ඔබත් ඇයත් මමත්.

ඔබත් ඇයත් මමත්.

තුන් කොන් කතාවක්. Written by @d1108s

" 🅢︎🅘︎🅣︎🅗︎🅐︎🅛︎🅤︎ 🅝︎🅘︎🅦︎🅐︎🅗︎🅐︎🅝︎🅐︎ "
https://t.me/sithalu_niwahana

ඇයි අනේ  ඔයා  ඔහොම.  


 මොකක්ද කියන්නේ ඔයා.  


  ඔයා මේවා නවත්තෙන්නෙ කවද්ද.  


 මොනවාද.  


  මේ සම්බන්ධයන්.  


 මොන.. 


 දැන්  ඔය තියෙන  ඔක්කොම සම්බන්ධ.  


 ගොඩක් නෑ.. 


  හරි  අනිත් එක.. 


 හ්ම්.  


 හ්ම් කියන්නෙ.  


 දන්නෙ නෑ.  


 ඇයි  


 දන්නෙ නෑ ඉතින්.. 


 ඉතින් දැන්  ඔයයි මායි මැරි කරන්නනෙ ඉන්නෙ. මතක නැද්ද.  


 මතකයි. 


 එහෙනම් මොකක්ද භේ නාඩගම.  


 මුකුත් නෑ.  මට ටිකක් නිදහසේ ඉන්න දෙන්න.. 


  ඔයා හැමදාම කියවන්නෙ  ඕකනේ.  


 හරි හරි  අද විතරයි.. 


 හ්ම්.  



 ඒ තමයි මම එයා එක්ක කතා කර මම , එයාව බදින්න  ඉන්න කෙනා.  මම අනුශි සේනාධීර. මට 23 යි.  එයා නුවන්ග  දිල්ෂාන් තෙන්නකෝන්.  එයාට 28 යි.  


  එතකොට  මම නුවර වීදීයේ, එයා  පේරාදෙණියේ,  අපි හමු වුනේ කැම්පස් එකේදී.  


  අද  අපි ආවේ පාර්ක් එකට.   අපි ගැන කිව්වා ඇතිනෙ. යමු කතාවට,  


  එයා ගොඩක් ලස්සනයි.  කඩවසම්.  මමත් ලස්සනයි  එයා කියන විදියට.   


 තව  මාසයකින් අපි බදිනවා. හැමදේම සූදානම් කරලා ඉවරයි.  


  ඒත්  හැමදේම වුනාම  තමයි  දන්නෙ එයා ගැන😔😔  


 එයාට තවත්  ගර්ල්  කෙනෙක් ඉන්නවා.  අපිත්  යාලු වෙලා තමයි. ඒත් ඒකට ගොඩක් කල් නෑලූ.  නමුත් ඒක  අමතක  කරන්න බෑලූ.  


  ඇත්තටම  එයා මට ආදරේ කරලාද


 ඔව් ආදරේ කරන් ඇති. නැත්නම් මම ගාව ඉන්නෙ නෑනෙ.. 


 අද අපි පාර්ක්  ආවේ මේක විසදගන්න. අපේ පවුල් වල අය මේවා දන්නෙ නෑ. කොහොමද මේවා එයාලට කියන්නෙ.  ඒක කරන්න බෑනෙ.. 


  තේරෙන්නේ නෑ මුකුත්.  එයා  ලොකු කල්පනාවක.  එයාට මේ වැරැද්ද  කරන්න කලින් හිතන්න  තිබුනෙ.  ඒත්  අනේ මන්දා.. 


අනූ, මමත් මේවා කල්පනා කර කර ඉන්න  අතරේ  එයා ආවේ මම ගාවට.  ඇවිත් මම  වාඩි වෙලා ඉන්න බංකුවෙන් වාඩි වුනා.  මම  ඉන්නෙ නුවර වැව  රවුම ගාව.. මෙතන තමයි  අපි වැඩිපුර හමු වෙන්නෙ.  


 කියන්න නුවන්ග. මම අහන් ඉන්නෙ.. 


 හ්ම්  ඔයා අවුලෙන් නේද.  


  ඔව්.  අවුල් යන් නැතුව තියෙයිද.  


 හ්ම් මම දන්නවා.  


 හ්ම් දැන්  ඔයා මොකක්ද කරන්න හදන්නෙ.  


 ඔයා තේරැම් ගනීවීද මම දන්නෙ නෑ.. මට එයාව  අතරින්න බෑ.  මට  ඔයාව අතරින්නත් බෑ අනූ.  


 හ්ම් දැන් මොකක්ද කරන්නෙ.  


 අනූ.  


 ම්ම්.  


 ඔයා මේකට කැමති වෙයිද දන්නෙ නෑ.  


 කියන්න බලන්න.  



 අනූ  මම ඔයාව බදින්නම්.  


 ඊට පස්සෙ නුවන්ග.  


 ඊට පස්සෙ අපි රට යමු.  


  රට😯  


 ඔව් බැරිද.  


 නෑ පුලුව න්.  අපි යන්නෙනෙ හිටියේ. ඒත් මෙච්චර ඉක්මනට යනවා කිව්වෙ නෑනෙ...  


 ඔව් ඒත් එහෙම කරන්න වෙනවා.  


 හරි රට ගිහින්..? 



 රට ගිහින් සෙනුෂි වත් ගෙන්නගමු.  


 ඒ කිව්වේ.   


එයා සෙනුෂි කිව්වෙ එයාගේ අනිත් ගර්ල් සෙනුෂි බණ්ඩාරට.  


  සෙනුෂි අපි එහෙට ගෙන්නගමු.  


  ගෙන්නගෙන?  


  මම එයාවත් බදිනවා.  එහේ  මෙහේ වගේ අවුලක් නෑනෙ.. 


 ඒ කියන්නේ බහු විවාහයක් ගැනද?....  


 ඔව්.  මම ඔයාලා දෙන්නවම බදින්නම්. මට පුලුව න්  ඔයාලා දෙන්නටම කන්න අදින්න දෙන්න.. 



 හ්ම්.අනේ මන්දා


 ඔයා කැමති ද.. 


මම හිතලා කියන්නම්.  


  එයාගේ  තීරණය වුනේ ඒක.  ඔව් මම් කල්පනා කරා. ගොඩ ක් කල්පනා කරා.  මටත් මේකට වෙන විකල්පයක් නෑ. මට  නුවන්ග නැතුව ඉන්නත් බෑ. සෙනුෂි  කියන් නෙ  නරක කෙනෙක් නෙවෙයි. මම  ඒක දන්නවා.  ඒත් මම මොකක්ද කරන්නෙ.  බහු විවාහයක්?....  


 ඒක හරිද?  



 ඔව් මේ වේලාවේ ගන්න තියෙන තීරණය ඒක තමයි. මම කැමති වෙනවා. මොකද  මටත් එයාව නැතුව ඉන්න බෑනෙ.  


ඒත්... ඒ..ත්... ඒත්... එයා...ට හිතන්න තිබුනා....මෙහෙම නොකර ඉන්න තිබුනා.......


 හ්ම්😢😢😢😢😢 


 නුවන්ග...  


 හ්ම් කි යන්න.  


 මම කැමති ඒකට. අපි රට යමු. සෙනුෂිටත් කියන්න.  


 ඔය ඇත්තමද.  


 ඔව් නුවන්ග. මොකද මටත් ඔයා නැතුව ඉන්න බෑනෙ.  


 හ්ම්.  මම කියන්නම්.  ආදරෙයි ❤  



 හ්ම්. මාත්❤ එයා කැමති වෙයිද.. 


 ඔව්  



 හරි එහෙනම් අපි යමු දැන්.  


 හා ආනූ.  


  අපි  මැරි කරා ඊට පස්සෙ.  එදාම  අපි රට ගියා.  ගෙදර අයට ඒක පශ්නයක් වුනේ නෑ. කොහොමත්  අපි රට යන්න හිටපු නිසා.  


  ඊට පස්සෙ සතියකින් වගේ සෙනුෂිත් ආවා.  


  මාසයක් වගේ ඇතුලත  එයාවත් නුවන්ග බැන්දා.  


 මම හිතෙන්නෙ නුවන්ග සතුටින්.....  


 එයා සුතුටින් නම් එච්චරයි.... මගේ සතුට එයාට වැදගත් වුවත් නැති වුවත් මට කමක් නෑ. එයාගේ සුතුටයි මට වැදගත්..  


    එයා අදටත් දන්නවා නම් මම අසතුටින් කියා?.....  


 හීන මැවිවේ මෙහෙම නෙවේ....  

නමුත් ලැබුනේ මෙහෙමයි..

දුකක් නෑ.... 

ඔබ සතුටින් නිසා.....😊  



   💫💫💫💫හිතන්න  ජීවිතේ ඔබත් තීරණ ගන්නකොට...

  ඔබේ සතුට පමණක් නොසිතන්න.....

   ඔබේ සතුට ගැන පමණක් සිතා අන් අය දුකට පත් කරන්න එපා.......

   අන් අයගේ දුකට පත් කරන්න, අන් අයගේ හීන නැති කරන්න  ඔබට අයිතියක් නෑ.....

  ඒ හීන පාට කරන්න  ඔබත්  උදව් කරන්න....💫💫💫💫💫

උපුටා ගැනීම සපුරා තහනම් කර්තෘ අයිතිය සුරකින්න.  අවසරයකින් තොරව සයිබර් අවකාශයේ කතා ශෙයා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.  


අවශ්‍ය නම් මාගෙන් විමසන්න කරැණික වන්න.  


  මගේ  පරණ කතා හෝ දැනට ලියමින් පවතින කතා කියවීමට සොයා ගැනීමට  අපහසු නම් පහත ලින්ක් එකෙන්  ජොයින් වී කියවන්න...


" 🅢︎🅘︎🅣︎🅗︎🅐︎🅛︎🅤︎ 🅝︎🅘︎🅦︎🅐︎🅗︎🅐︎🅝︎🅐︎ "

https://t.me/sithalu_niwahana


Report Page