ජිවිතේ....🤍

ජිවිතේ....🤍


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(කෙටිකතාවකි)

ජිවිතේ මහ පුදුමයි......



කොහොමද පටන් ගන්නේ....

කොහොමද ඉවර කරන්නේ....

ගමන පටන් ගත්තේ ඉපදීමත් එක්ක....

ඒත් මේ ගමන මරණයත් එක්ක කෙලවර නොවෙන්න ඕන...

සමහර මිනිස්සු න් ගේ ජිවිතේ මරණයෙන් කෙලවර වුණා ....

ඒත් ඒ මිනිස්සු ම අදටත් අමරණිය මතක වලින් පිරිපුන් මිනිස්සු විදිහට...

අපි අතර ජිවමානව ජිවත් වෙනවා....





මේ පටන් ගත්ත ගමන දිගටම යන්න ඕන කියන අදහස....

ඔලුව ඇතුලේ තියනවා.....

ඒ ගමන ලේසිත් නෑ....

ඒ ගමන අමාරුත් නෑ.....

ජිවිතේ ටික ටික යද්දි එක එක විදිහේ මිනිස්සු හම්බවෙනවා....



ඉස්සරහට යද්දී එන්නේ ම ප්‍රශ්නේ...

ඔලුව හිත විනාස වෙලා යන්න තරම් ප්‍රශ්න එන්නේ...

මගේ ගමනත් ඒ වගේ....

සතුට කියන දේ නිකම්ම නිකන් වචනයක් වෙලා...

ජිවිතෙත් පැනලා දුවද්දී...

දුක කියන වචනේ...

ජිවිතේ අස්සක් මුල්ලක් නෑරම හරි ලස්සනට පැය 24 ම...

සක්මන් කරනවා හරි ලස්සනට....




පපුව පැලෙන්න වගේ දාහක් වේදනාවන්....

හිතේ කැකැරෙද්දී....

සමහර ප්‍රශ්න වලට උත්තර හොයන්න බැරි තරම්...

හිත් අසරණ වෙලා නිරුත්තර වෙනවා.....



ඉවරයක් නැති ප්‍රශ්න...

වේදනාව විරහව නිසා...

සමහර දවස් කදුලු වලින් පෙගුණ රැයවල් අදටත් පහු වෙනවා....




ඇයි මට ම මෙහෙම වෙන්නේ කියලා මගේ හිතෙන්ම මම සමහර වෙලාවට අහනවා....

ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර දිගන්නත් බැරුව....

මං බලන් ඉන්නවා....





පුදුම තරම් සැනසීමක් දුන්නේ රෑ අහසයි....

කලුවරයි....

කඳුලු වලින් කම්බුල් පෙගිලා හෙදිලා යද්දී....

හිතේ හැටියට වේදනාව පිට කර ගන්න...

අවස්තාව හදලා දුන්න එකම තැන රෑ අහසයි....

කැලි කැපුවත් නොපෙනන කලුවරයි.....






පිඩනේ දරා ගන්න බැරි වෙද්දී මට මම ගැන ම දැනේන්නේ....

පුදුම තරහක්....

ඒත් ඉවසනවා....

මං වටේ ඉන්න අයට රිද්දන්න බැරි කමට....

ඒ හිත් වලට ගින්දර දිලා පව් පුරවන්න බැරි කමට....

ඉවසනවා....





මං තමයි මේ ලෝකේ ඉන්න සතුටින් කෙනා වගේ...

හැමෝම එක්කම කතා කරලා...

හැමෝම එක්ක හිනා වෙලා දවල් වරුව ගත කරද්දී....

රෑ අහස මට මගේ හිතේ හැටියට ජිවත් වෙන්න දුන්නා...





මහ රෑට දොර ඇරන් ගිහින්...

මිදුලට වෙලා වරු ගනන් අහස දිහා බලන් ඉන්න එක දැන් පුරුද්දක් වෙලා.....

හිතට සැනසීම ගෙන එක ම දේ එක......

ඇස් වල කඳුලු වාන් දාද්දී...

මං හරි ආසාවෙන් ඒ හැගිම් පිට කරලා මාව සංසුන් කර ගන්නවා....





ජිවිතේ අපිට ප්‍රතික්ෂේප කරන්නත් බැරි,

ඒ වගේ ම ජිවිතේ ජිවත් කරවන්න ඕන ම කරන දේවල් තුනක් තියනවා......



එක බැදීම්...

දෙක ආදරේ...

තුන මතක.....



මනුස්සයෙක් නිර්මාණය වෙන්නේ දොත දරාගෙන බැදීම් කඳු ගනන් කර පින්නාගෙන....

ඒ බැදීම් නිසා ම හට ගන්න හැගිම ආදරේ....

ආදරේ ආදරේ....

මිනිස්සුන් ට විවිධ නිර්වචන දිය හැකි ලස්සන ලෝකේ ලස්සන වචනයක්.....

මමත් ඒ වචනෙට විවිධ නිර්වචන එක එක තැන දී දෙනවා....

ඒත් නිශ්චිත ම වචනයක් කාටත් කවදාවත් ආදරේ ට කියන හැගිමට දෙන්න බැරි වෙයි....

බැරි වෙයි නෙවේ....

බෑ....





ආදරේ කියන වචනේ ඇතුලේ තියන අකුරු හතර සරල වුණාට...

ඒ වචන ඇතුලේ ලොකු අරුතක් හැංගිලා තියනවා...

ඒත් අද සමාජේ දකින්න නැති එකම දේත් ආදරේ.....

මං ඇහැට දැක්ක ආදරේ,

කොච්චර සරලද කිව්වොත්

අද එකෙකි...හෙට තව අයෙකි

ඇයි මෙහෙම,

මට හිතුණේ එහෙම.....




කවුරු මොනවා කිව්වත්,

යශෝදරා වගේ ප්‍රේමයට ප්‍රේම කරපු ප්‍රේමය වෙනුවෙන් හැමදේම කැප කරපු....

උත්තරීතර කාන්තාවක්....

මේ ලෝකේ කිසිම දවසක ඉපදිලත් නෑ....

ඉපදෙන්නෙත් නෑ....





බැදිම් නිසා ආදරේ හටගද්දී...

ආදරේ නිසා හට ගන්නේ මතක....

මතක කඳු ගනන් ගොඩ හැගිලා හිත් අස්සේ හැංගිලා තියනවා...

ඒ මතක සුන්දරයි...

ඒ මතක මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරනවා...

රිදෙන නොරිද්දෙන ගානට....

සමහර විට ඒ මතක ම දවසක සුන්දර නොවෙන්න පුලුවන්.....

සමහර සිංදු පේලේ වෙද්දී...

එක අහන් ඉන්න බැරි තරමට පපුව පිච්චෙද්දී....

එතනින් නැගිටලා ඇවිත් බාත්රූම් එකට රිංගලා ශවර් එක යට වාඩි වෙච්ච දවස් අදටත් පහු වෙනවා....






ම්ම්....

අපි යාලුවෝ ආශ්‍රය කරන්න ඕන.

ඒත් ගොඩක් ලං නොවී ඉන්නත් ඕන....

අපි මිනිස්සුන් ට යාලුවන් ට ආදරේ කරන්න ඕන...

කිසියම් සීමාවක් ඇතුලේ....

කවදාහරි දවසක ඒ බැදීම ගිලිහිලා යනවා කියලා දැන දැනම අපේ ඔලුව ඇතුලේ තියාගෙන....

අපි ඒ බැදීම්,ආදරය ,යාලුකම් වෙනුවෙන් සීමාවක් ඇතුලේ දෙයක් කරන්න ඕන...




ඒත් ආපිට ඒ බැදිම් වලින් ඒ යාලුකම් වලින් කිසි දෙයක් බලාපොරොත්තු නොවි....

තමන් බැදිම් යාලුකම් වෙනුවෙන් දෙයක් කරනවා නම්,

ඒ දේ කරන්නේ තමන් ගේ කැමැත්තෙන් නම් ඉන් එහාට දෙයක් නෑ..

ඒ වගේ ම තමන් කරපු දේට ඒ බැදිම් ඒ දේට සමාන දෙයක් හරි...

ඒ දේට වඩා දෙයක් හරි කිසි ම දවසක බලාපොරොත්තු වෙන්න හොද නෑ...




ජිවත් වෙලා ඉන්න කාලේ ඇතුලත අපි අනිත් අය වෙනුවෙන්....

කිසියම් දෙයක් කරාට අපි ආපිට දෙයක්...

එයාලගෙන් කිසි ම දෙයක් බලාපොරොත්තු නොවන තැනට ඔයාගේ හිත හදාගන්න....




ඔයාගේ හොදම යාලුවා මම කියලා හිතමු...

ඒත් මගේ හිතේ ඔයා හොදම යාලුවා කියන තැන බලාපොරොත්තු නොවන තරමට ඔයා හිත හදා ගන්න...




ඔයා ඔයාගේ වටේ ඉන්න අයට පුලුවන් තරම් වචනෙකින් හරි උදව් කරන්න...

එතකොට ඔයා නැති දවසක වුනත් ඔයා කරපු දේ ඔයා ගැන ඒ අයගේ හිත් වල හැමදාම තියෙයි....

පුංචි ම පුංචි හරි මතකයක් වෙලා තියෙයි.

ගිලිහිලා නොයන,

සදාකල් මතකයක්  වෙලා හිත් වල රැදෙන තරමට අනිත් අයට උදව් කරන්න...




ජිවත් වෙලා ඉන්න මේ ටික කාලේ ඇතුලත...
ආර්මාර්තය පසෙකලා පරාර්තකාමි මනුස්සයෙක් වෙන්න....
එහෙම උන දවසට ඔයාට,
ඔයාගේ හදවතේ ගැඹුරුම තැන ට දැනෙයි....
ඔයා ජිවත් වෙනවා කියලා.....
අන්න ඒ සුවදායි සතුට ඔයා විදලම බලන්න ඕන හැගිමක්......






මං කියන්නේ බොරුද ලියන්න යන්නේ එකක් ලියවෙන්නේ එකක්.මේකත් එහෙම කතාවක්......



මං දන්නෑ...ඇයි මං මේවා මෙහෙම ලියන්නේ කියලා....ඔව් ඔයාලා හරි මං ඉන්නේ ලොකු දුකකින්....


Report Page