චූටියා...(Special chapter #01)

චූටියා...(Special chapter #01)

Ashee

චූටියා


Special Chapter #01



දානයක් යනු, ඕනෑ ම නිවසකට සියලු නෑදෑයන් පැමිණ උදව් කරන අවස්ථාවක් සහ අප හා නෑදෑයන්ගෙ දරුවන් සමග ආතල් එකේ සිටීමට හැකි දවසක් ය...


නමුත් මා හට එසේ නොවන්නේ ය... හේතුව වන්නේ මාගෙ නෑදෑයන් සියලු දෙනාට ම සිටීන්නෙ පුත්තුන් ය.. දුවලා සිටිය ද ඔවුන් දැන් කැම්පස් ගොස් ඇත.. ඔවුන්ගේ පුත්තුන් කාලකන්නි නසරාණිය... ඔවුන් සමග කතා කිරීමෙන් මා පච වෙන බව නියතය...


අපගේ මෙම දානය තිබුණේ කැම්පස් එකේ නිවාඅඩු ලබා දී ඇති දවසක නොමැති බැවින් මා හට එය අප්‍රසන්න නීරස දානයක් විය...


එදින මා හට ලැබුණේ මා ජීවිතේට ම අපේක්ෂා නොකළ කම්මැලි ම එපා කරපු වැඩේ ය... එය ' වතුර ඇල්ලීමය '


ඇත්තෙන් ම එය කම්මැලි වන්නේ වතුර ඇල්ලීමේ දි අප පාවිච්චි කරන්නේ වතුර ය... ඒවා කෑමක් නොවේ ය... එම නිසා එය කම්මැලිය.. එහි දී ඇති නීරස වැඩේ වන්නේ එක එකාට විරිත්තීම ය...එය මල විකාරයක් වැනිය....


එහෙත් මෙම වතුර අල්ලන වැඩෙ වෙනකෙකුට බාර දිය නොහැක... දුන්නත් ගන්නේ ද නැත... අම්මාට කිව්වොත් මා හට බනිනවා ය... එම නිසා දැන් කරන්නට දෙයක් නොමැති බැවින් එම නීරස වැඩේ කරමින් කාලය කලකණ්ණි ලෙස ගෙවා දැමීමට මම තීරණය කළෙමි.



" චූටි ඕක අල්ලන්න පුතේ...." ඒ මාගේ අම්මා ය...


ඔබලාට පෙනෙනවා ඇති මාගේ අම්මා ඉතාමත් ආදරණීය චරිතයක් බව... නමුත් එය එසේ නොවේ ය... පිටතින් බලා සියලු දේවල් විනිශ්චය නොකරන්න.. ඇතුළතින් සිටින්නේ යක්ශනියක් බව සලකන්න...


ඔය අම්මා" චූටි ඕක අල්ලන්න පුතේ" කියද්දී මා සිටියේ බුෆේ එකේ ඇති මස් භාජනයෙන් මස් කටුවක් හතර වෙනි පාරට ගිලමින් ය....


එමෙන් ම ඇගේ සිනහ මුසු මුහුණ යට ඇති කේන්තිය මා හට හොදින් ම පෙනේ..


අම්මාට විරිත්තිල්ලක් පා ක්ශනයෙන් මා වතුර අල්ලන්නට ගියෙමි...

කෙසේ හෝ විනාඩි 20කට 25කට පසු ඇන්ටිලාට හා මාමලාට වතුර ඇල්ලුවෙමි..


එක එකා මාගේ අතින් කටින් අල්ලන් එකේක ඒව පවසන විට සියල් වන වනා මා ඒවා විරිත්තීමෙන් අසා සිටියෙමි....


ඉන්පසුව අක්කලාට (එකෙකු දෙකෙකු ඇර..)වතුර අල්ලුවේ කිසිම මදහසක් නොපාමිණි.. එයට හේතුව ඔවුන්ට මා කර ඇති බලු වැඩ නිසා ය.


ඇත්තෙන් ම ඔවුන්ට ඒවා කළ යුතුය... හේතුව ඔවුන්ගේ මහ කම වැඩිය... ඒවා අඩු කල යුත්තේ අප වැනි නසරාණින්‍ ය..


ඇත්තෙන් ම මා ජනහිතකාමී තරුණියක් නොවේ බව මෙහිදී ඔබට අනාවරණය වේ... මා ඇත්තෙන් ම මෝංගල් ඩයල්.එකක් ය...එය ඔබද දනී... මා ද දනී.. මගෙ වටපිටාවේ උන්ද දනී...


නැවත කතාවට යමු ය.. කෙසේ හෝ හැමෝට ම වතුර අල්ලා ඉවර වුවත් නිවසෙන් එහා බංකු වල වාඩි වී කැරම් ගහන කාලකන්නි කොල්ලන්ට කන්ට වරෙන් කියා වතුර ඇල්ලීමට නොහැකි විය...


එතැන්ට ගොස් ඔවුන්ගේ බලු කතා අසා කාලකන්නි වී ආයෙ ඒමට ද නොහැක.. නමුත් උන්ට වතුර ඇල්ලුවෙ නැත කියලා අම්මාගෙන් බැනුම් ඇසීමටද නොහැක... එවිට මා පච වෙලා කෙලවෙන බව මා හොදට ම දනී..


අම්මා බැන්නොත් පිරිස මැදය... කාලකන්නින් මාව පච කරත් කාලකන්නි කොල්ලන් ටික මැද පමණි... කාලකන්නි ගොඩ මැද අර ගමේ අක්කලා නැත...



එම නිසා මා කාලකන්නින් වෙතට ගොස් වතුර අල්ලා පච වීමෙට තීරණය කලෙමි..


එන එන මනුස්සයන්ට විරිත්තූ නිසා කට රිදුණ බැවින් මා අසල ඇති පුටුවක වාඩි වූයේ ටිකක් මහන්සි ඇර ගන්නට ය...


මද වේලාවකින් වතුර තිබහක් පැමිණි නිසා කුස්සියට යන්න සිතුණත් එම අදහස ඇතෑරියේ කුස්සියට ගොස් ආයෙ මෙතැනට එන්න වෙන්නේ පැයකින් බව සිතුණු නිසා...



එම නිසා ට්‍රේ එකේ තිබූ හවස පුරවා ගත් වතුර වීදුරුවේ ඇති වතුසුදු මල ඉවත් කර එක හුස්මට බීගෙන ගියෙමි....


හම්මෝව්......


ඉන්පසු කුස්සියට යෑමට තිබූ කම්මැළිකම නිසා උදේ පිරිසිදු කර මාලු ටැංකියෙන් වීදුරුවට වතුර පුරවා ගත්තෙමි...



හේ..හේ.... මොළේ තමයි..🙂


පසුව ඉවත් කර වතුසුදු මලත් එයට දමා කාලකන්නි සිටින දිහාවට ගියෙමි...


කොච්චර කට කියෙව්වත් කාලකන්නි සිටින දිහාවට තනියම යන්න බයයි ය... නමුත් කාන්තා ධෛර්යය උපරිම ගෙන මා හෙමින් හෙමින් අරුන් සිටි ස්ථානයට ගියෙමි...



" නංම්කියා... වතුර අල්ලන්න ඇවිත් වගේ..."


හරිනෙ... පටන් ගත්තා මහ නසරාණියා... ඔහු මාගෙ ලොකු තාත්තාගේ ලොකු පුතා ය... හෙන ම කාලකන්නිය... කියලා වැඩක් නැත...



මා ඔහුට එරෙව්වෙමි...


" අම්මොව් ඒ රැවිල්ලහ්.." ඒ අසළම සිටි එකෙක් කියෙව්වේ ය...



' හු## මෙකට අත ගහලා මකබෑවිලා පලයන්කෝ..' කියලා මගේ හිත කෑ ගැහුවත් මැටියෙන් හරි මොලයක් මා හට ඇති බැවින් එසේ නොකියා අහක බලාගත්තෙමි...


" කැරම් අතක් ගහනතේ...??? " මා ඇස් කරකවා අහක බලාගත්තෙමි...


ඒ එක්කම මාගෙ නතට හුරුපුරුදු දර්ශනයක් දැක්කෙමි...



අඩෝ පොඩි පගයා...


මූ මොකද මෙතන ඉන්නෙ... ඇටෙන් පොත්තෙන් තාම එලියට ඇවිත් නෑ.. මේ නසරාණියො එක්ක කදේ...


මා රවා ගෙන චූටි මල්ලී දෙස හැරුණෙමි..


" මොකද උඹ මෙතන කරන්නෙ..?? පලයන් ගෙට..."


මහ නසරාණින් නිසා ඇති වූ තරහට මා කෑගැහැවෙමි...


"ඒ මොකද... ඇයි මට මෙතන ඉන්න බැරිද... පලයන් චූටි අක්කා යන්න..."



යකඩෝ....!!පෙනේ ද මුගෙ කටහ්... ශික්..


"හිකි...හිකි..හිකි..."


ඒ එක්ක ම මහ නසරාණින්ගෙ හිනාව ඇසුණි...හද්ද චාටරේ...



" මොකද උඹෙ කට... තාත්තිට කියන්නද... ගෙට යනවද....??? "


ඔන්න රවනෝ හැටෙට් හැටේ... මා ඔලුවෙන් සන් කරේ පොඩි නසරාණියට ඇතුළට යන්නට කියා ය...


ඔහු මටත් ගස්සගෙන ගියා ය... බය වෙයි... ඌටත් ඇද කරලා මහ එවුන්ට රවාගෙන ට්‍රේ එක ඇල්ලුවා ම,



" අම්මෝ නංගිගෙ සැර..."


එවෙලේ නම් සිරා කේන්ති ගියේ ය..


" ඇයි ඔයා අඩු කරනවද...."



" අඩෝහ්...බලපන්කො කවීන් මේකිගෙ කට.."


මා ඔහුට රැව්වෙමි... ඒ එක්ක ම අර කට කැඩිච්ච යකා එතන හිටිය එකෙක්ගෙ අතට පහක් දැම්මේ ය...


ලොකු මාමාගෙ නසරාණියට නම් මෙය ඉතාමත් ආතල් සීන් එකක් ය .. ඔහු බලාගෙන ම සිටින්නේ මා වලියට ඇද මාව කෑගැස්සීමය... එය ඔහුගේ හැටිය... මට කරන්නට දෙයක් නැත... ඔහුගේ ආතල් එක කුඩු වෙන්නේ නම් කුඩු වන්නේ ලොකු මාමා පැමින පුක රත් වෙන්න දෙකක් දුන් පසුය... එවිට මට ආතල් ය...


සියල්ලන්ට ම රවා ට්‍රේ එක මං අරන් ගියේ කාලකන්නි රැලේ සිටිනා අවසන් කාලකන්නියාට ඇල්ලීමට ය...



නමුත්.....


ඉන්න.... ඉන්න.....



නෑ.... එහෙම වෙන්නෙ කොහොමද....



මා කට ඇරගෙන ඇස් ලොකු කර බලා සිටියේ ඒ රූපෙ දිහා ය.... දෙයියනේ ඒ චුටියගෙ සහෝ... එදා බස් එකෙන් පසු මාස ගාණකට පස්සෙ දැක්කෙ අද ය.... ඒ එක්ක ම මාගෙ මතකය රැගෙන ගියේ බස් එකේ වෙච්ච සීන් එකට ය..



" වික්‍රමසිංහ අංකල්ගෙ දූනේ...?? හිටපන් උබේ අප්පට කියන්න...දූ ගැන..."


ඒ වෙලාවෙ ඔහුගේ මූණෙ තිබූ දඩ හිනාව එලෙසම තවමත් ඇත... නියමයි ය... නියෙමෙට ම නියමයි ය... මාගේ කාලකන්නි මහ අයියා සමග ඔවුන්ගේ රැහේ සිටින සියල්ලෝ ම බලා සිටියේ මා සහ මොහු මුහුණට මුහුණ බලා සිටින ආකාරයය...



" අම්මෝ.... නෙතීශයට නංගි වශී වෙලා වගේ.."


What the f@%&...??? වශී උනා පcaක්... නමුත් එවෙලේ තමා.මා හට සිහියා ආවෙ බව මේ අවස්ථාවේ ඔබලාට කිව යුතු ය..


" වශී වෙන්න..??මොකද්ද දන්නෙ නෑ මෙයාගෙ වශීවෙන්න තියෙන්නෙ..??"




" අම්මෝ නංගි.. එහෙම කියන්නෙපා... මුගෙ වශී වෙන තැන් තියෙනවා ඉතින්... න්ංගිට පෙන්නන්න තමා බැරී.........."


ඒ එක්ක ම කාලකන්නි රැලේ කොල්ලන් සියලු දෙනා ම උඩු බුරන්න ගත්තේ ය...



මා ඔබලාට කලින් ම පවසා ඇත... මා මෙතන පැමිණීමෙන් පච වෙන බව...


ගස්සාගෙන සාලෙට යන්න සෑදුවත් ට්‍රේකෙ තිබූ බර අඩු බවක් මට හැගුණේ ය...


එහෙන් ම මා ට්‍රේ එක දෙස.ඇති වීදුරුවට නෙත යොමද්දි එහි කිසිවක් නොතිබුණි...


කෙලින් ම මා ඇස් ලොකු කර ඉස්සරහා අර චූටියාගේ සහෝ දෙස බැලුවෙමි....



හත්තික්කේහ්.....!!!!!



අඩෝ.... ඒක වීදුරුවෙ තිබුණ වතුර ටික බීලාහ්...!!!


මා මෙහි සදහන් නොකලාටඔබට කිවයුතු කාරණයක් තිබේ.. එය වන්නේ උදේ කොච්චර ට්‍රයි එකක් දමා මාලු ටැංකිය සේදුවත් හවස් වෙද්දී එහි සිටි මාලූන් එහි අසූචි* දමා තිබුණි



* - අසූචි යනු, අහාර ජීර්ණයේ අන්ත පලයක් ලෙස අප ශරීරයෙන් බැහැර කරනා මළපහ ය..


මා කෙලින් ම එතන නොයිද වාශ්ප වූයේ ගේ ඇතුළට ය...


එදින මා ගේ ඇතුළට ගිය පසු නැවත එළියට නොආවේ මා හට අඩු වයසින් මිය යාමට අවශ්‍ය නොවූ නිසාවෙනි..


_________________________



මා.සිටියේ මාගෙ ලොකු මල්ලී සමග ශොපින් මෝල් එකක් තුළය... පොඩි පගයාට වඩා මහ එකා එකට එක එන්නෙ ය... උත්පත්තියේ සිට ඔහු එසේ ය... මට වඩා අවුරුදු දෙකක් අඩු නමුත් මූ සිතා සිටින්නේ මාගෙ අප්පා මූ කියා ය..



කෙසේ හෝ මාගෙ අක්කණ්ඩියටත් වඩා මූ හෙන රොයිටරේ ය... එමෙන් ම කේලම් කාරයා ය... නසරාණියා ය... ඇන්ඩ් see more...........


මුලු ශොපින් මෝල් එකේ ම රවුන් ගගහා ඕන කරන සියල්ල අරන් බිල් පේ කර අප.සිටියේ තාත්තී එනකන් ය...


එතකන් අප අතින් කටින් එල්ලා සිටින බෑග් එකිනෙකාට මාරු කරමින් ඔහේ කාලකන්නි ලෙස ඇවිදගෙන සිටියෙමු....



" චූටි අක්කා...බඩගිනියි..."


"පොඩ්ඩක් හිටහන්... ගෙදර යනකන්..."


ඌ පවු ය... ඊයේ ක්ලාස් උට ඉවර වුණේ රෑ 11ට ය.. එහෙන් ම ඌ ඇවිත් නිදාගත්තා මිසෙක කෑවේ නැත... උදේ කිරිඑක පමණක් බී ශොපින් මෝල් එකට මා ඔහුව ඇදන් ආවෙ අද වැලන්ටයින් දිනයේ අනිත් අයට මා හට කොල්ලෙක් ඉන්නා බවට ප්‍රදර්ශනය කිරීමට ය...



ඇත්තෙන් ම මූ මට වඩා බාල වුව ද පෙනුමෙන් මට වඩා වැඩිමහල්.බවක් පෙනේ... එය මාගෙ වරදක් ද මුගේ වරදක් ද නැත්තන් අප දෙදෙනා මවපු එකාගේ වරදක් ද යන්න මා නොදනී...



කෙසේ නමුත් තවත් විනාඩු 10ට පසු නැවතත්,


" අඩො මොනා හරි අරන් දීහන්කෝ.."


"මල කරුමයක් උඹව අරන් ආපු එක... ආ ගනින්න් මටත් එක්ක මොනා හරි ගෙනෙම්.." කියා රු.1000ක් ඔහුට දික් කර අර අතින් කටින් ඔහු එල්ලා සිටින බෑග් මට දී යන්න ගියේ ය..



ර්..... මු නම් වදකාරයෙක් ය...



වැලන්ටයින් නිසා ශොපින් මෝල් එකෙහි කපල් පිරිලා ඇත... ඇත්තෙන් ම ඒව දකිද්දී ඇස් වලට කටු අනිනව ය....


' අනේ ඉතිම්ම්...කැත අපිටනෙ මෙහෙම වෙන්නෙ... නමුත් දවසක පොර වාගෙ කොල්ලෙක් සෙට් කරගන්නවා 'ය කියා මා හිත හදාගත්තෙමි...


කපල් සේ ම ශොපින් මෝල් එක තුළ සෙවලයෝද බොහෝ පිරි ඇත....


විනාඩි දහක් විතර මාගේ වටේ ද කල්ලියක් කැරකී සිටින බවක් මා හට දැණුන නිසාවෙන් මා සිටියේ රවාගෙනම ය...



" මචං නේතීශ්... නිකන් වතුරන්වලට වඩ මාලු වතුර රසයි නේහ් බං.."


ඒ වෙලේ නම් මාගේ පපුව හෝස් ගා ගියේ ය... එමෙන් ම පපුව ගිඩි ගිඩි ගා ගැහෙන්න ගත්තේ ය ..



අර කාලකන්නින්ගේ වොයිස් ටෝන් එක රැව්පිලිරැව් දෙද්දී ලොකු මල්ලී ආවේ දෙවියෝ බැලුවා වගේ ය..


" මොකද උඹ බය වෙලා.වගෙ...??"


"පිස්සු ද..??? මං මොකටෙයි බය වෙන්නෙ..??"


මූට මාව විශ්වාස නැතුවා වාගේ ය... උඩ සිට යටට බලා යට සිට උඩට් බලනවා ය...


" හා හා... මොනා ද ගෙනාවෙ..???" එහෙම්ම කතාව වෙනස් කරන්න මා එසේ කීවෙමි...


එහෙම්ම ඌ ශොපින් මලු දෙකක් විරිත්තාගෙන මට පෙන්නුවේ ය...


මා සිටියේ ඔහු දෙස මෙසේ.බලාගෙන ය...

මා සිටියේ ඔහු දෙස මෙසේ.බලාගෙන ය...


" මොකද උබ ඔහොම බලන් ඉන්නෙ..???"


පොඩි පගයා ගෙන තිබූ ශෝටීස් මල්ලෙන් එකක් ගෙන ' කරස් ' ගා කකා මගෙන් ඇහුවේ ය..



" උබට 1000 දුන්නෙ දාහෙන් ම බඩු අරන් එන්න් නෙවෙයි ප#යෝ...."


ඔන්න දැන් විරිත්තනවා ය...


ර්...ගස් ගෙම්බා...


තරහ නිසා ම මා කිසිවක් නොකා සිටියෙමි...


" මෙහ් අරුන් උඹ දිහා බලනො වැඩියි .."


හරිය....හරියට ම හරිය.... දැන් මූ ගෙදර ගිහින් ඕක කියලා මාව මකවන බව නිසැකය...


මා කිසිවක් නොකියා වෙන කල්පනාවක සිටින බවක් පෙන්වමින් ඔහේ සිටියෙමි...


පොඩි එකා බත් කනවා සේ ශෝටිස් වලින් බාගයක් ගිල කොස්මැටික් පැත්තට ගිය නිසා මා ද ටෙඩි බෙයාස්ලා සිටි සයිඩ් එකට ගියෙමි...



ඔහේ ඇවිද ඇවිද ටෙඩි බෙයාස්ලා තුරුල් කරන් ඔවුන්ව හුරතල් කර කර සිද්දී මාව අඩුවකට සිරවුණි.....



" උඹ හිතාගෙන ඉන්නෙ මට මාලු වතුර පොවලා යහතින් ඉන්න නම් උබ හිතාගෙන හිටිය දේ වැරදී..."



මට ඇසුණේ එය පමණි.....


__________________________



ඇත්තෙන් ම මෙය මා අතල්.එකට ලියන කතාවක් බව මුලින් ම පැවසිය යුතුය... s.s.Warshadeera ඔයා නිසා මං මෙ එපිය ටයිප් කරේහ්... පැය 3ක් ගත වුණා බං ඉවරයක් කරන්න...


පුලුවන් නම් කමෙන්ට් එකක් රියැක්‍ට් එකක් දාගෙන යන්න... 🙂


ඇස් දෙකත් රිදෙනවා ෆෝන් එක දිහා ම බලන් ඉදලා


Peppermint:)

Report Page