චූටියා..

චූටියා..

Peppermint:)

චූටියා


දෙවන කොටස


___________________


මං ආච්චි කෙනෙක්ගෙ පු#ට කවකට්ටෙන් ඇන්නා...!!


___________________


මා සිටියේ සටන ජය ගැනීමේ සතුටින් අත් පා විහිදුවා පාර මැද දුවමිනි...


ඇත්තෙන් ම ජයග්‍රහණය ලබා ගැනීමට පෙර අශෝභන ලෙස යමක් දුටුවද එය යම්තාක් දුරට මා නොහිතුවෙමි... අපට ඍද්ධියක් නොමැත... වැරදීම් සිදුවන්නෙ මිනිසාට ය...



නමුත් මා හට එක් තරහක් ඇත... එය වන්නෙ අප ආයතනය සෑදූ පෙදරේරුවා සමග ය... ඔහුට තිබුණි ලැට් එක වෙන තැනක සෑදීමට.. එවිට මා එවන් ලැජ්ජාවකට මුහුණ දෙන්නේ නැත...



තර්ක විතර්ක හමුවේ අවසනයේ දී මා වැරැද්ද ලැට් එක සෑදූ පෙදරේරුවාට තැබුවෙමි....


මද වේලාවකට් පසු නිවැරදි සිහියට පැමිණි කල මා හට මුලින් ම මතක් වූයේ යෙහෙළියන් සිව්දෙනා ය..


ඔවුන් ඉගෙන ගන්නවා ඇත... මා රස්තියාදු ගහනවා ඇත ...


නමුත් ඔවුන් දැන් බය වී ඇති බව මා හට සිතුණි...


එබැවින් මාගෙ දුරකථනය ගෙන කෙටි පණිවිඩයක් ටයිප් කළෙමි..



" ආපදාවක් නෑ.. මං තාම යහතින්.."


ඒ එම කෙටි පණිවිඩයයි ...



එහෙමමව මා සාක්කුවේ දුරකථනය දමා සැදැහැ සිතින් බස් ස්ටේසමට පැමිණියද බසය නොමැති හැඩය..



වම් අත ගෙන වොච් එකෙන් වේලාව බලාගැනීමට අත බැලුව ද මා හට මතක් වූයේ මා එය අද උදෑසන ම ගලකින් තලා කුරිරු සතුටක් ඇත් කරගත් ආකාරයයි...



එය වූයේ මෙසේය... ස්මාර්ට් වොච් වලට වඩා මා කැමති රවුම් හැඩැති දෙකයි පනහේ ඔරලෝසු වලට... එම දෙකයි පනහේ ඔරලෝසුවකින් මා හට ඇති වාසි රැසක් ඇත...


එයින් එකක් වන්නේ එම ඔරලෝසුවෙන් ස්මාර්ට් වොච් වලට සාපේක්ශව මා හට ඉක්මනින් වෙලාව බලා ගත හැක....


එයින් තව එකක් වන්නෙ මාගෙ දෙකයි පනහේ වොච් එක වැඩි කාලයක් බැට්‍රි වැඩ කරයි..


එම නිසා මාස කිහිපයක් තබා ගත හැකි ස්මාර්ට් වොච් එකට වඩා මා සැබැවින් ආදරේ දෙකයි පනහේ රවුම් හැඩැති වොච් එකටය...


මා පවසන්නා කතාව ආරම්භ වන්නෙ දැන් ය . එය වන්නේ ඊයෙ එසේත් නොමැති නම් ශනිදා දින අපගේ නිවසට මාගෙ අම්මාගේ නංගී සහ අම්මාගේ පවුලේ පිරිවර පැමිණ තිබුණේ ඌරු පැටවු සිව්දෙනෙක් සමගය .


එම ඌරු රැල අතර පිරිමි ඌරන් තිදෙනෙක් ද ගැහැණු ඌරන් එක බැගින් සිටියේය...



මා හට පිරිමි රූස්සන්නෙ නැති ය.. එය මාගෙ උත්පත්තියේ සිට පැවතෙන ගති ලක්ශනයක් ය. නමුත් මා පිරිමි පැටවුන්ට ආසය... මා පවසන්නෙ පිරිමි දරුවන්ටය... නමුත් මා ඔවුන්ව ප්‍රිය කරන්නේ යම් කිසි කාල පරාසය තුළය..


මවගේ පාර්ශවය සමග පැමිණි පිරිමි ඌරු පැටපු මා කියනා වයස් පරාසයෙන් එහාට ගොස් ඇත...


එකෙක් 4 වැනි වියේ ද තවකෙක් 5 වැනි වියේ ද අනිත් එකා 9 වැනි වියේ ද සිටිති..



අවු. 4 සිට 11 වන තෙක් අතර කාලවල සිටින පිරිමි පැටවුන් මහ පැටවුන්ට වඩා මා හට රූස්සන්නෙ නැත... නමුත් මාගේ අවාසනාවකට මාගෙ නිවසට පැම්ණි ඌරන් එම වියේ පසු වෙති...



මා නැවතත් පවසමි, අහෝ දුකකි ඉරකි තිතකි...



නමුත් පැවසීමට සතුටුය .. ඔවුන් නිවසින් පිටවන තෙක් කිසිම අබෑදියක් කර නොගත්තේ ය... එය ඔවුන් ගේ මහ ඊරියන්ට්ත් වඩා මා හට සතුටු විය හැකි කාරණයකි..



ඉදින් සතුටු සිතෙන් එදින නිදාගත් පසු පසුදා නැගිට මා පන්ති යෑමට සූදානම් වද්දි මාගෙ ආදර වොච් එක සොයද්දී මා හට දැක ගත හැකිවූයේ වොච් එකේ වලක් බැස ඇති අයුරුය...


නැවත්ත් ඇස පොඩි කර බැලූ මා හට දැක ගන්නට ලැබුණේ එය ම විය...


එවිට මා හට මතක් වූයේ මා සතුටු සිතින් ඊයේ ඌරු පැටවුන් සමග බිත්තියේ 11 වසර දී පාඩම් කල ආවර්තිතා වගුව එක්තරා උත්තල කාචයකින් බැලූ අයුරුය.. මා හට එම වෙලාවේ සිතුණේ එම කාචය ඔවුන් ගෙනා එකක් බවය...


නමුත් මා හට වැරදුණි... රිලා පැටවුන් මා මුලා කර මහ වැදිරියන් සමග ගියහ... එම මුලාව ගැන මා දැනගද්දී පරක්කු වී වැඩිය..



ඇත්තෙන් ම මා හට තවමත් තරහය එය ගැන... මං එවෙලේ ඉටා ගත්තේ දවසක මා ඔවුන්ගේන් ඒ කළ අසික්කිත වැඩේට පලිගැනීමයි



කෙසේ නමුත් ඇති වූ තරහට මා වොච් එක කෑලි කර ගලකින් තැලුවෙමි..


එය කල පසු මා හට ඉතාමත් ශෝකයක් දැණුන මුත් මාගෙ සිතට පැමිණෙයේ අවුරුදු 5කට පසු මා වොච් මිලදී ගන්න යනව යැයි කුරිරු සතුටක් මගේ සිත තුළ ඇති වූයේ ය..



නමුත් මා වැරදිය... අම්මලාටත් වැද මා නිවසින් එළියට එද්දී අම්මා මාගෙ අත බැලූ විට ඇය දුටුවේ වොච් එක නැති බවය...


සිදුවූ තොරතුරු මුල සිට අගට මා පැහැදිලි කර ද අවසානයේ දි මා හට හිමි වූයේ ඇයගෙන් ප්‍ර්භල කම්මුල් පහරකි..



එයින් ඇතිවූ අන්ත දුක්ඛිත හැගීම නිසා මා බසයේ මා ඉගෙන ගන්නා අයතනය එන තෙක් ඇඩුවෙමි...



කෙසේ හෝ වේවා අන්තිමට ඌරු රැලගේ ක්‍රියාකාරකමෙන් මා හට සිදුවූයේ අවුරුදු 5ට වොච් එකක් නැති වීමය...



දිගු සුසුම්ක් හෙලූ මා මාගෙ දුරකථනය නැවත ගෙන වේලාව බැලුවෙමි...


4.15 ලෙස එහි සටහන් වූයේ ය..


දැන් බසයක් පැමිනෝන යැයි මාගෙ සිත පැවසුවද ස්ටේසමට ගොස් පැය කාලක් යනකන් බසයක් ආවේ නැත..


සිතේ ඇති වූ අලස කම හේතුවෙන් මා දුරකථනය ඔබන්නට ගතිමි..



නමුත් එයත් පැය කාලක් ඔබා සිටි අතර මා හට එයින් notification එකක් ආවේ battery low ලෙසය...



ම්ම්ම්ම්ම්... යසයි යසයි...


අද මා හට මහා කාලකන්නි මුස්පේන්තුමත් දවසක් යැයි දැන් ඔබට හැගෙනවා ඇති..



කෙසේ නමුත් බැටරි සියල්ල නොබැස්සුවේ හදිසියේම මෑනියන්ගෙ දුරකථනය ඇමතුමක් පැමිණියහොත් යැයි දැනුණු හැගීම නිසාවෙනි..


කෙසේ නමුත් මා ඈනුම් ඇර ඇර මා වටපිටාව ගැන සෝදිසියක් දැම්මේය..



රිවිදා යනු මා අකමැති ම දවස් වලින් එකක් වන්නේ ය. එයට හේතුව වන්නේ පිරිමි කාලකන්නියන් රිවිදා දින බස් ස්ටේසමේ වැඩි පුර සිටින නිසාවෙනි...



නැවතත් ඈනුමක් මා හට පැමිණි අතර එය බාගෙට එද්දී මා දුටුවේ ඈතින් මාගෙ සිහින බසය එන බවයි...



අම්මේ ඉතිං... දැනෙන සතුට... ම්ම්ම් කියාගන්න තේරෙන්නෙ නෑ...



බස් එකේ පිටත ස්ටේසමේ සිටියදී ම මා බසය තුළ ඇති ශීට් එකක් තේරුවෙමි... මාගෙ තේරීමෙන් මාගෙ ඇසට ග්‍රහණය වූයේ බසයේ එක් ශීට් පේලියක කොනේ ජනේලය ගාව ඇති ශීට් එකක්‍ ය...



ම්ම්ම්ම්.... නැවතත් මාගේ ද්වන්ත මෙහෙයුම වූ බසට ගොස් ශීට් එක අල්ලා ගැනීම ආර්ම්භ කලෙමි



ඒ එක්ක ම හැකි ඉක්මනින් බසය අසලට ගොස් පල්වෙනි පඩිය තියද්දී ම වම් පසින් ආ බල්ලෙක් වාගේ වූ කොල්ලෙක් ඇගේ හැප්පුණි...



ර් ර් ර්.... උබෙ අම්මට........ කියාගත් නොහැකි වචන මාලාවක් සිතෙහි තෙරපෙද්දී මා ඔවුන් ඔවුන්ට රවා බසයේ පිටිපසු පඩිපෙලින් නැගීමට තීරණය කලෙමි...



නමුත් මා එයට යන්න සාදද්දී ම අර හැත්ත හැක හැක ගා ඔවුන්ගේ බලු භාශාවෙන් මොනාදෝ කිය කිය පහක් දදා සිනාසෙති ...



මා ඉදිරියට තැබූ අඩිය නැවත පසු පසට ගෙන අරුන් වෙතට ගොස්,



" කාලකණ්ණි හැත්ත.." ලෙස පවසා බසයට නැගින්නට සෑදුවෙමි..


ඒ එක්ක ම ' සූස් ' ගාන ශබ්දයක් මා හට ඇසුණි...


සල්ලි ගැනීමට මා පෙන්සිල් කේස් එක ගෙන බසයට නගින්න සාදද්දී ම එක්තරා ආකාරයට හැදපැලද ගත් හැට පැනපු නාකිච්චියෙක් මා තල්ලු කර බසයට නගින්නට සෑදුවෙමි...



එවිට කාලකන්නින් සමග සහ මෙම ආච්චී සමග මා හට දැනුණු ආවේගයේ ප්‍රතිඵලය ලෙස මා ආච්චිගේ පු#ට කවකට්ටෙන් ඇන්නෙමි...


____________



අද චැප්ටර් එක බෝරිං නෙ..??



නැවත හමුවෙමූ...


Peppermint:)



Report Page