ඇවිලුණ මංගල යහන 🥀🍂

ඇවිලුණ මංගල යහන 🥀🍂


100 දිගහැරුම

~Aυƚԋσɾ Mσσɳ 🌙✍️ ~


මංගල යහනේදී හමුවු මනමාලයා...

කලින් කොටස


"සාජන් අතුකෝරළ හැමදේම රෙඩි කරලා නේද තියෙන්නේ.."



"යස් සර්.."



"අපි දාපු හැම චෙක් පොයින්ට් එකකම අපේ ඔෆසර්ලා තුන්දෙනා ගානේ තියන්න ඕන.රෑ හතෙන් පස්සේ යන හැම වාහනයක් ම නතර කරලා චෙක් කරන්න ඕන.. "




"ඕකේ සර්.."




"සැක කටයුතු පුද්ගලයෙක් හෝ පුද්ගල කන්ඩායම් හම්බ වුනොත් වහාම අත්අඩංගුවට ගන්න ඕන.."




"ඕකේ සර්.."




"බැරි වෙලා හරි අපේ අණ නොතකා අපේ බැරියර් පහු කරන් වාහනයක් ගියොත් අවම බලය පාවිච්චි කරලා ශුට් කරන්න පුලුවන් කමක් තියනවා.අපිට ඒ හැමදේටම ඉහළින් නියෝග ලැබිලා තියෙන්නේ."




"ඕකේ..සර්..."




"කිසි ම දෙයක් මිස් කර ගන්න බෑ මේ පාර සාජන් අතුකොරළ..මං තව ටිකකින් පිටත් වෙනවා.මං රෑ වෙද්දී හැම චෙක් පොයින්ට් එකක්ම නිරික්ෂණය කරන්න එනවා.."




"ඕකේ සර්.."




"මේ පාර පුංචිම හරි අත්වැරදීමක් වෙන්න බෑ.."




"අපි උපරිමයෙන් අපේ රාජකාරිය කරන්නම් සර්...."




"ඕකේ ගුඩ්.."



සාජන් අතුකෝරළ ඕ.අයි.සී ආකේන් ට සැලියුට් කරලා රූම් එකෙන් එළියට ගියා.ආකේන් ලොකු හුස්මක් පාත දාලා ඇස් දෙක පියාගෙන නලල තදින් තෙරපුවා.



බලාපොරොත්තු වුණා වගේ ම ඒ දවස උදා වුණා.පෙබරවාරි 25 වෙනිදා දිස්නගේ ගණනය කිරීම අනුව ඊළග මර්ඩර් එක වෙන්නේ අද වගේ දවසක ,



ඔෆිසර්ලට විවිධ රාජකාරි පැවරු ආකේන් රාජකාරි නිල ඇදුමින් මාරු වෙලා සාමාන්‍ය ඇඳුමකට මාරු වෙලා ඔහු ගේ නිල කාමරයෙන් පිටත් වෙලා ඇවිත් ජිප් රථයට ගොඩ වුණා.




"ආමන්ත...සොයිසා පුර හන්දියට යමු.."



ආකේන් ගේ අණ කිරීම හමුවේ ඔෆිසර් ආමන්ත නිල රථය අරන් සොයිසා පුර පැත්තට යන්න පිටත් වුණා.




🥀🍂


"කිසිම වාහනයක් මිස් කර ගන්න බෑ හැම වාහනයක් ම එකින් එක චෙක් කර ගන්න ඕන.."



සොයිසා පුර හන්දියට ගිය ආකේන් එතන වාහන සෝදිස්සි කරන ඔෆිසර් ලට අණ දුන්නේ ඉතා දැඩි හඬකින්,



ඔහුට බෑ තවත් එක් වරක් හෝ කිසිදු ගණයේ වියරු ඝාතනයක් සිදු වෙනවා දකින්න.



එකින් එක වාහන පරික්ෂා කරන චෙක් පොයින්ට් එක දිහා මිනිත්තු ගාණක් බලන් හිටපු ආකේන් ආයම පිටත් වුණේ ඉළඟට හමු වුණ චෙක් පොයින්ට් එක ළගට,




🥀🍂



"නේතක උඹ පරිස්සමින් ඉන්න ඕන.ඒ වගේ ම දිස්නවත් පරිස්සමින් බලන් ඉදපන්.කිසිම හේතුවක් නිසා එළියට බහින්න දෙන්නටම තහනම්. තේරුණාද?"



රන්දීර් නේතකට වගේ ම දිස්නට උපදෙස් කෝටියක් විතර දිලා ගෙදරින් පිටත් වෙන්න හැදුවා.ආකේන් ට උදව් කරන්න තිබ්බ ඕන කම නිසා,



"අපිට පරිස්සමින් ඉන්න කියලා උඹ එළියට යන එක හරිද ? අද වගේ දවසක.."



නේතක ආපිට රන්දීර් ගෙන් ප්‍රශ්න කරද්දී රන්දීර් යන්තමට හිනා වුණා.



"මේ වෙලාවේ මම ආකේන් ට උදව් කරන්න ඕන.ඒක මගේ යුතුකමක් !"




රන්දීර් නේතක ට එහෙම කිව්වේ දැඩි හඩකින් වුණත් ඒත් නේතක රන්දීර් ට



"උඹ හැමෝටම යුතුකම්,වගකීම් ඉටු කර කර ඉදපන්..උඹට කිසිම දෙයක් නොකර..."



නේතක ඔච්චමට වගේ එහෙම කිව්වේ කට කොනින් හිනා වෙන ගමන් වුණත් රන්දීර් ඒ හිනාව සත පහකට මායිම් නොකර රන්දීර් ට ටිකක් එහායින් ඉන්න දිස්නා ළගට ගියා.



රන්දීර් ට වගේ ම දිස්නට කතා කරන්න ඉඩ දීලා නේතක ඇතුළට ගියා.




"පරිස්සමින් ඉන්න.."



දිස්නගේ ඔලුව හරි පරිස්සමට අත ගාණ ගමන් බිම බලන් හිටපු දිස්නගේ ඔලුව නිකටින් අල්ලලා උස්සලා එහෙම කිව්වා.



ඒත් දිස්නගේ මුණ අඳුරු වෙලා තිබ්බේ මේ වගේ මොහොතක රන්දීර් ගෙයින් පිටතට යනවට දිස්නා කොහොමටවත් කැමති නැති නිසා




"ඔයාට යන්නම ඕනද රන්දීර්.."



දිස්නා රන්දීර් ගේ මුණ දිහා ම බලාගෙන එහෙම අහද්දී රන්දීර් යන්තම් හිනා වෙලා දිස්නගේ ඔලුව අත ගාලා ඔලුව ඉහළට පහළට වැනුවේ ඔව් කියලා කියන්න.



පපුව පිච්චෙනවා වගේ දැනෙද්දී දිස්නා ලොකු හුස්මක් පාත දාලා රන්දීර් ගේ අත් දෙක තමගේ අත් වලට මැදි කරලා තද කරලා අල්ල ගත්තා.



"ඔයත් පරිස්සමින් රන්දීර්..."



දිස්නා බෙල්ලත් ඇලකරලා එහෙම කියද්දී රන්දීර් දිස්නව පපුවට තුරුල් කරගෙන දිස්නගේ ඔලුව උඩින් නිකට තියලා දිස්නගේ ඉන වටේ අත යවලා තුරුල් කර ගත්තා.



විනාඩි ගාණක් එහෙම ගත කරපු රන්දීර් දිස්නව තුරුලෙන් ඈත් කරලා දිසිනගේ මුණ දිහා බලන් ඉදලා. දිස්නගේ නලලින් ඒ වෙව්ලන තොල් තිබ්බා.



දිස්නගේ නලලින් ඈත් වුණ රන්දීර් දිස්නගේ ඔලුව ආයම අත ගෑවා.



"නේතක එක්කම ඉන්න.තනියම මිදුලටවත් බහින්න එපා."



අහිමි වෙයි නැතිවෙයි කියන බයෙන් පපුව ඕනවට වඩා බර වෙද්දී රන්දීර් එහෙම කිව්වා.



"නේතක මම යනවා.."



ඇතුළට ගියපු නේතකට රන්දීර් කෑ ගහලා එහෙම කියද්දී ඇතුළේ හිටපු නේතක ආයම එළියට ආවා.




"පරිස්සමින් ගිහින් වරෙන්.."



එළියට ආව නේතක රන්දීර් ළගට ලං වෙලා රන්දීර් ව වැළද ගෙන රන්දීර් ගේ පිටට තට්ටුවක් දාලා එහෙම කියන ගමන් රන්දීර් ගෙන් ඈත් වුණා.



දෙන්නටම හිනාවකින් විතරක් සංග්‍රහ කරපු රන්දීර් මිදුල ඉස්සරහ නතර කරලා තිබ්බ බයික් එකට නගින්න කලින් හෙල්මට් එකත් දාලා දිස්නා දිහා එක පාරක් හැරිලා බලලා අත වැනුවා.රන්දීර් අත වනද්දී ආපිට දිස්නත් අත වැනුවා.



"රන්දීර් මම ඔයා එනකම් බලන් ඉන්නවා."



රන්දීර් බයික් එකට නැගලා ස්ටාර්ට් කරන්න ඕන්න මෙන්න තියෙද්දී දිස්නා ආයම කතා කරා එහෙම කියද්දී සයිඩ් කන්නාඩියෙන් පේන දිස්නගේ මුණ දිහා බලපු රන්දීර් දිස්නා දිහා හැරිලා බලන් නැතුවම හිනාවෙලා බයික් එක ස්ටාර්ට් කරලා පාරට දැම්මා.



ඇස් වල කඳුලු පුරවන් රන්දීර් දිහා බලන් හිටපු දිස්නා ගේ කටින් ලොකු හුස්මක් පාත වැටෙද්දී නේතක දිස්නගේ කර වටේ අතක් දාගෙන දිස්නව ලං කර ගත්තා



"රන්දීර් පරිස්සම් වෙයි.බය වෙන්න එපා..පැංචි.."




🥀🍂



"මම පිටත් වුණා.කොහෙටද එන්න ඕන.."



"ටිල්ටන් එකට වරෙන්.මම එතන ඉන්නවා."



මඟක් දුර ගියපු රන්දීර් ආකේන් ට කෝල් කරලා ඇහුවා.



"හරි මම එන්නම්.."



"පරිස්සමින් වරෙන් බන්.."




රන්දීර් කෝල් එක කට් කරන්න ඔන්න මෙන්න තියෙද්දී එහා පසින් ආකේන් එහෙම කිව්වා.රන්දීර් ආපිට කිසිම දෙයක් කියන් නැතුව කෝල් එක කට් කරලා දැම්මා.





🥀🍂



ටිකෙන් ටික ආකේන් කිව්ව තැනට රන්දීර් ලං වෙද්දී.පැයට කිලෝමීටර් හැටකටත් වඩා අධික වේගයකින් හුළඟ කපාගෙන ඉස්සරහට ඇදෙන රන්දීර් ගේ යතුරු පැදිය ඉස්සරහ ට හරස් පාරකින් රන්දීර් ගේ යතුරු පැදිය ඉස්සරහට දැම්මේ තවත් යතුරු පැදියක් !




රන්දීර් ගේ යතුරු පැදිය පාලනය කර ගන්න බැරි වුණ රන්දීර් අතින් යතුරු පැදියේ පාලනය ගිලිහිලා ගිහින් රන්දීර් යතුරු පැදියත් එක්කම පෙරලුණා.




යතුරු පැදිය පෙරළෙනවත් එක්කම රන්දීර් යතුරු පැදියෙන් ඉවතට වැටෙද්දී.




අධික වේගය නිසා ම යතුරු පැදිය පාර දිගේ ඉස්සරහ ට ලිස්සලා ගිහින් ඉස්සරහ තිබ්බ ලයිට් කණුවේ වැදිලා නතර වුණා.




"අයියේ..ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?"




වැටිලා ඉන්න රන්දීර් ළගට දුවන් ආව කෙනා රන්දීර් ට නැගිට ගන්න උදව් කරා.



හරස් පාරේ ඉලා එක වැරම බයික් එක දාපු කොල්ලා තමයි එහෙම දුවන් ආවේ .



"නැහ්...මම හොදින්.."



රන්දීර් වැටිලා හිටපු තැනින් නැගිටලා ඇදුමේ ගැවුණ දුවිලි පිහ දැම්මා.



"සොරි අයියේ..මම හදිස්සියෙන් ගමනක් යන ගමන් හිටියේ.මමත් කලබලේට එක පාරට බයික් එක දැම්මා.හරියට බලන්නේවත් නැතුව.."




ඒ ආව තරුණයා එහෙම කියද්දී රන්දීර් ඒ තරුණයා දිහා හොදට බැලුවා.




"මාත් වැරදිනේ මල්ලී මාත් කලබලේ ට ගියේ..මගෙත් වරදක් තිබ්බා.."




අත් දෙකයි වැලමිටයි ටිකක් හිරිලා වගේ ඇදුම් කෑවත් ඒක ඒ හැටි වේදනාවක් නොවුන නිසා රන්දීර් ලයිට් කණුව ළගට ගිහින් බයික් එක නැගිට්ටෙව්වා.



අර ආව තරුණයත් රන්දීර් ට උදව් කරා.වැටිලා තිබ්බ රන්දීර් ගේ පොන් එකත් අහුලලා දුන්නා.



"වම් පැත්තේ සයිට් කන්නාඩිය බිදිලා ගිහින්.."



"අප්පාහ්..කන්නාඩිය ඉවරයි වගේ.මම මගේ ඉන්ෂුවරන්ස් එකට කතා කරන්නම්.."




"එපා..ඒක ට කමක් නෑ..මල්ලී දැන් යන්න.."



අර කොල්ල පෝන් එක අරන් උඩට පහළට යද්දී ඒ කොල්ලව නතර කරපු රන්දීර් එහෙම කිව්වා.



"ඒත් අයියේ.."



"කමක් නෑ..මල්ලී යන්න.."




🥀🍂



රන්දීර් බයික් එකත් නැගිට්ටවගෙන ආපිට ගියේ ආකේන් එන්න කිව්ව ටිල්ටන් එකට,බයික් එකත් අයිනෙන් නතර කරලා ඈතින් ඉන්න ආකේන් ගාවට ගියා.



"මොකද මෙච්චර වෙලා ගියේ.."



"පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා බන්..."




"මොකක් ! කවුද ? කාවද ? කොහෙදිද ?"




ආකේන් කලබලෙන් වගේ එහෙම අහද්දී රන්දීර් යන්තම් හිනා වුණා.



"දැන් විනාඩි දහයකට විතර කලින්. මෙතන ඉදලා වංගු දෙකක් විතර දුරින්. හරස් පාරකින් එක වැර බයික් එකක් දැම්මා. එක පාරට මං හැප්පුණා."




"මොකක් ? උඹ තුවාල වුණාද ?උඹට අමාරුද?"



ආකේන් රන්දීර් ව හරව හරව බලද්දී එහෙම අහනවා.




"නෑ.පොඩ්ඩක් අත ළග සීරිලා ගියා.."



"උඹට අමාරුවක් නෑනේ ද ?"



"නෑහ්..නෑහ්.."




රන්දිර් ඔලුව දෙපැත්තට වනලා නැ කියලා අගවද්දී.ආකේන් ළගට හති දාගෙන දුවන් ආවේ ඔෆිසර් කෙනෙක් ,




"සර්..සර්.."




"කියන්න පිරිස්.."



ආකේන් පිරිස්ව ගණන් නොගෙන එහෙම ඇහුවත් ඉළග මොහොතේ පිරිස් කිව්ව දේ ඇහුණ ගමන් ආකේන් වගේ ම රන්දීර් පිරිස් දිහා බැලුවා.



"සර් ඉස්සරහ බොරළුවෙල ටවුන් එක ගාව තියන වට රවුම ගාව ළගදී කළු පාට වෑන් එකත් ඇවිත් කට ගැට ගහපු ලොකු කිලෝ පනහේ ගෝනියක් විසික් කරලා ගිහින්.."



"මොකක්?"




"ඒ වෑන් එක අල්ලලා ද ?"




"නෑ..සර්..වෑන් එක ආපිට හරවන් ගිහින්..අපේ කෙනෙක් වෑන් එකට වෙඩි තියලා තියනවා.පිටිපස්සේ ග්ලාස් එකට බුලට් දෙකක් වැදීලා.ඒත් වෑන් එක ස්පීඩ් එක වැඩි කරලා ගිහින්."




"ඕ..ශිට්..."



ආකේන් හිසකෙස් අතින් ඇද ගන්නේ ඉහ වහ ගිය කේන්තියට,




"දැන් ගෝනියේ මොනවද තියෙන්නේ කියලා බලලද ?"




"නෑ සර්...සර් උත්තරයක් දෙනකම් ඉන්නවා.බැරි වෙලා හරි බෝම්බයක් ද දන්නැති නිසා අපේ අය ගෝනිය චෙක් කරන්න අදි මදි කරනවා.."




"මේ..අයිසේ පිරිස් බය නම් උන්ට මේ රස්සාව දාලා යන්න කියනවා. කොන්දක් නැති එවුන් මං යටතේ වැඩ කරන්න ඕන නෑ.ඉක්මට දැනුම් දෙනවා අයිසේ බොම්බ නිස්ක්‍රිය අංශයට එන්න කියලා.."




"ඕකේ සර්.."




🥀🍂



ආකේන් වගේ ම රන්දීර් බොරළුවෙල වටරවුම ගාවට ගියේ පොඩි කාලයක් ඇතුළත ,




"නිස්ක්‍රිය අංශයෙන් ඇවිත්ද?"



"යස් සර්...."



ආකේන් ජිප් රථයෙන් බැහැලා ළහි ළහියේ වට රවුම ගාවට ඇවිදන් ගියේ වේගවත් පියවර තියන ගමන්මයි !




"සර් බෑග් එක හිස්...එකේ තනිකරම තෙත පුළුන් වගයක් දාලා ඒ පුළුන් මල්ල අස්සට කළු ගල් දාලා.."




"වට්.."



ආකේන් දුවගෙන වගේ එතනට ගිහින් බැලුවා. සම්පුර්ණ ගෝනි මල්ලම අවුස්සලා දාලා හැම තැනම පුළුන්,




"අර බ්‍රවුන් පේපර් බෑග් එක ගන්නවා..."



පුළුන් ගොඩේ තිබ්බ බ්‍රවුන් පේපර් බෑග් එකක් ආකේන් ගේ ඇස් වල ගැටෙද්දී ආකේන් එතන හිටපු ඔෆිසර් කෙනෙක් ට එහෙම කිව්වා.



"ඕහ්...වෙන්න බෑ.."



බ්‍රවුන් පේපර් බෑග් එක ඇරලා බලපු ආකේන් ට ඒක අස්සේ තියලා රතු පාට කොන්ඩ කට්ටක් හම්බ වුණා.ඒ වගේ ම ඒ බෑග් එක අස්සේ පොඩි චිට් එකක් ඒ චිට් එකේ රවුම් අත් අකුරු වලින් හැඩ වෙලා තිබ්බා.පෑන් තීන්ත වල සුවද ඕනවටත් වඩා දැනෙද්දී.




ඒ චිට් එක දිගැරපු ආකේන් දැක්කේ ඒ කොලේ ලියලා තියන දේ,


(නේතක & දිස්නා )




🥀🍂


හමුවෙමු.


කොටස් 100 ලේසී නෑ.ඉතින් හදවතට දැනුනා නම් අනිවාරෙන් කමේන්ට් එකක් දාගෙන යන්න

Report Page