ඒකපාර්ශ්විය

ඒකපාර්ශ්විය

Kaushalya

නිලමේ ඇදුම ඇදලා ඔයාගේ පතිනියත් එක්ක ලස්සනට හිනා වීගෙන හෝල් එක වටේම ඇස් කරකවන ඔයා දිහාම මන් බලන් හිටියේ අවුරුදු ගානක් ඔයාට මම විතරක් ආදරේ කරපු මතක මතක් කරගෙන . හැම දේකින්ම ඉස්සරහට එනකොට එක දේකින් විතරක් එකම තැනක රැදිලා අදටත් දුක් වෙන්වා අයියේ .


අතීතයට ...


ඒ ලෙවල් රිවිශන් ක්ලාස් එක පටන් ගත්තා විතරයි . අම්මලාගේ ආසාව වගේම මගෙත් පුංචි කාලේ ඉදලම හීනේ උනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න . එලෙවල් පටන් ගත්ත දවසේ ඉදලම දුන්න හැමවැඩක්ම හරියටම කරේ මොන තරම් කට්ටක් කෑවත් ටික කාලෙකින් මගේම හීනෙට යන්න පුලුවන් නේද කියන ආසාව පෙරදැරිකරගෙන . මටම කියලා හොදම යාලුවෝ ටිකක් ක්ලාස් එකෙන්ම හමුවෙනකොට . ක්ලාස් එකේ ඉස්සරහම පේලි අපේ රාජ්‍ය උනා .


ඒත් එක දවසක ක්ලාස් එකෙ මන් ලග හිටපු කෙල්ල කොල්ලො ඉන්න දිහා හැරි හැරි බලන නිසා මාත් බැලුවා . දෙයියනේ කවුද දන්නෙ නැ මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා . පස්සෙයි මීටර් උනේ මේ කෙල්ල අර කොල්ලා දිහා බලන් ඉදලා එ කොල්ලා හිතලා තියෙන්නෙ මාත් ඒ කොල්ලට ලයින් කියලා .


ආය ඒ පැත්ත හැරෙන්න නැතුව ඉන්ටවල් වෙනකම් හිටියා උනත් අර කෙල්ල කොල්ලගේ ඉස්කෝලේත් හොයා ගෙන ඉවරයි වගේම එයා සෙකන්ඩ් ශයි අයියෙක් කියලත් හොයාගෙන .


ඇත්තම කිවෝත් එයාව දැක්කම මට මහ අමුත්තක් දැනෙනවා . එයා මගේ ලගින් යනකොට මගේ පපුව ගැහෙන්නේ බයකටද නැත්තම් වෙන මොකකටද කියලවත් මට හොයා ගන්න බැරි උනා .


ටික කාලයක් යනකොට එයා මගේ ඒකපාර්ශ්විය ආදරේ වෙනකොට මුලු හිතින්ම මන් එයාට ආදරේ කරන්න ගත්තා . කාටවත් කියන්නෙ නැ කියලා හිතන් උන්නත් යාලුවෝ ඉස්සරහ එයා ගැන තිබ්බ හැගිම මට නොකියා ඉන්න බැරි උනා . ඒත් එයාලා කිවේ " අපි බලමු බන් . අපිට ගිහින් ඒ අයියාගෙන් යාලුවෙන්න අහන්න බැනේ කියලා ." ඒක ඇත්ත මාත් පිලිගන්නවා .


ඉතිම් ඒ ලෙවල් කටමුලටම එන්කොටත් මන් ඒ අයියා ගැන හැම තොරතුරක්ම යාලුවෝ නිසාම හොයා ගත්තා .


ක්ලාස් එකෙ අන්තිම දවස වෙනකොට යාලුවෝ ගිහින් ඒ අයියට මන් ඉස්සරහම මන් එයාට ආදරේ කරනවා කියන එක කීවා . මන් හිතුවේ මගේ මූනවත් බලන්නෙ නැති වෙයි කියලා . අනේ ඒත් එයා එහෙම නොකර මගේ නම්බර් එකත් ඉල්ලගෙන මාත් එක්ක හිනාවෙලත් ගියේ. ඇත්තටම මේක මට හීනයක්


ඒලෙවල් ඉවර වෙනකම් ඒ අයියා මැසේජ් කරා වගේම එයා මට කිවේ හොදට එක්සෑම් කරගමු කියලා .


මන් බලාපොරොත්තු උනා එයත් මට ආදරේ කරන්න ගනියි කියලා . ඒත් ඇත්තටම එහෙම උනේ නැ . එක්සෑම් ඉවර වෙලා එයා ටිකෙන් ටික මැසේජ් නොකරනකොට කියාගන්න බැරි හැගීමක් දැනුනත් යාලුවෙක්ටම කියලා හිත හදාගන්න උත්සාහ කරේ ඒ අයියා දැනටමත් ප්‍රේමවන්තයෙක්දෝ යන්න හිත අනියත් බියකින් ගැහෙනකොට


ඒත් ඒ අයියාගේ ප්‍රතිචාරයට අනුව එයාට එදා ඉදලම තිබිලේ තියෙන්නෙ අනුකම්පාවක් .


එයා තර්ඩ් ශයි එකක් නොකෙරුවත් මන් සෙකන්ඩ් ශයි එකක් කරන්න ආපහු මහන්සි උනේ මේ පාර මගේ හීනෙට යන්න බැරිවෙදෝ කියලා . ඒත් රිසාල්ට් වලට අනුව අයියා මෙඩිසින් සිලෙක්ට් වෙලා වගේම මට ලකුනු අඩු නිසා මන් ආයෙත් මහන්සි උනේ මගේ හිනේට කිසිම බාධාවක් මන් විසින්ම හදගන්නේ නැ කියලා .


සෙකන්ඩ් ශයි එකෙන් මන් මෙඩිසින් සිලෙක්ට් වෙලා . මන් මගේ හීනේ පාර හදාගෙන . ඒත් ඒ වෙනකොටත් අයියා පන වගේ ආදරේ කරන අක්කියෙක් අයියගේ බැජ් එකෙන්ම අයියට හමුවෙලා .


ඉතිම් පරන මතක වලින් මන් මිදුනේ යාලුවෝ ටික මාව වටකරගෙන නිසා . කාට නොපෙන්නුවත් උන් දන්නවා මේ අවස්තාව දරාගෙන ඉන්නෙ පුලුවන් කමකට නෙවෙයි කියලා . ඒත් කවදාවත් අයියටවත් අක්කිටවත් මන් වෛර කරන්නෙ නැ . අයියා උනත් මට කිසිම බලාපොරොත්තුවක් දුන්නෙවත් නැ . අද වෙනකම් මගේ හීනෙට ශක්තියක් උනා මිසක .


අවසානයි 🌸


මගේම ජීවිතේ එක් පරිච්ඡේදයක් . සමහරතැන් මන‍ංකල්පිත උනත් අනාගතය ඒ මතම තියෙන්නත් පුලුවන් . සමහරවිට අයියත් මටම ආදරේ කරනවා වෙන්නත් පුලුවන් . ඒ කතා කරන ඇස් මගේම උනත් වෙන කාගේ උනත් ඒ දැනුන හෑගීමට මන් හුගක් ආදරෙයි .

කියන්න ගොඩක් තැන් තිබුනත් මතකයකට පමණක් සීමා වෙන එකට සමාවෙන්න කියලත් ඉල්ලනවා ...


මොනවාහරි කියාගෙන යන්න කියලා ආයාචනයකුත් කරන ගමන් මන් නවතින්නම් .....


කෞශි

Report Page