චූටියා..

චූටියා..

Peppermint:)


#short_story

_____________


වගකීමෙන් කියන්නෙ මා රුවින් අයියාගෙ අහවල් එක දැක්කේ නැ


_____________


එය රිවිදාවකි...


මාත් මාගෙ යෙහෙළියන් සිව්දෙනා සමග පොතක් කුරුටු ගාමින් පන්තියේ බිත්තියට හේත්තු වී සිටියෙමි...


යෙහෙළියන් තිදෙනාගෙ මනසේ ඇත්තේ කුමක්දැයි මම නොදනිමි... නමුත් මා හට අවැසි වූයේ ක්ලාස් එකෙන් පැන මා යන බසය අල්ලා ගැනීමට ය... පන්තිය අවසන් වන්නෙ තව පැයකිනි... නමුත් මා හට එතෙක් වෙලා පන්තියේ අවාසන මුල්ලෙ සිට බකන් විලාගෙන ඉන්න අවැසි නැත.....



සර් කොතෙක් මයික් එක ගෙන කෑගසුවත් මාගෙ ඉදිරියෙන් සිරින හැතිකරේ සර්ගේ කටහඩ පරාද කරමින් කෑ ගසති... එම නිසා අප හට ඔහු උගන්වන පාඩම ගැන කිසිම අවබෝධයක් නැත..



අහෝ දුකකි ඉරකි තිතකි...


" ඕයි... මන් යනවා.."



" කොහෙ යන්නද..?? "



" මට බෑ බං මෙතෙන්ට වෙලා ඉන්න.. බලපන් ඉස්සරහ ඉන්න හැත්තගෙ කතාව... උන්ට ගිය රට වගේනෙ යකෝ... මං යනවා ගෙදර... තොපි ඕන කුදයක් ගහ ගනිං.. "



එසේ කියා මා පෙන්සිල් කේස් අනන් මනං සේරම බෑග් එකට දාගත්තේ සර් අනෙක් පැත්තට හැරෙද්දී මා මාරු වෙන්න සිතාගෙන ය...



සිතුවා සේම ඔහු යම්කිසි ගාණක් සාදන්නට බෝඩ් එක පැත්තට හැරෙද්දී මා අරුන්ටත් සැලුට් එකක් දී පන්තියෙන් මාරු වීමි...



පන්තියෙන් කෙසේ පැන ගත්තද මාගෙ ද්වන්ත සටන ආරම්භ වන්නෙ දැන් ය..


එය වන්නෙ කාඩ් මාක් කරන අයියලාට හොරා පැන ගැනීමයි... උන් ගැන සදහනක් කලොත් මගේ කතාවට අවශ්‍ය වන්නෙ උන්ට ඇත්තේ උකුසු ඇස් යන බව පමණය...



. මද වේලාවක් මා හිටන් සිටියේ උන් පඩිපෙලින් ඉවත් වනකන් ය.... තත්පර මිනිත්තු බවට පත්ව ස්වල්ප මොහොතකින් රුවින් අයියා ( කාඩ් මාක් කරන අයියලාගෙන් එකෙකි) පිරිමි ටොයිලට් පැත්තට ගියේ ය...



දිග ලොකු හොද හුස්මක් අරන් පහත දාන්නත් පෙරම මං ක්ලාස් එක තිබෙන ආයතනෙයේ පසුපස තාප්පයෙන් පැන මහපාරට පිවිසීමට තීරණය ගතීමි...



නමුත් යම්කිසි කොස්සක් එතන ඇත... මාගෙ ගමන් පතයෙහි එක් පැත්තකින් ඇත්තේ රුවින් අයියා ගිය පිරිමි ටොයිලට් එකයි... ගැහැණු ටොයිලට් එකක් තිබේනම් එය කම් නැත... නමුත් මෙය පිරිමිය... කරන්නට දෙයක් නොහැක... සටනින් පැන නොයන එක අනුවණ කමකි...



අතත් මිටි මොලවා කලින් ගත් හුස්ම පහළ හෙලා මා සිතට ගැහැණු ධෛර්යය ගෙන පිරිමි ටොයිලට් එක අස්සෙන් ගොස් මෙම පෞද්ගලික අධ්‍යාපන ආයතනයෙන් පැන ගෙදර ගොස් කාටුන් බැලීමට හිත හදා ගතිමි..



දකුණ කකුල පෙරමුණට ගෙන අඩි දෙකක් තිබූ සැනින් මා හට ඇසුණේ පිටු පසින් " ඕයි " ලෙස කෑගසන පිරිමි හඩක් ය...



' කවුද යකෝ මට ඕයි ගාන්න ' ලෙස පවසා අයියෙක් සේ පිටුපස බලා මා හට ඕයි ගෑ එකාට කනට දෙකක් දීමට මා හට උවමනාවක් නොමැත... කිමෙද අයියා සේ පිටුපස හැරුණිද මා හට ලබන සතියේ පන්තියෙන් බැස එලියට යන්නට වෙන්නෙ පයියෙක් සේය...



මා මේ කියන දේ ඔබට තේරෙන්නට ඕනිය මා එසේ අයියෙක් සේ හැරී මාගෙ මූණත් තහඩුව පෙන්නුනෝතින් අරූ මාව අල්ලා ගන්නේ ලබන සතියේ වග...



වැස්සකටවත් ග්‍රවුන්ඩ් එකට පය නොතියන මට දැන් හොද පාඩම් ය.. මා දැන් මැරතන් දිවීමට සූදානම් වීමි..



බෑග් එක කරට ගෙන ඇද සිටින අත් දිග ශර්ට් එකේ අත නවා දකුණු කකුල පෙරට තියා සුඹ මොහොතින් මාගෙ මැරතනය පටන් ගතිමි...



විනාඩි දෙකක කාලයක් ආයතනෙයේ සිට තාප්පය තෙක් දිව ආ මම සිටියේ තාප්පයේ උඩ නැග ගෙනය... ආතල් එකට ආයතනය දෙස නැවත බැලීමට උවමනා වූ බැවින් මා පිටුපස හැරෙත් ම මා හට පෙණුනේ,



යම්කිසි පිරිමියෙකු පිරිමි ටොයිලට් එක තුළ අහවල් දෙයක් කරනවා යා...



අයියෝ කඩවුලේ.......... එතැන සිටියේ රුවින් අයියා ය...




ක්ශනිකව ම මා නැවත ඉදිරිපස බැලීමි... ප්‍රධන මාර්ගයේ කාර්, බයික්, ලොරි,බස් යයි.. කිසීවක් නොහිතාම මා තාප්පයෙන් එහා පැත්තට පැන්නෙමි..



මා වෙනත් කිසිවක් කීමට ප්‍රථමව මා මෙසේ කීයන්නට කැමතිය...


ඒ ' වගකීමෙන් කියන්නෙ මා රුවින් අයියාගෙ අහවල් එක දැක්කේ නැති ' බවය ....



මද වෙලාවකට පසු රුවින් අයියාගෙ යහලුවා ආයතන තාප්පයේ එහා පැත්තට වී කෑගන හඩ මා හට ඇසුණි..



______


නැවත හමුවෙමූ..



Peppermint :)

Report Page