ආලියා

ආලියා

Rose 🌹

Episode 05













මන් ඒ පපුවට නලල තියාගෙන ඇස් පියාගත්තා. මට බෑ එයා ගැන මගේ හිතේ තියෙන දේවල් කියන්න. එයා මාව තුරුල් කරගෙන ඉන්න විදියට මට හෙලවෙන්න වත් බෑ. කොහොමත් මටත් ඕනෙ උනේ මේ උනුහුම....






ආලියා...." එයා මගේ කනට පහත් වෙලා රහසින් කතා කරනවා.





එක පාරක් කියන්න.... " එයා ආයෙම ඇහුවා.






අයියේ අපි යමුද...." මන් මිමිණුවා.






යන්නම ඕනද...." එයා ආයෙම රහසින් ඇහුවා. මන් නිහඬවම ඒ ඇස් දිහා බලලා ආයෙම බිම බලාගත්තා.






මන් ඒ වචන ටික අහන්න බලාගෙන ඉන්නවා.... මට පොරොන්දු වෙන්න එක දෙයක්...."





කියන්න.... අයියේ...." මන් මිමිණුවා.





මොන ප්‍රශ්නෙ ආවත්.... කවදාවත් හිතින් වැටෙන්න එපා.... කැමති නම් විතරක්.... ඕනම වෙලාවක මට ඔයාගෙ ප්‍රශ්න කියන්න.... මට පුළුවන් ඔයාව අහගෙන ඉන්න.... කවුරු නැතත් ඔයාට මන් ඉන්නවා.... හැමදාටම.... " ඒත් එක්කම එයා මගේ නලලට තොල් තිබ්බා. මන් ඇස් පියාගෙන එයාගෙ ඒ හාදුව වින්දා. තත්පර දහයක් පහළොවක් විතර එයා මගේ නලලට තොල් තියාගෙන හිටියා. කියාගන්න බැරි තරම් සතුටක් මට දැනුනා. ජීවිතේ පලවෙනි වතාවට මම පිට පිරිමි කෙනෙක්ගෙන් හාදුවක පහස වින්දා.






ඒ හාදුව පුරාම තිබුනෙ කියාගන්න බැරි ආරක්ෂාවක්, රැකවරණයක්.... මන් අවුරුද්දක් තිස්සේ බලාපොරොත්තු උනු ආදරේ.... එයා මාව තද කරලා ඒ පපුවට තුරුල් කරගත්තා. කියාගන්න බැරි හැගීම් ගොඩක් එක්ක මන් එයාගෙ උනුහුම හිතේ හැටියට වින්දා.





මැණික...." එයා හරි ආදරෙන් මගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවන ගමන් කතා කරා.





ම්ම්හ්...."





ගෙදර තනියම ඉන්නකොට එලියට යන්න එපා.... I mean මිදුලට යන්න එපා.... හේතුවක් ඇතුව කියන්නේ.... මන් කියන දේ අහනවා නේද...? " මන් ඔව් කියන්න ඔලුව වැනුවා.





ම්ම්.... මගේ number එක ඔයාගෙ Phone එකේ සේව් කරලා තියෙනවා.... හදිසියක් උනොත් මට අනිවාර්යයෙන්ම කෝල් කරන්න.... හොදද...? " මන් හා කියන්න ඔලුව වැනුවා.






තව දෙයක්.... අනුගි මොන දේ කිව්වත්.... ඔයා ඒවා ගනන් ගන්න එපා.... තේරුනාද...? " මන් ඔලුව හොලවලා ඔව් කිව්වා.






පල්ලියෙ හැමෝම ඔයාට හරි ආදරෙයි ආලියා.... ඒ නිසා අනුගි ඔයාට මොනවම හරි කරොත් ඔයා කාටම හරි කියන්න.... හොදද...." මන් ආයෙම ඔලුව වනලා හා කිව්වා.






මන් ඔයාගෙ ප්‍රශ්නෙට විසදුමක් දෙනවා ඉක්මනට ම.... මාව විශ්වාසයි ද...."





ම්ම්.... ගොඩක්...." මන් ඇස් පියාගෙන ම මිමිණුවා.




මන් බලාගෙන ඉන්නවා.... ඔයාගෙන් ඒ වචන ටික අහන්න.... අද දවස මගෙන් ඔයාට බලපෑමක්.... ඔයා අකමැති දෙයක් උනා නම්.... මට සමාවෙන්න ආලියා.... මන් දන්නවා ඔයාට මාව තේරෙනවා කියලා.... මගේ මැණික...." එයා මගේ මූණ දෝතටම අරගෙන මගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන ඉන්නවා. මන් පුලුවන් තරම් එයාගෙන් මගේ ඇස් හංගගෙන හිටියා.






අපි යමු.... ම්ම්.... " එයා මගේ ඔලුව අතගාලා මගේ ඇස් දිහා බලාගෙන හිටියා. මගේ බද වටේ එතිච්ච ඒ අතෙන් තව තව ඒ පපුවට තද වෙද්දි මන් ඒ පපුවට නලල තද කරගත්තා. විනාඩි ගානක් එයයි මමයි නිහඬවම එහෙම හිටියා.






මන් හරි ලෝබයි මට ලැබුනු මේ කුළුදුල් පහසට.... මට දැනෙනවා මේ පපුව තරම් වෙන කිසිම තැනක මට ආරක්ෂාවක් නෑ කියලා. ඒත්.... හිතේ තියෙන දේවල් වචන කරලා එයාට කියන්න තරම් මට ශක්තියක් නෑ....




ඒත් එක්කම මගේ Phone එකට කෝල් එකක් ආවා. මන් ඒ පපුව තුරුල් වෙලාම screen එක දිහා බැලුවා. කෝල් කරේ අම්මි වෙද්දි ආයෙම මගේ ඇස් වල කදුලු පිරුනා.






කවුද ආලියා.... ඇයි මේ ආයෙම.... අඩන්න එපා...." මන් නිහඬවම එයාට screen එක පෙන්නුවා.






ෂ්ෂ්ෂ්.... අඩන්න එපා.... ඔයා දැන් ඕක ආන්ස්වර් කරන්න.... මන් දැන් ඕකට කතා කරොත් ඔයාගෙ Phone එකෙන් නිසා අව්ලක් වේවි.... මන් ලග ඉන්නවනෙ මැණික.... හිත හයිය කරගෙන ආන්ස්වර් කරන්න.... ම්ම්...."






Good morning අම්මි...."






Morning ආලියා.... අද අනිවාර්යයෙන්ම එන්න.... තාත්ති අර පුතාට කිව්වා ඔයා එනවා කියලා.... වෙඩින් එකට ඉක්මනට දිනයක් දාගන්න ඕන...." අනේ ඇයි අම්මි ඔයා මට මෙහෙම කරන්නෙ.... අඩුම මම කැමතිද අකමැති ද කියලා වත් හොයන්නෙ නැතුව.... මන් කදුලු පුරවගෙන ආදි අයියගෙ ඇස් දිහා බැලුවා.






ආලියා.... ඇහෙනවද.... මොකද කතා නැත්තෙ.... " අම්මා ආයෙම කතා කරා. ආදි අයියා මගේ කදුලු පිහිදාලා මගේ කෙස් අතරින් ඇගිලි තුඩු අරගෙන යනවා.






අම්මි.... මට.... අද exam එකක් තියෙනවා.... මට ටික කාලයක් දෙන්න.... අනික අම්මි.... මන් කැමති නෑ දැන්ම මැරි කරන්න.... "





ආලියා.... මට ඇත්ත කියනවා.... තමුන්ට යුනි එකේ කවුරු හරි ඉන්නවා නේද.... ඒක නේ මාව මගාරින්නෙ.... එහෙමනෙ.... " ඒත් එක්කම මට ඉබේටම බැලුනෙ ආදි අයියගෙ මූණ දිහා.





ආලියා.... කතා කරනවා...." අම්මි ආයෙම කෑ ගැහුවා. මන් ආදි අයියගෙ ටී ෂර්ට් එක පොඩි කරගෙන ඇස් පියාගත්තා.





මන් ආදරෙයි අම්මි.... මන් එයාට ආදරෙයි.... මට වෙන කවුරුවත් එපා.... මට ඕනෙ එයාව.... "




ආලියා කවුද කියනවා ඒ.... මට දැන ගන්න ඕනේ.... මේ දැන්ම...."




ආදි අයියා.... " මන් මිමිණුවා. ඇස් පියාගෙනම.






ආලියා මට කියනවා.... කවුද ආදි කියන්නෙ.... මොකක්ද surname එක...." අම්මි පලවෙනියටම ඇහුවෙ ආදි අයියගෙ surname එක වෙද්දි.... මට දැනුනෙ කියාගන්න බැරි ලැජ්ජාවක්. ඇයි අම්මි ඔයා මට මෙහෙම කරන්නෙ.... මන් මොකුත් නොකියා කෝල් එක කට් කරලා දැම්මා.




ආලියා.... අඩන්න එපා.... මන් හැමදේම විසඳනවා.... I promise you...."




ඒත් අයියේ.... "




ෂ්ෂ්ෂ්.... මට අද රෑ විතරක් දෙන්න.... මන් හැමදේම විසඳනවා...."




අඩන්න එපා දැන් ම්ම්...."




ආලියා.... මැණික.... මන් ආදරෙයි.... කියාගන්න බැරි තරම්.... ඔයා යුනි එකට ආපු දවසෙ ඉදන්.... මගේ චූටි කෙල්ල.... මන් පොරොන්දු වෙනවා ඉක්මනටම ඔයාගෙ හැම ප්‍රශ්නයකටම විසදුම් දෙනවා කියලා.... තේරුනාද...." මන් ඇස් වල කදුලු පුරවගෙන ඉස්සිලා ඒ බෙල්ලෙ මූණ ඔබාගත්තා. 





අනේ එයා මට ආදරෙයි.... මන් බලාපොරොත්තු උනු ආදරේ මට ලැබුනා.... දැන් කාටවත් බෑ මාව වට්ටන්න.... කිසිම විදියකින්.... මට දැන් ආරක්ෂකයෙක් ඉන්නවා.... මගේ හැමදේම ශෙයා කරගන්න පුළුවන් මට මගේ කියන්න කෙනෙක් ඉන්නවා....




ආලියා...."






තව එක පාරක් කියන්න.... ඔයා ඔයාගෙ මාම්ට කියපු දේ.... එකම එක පාරක්...."  





මන් ආදරෙයි...." මන් ඒ පපුවෙ මූණ ඔබාගෙන මිමිණුවා....





ඒයි ඔහොම බෑ.... බලන්න මගේ දිහා...." කියලා එයා මගේ නිකටෙන් අල්ලලා මූණ එයාගෙ පැත්තට හරවගත්තා.






දැන් කියන්න...."






අනේ අයියෙහ්...."






මොකෝ.... ම්ම්...." මන් මොකුත් නොකියා ඒ ඇස් වලින් මගේ ඇස් හංගගත්තා. 






ම්ම්.... හරි.... කියන්න ඕන නෑ.... " කියලා එයා මගේ ඔලුව අතගාලා මගේ අතින් අල්ලගෙන පාක් එකේ ඉස්සරහට ගියා. ඒත් එක පාරටම....




〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽





React නැත්තෙ කතාව ලස්සන නැති නිසා ද.... අලුත් photo එක හොදයිද කියලත් කියාගෙන යන්න ලමයි....😇



I'm Rose🌹


Report Page