චූටියා...

චූටියා...

Ashee

චූටියා


හිච්චි කොටසක්...


මා වයසක ආච්චීට කවකට්ටෙන් ඇන්න ද ඇය මා දෙස නොබැලුවේ මා පුදුමයෙන් පුදුමයට පත් කරමිනි..


ෆුට්බෝඩ් එක හරහා බසයට නගින ගමන මා ආච්චීට ඇන්න කවකටුවේ උල නිරීක්ශනය කළෙමි... නමුත් එයට ආපදාවක් නොමැතිව අගේට ඇත...



එම නිරීක්ශනයේන් මා ලැබූ නිගමනය වන්නෙ ඇට්ලස් කවකටුවල තුඩ කුඩා බැවින් එය ශරීරයකට ඇනීමට භාවිතා නොකළ යුතු බවයි....


එදින ම මා එම ඇට්ලස් කවකටුව ෆුට්බෝඩ් එකේ ම දමා ඩොම්ස් බ්‍රෑන්ඩ් එකේ ඇති කවකටුවක් මිලදී ගැනීමට තීරණය කළෙමි...



ඇත්තෙන්ම එම කවකටු මා වැනි ඇත්තන්ට ඉතාමත් සුදුසු ය...



කෙසේ හෝ වේවා ෆුට් බෝඩ් පෝලිමේ තෙරපි තෙරපි මා ඉදිරියට ගොස් මාගෙ ආසනය දෙස නෙත යොමද්දී එය මාගේ ආදරණීය වයසක ආච්චීට තිලිණ වී ඇත...



One two three බම්බල් බී..... three two one බම්බල් බී...................



මාගේ මනස ඇති කේන්තිය නිවා ගැනීමට මා අසාර්ථක උත්සාහයක යෙදුණි... නමුත් කේන්තිය නොබසින තැන මා හට ආවේ ඉතාමත් කෲර සිතුවිල්ලකි...


ඒ සමග ම එය ක්‍රියාත්මක කිරීමට අතින් අල්ලා සිටි ශීට් වල ඇති යකඩ පොල්ල අතහැර බෑග් එක අතට ගෙන ආච්චීගෙ උකුල උඩට වේගයෙන් දැමීමට තැත් කරද්දී ම බස් රථයේ රියදුරු බසය ඉදිරියට ඇද්දුවේ මා පිටුපසට වීසි වී යම්කිසි කෙනෙකුගේ ඇගෙහි වදිද්දී ය...



" මකබෑවියන්....!!! " නෑ.... ඒ මාගෙ වචන නොවේ ය ..


මා ඉතාමත් මෝඩ තාලේ විරිත්තිල්ලක් මා ඇදී හොස් ඇගේ හැප්පුනු තරුණයාට දමා සූස් ගා වේගයෙන් බස් රථයේ එහාට ගියෙමි...



99.9 මා කෙසේ හෝ එම තරුණයාගෙන් බේරි ආවෙමි.. නමුත් මා ඉතාමත් අධික ලෙස කෝපයට පත් වී ඇත... හේතුව අර නාකි ගෑනි ය ...


මා හිටගෙන සිටි ශීට් එකට පිටුපසින් මා දන්නා යෙහෙළියක් සිටි බැවින් ඇය වෙතට ඇදුණු මම පලමුව ඇයට සිනා සී දෙවනුව හිතේ තිබූ කේන්තිය සමගින් ඇගේ ඔඩොක්කුවට පොත් මල්ල බෑවෙමි....



කෙසේ නමුත් ඇය මා හට සිනාසුණි..


නමුත් පොත් මල්ලේ බරට ඇයට චූ බර නොහැදුණු එක ගැන මා හට ඇත්තේ විස්මයක් ය...



හිතේ තිබූ තරහ තාවම ඇති බැවින් මා බසයේ වටපිට බලා අර කෲර ගෑනි සිටින තැන සෙව්වෙමි....



නමුත් මාගේ දර්ශන තලයේ ඇගේ ප්‍රතිබිම්බය නොමැත... කෙසේ හෝ වේවා දිගු හුස්මක් පහතට හෙළා මා බස් රියෙන් පිටත බලා සිටියදී මාගේ ඇසට කොනෙන් පෙණුනේ මොනා දෝ කන ගමන් මා දෙස බලා සිටින චූටි කෙල්ලෙකි...



මා ඇය දෙස බැලු විට ඇය මා සමග සිනාසුණි...මාත් ඇයට නැවත පෙරළා සිනාසුණී....


සිනාසුණ නමුත් ඇය මා දෙස ම බලාසිටින බැවින් මා ඇයට ඇසක් ගසා තොල් උල් කර ඇස් දෙක තද කර වේගයෙන් ගැසා සිනාසුණෙමි...


නැවත ඇය මා දෙස බලා සිනාසුනේ ය...


මද වේලාවක් ඇය දෙස බලා සිටි මම ඇගේ එහා පැත්ත අසුන බැලුවේ ඈ සිටින්නේ කා සමගින් දැයි බැලීමට ය...



අඩෝව් නෝ.... මේ කව්ද මේ..??


එක්වරම මාගේ දර්ශන තලයට පෙණුනේ..........



____________


ඔයාල බලාගෙන හිටපු නිසා දැම්මා.. මං අවසාන කරේ නෑ කමෙන්ට් නැති නිසා... පුලුවන් උනොත් රෑට දෙනවා අවසානය තෙක් ම..


CComment එකක් දාගෙන යන්න ඉතින්...

Report Page