ආලියා
Rose 🌹
Episode 6
ආ... හෙලෝ කමල් අන්කල්.... මන් අනුගිව මැරි කරන්න කැමතියි.... "
ඔව් ඔව් අන්කල්.... මන් ආදරේ කරන කෙල්ල මගේ ඇස් දිහා බලාගෙන මට ආදරෙයි කියන්න බැරි ගොලු කෙල්ලෙක්...."
කොයි වෙලාවෙ මන් ඒ ඇස් දිහා බැලුවත් මගෙන් ඇස් හංගගෙන ඉන්නවා.... ඒක නිසා දැන් වැඩක් නෑ ඒක.... පුලුවන් ඉක්මනට අනුගිව මැරි කරන්න ඕන.... " ආදි අයියා මගේ දිහා නොබලා බොරුවට කෝල් එකක් වගේ කියාගෙන කියාගෙන ගියා.
මන් ඒ ඇස් දිහා බලාගෙන හිටියා නිහඬවම. ටික ටික ඒ බාහුවෙන් මගේ අත ලිහිල් කරලා මන් එයාගෙන් ඈතට ගියා ඒ ඇස් දිහා බලාගෙනම.
යමු.... මට ලේට් වෙනවා.... " කියලා එයා Phone එක සාක්කුවට දාගෙන මගේ අතින් ඇදගෙන ගියා.මන් ඒ අතින් ඇදලා එයාව නවත්තන්න හැදුවත් එයා මගේ ඇස් දිහා බලලා ආයෙම ඉස්සරහ බලාගෙන යන්න ගියා මාවත් ඇදගෙන.
අයියෙහ්...." මන් ඒ අතින් අදින ගමන් ඒ ඇස් දිහා බලාගෙන මිමිණුවා.
මොකද...." එයා ටිකක් සද්දෙට ඇහුවා.
මන් මොකුත් නෑ කියන්න ඔලුව වනලා බිම බලාගත්තා. නිහඬවම අපි බයික් එක ලගටත් ඇවිත්. එයා බයික් එකට නැගලා මගේ දිහා බලාගෙන හිටියා. මන් බිම බලාගෙන ම පිටිපස්සෙන් වාඩි උනා.
ඇත්තටම කිව්වොත් මන් බයයි මේ බයික් එකේ යන්න. මොකද මේකෙ පිටිපස්ස උස වැඩී. මන් ඒ උරහිස් වලින් ලාවට අල්ලගෙන බිම බලාගෙන ම හිටියා.
මට leprosy නෑ.... මෙහෙ එනවා...." කියාගෙන එයා බයික් එක රේස් කරලා ටික දුරක් ගිහින් එකපාර break කරා. Break එකට පින්සිද්ද වෙන්න මගේ අතින් නොදැනුවත්ව ඒ ටීෂර්ට් එක පොඩි වෙලා පිටත් ටිකක් සීරුනා මට දැනුනා. හිතා ගන්න පුළුවන් නෙ ඉතින්. දැන් මන් හරියට එයාගෙ පිටේ ඉන්නවා වගේ බලන කෙනෙක්ට පේන්නෙ.
ම්ම්.... ඔහොම ඉන්නවා දැන්.... " එයා කට කොනින් හිනා වෙලා කියලා යන්න ගියා. මන් ආදි අයියගෙ ටී ෂර්ට් එක දෙපැත්තෙන් පොඩි කරගෙනම හිටියා ආයෙ break කරොත් කියලා තියෙන බයට.
ඒත්.... එයා යන්නෙ පල්ලියට යන පාරෙ නෙවෙයි.... මේ මගේ බෝඩින් එකට යන පාර. ඒත්.... ආදි අයියා කොහොමද දන්නෙ මගේ බෝඩින් එක... මොකුත් හිතාගන්න බැරුව මන් side mirror එකෙන් ඒ ඇස් දිහා බලාගෙන හිටියා.
එයාගෙ මූණ පුරා තියන රැවුල.... එකතුවෙලා තියෙන ඇහිබැම.... හැමදේකින්ම පේන්නෙ එයාගෙ තියෙන නපුරුකම.... ඒත් මන් ආදරෙයි....
ඒයි.... බහින්න අදහසක් නැද්ද.... නැත්තම් මෙහෙම්ම අපේ ගෙදරම යනවද.... ම්ම්...." නොදැනුවත්වම මගේ බෝඩින් එක ලගටත් ඇවිත්... ඒත් මන් තාම side mirror එකෙන් ඒ ඇස් දිහා බලාගෙන වෙද්දි මන් දැක්කා එයා මට හිනා වෙනවා.... මන් ඉක්මනට බයික් එකෙන් බැහැලා හෙල්මට් එක එයාට දීලා එක පාරක් ඒ ඇස් දිහා බැලුවා.
පරිස්සමට යන්න අයියේ.... ජේසු පිහිටයි.... බුදු සරණයි...." මන් මිමිණුවා. එයා හිනා වෙවී මගේ ඇස් දිහා බලාගෙන ඉන්නවා විතරක් වෙද්දි මන් බිම බලාගෙන ගේට් එක ලගට ආවා.
මනුස්සයෙක් ගෙදරට ආවම ඇතුලට කතා කරලා සංග්‍රහ කරන්න ඉගෙන ගෙන නැද්ද...." එයා සද්දෙට කෑ ගහලා ඇහුවා වෙද්දි මන් හිටපු තැනම නැවතිලා එයා දිහා හැරිලා බැලුවා. ඒත් එක්කම එයා බයික් එක ගේට් එකෙන් ඇතුලට දාලා මටත් කලින් ගෙදර දොර ලගට ගියා.
මන් ඉක්මනට ගිහින් දොර ඇරලා එයා ඇතුලට යනකන් බලන් හිටියා. එයා හිනා වෙවී ඇතුලට ගිහින් කියන්නත් කලින් සෝෆා එකෙන් වාඩි උනා. මන් ඉක්මනට කිචන් එකට ගිහින් එයාට බොන්න මොනවා හරි හදන්න යද්දිම...
තේ, කෝපි එපා.... cool drinks මොනව හරි මට ඕන...." එයා කෑ ගහලා කිව්වා. ගෙනාපු පලතුරු වලට තිබුනෙත් දෙළුම් ගෙඩි හතරක් පහක් වෙද්දි මන් ඒක බ්ලෙන්ඩ් කරලා එයාට juice එකක් හැදුවා.
මේක මන් එයාට හදන පලවෙනි බීම නිසා මට ටිකක් බයයිත් වගේ. ඒක නිසා හැමදේම ගානට දාලා මික්ස් කරා. එහෙම එහෙම තුන් පාරක් විතර හොදට රස බලලා ග්ලාස් එකකට දාලා එයාට ගිහින් දුන්නා.
මොකෝ බය වෙලා...." එයා ඇහුවා හිනා වෙවී. මන් මොකුත් නෑ කියන්න ඔලුව වනලා එයා හිටපු තැන සෝෆා එක ලගින් හිටගෙන බිම බලාගෙන ම හිටියා.
ම්ම්.... රසයි.... කියන්න තරම් වරදක්ම නෑ ඉතින්...." එයා චුට්ටක් බීලා කිව්වා.
ඒයි.... මෙහෙ එනවා...." කියාගෙන එයා මගේ අතින් ඇදලා මාව එයාගෙ ලගින් වාඩි කරගත්තා. මොකුත් හිතාගන්න බැරුව මන් බිම බලාගෙන ම හිටියා.
බය වෙන්න එපා.... මන් යකෙක් නෙවෙයි.... " කියලා එයා මගේ ඔලුව අතගාලා මාව ඒ පපුවට වාරු කරගත්තා. ලාවට මගේ බද වටේ යවපු එයාගෙ අතේ ස්පර්ශයත් එක්ක මගේ සර්වාංගෙම පණ නෑ වගේ දැනෙද්දි මන් ඒ ටීෂර්ට් එක පපුව ලගින් පොඩි කරගෙන ඇස් පියාගත්තා.
ම්ම්.... මන් හිතන්නේ.... මේක දැන් ඕන මට නෙවෙයි ඔයාට...." කියලා එයා මට glass එක දික් කරා. මට එපා කියන්න ඔලුව වැනුවා උනත් එයා මගේ දිහා බලාගෙනම glass එක මගේ තොල් වලට ලන් කරා. එයාගෙ අතේ glass එක තියෙද්දිම මන් එක උගුරක් බීලා ආයෙම ඒ පපුවෙ මූණ ඔබාගත්තා.
ආලියා...." එයා රහසින් කතා කරා වෙද්දි මන් ඇස් ඇරලා ඒ ඇස් දිහා බැලුවා ඒ පපුවට වාරු වෙලාම . එයත් නිහඬවම මගේ ඇස් දිහා බලාගෙන ඉද්දි හිතට ආපු අදහස් නිසා හිතට ලොකූ ශක්තියක් අරගෙන මම....
මන් ආදරෙයි අයියේ...." කියලා ඒ ඇස් දිහා බලාගෙනම මිමිණුවා. එයා ලාවට හිනා වෙලා මගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවලා මගේ නලලට තොල් තිබ්බා. එයත් මමත් දෙන්නම ඒ මොහොත ඇස් පියාගෙන විදිද්දි එකපාරටම එයාට කෝල් එකක් ආවා.
ඒත් එයා සාක්කුවෙන් Phone එක අරගෙන කෝල් එක කට් කරලා Phone එක switch off කරා. ආයෙම ඒ ඇස් තිබුනෙ දිහා වෙද්දි මන් ඒ කම්මුලකට තොල් තියලා ඒ පපුවෙ මූණ ඔබාගත්තා. මට දැනුනා එයා මගේ කෙස් අතරින් ඇගිලි තුඩු යනවා කියලා.
අයියේ.... ඒක අවශ්‍යම කෝල් එකක් උනොත්.... "
ආදරේ කරන කෙනාට වඩා අත්‍යාවශ්‍ය දේවල් මට නෑ ආලියා...."
ඒත් අයියේ.... "
ම්ම් ඉන්නවා ඉන්නවා...." කියලා එයා Phone එක on කරලා screen එක දිහා බලාගෙන හිනා උනා.
සොනාල්...."
Call back කරන්න අයියේ.... හදිසියක් නම්...." ඒත් එක්කම එයා සොනාල් අයියට කෝල් කරා.
කියපන් සොනාල්...."
ආ මනමාලයා...."
මොකද යකෝ...."
පාක් එකේද බන් ආලියා නංගිගෙ ගෙදර තියෙන්නෙ...." ඒ කියන්නේ ආදි අයියා මන් එක්ක පාක් එකේ ඉදියා කියලා සොනාල් අයියා දන්නවා. ආදි අයියත් හිනා වෙවී මන් දිහා බලද්දි එයා කැමති විදියකට යාලුවා එක්ක ප්‍රශ්නෙ විසදගන්න දීලා මන් glass එක අරගෙන කිචන් එකට ඇවිත් එක සෝදලා දැම්මා.
ආයෙම මන් එයාගෙ ලගට ගියාම එයා ආයෙම මාව එයා ලගින් වාඩි කරගත්තා. සොනාල් අයියා තාම කෝල් එකේ වෙද්දි මන් ඒ බාහුවක එල්ලිලා එයාගෙ උරහිසෙන් නිකට තියාගත්තා.
වැඩක් නෑ බන්.... ඒකි මගේ ඇස් දිහා බලාගෙන මට ආදරෙයි කියලා කියාගන්න බැරි තරම් ගොලු කෙල්ලෙක්.... මන් බැලුවෙ අනුගිව වත් මැරි කරලා දුකෙන් සාමයෙන් ජීවත් වෙන්න...."
තෝ හිතුවද සෙට් උනු දවසෙම උබ කියපු ගමන් උබේ ඇස් දිහා බලාගෙන I love you කියන්න ඒකි ඕක practice වෙලා ඉන්නවා කියලා...." සොනාල් අයියා එහා පැත්තෙන් අහනවා ඇහුනා.
ඒ උනාට බන්.... මගේ කෙල්ලා උනාම ඔය ලැජ්ජාව කියන දේ නැති වෙන්න ඕන.... නැත්තම් ටිකක් අමාරු වෙයි...." ඒ ටික නම් එයා කිව්වෙ මගේ ඇස් දිහා බලාගෙන වෙද්දි මන් ඒ බාහුවෙ නිකට තියාගෙන ඇස් දිහා බලාගෙන හිනා උනා.
හරි හරි එහෙනම් ලැජ්ජාව නැති කරලා ගනින්.... මන් තියනවා.... " කියලා සොනාල් අයියා කෝල් එක කට් කරද්දී මන් ඒ බාහුවෙම එල්ලිලා ඇස් පියාගත්තා.
ලැජ්ජාව නැති කරලා ගන්නද...." එයා රහසින් ඇහුවා. මන් මොකුත් නොකියා හිනා වෙවී ඒ ඇස් දිහා බලාගෙන හිටියා.
පරිස්සමට ඉන්නවා හරිද.... මන් දැන් යන්න ඕන...." එයා මගේ ඔලුව අතගාලා කිව්වා.
අද රෑ එලි වෙද්දි මන් ඔයාගෙ ප්‍රශ්න සේරම විසඳනවා ආලියා.... ඔයා දැන් ඒවා ගැන හිතලා දුක් වෙන්න එපා.... තේරුනාද...." මන් ඔව් කියන්න ඔලුව වැනුවා. ඒත් මට ලෝබයි එයාට යන්න දෙන්න. මන් තව ටිකක් තදට ඒ බාහුව තද කරගෙන ඇස් පියාගත්තා.
යන්න එපා කියලද නොකියා කිව්වෙ...." එයා රහසින් ඇහුවා. මන් මොකුත් නොකියා ඇස් පියාගෙනම හිටියා.
හෙට කැම්පස් එන්න අනිවාර්යයෙන්ම.... උදේ ලෙක්චර් එකට කලින් කැන්ටින් එක එහා පැත්තේ බෙන්ච් එකට එන්න.... මන් බලන් ඉන්නවා.... අපිට කැෂුවලිටි නිසා තව සතියකින් විතර කැම්පස් එන්න වෙන්නෙ නෑ.... ඊට පස්සේ දිගටම hospital තමයි.... ඒ නිසා පරිස්සමට වැඩ ටික කරගන්න.... " ඒත් එක්කම එයා මගේ බද වටේ අතක් යවලා මාව එයාට තුරුල් කරගත්තා වෙද්දි මන් ඒ පපුවට හේත්තු වෙලා ඒ ඇස් දිහා බලාගෙන හිටියා.
යන්නද...? " එයා මගේ ඇස් දිහා බලාගෙන ඇහුවා. මොකුත් කියාගන්න බැරි තරම් මන් ගොලු වෙද්දි මොකුත් නොකියා ඒ ඇස් දිහා බලාගෙන හිටියා.
ඔහොම බලන්න එපා.... මට යන්න හිතෙන්නෙත් නෑ.... " එයා රහසින් කිව්වා.
බුදු සරණයි...." මන් මිමිණුවා....
බුදු සරණයි...." එයත් මගේ ඇස් දිහා බලාගෙන කිව්වා.
ජේසු පිහිටයි...." ඒක නම් කිව්වෙ අපි දෙන්නම එකට වෙද්දි අපි දෙන්නම හිනා වෙවී අපේ ඇස් දිහා බලාගෙන හිටියා.
දොරවල් වහගෙන පරිස්සමට ඉන්න.... හැම ප්‍රශ්නයක්ම හරි යනවා.... " කියලා එයා මගේ නලලට ආයෙම තොල් තියාගෙන ටික වෙලාවක් හිටියා. ටික වෙලාවකින් එයා මගේ ඔලුව අතගාලා එලියට ගියා. මන් දොර ලගට ගිහින් එයා දිහා බලාගෙන හිටියා නිහඬවම.
යනවා කියලා මූණෙන් කියාගෙන එයා යන්න ගියා වෙද්දි මන් ගේට් එක ලොක් කරලා දොරත් ලොක් කරගෙන ඇතුලට ආවා.
〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽
I'm Rose 🌹