ඉරණම් 4

ඉරණම් 4

Chethana Nethmi

" පුංචි නෝනේ.. පුංචි නෝනේ .." මැගී අම්මාගේ කටහඩට අතීතයෙන් මිදුනු ඈ අත රැදි බෙහෙත් පොට්ටනියත් රැගෙන පිටතට පැමිණියා ය.

" මම මේ හැම තැනම හොයනවා . ආයෙමත් කල්පනාවක නේද උන්නෙ. අනේ මංදා පුංචි නෝනෙගෙ ඔය කල්පනාව මේ පාර නම් නවතින්නෙ ඉහකුඩිච්චියකින් තමා"

"අනේ නෑ මැගී අම්මේ , මම මේ බෙහෙත් පොට්ටනිය බදින ගමන් හිටියේ " ඇය උත්තර බැන්දේ මැගී අම්මාගේ කියවීම අවසන් නොවන බව දන්නා නිසාය.

"ආව කාරණෙත් අමතක වෙනවා ඩිංගෙන් . වෙදහාමිනේ නෝනෙට කතා කළා නොවැ අර සෝමෙගෙ කොලුවට බෙහෙත් පටන් ගන්න. "

" ආ හරි මැගී අම්මේ යමු යමු.." යි පැවසූ ඈ චීත්ත රෙද්දත් දවටාගෙන බෙහෙත් ශාලාවට යන්නට විය.

හිල් පොල්කටුවකින් සීරුවට ඇද වැටෙන තෙල් බිංදු කොදු ඇට පෙළම ඉලක්ක කරගෙන ඇදීයන අයුරු ඈ බලා සිටින්නට වූයේ ආශාවෙනි.. වෙද හාමිනේගේ උපදෙස් අනුව ඈ සෙමෙන් සෙමෙන් ඔහුගේ පිට මත වැටුණු තෙල් පාර දිගේ ඇගිලි ගෙනයන්නට විය.. ඔහු කෙදිරි ගාන්නට වූයේ දැනෙන ඉවසිය නොහැකි වේදනාවට ය. තමා අතින් වරදක් සිදු වීදෝයි බියට පත් ඇය වෙද හාමිනේ දෙස බලන්නට විය. වෙදහාමිනේ ඇයට ඉගියෙන් පැවසූවේ දිගටම කරගෙන යන ලෙසය. ඉන්පසු පිළියෙල කරගත් බෙහෙත් පොට්ටනියෙන් ඉහල සිට පහලට තවන්නට විය..

************** ****************

සරසවියේ නවකවදය අවසානයේ පැවැත්වෙන ප්‍රියසම්භාෂණ දිනය උදාවිය. මෙතෙක් කල් විදි නවකවදය අදින් අවසන් වේ. සතුටට වඩා ඇත්තේ දුකකි. කවුරුන් කෙසේ පැවසුවද සාම්ප්‍රදායික නවකවදය සරසවි දිවියේ අමතක නොවන කාල පරිච්ඡේදය කි.

කලු කලිසමට යටකළ තද නිල් පැහැ අත් දිග කමිසය වෙනදා අදින අත්කොට කමිසයට වඩා කඩවසම් බවක් සිනෙත් ගෙන් දිස්විය. උත්සව ශාලාව පුරා ඒ ඇස් හෙව්වේ එකම රුවකි. ඈත තියාම මිතුරිය සමග හිනාවෙවී සාරියේ රැළි සාදමින් පැමිණෙන ඒ රුව ලග ඒ දෑස් නතර විය. තද නිල් හා සුදු පාට මිශ්‍ර වූ සාරියට සුදු පැහැ ජැකට්ටුව ඇගේ සමට එක් කළෙ අමුතුම ලස්සන කි. ඉනෙන් පහලට දිග කොන්ඩය පුංචි කටුවකින් පිටුපසට කර රදවා ඇත. නොසිතූ මොහොතක හිස එසවූ ඇගේ ඇස් සමග ඔහුගේ දෑස් පැටලුනෙ බලා සිටියාක් මෙනි. තමා දෙසම බලාසිටින ඔහු දුටු ඇය ඇහි බැමක් ඉහළට ඔසවා සන්කළේ වරද කුමක්දැයි අසන්නට මෙනි. සිනාසී හිස දෙපසට වැනූ ඔහු මිතුරා දෙසට යන්නට විය. ඔව්... ගෙවුනු මාස කිහිපය තුල නිතර නිතර හමු වූ ඔවුන් දැන් මිතුරන් බවට පත්ව ඇත. දේශන අවසන් වන විට , ආපන ශාලාවේදී නිතර නිතර හමු වූයේ අහම්බෙන් යැයි ඇගවුවද එය අහම්බයක් නොවන බව ඔවුන් දෙදෙනාට මෙන්ම මිතුරන්ටද හැගෙන කරුණකි ..

ජේෂ්ඨයන්ගේ හා නවකයන්ගේ සිනහ හඩවල් මැද කාලය ගෙවී යන්නට විය. විනෝදය පිණිස බොහෝ ඉසව් සංවිධානය කර තිබුණි . එහි එක් අංගයක් වූයේ couple dance තරගය යි. මෙහිදී සහකරුවන් තෝරා දෙනු ලබන්නෙ ජේෂ්ඨයන් විසිනි. දයිවයේ ඉරණමට දෝ සිනෙත් ගේ සහකරු ලෙස තේරි පත්ව තිබුණේ ඇයයි.. තරගය ආරම්භ විය . බිම එලන ලද පත්තර පිටුව මැද වාදනය වන සංගීතයට අනුව රංගනයේ යෙදිය යුතුය . පත්තර පිටුවෙන් පිටතට පැමිණියොත් තරගයෙන් ඉවත් වීමට සිදු වේ. සිනෙත් මෙන්ම මනල්‍යාටද දැනුනේ කෝල බවකි. ඒ නිසා දෙදෙනාම බිම බලාගෙන රංගනයේ යෙදෙන්නට විය. පළමු වටයේ සංගීතය නැවතුණි. පත්තර පිටුව දෙකට නවා බිම එලන ලදි. නැවතත් වාදනය ඇරඹුණි. දෙදෙනා අතර හුස්මක දුරය. ඒත් දෙදෙනාගෙන් කිසිවකු හිස එසවූයේ නම් නැත. ඇගේ දෑස් නම් තිබුණේ පත්තර පිටුව මායිමේය. නැවතත් සංගීතය නතර විය. පත්තර පිටුව නැවත නවන ලදි. දැන් නම් එක් අයෙකුට පමණක් එය තුළ සිටගැනීමට ඉඩ ඇත. මෙය කෙසේවත් කළ නොහැක . ඈ බැලුවේ ඔහු දෙසය. බියෙන් දෑස් දල්වා තමා දෙස බලා සිටින මනුල්‍යා දුටු ඔහුට සිනහවක් නැගුනේ ඉබේටමය. සංගීතය ඇරඹුණි . " මේ මගෙ කකුල් දෙක උඩින් හිටගනින් බං. ඊට කලින් ඔය සපත්තු දෙක ගලවලා හිටහන් . නැත්තම් නටන්න නෙමේ වෙන්නෙ. " සිනෙත් පැවසූවේ ඇයට ලංවීය. සපත්තු දෙක ගලවා පසකින් තැබූ ඈ ඔහුගේ පාද මත සෙමින් දෙපා තබන්නට විය. මේ නුහුරු ස්පර්ශයෙන් දෙදෙනාගේම සිත් මොහොතකට සලිත විය. ඈ එක් අතක් ඔහුගේ බාහුවක් මත තබා අනෙක් අතින් ඔහුගේ කමිසය තදින් අල්ලා ගන්නට විය . ඔහුගේ හද ගැස්මත් ඇයට ඇසෙන තරම්. දැනෙන නුහුරු හැගුම් අතරින් දෙදෙනා රංගනයේ නිතර විය. සංගීතය නැවතුණි . ඉතිරිව ඇත්තේ යුගල් 4 ක් පමණි . " අඩෝ සිනෙතයෝ කමෝන් කමෝන් " මිතුරන් කැ ගසන්නට විය . නැවත සංගීතය ඇරඹුණි . පහතට නැමුණු සිනෙත් ඇයව තම දෝතට ඔසවා ගත්තේ ඇයට සිතන්නටවත් ඉඩක් නොතබමිනි. මිතුරන් කෑගසන්නට විය. ඇය ඔහුගේ කමිසය පොඩිවන තරමට තදින් අල්ලා ගත්තේ බිමට වැටේ යැයි බියෙනි. " බය වෙන්න එපා බං . අතාරින් නෑ කවදාවත් " ඇසෙන නෑසෙන හඩින් ඔහු පැවසුවේ ඈ වෙත නැඹුරු වෙමිනි. ඒ වදන් හමුවේ ඈ හිස එසවූවා ය. ඒ සිව් දෑස් එකිනෙක පැටලුනි. ඒ සොඳුරු මුව පුරා ඔහුගේ අකීකරු දෑස් සැරිසරයි.. යදම් බිදදා ඇස් වලින් ගලන හැගුම් අතරේ තරගය , සංගීතය, ඉඩ ප්‍රමාණය සියල්ල අමතක විය.. වදන් නොකරන හැගුම් දහසක් ඇස් වලින් හුවමාරු වෙද්දී ඔහු හිමින් ඇගේ මුව වෙත නැඹුරු වන්නට විය.. ..

************* ****************

කතාව හොද නෑ වගේ නේද.. ඒකනෙ comment නැත්තෙ.. මේ මුල් ම ටික. ඉස්සරහට හොදටම වෙනස් වෙනවා. මම මේ කතාව ලියන විදිහ අවුල් ද.. කතන භාෂාවෙන් type කරන්නද.. ඒකද comment නැත්තෙ.. ආසාවෙන් ලියන්න ගත්ත නිසා දුකයි ටිකක්.. කතාව හොද නැත්තම් මට කියනවද.. ආයෙ නොදා ඉන්නම්.. එක්කෙනෙක් දෙන්නෙක් හරි ආසාවෙන් කියෙව්වා නම් මම එයාලට inbox හරි කතාව දෙන්නම්... ' හිතින් විතරක් 'වගේ කෙටි කතාවකින් ආයෙත් හමුවෙමු අපි.. පරිස්සමින් ඉන්න..

මම, ✍️චෙතූ

Report Page