් දාගෙන බයික් එකට නැග්ගා.... මං ආසම බයික් ඒක තමා දුෂේන් ට තිබුණේ .. ඒක FZ එකක් 🥺 පිටිපස්සේ ඉඳගෙන වටේ බල බල ගියේ බයික් එක හරියට නිකම් මගෙ වගෙ...



දුෂේන් මටත් මේක පුරුදු කරනවකො 🥺



ම්ම්ම් අද හවසට බලමු




ඔය ඇත්තමද 😍😍




බලමුකො ඉතින්




අනේ ඔයා හැමදාම කියනවනේ බලමු කියලා.. ඒත් කවදා... එච්චර තමයී මට කියාගන්න පුලුවන් උනේ.. මට දැනුනෙ මං වැටෙනවා විතරයී.. මාව පැත්තකට විසි වෙද්දි දුෂේන් බයික් එකත් එක්ක ඉස්සරහට ඇඳීගෙන යනවා විතරයී මට දකින්න පුළුවන් උනේ මගෙ ඇස් පියවුණා..




ඊළග කොටසින් හමුවෙමු

#මං මදූ

මදාරා මධුභාෂිනී 🎗️💜✍️

Madu 🌸💫


Report Page