කාංචනා....🤎

කාංචනා....🤎


කෙටිකතාවකි

Aυƚԋσɾ Mσσɳ 🌙✍ 

(සත්‍ය කතාවකි)

මිතුදම ගජමුතු වලටත් වඩා වටී..........




කාංචනා...

කාංචනා...

කාංචනා.....

හයියෙන් කෑ ගහලා හොයා ගන්න පුලුවන් වුණා නම් මට...

එක ම එක පාරක් අහන්න තිබ්බා නම් ඇයි අපිව මෙහෙම අමතක කරේ කියලා....



කාංචනා....

හැමදාම හිත අස්සේ රැව් දෙන දවසට එක වතාවක් හරි මතක් වෙන නම...

කාංචනා....

මට හිටියේ හොදම යාලුවෝ දෙන්නයි.....

හරියටම දෙන්නයි....

එක්කෙනෙක් කාංචනා...

අනිත් කෙනා නයෝමී....

යාලුකම ට පොරොන්දු වුණ විදිහට ම නයෝමී අදත් මගේ යාලුවා...

සහෝදරිය....

මට වගේ ම නයෝමී ට ත් දැනෙනවා කාංචනා ගේ අඩුව .....

අපි තුන්දෙනා හොදම යාලුවෝ...

නැහ්...

හොදම සහෝදරියෝ....

එක බඩ වැල කඩන් නොආවත් හොදම යාලුවෝ.....





දන්නවද මේ ලියන හැම වචනයක් ම මම ලියන්නේ....

වේදනාවෙන්...

ඇස් වල කඳුලු පුරවගෙන....

මොකද එකම හුස්මක ජිවත් වෙච්ච තුන් දෙනා අද තුන් තැනක....

ඒ අතරිනුත් කාංචනා අද හොයා ගන්න බැරි විදිහට හැංගිලා....

මං දන්නවා කාංචනා කවදාවත් මම මේ ලියන දේ ඔයා කියවන්නෑ කියලා.....

ඒත් මට මේක ලියන්න ම ඕන වගේ හැගිමක් අද මට දැනුනා...




ඒ තමයි,

අදත් අපේ පාසල් මතක ඇවිස්සුණ හින්දා,

ඒ ඇවිස්සෙන හැම මතකයක් ම අන්තිමේ අවසන් වෙන්නේ...

වේදනාව පිරිච්ච කඳුලකින්.....

ඔයාට ඒ වේදනාව දැනෙනවද කාංචි....




එක වසරේ ඉදලා ඉගෙන ගත්තේ බාලිකා පාසල් වල...

ඒ හැම පාසලකම මට හම්බුණ යාලුවෝ හිටියා...

ලක්ෂිකා,ගිම්හානි,භාග්‍යා,අයෝමී,කෞමදී,හංසි,සංසලා,උදේශිකා,රංගිකා,චාරුකා,කාංචනා,නයෝමී....

ඒ තමයි සමීපතමයන්...



ඒ අතරින් ජිව්තේ කොටසක් කර ගත්තේ හරියට ම දෙන්නයි...

ඒ කාංචනා යි නයෝමී යි....

එක් කෙනෙක් දකුණු අත වෙද්දී...

අනිත් කෙනා වම් අත වුණා...

තුන් දෙනා ම කන බොන ඉගෙන ගන්න වැඩ හැමදේම කරේ එකටමයි....




කවදාවත් හිතපුවත් නැති යාලුකමක්.....

කාංචනා,

දුශ්කර ගමක ඉදලා ආපු අහිංසක ගැනු ලමයෙක්....

මුණ පුරා ලප හතක් තිබ්බා....

හරි චාම් ලස්සනක් තිබ්බා.....

කනට ඇහෙන්න කතා කරපු කෙනෙක් නෙවෙයි...

ඒත් ඒ හිනාව නම් අපිට කවදාවත් අමතක වෙන්නැති විදිහට අතරමං කරා....

මොකද ලග ඉන්නේ කවුද ඒ කෙනා ට ගහ ගහ හයියෙන් හිනා වෙන පුරුද්දක් තිබ්බා...

ඒ පුරුද්ද කවදාවත් වෙනස් වුන් නෑ...




කාංචනා ව මට හම්බවුණේ හරි අහම්බෙන්...

අලුතෙන් පන්තියට ආව පන්තිභාර ටිචර් අපි ට එක එක තැන් වලින් වාඩි කෙරෙව්වා....

ඒ විදිහට මගේ ලගින් ඉද ගත්ත ඒ ලමයා තමයි කාංචනා....

අන්තිමේ අපි හොද යාලුවෝ වුණා...

හොදම යාලුවෝ.....

අනිකා වෙනුවෙන් කැප වෙච්ච යාලුවෝ තුන්දෙනෙක්....




අපි තුන්දෙනා ඉදගත්තේ අන්තිම පොලිමේ...

මන් මැද කාංචි මගේ වම් අත පැත්තේ නයෝමී දකුණු අත පැත්තේ,

එක දවසක් හරි තුන්දෙනාගෙන් එක් කෙනෙක් ආවේ නැත්තම් දැනෙන අඩුව වචන කරන්න අදටත් බෑ....

මං අසනීපෙන් ඉස්කෝලේ යන දවස් වලට....

"මේක බොනවා...මේක කනවා....ඉන්න නැමෙන්න එපා මම පැන්සල අහුලලා දෙන්නම්....මං දන්නවා නොකිව්වට අසනීපයි කියලා....ඔයාගේ පුංචි වෙනසත් මට හොදට දැනෙනවා..."

ඒ තමයි කාංචනා...

එහෙම හිතපු කරපු කෙනා අද අපි ලග නෑ....

අපේ හැම බත්ඩේ එකකට ම අපි ගිෆ්ට් දුන්නා...

ටෙඩි බෙයාර් ලා, පුංචි හාවෝ පුසෝ,වාස්, කුරුල්ලෝ,කුඩු....

ඒ හැමදේ ම අපි තුන්දෙනා අතරේ බෙදුණා....

දන්නවද කාංචි ඔයා 10 මට දීපු කුඩෙත් මං අදත් මතකයක් විදිහට තියන් ඉන්නවා....

එහෙම තිබ්බ යාලුකමට ඇස් වහක් වැදුණද කියලා මට මේ දැනුත් හිතෙනවා.....

ඇයි අපි එහෙම වුණේ...

එහෙම තිබ්බ යාලුකම අන්තිමේ බිදුණේ වීදුරුවක් වගේ....

කෑලි කෑලි වලට කැඩිලා විසිරිලා ගියා..




ඒත් ඒ මතක ඒ මතක හිත ගොඩක් පාරනවා කාංචනා....

ඇත්ත,

මතක තමයි මිනිස්සුන් ව ජිවත් කරන්නේ,

හැමදවසක ම ඒ මතක මතක් වෙනවා....

හිනා වෙනවා...

සතුටු වෙනවා....

ඒ වගේ ම දුක් වෙනවා....




පාරනා අවුස්සන මතක ,,,,,,,

හිතේ තදටම පැල්ලම් බැහැලා.....

ගොඩක් ම රිදුණම මම කරන්නේ සමරුව කියවන එක...

11 අන්තිමේ දී සමරු පොත...

මුල් ම පිටුව වෙන් වුණේ කාංචනාට...

බෝල අකුරු වලින් පිටු ගාණක අපේ මතක හරි ලස්සනට පරිස්සමින් ලියලා.....

ඒ මතක මං මතක් කරනවා...

ගොඩක් රිදුණම....

ඒවා කියවනවා..

කියවලා අඩනවා....

ඒ හැම මතකයක් අස්සේ ම දුක හිතෙන කතාවක් ඉතුරු කරලා කාංචනා....

ඔයා හැංගිලා...




"මාව කවදාවත් අමතක කරන්න එපා..පොරොන්දු වෙනවද?."


ඔයා අන්තිමට ලියලා තිබ්බේ එහෙම,

එහෙම ලිව්ව ඔයා ම අපි ව අමතක කරලා...

ඒත් මං කවදාවත් ඒ පොරොන්දුව කඩ කරන් නෑ....

හැමදාම ඒ මතක ලස්සන ට හිතේ රැදෙයි....

ඒ මතක අපේ මුණට හිනාවක් වගේ ම ඇස් වලට කඳුලක් එක් කරයි...




මං අන්තිමට ඔයාගේ නම්බර් එකට ගත්තා....

"මෙම දුරකතන අංකය තවදුරටත් භාවිතයේ නොමැත...."

අදටත් ඒ වචන එහෙම්මමයි....

මම බලන් ඉන්නවා....

නෑ අපි බලන් ඉන්නවා....

ඔයාගේ යාලුවා වුණ සඳ වගේ ම නයෝමී ත්....

කවදා හරි මේ පුංචි රටේ අපි මුණ ගැහෙන කම්......

පරිස්සමින් ඉන්න කාංචනා.....









මේ කතාව මම ලියන්න ගත්තේ 10.4 ඒත් මට ලියා ගන්න බැරි තරම් වචන හිර වුණා....මේක ඇත්තම කතාවක් මගේ ජිවිතේ...ලගම හිටපු අය ඈත් වෙද්දී හිතට අමාරුයි....ඒක වචන කරන්න බෑ....



දැනෙන දේ කියන් යන්න....


Aυƚԋσɾ Mσσɳ 🌙✍ 


Report Page