චූටියා..

චූටියා..

Ashee

චූටියා


අවසාන කොටස...


_______________________


අනේහ්හ්හ්හ්...!!!!!!


________________________


එක්වරම මාගේ දර්ශන තලයට පෙණුනේ තරුණයෙකුගේ ප්‍රතිබිම්බයකි....



මා නැවත ඇස පොඩි කර අර පුංචි එකා දෙස බලා ඇය ළගවුන් කොල්ලාගේ හිසේ සිට පාදාන්තය දක්වා නිරීක්ෂණය කළෙමි....


මම නැවත පුංචි එකී දෙස ඇස් ලොකු කරන් බැලුවෙමි... ඇය ද ඇස් ලොකු මා දෙස බලාසිටී...


මා නැවත ඇය දෙසට අහිංසක හිනාවක් පා කරන විට මගේ අතට මා අසලවුන් එකී කට්ටු කරනවා ය...


" කවුද...??? "


ඒකි මාගෙන් අසයි....


ඇත්තෙන් ම ඒකි අපේ ගෙවල් අසල සිටින එකියක් ය... නමුත් මා ඒකීව ගනන් ගන්නෙ නැත... හේතුව වන්නේ ඒකි චීත්ත යාරයක් ය...


මෑ හිතන්නේ මා කොල්ලෙක් දෙස බලා ඌ සමග උකුලු මුකුලු කරනවා වෙන්නැති කියා ය... නමුත් එසේ නොවන බව දන්නේ පොඩි එකී සහ මා පමණි...


" චූටියෙක්..." ලාවට සිනා වී මා එසේ කීවෙමි.. නමුත් එකිට තේරුම් නැත මා පවසූ දෙය...


මා ඇය දෙස බලා නොයිද නැවත චූටියා දෙස බලා ජනේලයෙන් පිටත බැලුවෙමි.....



" හූහ්හ් හහ් හහ් හහ්හා..."


එක්වරම බස් එක දෙදරවමින් මහ හයියෙන් හිනා වෙන බලුහඩක් මා හට ඇසුණේ මාගේ පිටුපසිනි....


එම වනචර සිනහවෙන් එය කාලකන්නි බල්ලන් රෑනකගේ සිනහවක් යන්න තේරුම් ගැනීමට මට ගතවූයේ තත්පරයකට නොඅඩු කාලයකි...


කාලකන්නි රෑනක් බසයට ගොඩ වී ඇත....


නමුත් එදෙසෙට අවදනය නොකල මම බලා සිටියේ ස්ටේශමට ඉස්සරහින් ඇති ජිම් එකේ වැඩ කරන අයියලා දෙසය...


ම්ම්ම්..... මරු කදවල් ටිකහ්.....



" කාලකඤ්ඤි හැච්ච...."


එවෙලේ නම් මට දෙයියන් බුදුන් සිහි වී කාලකන්නි බල්ලන් දෙස බැලුවෙමි....


ඔවු... ඒ සිටින්නේ බසය අසල් සිටි කාලකන්නි රොත්තමය....ඔවුන් මා දෙස බලා මා කියූ වචන මාලාව රිවයින් කරමින් පහ පහ දමා සිනාසෙති... මා ඔවුන් දෙස රවා බලා අතින් අල්ලා සිටි යකඩ පොල්ලට අත තද කරමින් මාගේ හිතේ ඇවිලෙන කේන්තිය පාලනය කලෙමි...


මා නැවත චූටියා දෙස බැලුවෙමි... ඇය අර ඇගේ අසල සිටින තරුණයා දෙස බලා කතා කරමින් සිටී... ඇයගේ වයස මා හට සිතෙන පරිදි අවුරුදු 5ක හෝ 6 ක් වගේ ය...


' සමහර විට අයියා වෙන්නැති බං...'


ඒ මාගේ සිතුවිලි ය....


මා ඒ කොල්ලා දෙස බැලුවෙමි... එවර ඔහු බසයේ ඇතු ජනේලය ඇරීමට උත්සහ කරමින් සිටී... උත්සාහය අසාර්ථක වු පසු ඔහුගේ කොණ්ඩෙන් ඇදගනී...



ඉන්පසු නැවත ජනේලය අරී... ඊලගට කොණ්ඩෙ ඇද ගනී...


ඇත්තටම එය බලාගෙන සිටීමට තරන් ආතල් දසුනක් ය...


පෙනෙන හැටියට ඔහුගේ වයස අවුරුදු 20ක් වගේ ය...


ටික වේලාවකට පසු ඔහු චූටියාව ශීට් එකේ කොනට දමා ඔහු ජනේලෙ අසල ගියේ ය... එවෙලේ නම් මා ඔහු දෙස ඇස් ජිල් බෝල කරගෙන ඇහි පිය ගසමින් ඔහු දෙස බලා සිටියෙමි...


යකෝ අර සත්තු ගොඩ මැද්දෙ අර පුංචි එකා කොනට දාන අයිය කෙනෙක් දැක්කමයි... ශික් ඉන්න හැටි දැන්...


මා සිතන්නෙ ඌ පොඩි එකාව සේප් කරන් ඇත්තේ ෆෝන් එක අතට දීමෙනි....



' මු තමා දවසකටත් සතාහ්...!!'


මා හට සිතුණේ එසේ ය...


ඒ එක්ක ම බස් ඩ්‍රයිවර් බසය ඉස්සරහට අද්දා බස් ඉස්ටේසමෙන් පිටත් වීමට ගත්තා ය...


මා හට එක්වර ම බැලුනේ පුංචි එකා දෙස ය...


ඇගේ සහෝ ඇගේ කරවටින් අල්ලාගෙන සිටී... නොදැනුවත්ව ම මාගෙ මුවට සිනහවක් එන්න ඇති ය...



චූටියා නම් අගේට ෆෝන් එක කනවා ය..


ටික වෙලාවකට පසු ඇගේ සහෝ ෆෝන් එක මොනදෝ කියමින් ඇගේ අතින් ඇදල ගත්තේ ය... මූණ බෙරි කරන් ඇය ඇගේ අයියා දෙස.බලා මා දෙස බැලුවේ ය...


මා ඇයට මාගේ ඇස් බෝල.කර කට උල් කර sad mood එකක් පෙන්නුවේ ය...


ඇය මා දෙසට සිනාසුණේ ය... මා හට ද සිනා ගියේ ය..



ඇත්තෙන් ම ඒක ටිකක් සද්දෙට පිටවූ බව මේ අවස්ථාවේ දී මා ඔබට කිවිය යුතුය...


මාගේ කන්කලු මිහිරි සිනහා ශබ්දයට ද මන්දා ඇගේ සහෝ මා දෙස බැලුවේ ය....



' හී...හී.... සද්දේ වැඩි වුණා නේත... හේ.. ගනන් ගන්නෙපා ' තාලේ කුප්ප හිනාවක් මා ඔහුට දමා නැවත ජනේලයෙන් එලිය බලා තත්පරයකට පසු ඇස් අගින් හොරාට ඔහු දෙස බැලුවෙමි....



ඔහු මා දෙස රවාගෙන බලාසිටියි....


මා එය නොදැක්කා සේ චූටියා දෙස බලා ඇසක් ගසා ඇගේ සහෝට දිව දික් කර ඇද කර මා නැවත ඉස්සරහා බලා ගත්තේ ය...


ඇත්තෙන් ම ඒ ඇද කිරීමින් ඌ මා දෙස ජීවිට්ගේටවත් නොබලා සිටී යයි මාගේ අදහස තිබුණත් මාගෙ ඇස් කොනින් ඔහු මා දෙස රවා ගෙන සිටින බව මට පෙණුනේ ය....


එහෙමත් මූලග්ගායක්...


බස් එකට තව තවත් මගීන් ගොඩ වූ නිසා මා හට එක අඩියක් පිටුපසට වීමට සිදුවුණි...


දැන් චූටියා සහ මා එක ම ස්ථානයේ ඇත... ඇගේ සහෝ ඇගෙන් එහා පැත්තේ ඇත...


මා ඇගේ ගාවට ම පැමිණී ම ගැන ඇයට සතුටු ය .. එය මා හට ඇගේ මුහුණෙන් පෙනුණි..


ඉස්ටේසමෙන් නැගි කාලකන්නි හැත්තගේ සූස් සද්දිය නැවතී ඇති බැවින් ඔවුන් මකබෑවී ඇති බව මා හට හැගුනේ ය ...



මිනිත්තූ කීපයක් ඉදිරිපස බලා ගිය පසු මා හට දැනුනේ මගේ වමතේ ඇති දිගට වවා ඇති නියපොත්ත යමෙකෙකු පිරිමදින බවයි...



එක්වර ම මා මාගේ අසල සිටින චූටියා දෙස බැලුවෙමි...


ඈ මාගේ දිගට වවා ඇති නියපොත්ත දෙස හරි ආසාවෙන් බලමින් සෙමින් පිරිමදිනවා ය..


" මාත් ආසයි...." ඇය ලස්සන හිනාවක් මදෙසට පාමින් මා හට පවසයි...


මා ඇයට කතාකිරීමට තැත් කරද්දි ම ඇගේ සහෝ ටිකක් සැරෙන්,


" මොකද්ද....???? " යන්න ඇසුවාය...


නමුත් චූටියා සහෝව කෙයා නොකර මාගේ නෙයිල් එක දෙස බලා සිටියි...


චූටියාගේ සහෝ ඇගේ නම්කී තමන් ගනන් නොගත් එකේ වාඩුව ගත්තේ මාගෙන් ය...


ඔහු මා දෙස රවාගෙන සිටියේ මා ඔහුගේ නැගනිය මර දැම්මාක් සේ ය ..


මා නැවත ඔහුට ඇද කරේය ..


වෙලවට නෙයිල් ප්ලිශ් කරේ නැත්තේ.... නැත්තං මූ මාව කයි...


මිනිහව තව ෆයර් කරන්නත් එක්ක ම මා චූටියාට,


" වවන්න වවන්න.... " ලෙස පැවසුවා ය..


ඇය මා දෙස ඉතාමත් කියුට් හිනාවක් පාද්දී චූටියාගේ සහෝ,


" නෑ ඔයා වවන්නෙ නෑ" ලෙස පැවසුවේ ය..


" වවන්න පැටියෝ..." මා ඇයට ඇසක් ගසා නැවත කීවෙමි..


" වවන්නෙ නෑ..."


දැන් නම් මිනිහා හෙන ගේමට මෙනි...


එමෙන් ම චූටියා අප දෙස.ඇස් ලොකු කරන් බලා සිටියි..


" ඔයා වවන්න චූටියෝ... මංනෙ කියන්නෙ.."



" උඹ කටවහන් හිටපං..."


අඩෝ... ඒකට නම් කටවැහුනා සිරාවට ම... හැබැයි එහෙම මේ සෙතී කටවහන් ඉන්නෙ නැත ..


එම නිසා මා ඔහුට හඩ නොඇසන සේ කටවිතරක් සොලවා " හු##න් " ලෙස පවසා පජාත සිනහවක් දමා මා හට ඉදිරියෙන් ඇති හිස්

ශීට් එකේ ඉදගතිම්....


" ඇයි උඹ එනව ද කරන්න.." ඔහු මා හට කියනු ඇසුණි...


දැන් අරූ හොදට් ම ඇවිලී ඇත.... එය නිච්චියට ම මා හට පැවසිය හැක...


මද වේලාවක් බසය ඉදිරියට ඇදුණි... එක් බස් හෝල්ට් එකකින් ප්‍රෙග්නට් ලේඩි කෙනෙක් නැගි හෙයින් මා මාගෙ ආසනය ඇයට පිරිනැමුවේ මා හට යෑමට ඇත්තේ තව ස්වල්ප දුරක් නිසා ය...


මා ආසනයෙන් නැගිටීමත් සමග මාගෙ පිටුපස වුන් චූටියාගේ සහෝ ඇයව නැවත ජනේලෙ ගාවට තල්ලු කළේ,


මා ඇයව තවත් නරක් කිරීමට ගනීවීදෝ යන බියෙන් මෙනි...


මාගෙ සිත ' හිකි හිකි ' ගගා සිනාසෙයි...


මා හට යෑමට ඇති දුර මිනිත්තු කීපයකින් ඉවර වී බසයෙහි ඉදිරියට යෑමට යන්න අඩිය තියද්දී එය නැවතුණේ චූටියාගේ සහෝගේ හඩට ය..


" වික්‍රමසිංහ අංකල්ගෙ දූනේ...?? හිටපන් උබේ අප්පට කියන්න...දූ ගැන..."



අනේහ්හ්හ්හ්....!!!!!



මගේ මූණේ එවැනි හැගීමක් තිබෙන්නට ඇත...



මා චූටියාගේ සහෝ දිහා බැලුවෙමි... එහි ඇත්තෙ මහ නසරාණි කුහක හිනාවක් ය...


" ඔය ළමයා බස් එකෙන් බහින්නෙ නැද්ද....????"


පසෙකින් කොන්දා කියනු ඇසුණි...



සමාප්තයි...


_______________________


මෙය ආතල් එකට ලියූ කතාවක් ය... නමුත් අවසානය බල්ලට යන්න ඇති බැව් මට වැටහේ... නමුත් මා ඔබගෙන් කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙමි..


කලින් එපි වල කමෙන්ට් කළ සහෝලාට තෑන්ක්‍යුය...


නැවත එපි එකකින් හමුවේ දැයි කියන්න මා නොදනිමි..


හේතුව වන්නෙ මා තව සතියක් ඇතුළත writing අතෑරීමට බලාපොරොත්තු වෙමි...




I Hate You, The Examination යන stories වල part 2 හා ongoing කතාවක් වන, The Rainbow යන කතාවේ ඉතුරු ටික ලියන්න කැමති අය comment එකක් දගෙන යන්න ය... මා එක සිතින් එය දීමට කැමති වෙමි...


මාගෙ අදහස යම්තක් දුරට වෙනස් වුවහොත් මා දිගටම short stories පමනක් ලියන්න කැමැත්තෙමි...


Peppermint:)

Report Page