ඇයගේ වූ මගේ පෙම

ඇයගේ වූ මගේ පෙම

Sandamali




හිතුවෙවත් නැති වෙලාවක ,

හිතුවෙවත් නැති විදියකට ,

හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර මගෙ ජීවිතේට ඇවිත් ,

උහුලගන්නත් බැරි තරම් ආදරය ගොඩක් දීලා , 

හිතේ කොනකවත් නොතිබුන තරම් බලාපොරොත්තු පුරවලා ,

කලු වලාකුළු වලින් වැහිලා තිබ්බ මගෙ ජීවිතේට ඉරක් විදියට පායපු ඔයා ,

අද වෙන කෙනෙග්ගේ වෙනවා නේද මගෙ රත්තරන්.

දරාගන්නෙ කොහොමද මේ හිත.

සත්තයි සැනසීමක්නම් නෑ කවදාවත් මේ හිතට.

ඔයාව දකින වාරයක් වාරයක් පාසා,

 ඔයාගෙ කටහඬ ඇහෙන වාරයක් වාරයක් පාසා,

සතුටින් පිරුනු මගෙ අහිංසක හිත,

අද අසරණ වෙලා තියන විදිය,

මේ හිතේ අයිතිකාරිය වෙච්ච මටවත් හිතාගන්න බැරි තරම්.

ඔය උරහිසට ඔලුව තියාගෙන,

පපුවෙ තිබුනු හැම බර හුස්මක්ම නිදහස් කරපු ඒ දවස් ,

ඔය අත අල්ලන් ඇතිතරම් ඇවිදපු ඒ දවස් ,

ඔය කතාකරන ඇස් දිහා වරුගනන් මම බලන් හිටපු ඒ දවස් ,

ඔය හුරතල් කතාවට වශී වෙලා වෙනම හීන ලෝකයක හිටපු ඒ දවස් ,

අමතක කරන්නනම් මේ හුස්ම නවතින්න වෙයි මගේ.

ඔයා හැමදාම වගේ අදත් හරි ලස්සනයි ..

ඔය හිත රිද්දන්න බැරි කමට මම ආවා මිසක් එන්න පුලුවන් කමකට ආවා නෙමේ මම.

ඔයාගෙ මනාලිත් එක්ක මගෙ ඉස්සරහට ආවම හිනාකටක් මූනෙ පුරවන් ඔයාලට සුභ පැතුවෙ කිසි කහටක් නැතුව හදවතින්මයි.

එදා මගෙ කඳුළක් දකින්න අකමැති ඔයා දන්නවනම් මගෙ හිත අඬන තරම් .

අද ඔහොම යන එකක් නෑ වෙන හිතක් ළඟට මාව දාලා.

අද ඉදන් ඔයා වෙන කෙනෙක්ගේ නේද එහෙනම්.

ඔය උරහිසට ඔලුව තියන් මගෙ දුක කියන්න ආයෙමත් මට පුලුවන් වෙයිද කවදමහරි දවසක.

අද දවසෙ ඔය මුනේ ඇඳිලා තියෙන ඔය හිනාව හැම දවසකම දකින්න ආස කලා මමත්.

මින් මතුවට මට දකින්න නොලැබුනත් හැමදාමත් සතුටින් ලස්සනට හිනාවෙලා ඉන්න.

ඔය ආදරේට මගෙන්වත් ඇස්වහක් වදින්නනම් එපා.

හැමදාම ඔයාගෙ සතුට ඔයාට ලැබෙන්න ඕනි කියලා හිතපු සිතුවිල්ලෙන්ම අන්තිම පාරට ඔයා දිහා ආයෙමත් බැලුවේ මම ඔය ඇස් ඉස්සරහට එන අන්තිම දවස අද කියලා හිත දන්න නිසා.

දෙවියනේ මේ තරම් වේදනාවක් දැනෙනවද ආදරය කරද්දි.

තනිවෙලා හිටපු මට හොඳම යාලුවා වුනු.

හොඳම යාලුවා කියන රාමුව ඇතුලෙ හිරවුනු ඒකපාර්ශවික මගේ ආදරේ ,

මගෙ හිත ඇතුලෙම මැරිලා යයි දවසක.

කියන්න තිබුනා මම ආදරේ තරම් මීටත් කලින් .

ඔයාව මට නැතිවේවි කියලා තිබුන භයටයි හැමදේම හිතේ තියන් තනියම විදවන්නෙ මම මේ තරම්.

ඔය හිතට සින්නක්කරව දුන්නු මගෙ ආදරේ තව හිතකට දෙන්නෙ නෑ මං.

මෙච්චර කාලයක් මට ඒ දැනුන දේ ආදරය නොවුනබව තේරුනේ ඔයාගෙ හිතේ එයා ගැන ඇදුනු ආදරේ මට කියපු දවසෙයි.

ඔව්.

ඔයා හැමදාමත් කිව්වා ඔයා මගෙ සහෝදරී කියලා.

ඒත් මගෙ හිත ඒක පිලිගත්තෙ නැහැ කවදාවත් .

ඔයා මගේ ජීවිතේට ආපු දවසෙ ඉදලමයි ඔය හිතට මම ආදරය කලේ.

හමුවීමක් තියෙනවනම් වෙන්වීමකුත් අනිවාර්යයෙන්ම ඇති.

ඒ වගේම හැම සතුටක් කෙලවරම දුකකුත් ඇති .

ඉදින් මේ තරම් පපුව නොරිද්දන්නටනම් අපි හමුනොවිය යුතුව තිබුනා....




❤️පියූ❤

Report Page