කලු කියන්නේ වෙනම ලෝකයක්🖤

කලු කියන්නේ වෙනම ලෝකයක්🖤




Moon🌛









පාන්දරම නැගිටලා මිදුලට බැස්සේ...

වෙනදා පුරුද්දට...

මිදුලට බැස්ස මං වටපිට බලද්දී....

මුලින් ම මගේ ඇස් දෙක හොරා ගත්තේ...

මිදුලේ පිපිලා තියන රෝස මල් පොකුරු ටික....

එක ගහක සුදු පාට රෝස මල් පිපිලා තියෙද්දී...

අනිත් ගහේ කලු පාට රෝස මල් පිපිලා වගේ....

මනමාලි යෝ දෙන්නෙක් මල් වලින් හැඩ කරලා වගේ...





එක්කෙනෙක් සුදු මනාලියක්........

අනිත් කෙනා කලු පාටට හුරු මනාලියක් වගේ....

ඒ දිහා බලන් ඉන්නකොට ඇස් දෙක ඇදෙන්නේ....

කලු පාට රෝස පොකුරු දිහාවට...

ඒ ඇයි කියලා මං දන්නෑ....

මං කලු නිසාද කියලත් මං දන්නැ.....

මං ආසම පාටත් කලු....

සමහර විට මාත් කලු නිසා වෙන්න ඇති...

කලු කිව්වට ගොඩක්මත් කලු නෑ....

දුඹුරු පාටට හුරු පාටක්.....





මං රෝස ගහ ලගට ගිහින් කලුපාට රෝස මලක් කඩා ගත්තා...

මං ඒ රෝස මල හිමින් ස්පර්ශ කරා....

හරි සිනිදුයි...

සුවදයි....

ලස්සනයි....




කලු රෝස මල් වලට ගොඩක් අය කැමති....

අපේ ගෙදර එන ඕනම කෙනෙක්....

අර කලු පාට රෝස ගහේ අත්තක් දෙන්නකෝ කියලා...

දෙපාරක් නොහිතා ඉල්ලනවා........





ඒත් අපේ සමාජේ....

කලු කෙල්ලක්ටත් ඒ තැන තිබ්බා නම් කියලා හිතෙනවා.......




මං මධ්‍යම පාන්තික පවුලක ඉන්න එකම දරුවා...

අම්මා තාත්තා එයාලගේ කාර්යයාල වැඩ එක්ක මං එක්ක ගත කරපු කාලේ අඩු වුනා.....



මං තනිකම එක්ක ජිවිතේ හෙව්වේ...

පොත් පත් වලින්.....

පොත් පත් දහස් ගනන් කියවලා ඇති...

ඒ පොත් ඇතුලේ ජිවත් වෙන්න ඇති....

පොත පත මට ජිවිතයක් දුන්නා...



නවකතා,කෙටිකතා බර ගානක් කියවලා ඇති....

හිතේ රැදුන කතා අදටත් තියනවා...

ඒ  කතා බහුතරයක හිටියේ චිස් බෝල වගේ කෙල්ලෝ කොල්ලෝ....

ලස්සන ඇස් තියන,කොන්ඩේ දිග,තැඹිලි ගෙඩි වගේ කෙල්ලෝ.....



ඒත්  මං තෙරුම් ගත්ත එක දෙයක් තිබ්බා..

ඒ රියල් ලෝකේ නොවයි කියලා....




අග පසඟ හැඩ රුව හමේ පාට ලස්සන නොවන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා...

අද සමාජේ ආදරේ හෙව්වේ ලස්සන රූපේ ලග....




ශෛල,පටක,අවයව,පද්ධති වලින් පිරිච්ච මස් ගොඩක් වැහිලා තියන හමේ පාට සුදු නම්.. .



ඒ කෙල්ල එකෙන් ම පට්ට....

ඒහෙමයි කොල්ලෝ කෙල්ලොන් ව හෙව්වේ....




ඒත් අර විදිහට ම හැදිච්ච ශරීරේ හමේ පාට කලු පාටට හුරු නම්....




අපෝ ඒ කෙල්ල කියලා කියනවා....



කොල්ලෝ විතරක් නෙවෙයි....දෙපාර්ශවය ම ඒ කෙල්ල හින්ට් පාස් කරයි...

අනම් මනම් කියයි....



ඒත් ඒ ඇගිල්ල දික කරන අයට අමතකයි...


දෙගොල්ලෝ ම හැදිලා තියෙන්නේ ශෛල ,පටක අවයව,පද්ධති  වලින් ඒත් අර හමේ පාට විතරක් ම වෙනස් කියලා....




ඉතින් මෙහෙම කියනම් සුදු හෝ කලු පාටට හුරු පාට තියන හැමෝටම වෙන්න එකම දේ කියලා....




මතක තියාගන්න ඕන ලස්සන ඕනම දෙයක් වුනත් කවදා හරි දවසක අවලස්සන වෙනවා කියලා....




හමේ පාටට  හෝ වෙන දේකට වෙන යම් හේතුවකට ආදරේ කරලා කසාදේ බැදලා....




තෙරුම් ගැනීමයි විස්වාසයි ගෞරුත්වයයි  නැතුව අද වෙනකොට විතරක් උසාවියක දික්කසාද නඩු 300 කට වඩා විභාග වෙනවා.




පිට පොත්ත විතරක් නොබලා හදවතකට එකගව බුද්ධියෙන් විමසලා බලලා තිරණ අරන් ජිවත් වෙන්න ඕන....



කලු කියන්නේ පාටක්...

කොටින් ම කියනවා නම් බැරැන්ඩ් එකක්.....



මගේ මහත්තයා ලස්සනයි සුදුයි කඩවසම්.....ඒත් එයා මං වගේ කෙනෙක් ව තොර ගත්තා.....




මගේ මහත්තයත් මං කලුයි කියලා මාව ප්‍රතික්ෂේප කරා නම් අද මමත් එයත් මෙහෙම සතුටින් නෑ...




අපි දවසක අනිවාරෙන් ම හිතන්න ඕන...ආදරේ ට බාහිර රූපය අදාලම නෑ...පිට පොත්තෙන් බලලා තිරණ ගන්නැතුව කවදා හරි දවසක මේ රූපය දිරනවා කියලා මනසේ තියාගෙන ජිවත් වෙන්න....



ආදරේ කරන්න.....



කලු කියන්නේ වෙන ම පාටක් වෙනම ලෝකයක්......🖤




_____________________


කතාව කොහොමද දන්නෑ...

මගේ පලවෙනි කෙටිකතාව....

වැරදි අඩුපාඩු ඇති සැහෙන්න....



හිතුන දේ කමේන්ට් කරන් යනවද....


Moon🌛







Report Page