ඉතින් අවසර

ඉතින් අවසර

❤ Malee Mudalige ❤️
ඉතින් අවසර නික්ම යන්න ට නුබට කල ප්‍රේමෙන්.....


මට ඔබ නැති හෙටක්

නොගැවෙන කල්පයක්

එය මට වැඩිය

ඔබ දන්නවා....................


#ආදරය.....

ආදරය සුන්දර වරදකි ..... කිසිදා සමාවක් නම් නැති..............


ඇත්තක් ❤️


ආදරය , Love , කාදල්, පෙයාර් මේ මොන භාෂාවකින් හැදින් වුවත් එකම හැගිමකට පුලුවන් මනුස්සයෙක්ව ජිවත් කරන්න මෙන්ම මනුස්සයෙක්ව පණ පිටින් මරලා දාන්නත්........


ඇත්තටම ආදරෙ කරලා නැති කෙනෙක් ට මෙක විහිලුවක් වෙන්න පුලුවන් හැබැයි මේක ඇත්තක්.........


අපි ආදරෙ කරනවා ඒක වචනෙන් විස්තර කරන්න බැරි හැගිමක්.....


පපුව ඇතුලෙ ඩිස්කො ඩාන්ස් වගෙ හදවත මත් වෙලා ආදරෙන්.......


#සිදුහත්යශෝදරා....

#කෝවලන්කන්නගී....

#රාමාසීතා......

#ශිවපාර්වතී.......


මේ වගෙ ආදර කතා මේ ලොකෙ හැමතැනම තියෙයි.......


ආදරෙ කියලා කියන්නෙ හිමි විමක් නැතත් දුරින් හො බලාසිටිමක්.....


ආදරය

රක්ෂාව

යාව

රැකවරණය

ය ....


ආදරය ගැන බොහො දෙ පැවසිමට ඇතත් අද මගෙ මාතෘකාව ආදරය නෙමෙයි ....


ඉතින් අවසර...


ප්‍රේමයෙන් බැටකන විරහවෙන් සිත පෙලන බොහො දෙනාගෙ හිත සුව පිනිස ලියන්න තමයි අද මම සුදානම් වෙන්නෙ........


අපි ආදරෙ කරනවා

ගොඩාක් ආදරෙ කරනවා .....

පිස්සෙක් වගෙ පපුව පුරාම ආදරෙ කරනවා

සිමාව ඉක්මවලා ආදරෙ කරනවා......


එත් වෙන්විමක් සලකුනු වුන ආදර කතාවක...


ඔයා කොච්චර එයාට ආදරෙ කලත් එයා ඔයාව දාලා ගියොත්


දැනෙන හැගිම මොකක්ද.......


දරාගන්න නොහැකි තැන සමහරු උන්මත්තකයන් වෙනවා..........

සමහරු සියදිවි නසා ගන්නවා


සමහරු පලිගන්නවා........


එක එක විදිහට මිනිස්සු විරහව දරාගන්නවා...


මං ප්‍රශ්නයක් අහන්නද....


බ්‍රේකප් වුනා කියලා ඇයි ඔයා විදවන්නෙ?......


* සමහරු කියයි මං ආදරෙ කල නිසා කියලා

* සමහරු කියයි මං ඉද්දි වෙන එකෙක් එක්ක ගිය නිසා කියලා ........


ඇත්තටම මට කියන්න තියෙන්නෙ මේක........


අපි ආවෙ තනියම...යන්නෙත් තනියම....

ඒ අතර මැද්දෙ ආපු කෙහෙල්මල් බැදිමක් අපිව නැත්තටම නැති කරනවා..........


ජිව්තේ ලස්සනම කාලෙ කැත විදිහට ගෙවලා දානවා......


ඔයා කෙනෙක් ට ඇත්තටම ආදරෙ කරා නම්

එයා දිහා බලාගෙන ඔයාට සතුටු වෙන්න පුලුවන් වෙන්න ඕනි......


පලිගැනිම නෙමෙයි ආදරෙ .....


ජිව්තේ කියන්නෙ ටිවි එක යන ෆිල්ම් එකක් නෙමෙයි .....

මේක එක්තරා නැවතුම් පොලක්......

ඉතින් එක එක කාලෙට අපෙ ජිව්තේ ගොඩාක් මිනිස්සු ඇවිත් යනවා.......


මේ සංසාරේ අපි ට හිමි කෙනෙක් අනිවාර්යයෙන්ම ඉන්නව..අපි ඉපදෙනකොට අපෙ නලලෙ ඒ කෙනාගෙ නම කොටනවා....


හැබැයි අපිට ඒ නම පෙන්නෙ නැහැ මොකද තුන්වෙනි ඇස දකින්න තරම මනස දියුනු නැහැ අපෙ.........


ඉතින් අපිට යමක් තෙරෙන කාලෙදි වයස අවුරුදු 16 න් පස්සෙ වගෙ අපි ඉබෙම ඒකෙනාව හොයනවා.........


එදිනෙදා හමුවන මිනිස්සු අතරේ අපි එයාව හොයනවා......


ආශ්‍රය කරලා බලනවා මෙයාද මගෙ කෙනා කියලා ...


අර සිංදුවක් තියෙන්නෙ....

" ඔයා තමා බබා කෙටු එක්කෙනා කියලා "

( බබාද දන්නැ මං 😂 වචන දන්නෙ නැ ඉතින් 🥲)


එත් ඒම ආශ්‍රය කරන හැම කෙනාම අපෙ කෙනා නෙමෙයි ....


ඔයා කෙනෙක් ව ආශ්‍රය කලොත් ඒ මේ ආත්මෙදි හම්බෙන්නෙ සංසාරේ මොනම ආත්ම භාවයක ගනුදෙනු කරලා නම් විතරයි ..ඉතින් ගනුදෙනුව ඉවර වුනාම ඔයාලා අතරේ තියෙන බැදිම මොකක් වුනත් ඒ කෙනාට යන්න වෙනවා........


ඉතින් ආදරෙ කරත් නොකරත් යන්න කාලෙ ආවාම යන්නම වෙනවා.......


ඉතින් බ්‍රේකප් වෙනවා කියන්නෙත් අන්න එකයි.....


ඔයා එයාට කොච්චර ආදරෙ කලත් සංසාරේ හිමි නැත්නම් යන්නම වෙනවා....


ඉතින් ඔයාට සිද්ධ වෙනවා උපේක්ෂාවෙන් දරාගන්න......


හිතට ඔයාව පාලනය කරන්න දෙන්නෙ නැතිව ඔයා හිත පාලනය කරන්න ඕනි........


ඩිප්‍රෙශන් , ක්‍රෝධය මේ දේවල් බෙහෙත් වලින් 100% සනිප කරන්න බැහැ..අපි හිතන විදිහ අනුව විතරයි සනිප කරන්න පුලුවන් ....


ඔයා ආදරෙ කරා නම් පලිගන්න යන්න තරම් පහත් වෙන්නෙපා ......


අත හැරලා දාන්න......


ඔයා වටිනාකමක් තියෙන කෙනෙක් ....

ඔයාව එපා කියනවා නම් ඔයත් අත හැරලා දාන්න......


අඩන්නොනි නම් අඩන්න....


වෙන කෙනෙක්ට පීඩාවක් නොවෙන විදිහට ඔයාගෙ පීඩනය අයින් කරන්න.......


එයාව අමතක කරන්න ඕනි නම්.....

එයාගෙ කියන සියලු මතකයක් අමතක කරන්නොනි.......

අනුන්ගෙ දත්ත ගබඩා කරලා අරන් තියාගන්න ඔයා මෙමරි චිප් එකක් නෙමෙයි නෙ......... නේද....

එයාගෙ ෆොටොස් , විඩියොස් , මැසෙජ් ඔක්කොම අයින් කරන්න.....


ඕන්නම් ෆෝන් එක ලැප් එක රිසෙට් කරන්න...


එයා කියලා කෙනෙක් හිටියෙ නැ වගෙ ජිවත් වෙන්න නම්.....


එයා ගිය ගමන් අපිලිවෙල වුන ජිව්තේ පිලිවෙලක් කරන් මනුස්සයෙක් වෙන්න......


කාමරේ වල් කැලැවක් වගෙ ඇති.......


මුල ඉදන් ඔයාගෙම අත් වලින් අස් කරලා දාන්න........


සමහර විට ඔයා ඕලෙවල් එලෙවල් එහෙමත් නැත්නන් ජොබ් එකක් කරනවා වෙන්නැති........


එක්සැම් අත හරින්නැති මැරෙන්න හිතෙනවා ඇති.......


එත් ඔයා ඒ දේ වල් අත හැරියා කියලා මොනාද ලැබෙන්නෙ .....


ආ......


එයාට සතුටක් ලැබෙයි ද.......


නැහැ......


ඔයාව දාලා යන්න තරම් තෙතමනයක් නොමැති ඒ හදවතෙ........


ඔයා සදහටම ගියා කියලා කදුලක් එයිද


මූනිච්චාවට මලගෙදර ඇවිත් බොරුවට අඩලා පහුවෙනිදා මගුල් කයි.....


ඔන්න ඕකයි වෙන්නෙ......


එත් එයා එන්න කලින් ඔයාගෙ හිතෙ තිබ්බ ප්‍රාර්ථනා , හීන , ටාගට් එවා වැලලිලාම යයි


.එතකොට අර මං මුලින් කිව ඔයාගෙ නලලෙ කෙටුව කෙනා නන්නත්තාර වෙයි...ඔයාව හොයලා හති වැටෙයි.........


ඒක ඔයා එයාට කරන අසාදාරනයක් නෙමෙයි ද.......


ඔයාට ඔප්පු කරන්න පුලුවන් ද ඔයා එයාට කරන්නෙ අසාදාරනයක් නෙමෙයි කියලා ......


මනුස්සයෙක් වුන පලියට හැගිම් වලට වහල් වෙන්නෙපා........


ජිව්තේ එක්තරා කාලයක නිසි කෙනා හම්බෙයි......


සමහරු කියන්න පුලුවන් මට දැන් 30 ක් වෙන්නත් කිට්ටුයි එත් මට ඒ කෙනාව තාම හම්බුනෙ නෑනෙ කියලා .......


සමහර විට 31 දි එයාව හම්බෙන්න පුලුවන්


100% මට ගැරන්ට් කරන්න බැහැ මොකද මම මල් සාරාගෙ වයිෆ් නෙමෙයි 😂💔


එත් මං කියන්නෙ ජිව්තේ කෙනෙක් ලැබෙන්න තියෙයි නම්...කවදම හරි ලැබෙනවා....


අහිමි නම් වෙන්වෙනවා.....


"ඔබ සොයා යා යුත්තෙ... ඔබට ගැලපෙන ඍතුවක් මිස , වසන්තයම නොවෙ....."


...... Copied .........



ඔබ අද කෙනෙක් නිසා හඩමින් ඉන්න විට , ඒ කෙනා මේ මොහොතෙත් වෙන කෙනෙක් සමග සිනාසෙමින් ඉන්නවා විය හැකිය...!!


........Copied ............


ආදරේ නිසි කලදි හරි කෙනා හම්බෙයි අනුකරනය වලට රැවටෙන්න එපා.........


මේ ටෙලිග්‍රාෆ් එක කියවන මොහොතෙදි ඔයා සියලු දේ අත හැරලා තියෙන්න පුලුවන් ....


හැබැයි තාමත් ඔයා පරක්කු නැහැ.......


නවත්‍තපු තැනින් පටන් ගන්න.........


මේ දැන්ම.....


එයා ඔයාව එපා කිවා නම් ඔයාටත් එපා.....


එච්චරයි .....


දන්නවද .....


ඔයා එයා මත්තෙ නැහි නැහි ඉන්න ඉන්න එයාට ඔයාව විහිලුවක් විතරයි ......


අපි මොකටද කෙනෙක් ගෙ ජිව්තේ ජෝකර් කෙනෙක් වෙන්නෙ.....


නම්බුකාරව ඉපදුනා නම් නම්බුකාරව මැරිලා යන්න.......


සියදිවි නසාගන්නවා කියන්නෙම හෙලුවෙන් පාරේ යනවා හා සමානයි ......


දැන් කියන්නෙපා මම මේ හැගිම විදලා නැතිව කියවනවා කියලා ......


සාර්ථක වේවා හෝ අසාර්ථක වේවා හො නිර්මාණයක් බිහිවෙන්නෙ අත්දැකිමක් අනුව.....


ඉතින්.......


මට මේ දවසක කෙනෙක් කිවා මෙහෙම....


මං....


පෝස්ට් බල බල


#ආදරේකියන්නෙ එකෙක් මත්තෙ නැහිම කියලා තිබ්බා...........


අනෙ මමත් පණ දාගෙන ආදරෙ කලා 😂


එයාවෙනුවෙන් භාර හාර වුනා එයාගෙ සතුට සැනසිම වෙනුවෙන්....


එයා නිස ඇඩුවා , තැවුනා පපුව පැලෙන්න රිදුනා.....


එයත් මට පණ දාගෙන බලාපොරොත්තු දුන්නා


අන්තිමට කියනවා


ආච්චිට රයිස් ගරන්න එයා වෙනකෙනෙක් ට ආදරෙ යිලු ...😒💔


ඉතින් හිතන්නකො මාස ගානක් නැහිගෙන ආදරෙ කරලා.......


මොකටද තව ම එයා මත්තෙ නැහෙන්නෙ......


අන්තිමට එයා කියපු වචන නිසා......


මම සමුගන්න තිරණය කරා.................


ආදරයෙන්...........


ඉතින් අවසර......


එයාව අමතක කරා.....


ලේසි වුනෙ නැ.......


එත් කොහොමහරි කලා......


මගෙ හිනවෙනුවෙන් මං වෙනුවෙන් මවපු කෙනා වෙනුවෙන් අමතක කරා..........


ඔව් සමහරු ඒ විදිහට කෙනෙක් ව අමතක කරන්න පුලුවන් ......


අපිට ආදරෙ නැත්නම් ගෞරවයෙන් සමුගන්න තරම් අපිට කොන්දක් තියෙන්නොන........


ඉතින් ඇත්තටම ආදරෙ කරා නම්


මා මල දවසට ගම වටෙ තියෙන තාප්ප පුරා පාප්ප ගාන්නය.........


වාහනෙකට හැප්පිලා මැරෙනවා ය ආයෙ හොයන්න එපාය........


මම මැරුනා කියලා හිතාගන්නය......


දුරින් ඉදන් හරි ආදරෙ කරනවාය..........


මාව මතක් වුනොත් කවදාහරි එන්නය......


ඔන්න ඔව්වා කියන්න තරම් බොලද නොවී


ගෞරවයෙන් සමු අරන්


මං එක්ක ඉන්න බැයිනම් තොට ගෞරවයෙන් බුදුසරණයි කියලා ..........


පාඩුවෙ පැත්තකට වෙලා ඔයාගෙ ගමන යන්න.........


අම්මා තාත්තා පවුලෙ අය යාලුවො කෙසෙ වෙතත්


ඔයා වෙනුවෙන් ඔයාගෙ ගමන යන්න....


මේක මට අහම්බෙන් හමුවුන පෝස්ට් එකක්.. ඇත්තටම එකෙ කියන දේ හරියට ම හරි .......


ජිව්තේ කියන්නෙ විදිමට වඩා ගොඩාක් විදවිම සමග යන ගමනක්....


දුකක් නැත්නම් ජිව්තේ රහක් නැ....


ඒ රහ විදලා නැත්නම් ජිව්තේ වැඩකුත් නැ...


ජිව්තේ ට එන ප්‍රශ්න රහ කරන්න පුරුදු වෙන්න....


එන ප්‍ර්‍රශ්න වලට මුහුණ දෙන්න....


කෙනෙක් යනවා නම් යන්න දෙන්න....


සමහර විට කෙනෙක් අපෙ ජිව්තේන් යන්නෙ ඊට වඩා හොද කෙනෙක් ඔයාගෙ ජිව්තේ ට එන්න.....


තව කෙනෙක් ගෙ සතුටක් අපෙ සතුටක් කරගෙන විදින්න පුරුදු වෙන්න......


ඉතින් අවසර හිතවත


නික්මෙන්න නුබෙ මතකයෙන්


නුබ වෙනුවෙන් බැදි දහසක්


ප්‍රාර්ථනාවන් ඉශ්ට වෙන්න......


මගෙ දිවිය ගෙවන්න මට රිසි සේ


ඉඩ දෙන්න .....


අවසන් වරට කියමි.....



අනුන්ගෙ දත්ත ගබඩා කරගන්න ඔයාගෙ මොලෙ මෙමරි චිප් එකක් නෙමෙයි .....



ඉතින් ගෙවන්න අද ඉදන්......


ඔයාගෙ ජිව්තේ ඔයාට ඔනි විදිහට ........



❤️❤️



මං


Malindi Sathsarani


















Report Page