කවුරුන්ද ඔබ මගේ.....🖤

කවුරුන්ද ඔබ මගේ.....🖤



(කෙටිකතාවකි)

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

සැබෑ නොවන සිතුවිලි අතර අතරමං වී....




වැඩ වැඩ වැඩ පැය විසි හතර පුරා ම වැඩ වලට හිර වෙලා...

කිසිම නිදහසක් නැති ජිවිතයක් කියලා මට ම වෙලාවකට හිතෙනවා...

ඔලුව පැලෙන්න වගේ ඔලුව උඩින් ගලක් තියලා වගේ...

පුදු ම තරම් බරක් දැනෙනවා...

බැරි ම තැන වැඩ ටික පැත්තක තියලා නැගිට්ටා....




නැලිටලා කිචන් එකට ගිහින් වතුරු වීදුරුවකුත් අරන්...

අතට ගත්ත පැනඩොල් පෙති දෙක උගුරට ම දාගෙන වතුර බිව්වා...

කටත් තද කරලා අතින් වහන් සිනී බෝතලේ ලගට දිව්වේ...

බිපු පැනඩෝල් පෙති දෙක ඔක්කාරෙට එවි කියලා බයෙන්....




පුංචි කාලේ ඉදලා තිබ්බ ලෝකම අකමැත්ත...

බෙහෙත්...

බෙහෙත් පෙත්ත අතට ගත්තම බඩත් එක්කම කැලතෙනවා...

අප්පිරියාව වැඩිකමට ඔක්කාරේට ඇවිත් වමනේ ට යනවා....

ඒ පුරුද්ද මං ලොකු වුණා කියලා වෙනස් වුණේ නෑ..

මට හිතුණේ බෙහෙත් වලට මං එක්කම ලොකු තරහක් ඇති කියලා...

වෙලාවකට මට එහෙමත් හිතෙනවා....




සිනී අහුරකුත් කටට දාගෙන පොන් එකත් අතට අරන් ඇදට ගියේ..

දවසේ අන්තිම පැය කිහිපය ගෙවෙන්නේ ගොඩක් ලග නිසා...

ගෙදර හැමෝම නිදි වුණත්...

මට නින්ද හුගාක් ඈතයි...

නින්දත් මට ගොඩක් දුරින් ඉන්නේ...




වට්ස්ඇප් එකට ගිහින් බැලුවේ චැට් ලිස්ට් එක දිහා...

චැට් වල මැසේජ් ගොඩක් ඇවිත් තිබ්බත්...

මට ඕන ම චැට් එකේන් තාම මැසේජ් එකක් නෑ...

මැසේජ් එක සීන් කරලා තිබ්බේ දවල් 2 ට...

දැන් රෑ 11.45 යි...

තාම උදේ මැසේජ් ඒකට රිප්ලයි එකක් නෑ...

මට පේන්නේ නැති වෙන්න ලාස්ට් සීන් අයින් කරා...




ඉබේ ම පිටවුණේ ලොකු හුස්මක්...

මට මං ගැන ඇති වෙන්නේ කලකිරීමක්...

එයා එහෙමයි කියලා දැන දැනම මම එයා පස්සෙන් යනවා....

කෙල්ලෙක් වෙලත් කොල්ලෙක් ගේ ආදරේ අයැද අයැද පස්සෙන් යනවා...

මට ම තෙරෙන් නෑ මං ගැන...

එයා කාර්යය බහුලයි...

මං ඒ ගැන දන්නවා...

ඒත්,

එක මැසේජ් එකක් දාන්න තිබ්බා...

මගේ හිත හැදෙන්න හරි...

එයාට තිබ්බා ඉමෝජියක් හරි දාන්න..

එයාගේ පුංචි ඉමෝජියකින් හරි මම සතුටු වෙන විදිහ එයා දන්නවනම්...





වට්ස්ඇප් වලින් ආපු මං...

යුටියුබ් එක පැත්තට ගියේ සිංදුවක් අහන්නමයි....

පෑරුන හිත සංසුන් කර ගන්න මට ඕන කරා...

උඩට පහලට ගියපු මං දැක්කේ මං ආසම කරන සිංදුවක් තියන විදිහ...

සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගීතයක් පේලේ වෙන්න දැම්මා.......

මං ආසම ගීතයක්...




කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //

දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු


කවුරුන්ද ඔබ මගේ…//

ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ //



මුලු සිංදුව පුරාවම ඇස් දෙක පියාගෙන හිටපු මං...

සිංදුව ඉවර වෙනවත් එක්කම ඇස් ඇරියා...

කවුරුන්ද ඔබ මගේ...

කවුරුන් ද මා නුඹේ...

ඔලුව ඇතුලේ දෝංකාර දෙන වචන පේලි දෙක තමයි ඒ...

ඇස් ඇතුලේ කඳුලු පිරිලා තියනවා කියලා මට ම දැනෙනවා...




කවුරු මොනවා කිව්වත් හිතින් ඇතිවෙන බැදීම් හරි ප්‍රභලයි...

මං ආදරෙයි ඔය හිතට...

මං ආදරේ ඔය වචන වලට...

මං ආදරෙයි ඒ අව්‍යාජ මනුසයාට....

ගීතය ඇතුලේ හිටපු මං එක පාරට ම පෝන් එක දිහා බැලුවේ...

වට්ස්ඇප් නොටිෆිකේශන් එක මොකක්ද කියලා බලන් ගමන්...

බලාපොරොත්තුවෙන් හිටපු ඒ මැසෙජ් එක ඇවිත්...

මුණට හිනාවක් ගේන ඒ මැසෙජ් එක ගිහින්...

මං නොටිෆිකේශන් එකෙන් ම වට්ස්ඇප් චැට් එකට ගියා...

එයා මැසෙජ් එකක් දාලා..





"මං දැන් ගෙදර යන ගමන් ...හරි මහන්සි..."



එයා එහෙම මැසේජ් එකක් දාලා තිබ්බා....

මං හරි ඉක්මනින් මගේ උත්තරේ දුන්නා....



"හුම්..."



"හ්ම් විතරද? කියන්න නඳූ..."


"මොකුත් නෑ නිකන්..."


"ම්...බොරු."


"අර කුරූණැගල කෙල්ලෙක් ගැන කිව්වේ ඇයි යාලු කරලා දෙන්නම් කියලා...."


"ඕ...ඔයාට සෙට් කරගන්න..."


"එපා මට.."


"හුම් ..."


"මං යාලුවෙන්න ඕනෙමද?"


"නැත්තම්...තනියම ඉන්නයැ...මට කවදාහරි දවසක ඔයාගේ වෙඩින් එක කියනවානේ නේ විහඟ..."


"ලංකාවෙ ගත්තේ නැතත් ගන්න රටට එන්න ටිකටුත් එවන්නම්..."


"හුම්.."


"එල්ලාගන්න එපා.."


"හුම්..මම මොකටද එහෙම කරන්නේ..ඒත්බොරු කියන්න ඕන නෑ නේ ඇස් වලින් කඳුලු වැටෙනවා... 😂"


"කිව්වනෙ...රෙද්ද..පිස්සි...."


"හුම්ම්..."


"ඇයි ඔහොම..."


"කොහොමද?"


"වෙන උන්ට දෙන්නෙ...දෙන එක අවුලක් නෑ..දිලා අඬන එක..."


"අනේ මන්දා මට තෙරෙන්නෙත් නෑ..ගෙදර ගියාද ඔයා......"


"නෑ තවම..."


"පරිස්සමින් යන්න ❤️"



ඒ තමයි අපේ බැදීම...

නමක් දෙන්න බැරි අපේ බැදීම...

අයිතියක් නැති...

අපේ බැදීම....

නමක් නැති අපේ බැදීම...

මං විතරක් ආදරේ කරන ඒ බැදීම....

එයා ගේ හිතේ ආදරේ වෙනුවට තියෙන්නේ...

අනුකම්පාව...

මං කෙරෙහි ඇති අනුකම්පාව....

ඒත් ඒ හිතට මං ආදරෙයි...

පණටත් වඩා...

එයාගේ ඒ තැනට මට කාවවත් ආදේශ කරන්න බැරි තරමට...

මං ආදරෙයි....

මං ආදරෙයි...

මං ගොඩක් ආදරෙයි......




කවදාවත් හමු වෙන් නැතිවෙයි...

කවදාවත් ලං වෙන් නැතිවෙයි...

ඒත් ඒ බැදිමට මං මහමෙරක් තරමට ආදරෙයි....





සමහර හමු වීම් තියෙනවා කිසිම හේතුවක් නැතුව....

කිසිම වෙලාවක් කලාවක් නැතුව....

අහම්බයක් වෙච්ච....



ඒ හමුවීම් කොච්චරක් හුරුපුරුදුද කිව්වොත්...

කොච්චර හිතින් අමතක කරන්න හැදුවත්....

හැම වෙලාවෙම මතක් වෙන තරමටම

ඇබ්බැහි වෙච්චම බැදීම්.....

හිත් කොනේ තදටම පැල්පදියම් වෙච්ච හමු වීම්...





පාර තොටේ දාහක් ඇස් දැක්කත් යන එන මග තොටේ...

දාහක් රූප දැක්කත්...

හිතේ අරක් ගත්ත ඒ රුවටම ඇබ්බැහි වෙච්ච බැදිම්....




"හිත හදා ගන්නවා"

"අමතක කරලා දානවා"

"වෙන කෙනෙක් හොයා ගන්නවා"


එහෙම හිතුවත්...

ඒ බැදීම් කවදාවත් අමතක කරන්න බැරි තරමටම...

හිත් කොනේ රැදිලා තියෙන්නේ

අසීමාන්තික ප්‍රේමය නිසාමයි.....

හීන කෝටියක් හිතේ රදෝගෙන..

හිත ඔට්ටු වෙන්නම යම් දිනෙක ඒ බැදීම...

සදාකාලිකවම තමන් සතු කර ගන්න...

ඒ බැදීම් අහිමි වුනත්...

ඉඹේටම ඒත්තු ගැනෙනවා හිතේ තදින් ම වැදුන ඒ බැදීම..

නැතුව තව බැදීමක් එක්ක ජීවිතේ පටන් ගන්න බෑ කියලා....




මොකද ,

නිතරම හිත දුවලා දුවලා නවතින්නේ...

ඒ සුන්දර අසුන්දර මතකයන් ලගට..

කිසිම හේතුවක් නැතුව...

ඒ බැදීමෙන් මිනිස්සුන්ට ගැලවෙන්න බැරි වෙනවා...

අර කිව්ව ඇබ්බැහි වීම නිසාවෙන්,




ඊට පස්සේ ඒ මිනිස්සු බැදීම් හැම එකක්ම අමතක කරලා දාලා,

මතක මත්තේ ජීවත් වෙලා...

ඒ මතක මත්තේ ම නැහෙනවා....

ඒ හැගීම් එක්කම,

ජීවිතේ හොදම කාලේ හුදෙකලා වෙන්න තීරණය කරනවා....


හැම බැදිමක් ම ප්‍රතික්ෂේප කරලා...

තනිකමට පුරුදු වෙනවා....

හිත නතර වුන තැන හිමිකර ගන්න බැරි වුනාම....

ඒ හිත නතර වුන තැන හීන එක්කම මිනිස්සු...

රහසින් ම,

තනියම ඔට්ටු වෙනවා....

හෙම්බත් වෙනවා ඒ මතක අස්සේ ම මැරෙනකම් ජිවත් වෙනවා....





ඔව්,

ඒ හැගිම් වලට නමක් දෙන්න බැරි වෙද්දී...

ඒ බැදීමට තිත තියන්න බැරි වෙද්දී...

දුරින් ඉදන් ආදරේ කරන්න මිනිස්සු

හුරු වෙනවා...

ඔව් සමහර මිනිස්සු එහෙමයි...

ජිවිත කාලේ පුරාවට ම අර මතක අස්සේ හිර වෙලා....

ඒ මතක එක්කම මියදෙනකම් ජිවත් වෙනවා....

හමුවීමක් හිමිවීමක් නැතුවම කවදාහරි සංසාරේ දවසක ලැබෙයි කියලා....

බලාපොරොත්තුවෙන්....

බලන් ඉන්නවා....

සදහටම....

තනියම......🖤









හිත ඇතුලේ ඕනවටත් වඩා ආදරේ තියෙනවා කියලා දැන දැනම....

මොනයම් හෝ හේතුවක් නිසා...

ඒ ආදරේ ට පණ දෙන්න බැරි වෙලා...

ඒ ආදරේ නිසාම දුක් වෙන,

ඒ ආදරේ නිසාම පුංචි හරි සතුටක් ලබන,

ඒ හැම හිතක් වෙනුවෙන් ම.....

මේ කතාව ආදරණියව පුදකරනවා....



කතාව කොහොමද?ඔයාලට දැනුනද?

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

Report Page