ක්‍රොස් මයි හාර්ට්❤️ Special🌈️⚡

ක්‍රොස් මයි හාර්ට්❤️ Special🌈️⚡

Mahee

Special Episode

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

"තාති මේ බලන්නකො...අම්මි ආයෙත් අයිස්කීම් කනවා..බබා හොඳ නෑ කිව්වට අහන් නෑ..අම්මි නෝටී..


ප්‍රින්සස් බෝල අත් දෙකෙන් චූටි ගවුමත් පැත්තකින් උස්සගෙන විභූගෙ ඔෆිස් කාමරේට දිව්වෙ කේලමකුත් කියන ගමන්...


දැන් ඉතින් ඉවරයි..මේ පොඩි එකිත් හැදෙන්නෙ අප්පා වගේමයි..මගෙ පුතු නම් ඒම වෙන්න එපා..


අයිස්ක්‍රීම් ටබ් එකත් පැත්තකින් තියලා පිරුණු කුසත් අතගගාම ශේපෙට උඩට නගින්න ගියත් කන ළඟින්ම ඇහුන උච්ච ස්වරේට දාඩියකුත් දැම්මා..


"සිහී...


හරිනෙ...අද නම් උබ ඉවරයි සිහී...පුතු අම්මිව බේරගන්න මැණික.. ඔයාගෙ වසවර්ති තාත්තා අද නම් රෑ ශොට් එකට මාව ඩෙවල් එකට ගනී වගේ...


"විභූ...හේ..කොෆී එකක් හදන්නද මහත්තයො.

චූටි අහිංසක හිනාවක් දාලා ලෙස්සලා යන්න හැදුවත් බෑ වගේ..ඔය ඔරවන් ඉන්නෙ..


"සිහී තමුසෙට අයි...


"තාත්ති බනී කියලා මං කිව්ව නේද පුතු. උදේ වෙලා අයිස්ක්‍රීම් කමු කිව්වත් ඕනෙමයි කිව්වනෙ.... බලන්නකො විභූ මේ පොඩි මෑන් ඔයා වගේම හිතුවක්කාරයි..


සමාවෙන්න පුතු...මං කුසත් අතගගාම කියද්දි විභූ දිහා හොරාට බැලුවෙ දැන් ශේප්ද කියලා..ඔය තියෙන්නෙ ලස්සන හිනාවක්.. අම්මි නම් වැඩ්ඩා පුතු...


"විභූ...හචින්....

ජයග්‍රාහී ලෙස පලවෙනි කිඹුහුම පිටවෙනවත් එක්කම එක දිගට කිඹුහුම් යන්න ගත්තෙ මං බිත්තියත් අල්ලගෙන දෙකට නැමෙද්දි..බලන් ඉද්දිම ඒ මූණ වෙනස් වුනේ තාමත් විභූට හිත් කොනක හැංගිලා තියන බය චූටියට උඩට එනකොට...


"මගෙ පොඩි එකා පිටදාලා ඔක්කොම කරපන්..උබ මගෙන් කනවා සිහී.. තමුසෙට මෙච්චර කියද්දිත් ගාඩ් එකත් මග ඇරලා අද රවුම් ගහන්න ගිහින් තිබ්බෙ..යකෝ පොඩි එකී හොඳයිනෙ..


විභූ කෑ ගැහුවෙ අයිස්ටබ් එකටත් පාරක් දීලා..එයා කෑ ගැහුවට වඩා හිතට දුකක් දැනුනෙ චොක්ලට් අයිස් මුලු ටයිල් එක පුරා විහිරිලා ගියපු හින්ද..හෙටත් කන්නනෙ හිටියෙ... හුම්..


මේ මාස ගානටම වැටුනු නීති ගොඩ දැක්කම වෙලාවකට තරහයි..කොහෙ ගියත් හයේ හතරෙ පොරවල් ටිකක් පස්සෙන් එනවා.ඇයි දෙයියනේ මෙයාට තේරෙන් නැත්තෙ මට ඕන නිදහස කියලා..මං කැමති නෑ මෙහෙම හිරවෙන්න...විභූ සමහරවෙලාවට කෑ ගැහුවෙ බඩුත් පොලේ ගහලා..එයාට තරහ පාලනේ කරගන්න බැරි බව දන්නවා..ඒත් හැමදේම ඉවසගෙන බිම බලාගත්තම එයාම ඇවිත් මැණික තරහ ගියා සොරි කියද්දි අඬාගෙනම ඒ පපුව අස්සෙ හැංගෙන එක පුරුද්දට ගිහින්...


"තාති හොඳ නෑ..අයි පින්තත්ගෙ අම්මිට බැන්නෙ..මං තුදු මාමිට කියනෝ තාත්ති නෝටි කීලා...


කොහේදෝ අස්සක ඉඳන් ප්‍රින්සස් කෑ ගගහ එනවා..මගෙ කෝලම..ඇහෙන් වැටුන කඳුලකුත් පිහිදගෙන මං බැලුවෙ මගෙ ආච්චි අම්මා දිහා..බැන බැනම ඇවිත් මගෙ කකුලක් බදාගත්තා..මගෙ කඳුලකට ඒ චූටි හිත ඕනවටත් වඩා කලබල වෙනවා.. රතුපාට වෙච්ච පිම්ඹිච්ච කම්මුල් දකිද්දි තේරුනා මගෙ කෝලමට හොඳටම තරහ ගිහින්..


"තාති එපා..අම්මිත බැන්නනෙ..තාත්ති එපා..

ඒ පාර විභූව චූටි අත් වලින් තල්ලු කරනවා...


"අම්මි අදන්න එපා..මං ආය තාතිට මුකුත් කීන් නෑ..අර නාක අන්කල් අම්මිව තල්ලු කලා කීලා කියන්නෙත් නෑ...

ප්‍රින්සස්ගෙ කටින් පිටවුනු දේත් එක්ක මං ගැස්සිලා බැලුවෙ විභූ දිහා..අනේ එයාට අහෙන්න නැතුවැති නේද..අනේ දෙයියනේ...


"මොකද්ද...සිහී..මොකාද තමුසෙව තල්ලු කරේ...ආ...


"වි..භූ..නෑ..ඒක වැර..දීමක්..අනේ..අද ෆුඩ් සි..ටි..එකේදි මනුස්සයෙක් හැප්පුනා..ඒක ඔය කියන්නෙ..

කලබල වෙච්ච ඇස් එයාගෙන් හංගගන්න අසාර්තක උත්සහයක යෙදෙන ගමන් මං කිව්වෙ ඒත් එක්කම විභූගෙ අත් මගෙ උරහිසට තද වෙද්දි..


"මගෙ මූණ දිහා බලලා කතා කරනවා ඕයි.. තමුසෙ දන්නවා මේ විභූට අයිති දේකට අත තියන්න කාටවත්ම බෑ කියලා..ඒවගේම මගෙ කනෙන් රිංගන්න තමුසෙටවත් බෑ..

විභූගෙ මැරකම් තාම උඩට මතු වෙවී එන්නෙ එයාගෙ නහරත් ඉලිප්පෙලා වෙව්ලන කොට..


"තාති අම්මිට සිදෙයි..

ප්‍රින්සස්ගෙ වචනත් එක්ක එයා ගස්සිලා මගෙ උරහිසෙන් අත ගත්තෙ මගෙ ඇස් වල වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ කඳුලු දැකලා..


"ප්‍රින්සස්..අද මොකද වුනේ කියලා තාත්තිට කියන්න මැණික..

පාතට නැමිලා එයා අහන්නෙ ප්‍රින්සස්ව පපුවට කරන්..දන්නවා හොර ගෙඩියා තාත්තට නොකියන දෙයක් නෑ..දවල් ෆුඩ් සිටි එකේදි උන දේ විභූට හංගන්න නොහිතුනත් ඒ ගැන නොකිව්වෙ විභූගෙ තරහ ගැන හොඳටම දන්න හින්දා..


"අම්මි මං කිව්වත කමත් නැද්ද...

කෙල්ල කටේ ඇඟිල්ල ගහන් අහනවා.. මං එපා කියන්න ඔලුව වැනුවත් විභූ කෙල්ලව එයාගෙ පැත්තට හරෝ ගත්තෙ මට පිච්චිලා යන්න රවලා..


"අද අම්මිත් එත්ත පුත් තිදියෙදි නාක අන්කල් කෙනෙත් අම්මිගෙ ඇඟේ හැප්පුල..අම්මි තොලි කීව..ඒ අන්තල් අම්මිත් හොඳතම බැනලා බදු තික ඔත්තොම අහුලලා දෙන්න තිව්වා.. අම්මි මල්ලි බබිත් අල්ලන් බිම ඉදදෙන ඔත්තොම ඇයිලුවා..බබත් උදව් තලා..


විභූගෙ අත් පය වෙව්ලද්දි මං ඒ අතක ඇල්ලුවත් මගෙ අත ගසලා දැම්මෙ පැටියට කියන්න රන් කියලා කියන ගමන්..


"ඒ අන්තල් අම්මිත කිව්වා තමුතෙ අලූදෙ හයිය අලන්ද පුප්පන්නෙ.. ලදදිම තමුතෙගෙ තැප්ට ක්ලෝස් කීලා අම්මිගෙ පපුවත් අල බිම හෝදන එකෙන් තද කලලා තල්ලු කලා..අම්මි ගොදක් ඇදුවා තාති...


විභූගෙ මූණ බලන් ඉද්දිම වෙනස් වුනා..මං ඒ අතක එල්ලුනත් මගෙ අතත් තල්ලු කරගෙන අඩියට දෙකට කිචන් එකෙන් යන්න ගියෙ තත්පර කීපයකින් එයාගෙ ඔෆිස් රූම් එකේ දොර සද්දෙට වැහෙනවා ඇහෙද්දි..


"අම්මි අදන්න එපා..පින්තත්ට දුතයිනෙ..පින්තත් එක්ක තාහද අම්මි..


"නෑ මැණික අම්මි තරහ නෑ..කෝ එන්නකො..


ප්‍රින්සස්ගෙ අතිනුත් අල්ලන් ගෙයි පිලිකන්න පැත්තෙන්ම එළියට බැස්සෙ ටිකක් එහාට වෙන්න තිබ්බ ගඩොල් බැම්මෙ ඉඳගෙන කහට එකක් බොන සියාතු සීයා ලගට අඩි තියන ගමන්..


"අපෙ අප්පේ සුදු නෝනා..යන් යන් මේ කට්ට කරුවලේ එළියට බැස්සෙ මොන් එහෙකටද...පොඩි බේබි දැක්කනම් මාත් ඉවරයි..කෝ චූටි බේබි යන්...


"නෑ නෑ සීයෙ..කමක්නෑ ..අනික මෙතෙන්ට එළියයිනෙ..


"සුදු නෝනා ඔය හදන්නෙ පොඩි බේබිට කියලා මටත් බැනුම් අස්සවන්න..


විභූට තියන පන බය එක්ක සියාතු නෝක්කාඩුවට කියද්දි මං ප්‍රින්සස්වත් ඉස්සර කරගෙන එතන කණුවකට හේත්තු වුනේ රෑ හීතලට ඇඟේ හිරිකඩු පිපෙද්දි..විභූ දැන් මොනා කරයිද..අනිවාරෙන් මේක ගැන හොයයි ආයෙත් පරන දේවල් හාර ඇවිස්සෙයි කියන බය ඇතිවෙද්දි දැනෙන හීතලට වඩා ඒ දැනුන බයට ඇඟේ හිරිකඩු පිපෙනවා..


"තිතූ හෙන පන්දිතයි..කීන දෙයක් අහන් නෑ..ඔයා ඕත බොන්නතො..


ප්‍රින්සස් කියන්නෙ සියාතු අතේ තියන කහට කෝප්පෙ දිහා බලන්..මෙයාගෙ කෝලම පටන්ගෙන..සියාතු සීයගෙ මූණෙ ඇඳුන හිනාවත් එක්ක දෙකට තුනට නැමිලා ප්‍රින්සස්ට සමාවෙන්නකො චූටි නෝනා කියද්දි කෙල්ල ඒ දාඩිය පිරුනු අතකින් අල්ලගත්තා කෝලමට වගේ..ඒත් ඒ අත ඉක්මනට අයින් කරලා ලඟ තිබ්බ බොන්න ගෙනාපු වතුර එකෙන් චූටි අත හෝදලා දැම්මෙ මේ මනුස්සයා ගැන අනුකම්පාවක් දැනෙද්දි..


"මං මෙහෙ වැටිලා ඉන්න එකා සුදුනෝනෙ...චූටි බේබි වගේ කෙනෙක්ට මාව ගෑවෙන්නවත් සුදුසු නෑ මැණිකෙ...


"මං කීවෙ අම්මි තීතු හැමදාම මේමයි.. හලි පන්දිතයි අප්පා...

මං ප්‍රින්සස්ගෙත් ඔලුව අතගාලා හිනාවෙන ගමන්ම හැරුනෙ සියාතු දිහාට...


"සීයෙ කිචන් එකේ අයිස් වගයක් හැලුනා..පොඩ්ඩක් මොබ් කරලා දානවද..


"මං කරන්නම් සුදු නෝනෙ.. දැන්වත් ඇතුලට යන්න දෙයියෝ..මේ රෑ සතෙක් සර්පයෙක් හිටියත් පේන් නෑ...

සියාතු සීයා ගෙදර වැඩට ඉන්න කෙනා...වයස වුනත් වත්ත පහළට වෙන්න තිබ්බ පොඩි ගෙදර ඉදන් මෙහෙ එන්නෙ ගෙදර වැඩ ටික කරලා දෙන්න..කමලා අම්මා මේ දවස් දෙක තුනේ ගමේ ගිහින් වෙද්දි සියාතු තමා උයන්න පවා උදව් කරන්නෙ..පිරුනු කුසත් එක්ක හැරෙන්නත් බැරිකොට අර නපුරා කිචන් එකේ පැත්තෙවත් එන්න දෙන්නෑ..


"අම්මී තාතී...මේ.....


ප්‍රින්සස් ගෙට ගොඩ වුන ගමන් පෙන්නුවෙ විභූගෙ ඔෆිස් රූම් එක.. තරහ ගිය පාර ගියා ගියාමයි ආය සද්දයක්වත් නෑ..


"අම්මී...තාති පින්තත් එක්ක තලා වෙයිද..පින්තත් තාති එපා කිව්වලෙ...


"මැණික ගිහින් කතා කරන්නකො..අපි කෝම හරි යාලු කරගමු..ම්ම්...

කෙල්ල මට පහකුත් ගහලා හිමින් සැරේ කකුල් තිය තිය නැමීගෙන යනවා..බෝල ගෙඩිය වගේ චූටි කොට ගවුම අස්සෙන් පිරිච්ච චූටි අතපය දකිද්දි ලෝභයි..විභූ දිග ඇස් පිහාටු එක්ක කතාකරන බෝල ඇස් වලින් එක කඳුලක් වැටෙන්න දෙන් නෑ..චූටි පොල් ගස් දෙකකුත් බැදගෙන කටත් උල් කරන් කියවද්දි ඒ හුරතලේ එක්ක විභූගෙ පන...මුලු ලෝකෙම ඒ...


දෙපාරක් තුන්පාරක් දොරට තට්ටු කරාට සද්දයක් නෑ..බඩටත් අත තියාගෙන මාත් ඒ පැත්තට ලං වුනේ නපුරව කෝම හරි යාලු කරගන්න ඕන හින්දා...


"තාති..තාතී...මගෙ තුදු බෝලේ උයා උපිත් වැදද..

අනේ අනේ මේකිගෙ බටර් පාර..කටත් අතකින් වහගෙන හිනාවෙනවා..


"තුදු බෝලේ උයා තාහද මාත් එත්ත...


"තාති...තාති...

කෙල්ලට දැන්නම් ඇඬිලා..තොල් දෙකත් චුට්ට චුට්ට නොපිට පෙරලෙනවා..අද නම් නපුරට හොඳටම තරහ ගිහින්...


"අම්මි තාති පින්තත් එක්ක තාහ වෙලා..අම්..මී..


"චුට්ටක් ඉන්නකො..ම්ම්...

මං ප්‍රින්සස්ගෙ කම්මුලකුත් ඉඹලා ආපු දඟ හිතුවිල්ලකට දොරෙන් චුට්ටක් ඈතට ගිහින් බඩට අතක් තියා ගත්තා..


"අහ්..අනේ...අනේ...විභූ....මහත්ත..

විභූගෙ දොරේ ලොක් එක හයියෙන් ඇරුනෙ එයා දොර ළඟම හිටියා වගේ ඉක්මනට..දොරෙන් මතු වුනේ නපුරා.. කලබලේට මං ළඟට දුවන් ආවෙ මගෙ අත් රැදුනු කුස දිහත් බලාගෙන..


"මැණික අමාරුද...කෝ යන් හොස්පිල්..


"හූ හූ...තාති රැවටුනා...

ප්‍රින්සස් කොමලෙට හිනාවෙද්දි විභූගෙ ඇස් රතු වුනේ ක්ශනයෙන්..


"මරපන් මාව...


විභූ එතන තිබ්බ ස්ටූල් එකත් පයින් ගහගෙන යන්න ගියෙ එයාගෙ තරහ ගැන හොඳටම දැනගෙන වුනත් තත්පරේට ඇස් දෙකෙන් කදුලු එළියට පනිද්දි...මං විහිලුවක් නෙ කරේ..ඇයි විභූ මේ..

ප්‍රින්සසුත් මූණ බෙරි කරන් තොල් පට පිටපෙරල ගත්තෙ එයා සද්දෙට වහපු දොර දිහා බලාගෙන..


"අම්..තාත්...

ප්‍රින්සස් ඉකිගහන්න ගත්තෙ චූටි පිරිච්ච අත් දෙකෙන් ගවුමත් මිරිකගෙන..

පැටියගෙ ඉකි ගැහිල්ල වැඩි වෙද්දි මං ආපු කඳුලු පිහදගෙන ඒ පැත්තට අඩිය තිබ්බත් එයා ඇරපු දොරෙන් ඇවිත් ප්‍රින්සස්ව වඩාගෙන ආයම දොර වහගත්තෙ මං කියන කෙනෙක් නැති ගානට...


කාමරේ ඇතුලෙන් ප්‍රින්සස්ගෙ හිනා හඬ ඇහෙද්දි කුසටත් අත තියාගෙන මං එහෙම්ම එළියට ගියෙ අලුත් වෙන කඳුලුත් ඔහේ පල්ලම් බහිද්දි..දන් නෑ මං කරන්නෙම විභූට තරහ යන වැඩ.. එන්න ඉන්න කොලු පැටියත් අප්පා වගේම ඇති..ඒකනෙ ඔලුවට එන්නෙම මහ නසරාණි වැඩ..


"අම්මි නාකයි ද පුතු...තාත්ති දැන් අම්මිට ආදරේම නැති පාටයි..ඔයා ආවම අම්මිව තාත්ති ඈත්කරලම දායි...


එකදිගට මහ බොළඳ හිතුවිලි එනවා.. විභූව දැන් මට වෙනදට වඩා ඕන.. ඒත් එයා බිස්නස් වැඩ එක්ක චුට්ට චුට්ට බිසී වෙද්දි මට දුකයි.. දන්නවා එයා අතින් මගෙ වැඩ කිසිම දෙයක් තියා ප්‍රින්සස්ගෙ වැඩක්වත් අතපසු වෙන් නෑ..ඒත් මට මගෙ මහත්තයා හැමවෙලේම මං ළඟ ඉන්න ඕන කියන සිතුවිල්ල වද දෙනව...


"සුදු නෝනෙ..මේ පලතුරු එක බීලා හිටිය නම්..

සියාතු බීම වීදුරුවකුත් අරන් එළියට එද්දි ඉක්මණට කඳුලු පිහදගත්තා..


"සීයෙ..හෙට උදේට ඉඳියාප්ප කමු.. හාද..


"අනේ මැණිකෙ..මං හදන්නම්..කලින් කිව්වනම් රෑටම හදනවනෙ..


"එපා එපා හෙට තිබ්බම ඇති..කන්න ආස හිතුනා..

මං බීම වීදුරුවත් කටේ ගහන් කියද්දි සියාතු සීය ඇතුලට ගියෙ ඔලුවත් අතගාගෙන...


ලොකුවට පායලා තිබ්බ හඳ දිහා බලාගෙන කොච්චර වෙලා හිටියද දන් නෑ..


"තමුසෙ මේ රෑ එළියෙ ඉඳන් මගෙ කොල්ලවත් ලෙඩ කරන්නද හදන්නෙ ඕයි..මහ රෑ අයිසුත් කාලා හදා ගනින්කො උනක්..ආය පැත්තවත් බලන් නෑ..මං කිව්වොත් කිව්වා සිහී..


ගැස්සුන පර සලාං ගාලා අතේ තිබ්බ විදුරුව බිම ඇතෑරුනේ පෑරුනු හිත ආයම පෑරිලා කඳුලු අලුත් වෙනකොට...


ඔච්චර නපුරු වෙන්න එපා මහත්තයො..

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Report Page