තනිවීම

තනිවීම


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

තනිවීම කියන්නෙ ලෝකෙ තියන රසවත්ම ඇබ්බැහිවීම ....




මේ ලෝකේ තියන සුන්දරම හැගිම වලින් එකක් තමයි...

" බලන් ඉන්න එක..."

කවදාවත් නොලැබෙන ආදරයක් බැදීමක් වෙනුවෙන් ...

"බලන් ඉන්න එක"

එතකොට ලෝකේ තියන දරාගන්න අමාරුම වේදනාව තමයි...

"බලන් ඉන්න එක.."

කවදාවත් නොලැබෙන ආදරයක් බැදිමක් වෙනුවෙන්

"බලන් ඉන්න එක"




මේ ලෝකේ තියන සමහර සුන්දර හැගිම් එක්ක...

දරා ගන්න බැරි වේදනාවක් හැංගිලා තියනවා...

ඉතින්......

ඇයි වේදනාවක් තියෙන හැගීම් එක්ක ජිවත් වෙන්නේ?

ඒවා හිතින් අයින් කරලා දාන්න පුළුවන් නේ?

ඔව්...

ඒ හැගිම් මරලා පුච්චලා අලු කරලා දාන්න බැරි කමට.....

ඒ වේදනාව හිතේ තියාගෙන පිච්චි පිච්චි ඉන්න මිනිස්සු

එදත් හිටියා...

අදත් හිටියා...

ඉස්සරහටත් ඉදි...

ඒ පිච්චෙන වේදනාව එක්ක ජිවිතේ ජිවත් කරවන්නේ ඒ හැගිම්...

ඒ හැගිම් අස්සේ කිමිදෙන්න ආසයි...

වේදනාවේ උච්චතම අවස්තාව අහිමි විම වුණත්...

ඒ අහිමි විම අස්සේ හැංගිලා තියෙන්නේ...

රසම ම රස කතා එකතුවක්...

ඒ කතා ආය ආය කියවලා බලන්න ආසයි....




තමන් කැමති කිසි ම දේයක් සිද්ධ වෙන්නේ නැ කියන දේ ඇස් වලට පෙනි පෙනි තිබ්බත්....

අර හැගිම් මත්තේ නැහි නැහි ම...

ඒ වෙනුවෙන්....

" බලන් ඉන්න ආසයි "





හැම ඇබ්බැහියක් ම හැම අහම්බයක්ම සංසාරික වෙන්නෑ...

ඒත්,

අතනොහැර බැදිම් තදින් අල්ලගෙන ඉන්න අය තමයි...

අපේ සංසාරික උරැමක්කාරයෝ වෙන්නේ...

දාලා යන්න හේතු දාහක් තියෙද්දි...

එකම හේතුවක් වෙනුවෙන් ලඟ රැදෙන...

හදවත් තමා පුරාවෘත්ත ආදර කතාවල අයිතිකාරයෝ...

බිහි කරන්නේ..






සති ගණන් මාස ගණන් ගත වේලත්.....

මේ නමක් නැති බැදිමට සෑහෙන තරම් ආදරෙයි මං...




"ලැබිම් නොලැබිම් ගැන නොහිතා අද දවසත් හෙට දවසත් ඔයාට ආදරය කරන්නයි මං පුරැදු වෙලා හිටියේ ඒ වගේමයි ඉන්නෙත්..."





ජිවිතේට ආව ගිය බොහෝ අය අතරේ අරටුව හයිය ගහක් වෙලා....

ආත්ම ගාණකට හිතේ පැල් පදියම් වෙන්න...

ඔයාට තිබුනේ මොන වගේ මායාකාර බලයක්ද කියලා...

අදටවත් මං හරියට දන්නේ නෑ...

මිනිස්සු පුදුමාකාර බයයි තනි වෙන්න.....



"මං ඉන්නවා ඔයා එක්ක"



හැමදාම එහෙම කිව්ව ඔයාම අන්තිම මොහොතේ මෙහෙම කියන්න පුලුවන් වුණා.. ....



"උඹ හින්දා මට හැමදේම මට නැති වුණා.ඇස් වලට පේන්න එපා මැරිලා පලයන්...."




ආදරේම බව දැන දැනම ඒ හැගිම කියාගන්නට බැරි උන තැනක...

හිතෙන් අල්ලන් අතින් ගිලිහිලා යන්න ඉඩ දීපූ කතා,

එදත් තියෙනවා...

අදත් තියෙනවා...

හෙටත් තියනවා...

කාලය ගෙවිලා ගියත්

ඒ කතා අදටත් අපේ ජීවිත වල අසම්පූර්ණයි...




හිතෙන් අමතක කරනවා කියලා තමන්ට පොරොන්දු දුන්නට...

ඇත්තටම ඒ මතක අමතක කරා කියලා අපි අපේ හිතම රවට්ටගත්තට....

තප්පරේට ඇස් වලට කඳුලු පුරවලා

මතක අවුස්සගෙන අපිව රිද්දන්න තාමත් ඒ කතා වලට පුළුවන්...




"උඹෙයි මගෙයි කතාවක් එහෙම එකක්!"




මට දැනෙන තරම්ම උඹටත් මාව දැනෙනවා නම්,

අපිට අපි මෙහෙම නැති නොවෙන්න තිබ්බා....

හිත පිරෙන්න මං පුරවන් ඉන්න ආදරේට උඹට දැනුනා නම්,

අපේ කතාව මීට වඩා ලස්සනට අපේ අත් වලින් ලියන්න තිබ්බා....

ඒත් අපේ දෛවයේ ලියවිලා තියෙන්නේ සමුගැනීම හින්දා,

අපි අපෙන් මේ විදිහට වෙන් වෙලා යන්න ඇති...





කොයිතරම් දුරකට වෙලා අපි අපිව නොදැක හිටියත්,

ජීවිතේ එක තැනක අපේ මතක හරි ලස්සනට ට පරිස්සම් වෙලා තියෙනවා....

ඒ මතක රිදෙන බව ඇත්ත උනත් මම කැමති නෑ..

ඒ මතක අමතක කරන්න...

මොකද ඒවායේ අයිතිය තියෙන්නේ අපි දෙන්නට ම නිසා.....




මගේ නොවුණට මට අයිති නැති වුනාට....

ලස්සනම හීන දකින්න උඹේ හිතේ වෙන ආදරයක් වෙන කෙනෙක් වෙනුවෙන් තිබුණට....

මම ජීවිතේ කොයි කොයි පාරේ කොහොම ගියත්....

මම කැමතියි මගේ ජීවිතේ උඹ සදාකාලික මතකයක් වෙනවට.....

ඉතින් උඹ මගේ හිතේ විතරක්ම රැඳුන මතකයක් වෙද්දෙන්....




කවදාමහරි ආයේ මුණගැහුනොත් මගේත් එක්ක එකම එක පාරක් කතා කරන්න....

ඒත් එදාට අහන්න එපා මගේන්,


"මාව මතක් වුණේ නැද්ද කියලා..."



මොකද,

උඹව මතක් නොවුණ දවස් මගේ ජීවිතේ නෑ...

මතක උනත් හිත රිද්දනකොට දැනෙනවා ජීවත් වෙනවා කියලා....





සමහර සම්බන්ධකම් බිඳෙනකොට...

ආදරේ කරපු අය මැගහැරෙනකොට...

පෙම්වතුන් දාලා යනකොට...

යාළුවො තරහ වුනාම...

මිනිස්සු පොළවේ පස් කකා අඬන්නේ ඒ අයට තිබ්බ ආදරේ නිසා විතරක්ම නම් නෙමෙයි.......

එයාල නැතුව ජීවත් වෙන්න තමන් ලෑස්ති නැති නිසා...

මොනම හේතුව නිසා හරි ඔයාට තනිවෙන්න වුනොත් එදාට ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.....



ඒක තමයි ඔයාට ඔයාව හොයාගන්න ලැබෙන හොඳම අවස්ථාව...

ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

මොකද...

කෙනෙක් කවදාවත්ම තනි වුනේ නැත්තම්....

ඒ කෙනාට තමන්ට තමන්වම මග ඇරෙනවා,

රිදිලා, අඬලා, අහිමි වෙලා, මේ හැමදේම වෙලා...

දවසක  ඔයා හොඳටම තනිවුනාට පස්සෙ තමයි....

තමන්ට තමන්ව හරියටම පේන්න පටන් ගන්නෙ....



සරලවම කිව්වොත්...

 තමන්ට තමන්ව හොයාගන්න ඕනෙ නම්...

බලෙන් හරි තනි වෙන්නම ඕනෙ...

එතකොට තමයි තමන් කව්ද, තමන්ට පුලුවන් මොනවද..

තමන්ට ඇත්තටම ඕනෙ මොනවද කියල දැනෙන්න පටන් ගන්නෙ,



තනිවෙන්න තනිවෙන්න හිමින් හිමින්...

 මිනිස්සු තමන්ව ගොඩනගන්න පටන් ගන්නවා.

තේරුමක් නැති රංචු ගැසීම් වලට වඩා...

තනිවීම කොච්චර වටිනවද කියල තේරිච්ච දවසට...

මිනිස්සු අළුතෙන් යාළුකම් ඇති කරගන්න බැඳීම් හදා ගන්න හිතන එකක්වත් නැහැ...

තනිවීමට හුරු වුනහම ඒක ඒ තරම්ම රසවත් දෙයක් තවත් නෑ....

පොඩ්ඩකට තනි වෙලා බලන්න...

පුදුම සැහැල්ලුවක් සැනසීමක් ඔයාට දැනෙයි...

හොයල බලන්නන පොඩ්ඩක්..

ජීවිතේ දිනපු ලෝකෙ වෙනස් කරපු බොහොමයක් මිනිස්සු...

ජීවිතේ කවදාම හරි කට්ටටම තනි වෙච්ච මිනිස්සු තමයි..


ඔයාට ජීවිත ඉහළටම ඉගිලෙන්න ඕනෙ නම්..

මුලින්ම ඔයා බය නැතුව තනි වෙන්න..

හුරුවෙනකම් පොඩ්ඩක් අමාරුයි තමයි...

ඒත්,

තනිවීම කියන්නෙ ලෝකෙ තියන රසවත්ම ඇබ්බැහිවීම කියල ඔයාටම  එදාට  තේරෙයි....



"ගොඩක් අය නොදන්නවා උනාට, තනිවීම කියන්නෙ  එක්තරා හිමි වීමක් 🕊️🌹"



________________


තනිකම ඇතුලේ මං මාව හොයා ගත්ත කෙනෙක්....

ඔව් මම හොයා ගත්තා....

මං අදුරගත්තා....

තනිකම ම තමයි....

ඔයාල ට අද,

Aυƚԋσɾ Mσσɳ 🌙✍ ව හොයලා දුන්නේ....





ඉතින් අද කතාවට නම් අනිවාරෙන් ම කමේන්ට් එකක් දාගෙන යන්න.මං හැමදාම කමේන්ට් ඉල්ලන් නැනේ.....



Report Page