ආලියා

ආලියා

Rose 🌹

Episode 04















උදේම ඇහැරිලා වෝශ් දාගෙන මම pink colour චූටි ගවුමක් ඇදගත්තා. කෑම කන්න තරම් මූඩ් එකක් තිබුනෙ නැති නිසා මම ටී එක විතරක් බීලා අට වෙනකොට පල්ලියට ආවා. මන් යනකොට පූජාව පටන් අරන් තිබුනා. හැමෝම වාඩි වෙලා දේව මෙහෙයට සහබාගී වෙලා ඉද්දි මමත් ගිහින් ඉඩක් තියෙන තැනකින් වාඩි වෙලා ඒ දිහා බලාගෙන හිටියා.






ඒත් මගේ ඇස් හෙව්වෙ ආදි අයියව. එයාව මන් තාම දැක්කෙ නෑ. පූජාව ඉවර වෙලා එකිනෙකාට ආශිර්වාද කරගන්නකොට තමයි දැක්කෙ මගේ එහා පැත්තේ හිටපු ආදි අයියව. ඒත් මාව දැක්කම එයාගෙ මූණ අදුරු උනා මන් දැක්කා. සමහර විට එයාටත් මාව එපා වෙන්න ඇති.





මන් ඒ නිසා ආයෙම එයා දිහා නොබලා බිම බලාගෙන හිටියා. පූජාව ඉවර උනා විතරයි ආදි අයියා මගේ අතින් ඇදගෙන ආවෙ cemetery එකේ තිබුනු ලොකු ගහක් යටට. මන් බිම බලාගෙන ම හිටියා නිහඬවම.






ආලියා.... බලන්න මගේ දිහා...." එයා මගේ අත් දෙක අල්ලගෙන මගේ මූණට පහත් උනා. මන් මූණ උස්සලා ඒ ඇස් දිහා බැලුවා. ඒත් මට බෑ එක දිගට ඒ ඇස් දිහා බලාගෙන ඉන්න. මන් පුලුවන් තරම් ඒ ඇස් වලින් මගේ ඇස් හංගගත්තා.






ආලියා.... ඔයා ඇඩුවා නේද.... ඇයි... මට කියන්න.... මොකක්ද උනේ...."





මන් ඇඩුවෙ නැහැ අයියේ...."






මට බොරු කියනවද ම්ම්.... " මන් මොකුත් නොකියා මූණ බිමට හරවගෙන ඒ ඇස් දිහා බැලුවා.






කියන්න.... මොකද උනේ කියලා.... ම්ම්.... ඔයාගෙ ඇස් දෙක හොදටම ඉදිමිලා ආලියා...."






අ..යි..යේ...."





ඒ අඩන්න එපා.... ආලියා.... ෂ්ෂ්ෂ්...." මට මේ වෙලාවේ ඕන වාරු වෙන්න පුළුවන් පපුවක් . ඒත් මට ඒක තහනම්. මන් ඉකිගගහා මගේ අත් දෙකෙන්ම මූණ වහගත්තා.





ආලියා.... ඔයාට මෙතන කතා කරන්න බෑ වගේ නම් අපි යමු වෙන තැනකට...."





අයියේ.... අම්මියි තාත්තියි දෙන්නා මට මැරි කරන්න බල කරනවා.... මන් තාම පොඩී අයියේ.... එයාලා ඇයි මට මෙච්චර නපුරු කම් කරන්නේ.... එ... එයාලා... මට මැරි කරන්න කෙනෙකුත් හොයලා අයියේ.... එ...යාලා මට කිව්වා අදම UK එන්න කියලා.... මට බෑ අයියේ යන්න.... "






ෂ්ෂ්ෂ්.... ආලියා.... අඩන එක නවත්තන්න දරුවෝ.... මන් ඔයාගෙ ප්‍රශ්නෙට කොහොම හරි විසදුමක් දෙන්නම්.... ම්ම්.... ඔයා අද යන්න එපා.... ම්ම්.... අම්මිට කියන්න.... අද කැම්පස් එකේ exam එකක් කියල....."




කොහොමටත් එහෙම ආවට ගියාට tickets ගන්න බෑ නෙ අඩුම දවස් දෙක තුනක් වත් යනවා.... මන් මොනවමහරි කරනවා.... ඔයා බය වෙන්න එපා හොදද...." ආදි අයියා මගේ මූණට බර වෙලා මගේ අත් එකම ඒ අත් වලින් පොඩි කරනවා. හරියටම මාව නිවන්න වගේ.






ආලියා.... ඊයෙ අනුගි ඔයාට මොනවහරි කිව්වද.... මම අහන්නෙ හවස මන් නැති අතරෙ...." ඒත් එක්කම ආයෙම මගේ ඇස් වල කදුලු පිරුනා. ඉවසන්නම බැරි තැන මන් ආදි අයියගෙ බාහුවක එල්ලිලා මූණ හංගගෙන ඉකිගැහුවා.






ආලියා.... ෂ්ෂ්ෂ්.... ඇයි මේ...." මට දැනුනා එයා මගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවනවා. 





එයා කිව්වා.... ඔයා අනුගි අක්කව මැරි කරන්න යනවා කියලා.... "




දරුවො ඒක proposal එකක් විතරයි.... මම වත් මගේ මාම්වත් කැමති නෑ ඒ මැරේජ් එකට...." ඒත් මම තව ටිකක් ඒ බාහුවට තුරුල් වෙලා ඇඩුවා. ඇත්තටම කිව්වොත් මට ලෝබයි ඒ උණුහුමෙන් මිදෙන්න.... ඒ නිසයි මම මූණ හංගගෙන ම ඉකිගැහුවෙ. 






ආලියා.... ෂ්ෂ්ෂ්.... සද්ද කරන්න එපා.... එන්න අපි යමු පාක් එකට.... පල්ලියෙ ඕවා කතා කරන්න බෑ නෙ...." කියලා එයා මගේ මූණ දෝතටම අරගෙන කදුලු පිහිදාලා මගේ අතින් අල්ලගෙන ආවෙ එයාගෙ බයික් එක ලගට.






සොනාල්.... මට හෙල්මට් එකක් ගෙනත් දීපන්...." එයා එතන හිටපු සොනාල් අයියට කිව්වා.





ඒ උබලා දෙන්නා සෙට් උනාද බන්...." එතන හිටපු වෙන අයියා කෙනෙක් ඇහුවා. මන් මූණ බිමිට හරවගෙන ඒ බාහුවකට මුවා උනා.





පිස්සුද යකෝ.... මේ නංගිගෙ අයියා මගේ යාලුවෙක්.... ගෙදර පොඩි අව්ලක් වෙලා... මන් විනාඩි තිහෙන් එනවා...."






ඒ ආදි.... නංගිටත් හෙල්මට් එකක් ගත්තනම් හරි.... මේ ටයිම් එකට පොලිසියෙන් ඉන්නවා...." කියලා සොනාල් අයියා මටත් හෙල්මට් එකක් ගෙනත් දුන්නා.




එයා මාව එක්කගෙන ආවෙ පේරාදෙණිය පාක් එකට. පාක් එක දිගේ අපි දෙන්නා පරතරේ තියාගෙන නිහඬවම ඇවිදගෙන ගියා. කපල් එක එක තැන් වල එයාලගෙ ලෝක වල තනිවෙලා ඉද්දි මම දැක්කත් නොදැක්ක ගානට බිම බලාගත්තා.






ඒත් ටික දුරක් යනකොට තමයි මට දැනුනෙ මගේ ලග හිටපු ආදි අයියා නෑ කියලා. මන් කලබලෙන් වටපිට බලනකොට මන් දැක්කා එයා ලස්සන කහ පාට චූටි චූටි මල් තියෙන ගහක් යට තිබුනු බෙන්ච් එකකට වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවා. ඒකත් හිනා වෙවී.





මන් බිම බලාගෙන හිමින් හිමින් ගිහින් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනා.





ආලියා...." එයා මට කතා කරපු නිසා මම ඒ ඇස් දිහා එක පාරක් බලලා ආයෙම ඉස්සරහ බලාගත්තා.





ප්‍රශ්න එනවා තමයි.... අපි එන විදියකට මූණ දෙමු.... වැරදිලාවත් ඔයා UK යන්න එපා.... මට ඔයාගෙ Phone එක දෙනවද.... " මන් මොකුත් නොකියා අන්ලොක් කරලා Phone එක එයාට දුන්නා. එයා මගේ Phone එකේ තිබිලා නම්බර්ස් වගයක් එයාගෙ එකට සේව් කරගත්තා මන් දැක්කා.






අයියේ අපි ඇවිදිමු.... මට මෙතන නිදහස්...." මන් ඒ ඇස් දිහා බලාගෙන මිමිණුවා. ඒත් එක්කම එයා මගේ අතින් අල්ලගෙන නැගිටලා පාක් එක පුරාම දුවන්න ගත්තා.





අයියේ හෙමින්.... මට මහන්සියි...." මන් හති දදා කිව්වා. එයා උස නිසා එයා නම් ඉක්මනට දුවනවා මාවත් ඇදගෙන දුවන නිසා මටත් එයාගෙ වේගෙට දුවන්න වෙනවා.





එය ආයෙම හිනා වෙවී මගේ අතින් ඇදගෙන ලග තිබුනු බෙන්ච් එකකින් වාඩි උනා. මහන්සිය වැඩි කමට මන් ඇස් පියාගෙන බෙන්ච් එකට බර උනා.





ඒත්.... මට දැනුනා.... එයා හරි පරිස්සමට මාව ඒ බාහුවකට වාරු කරගන්නවා. මන් ඇස් පියාගෙන ඒ බාහුවෙන් උනුහුම ගත්තා. අවුරුදු ගානකට පස්සෙ මට දැනුනා මන් ජීවත් වෙනවා කියලා. කවදාවත් මාව දාලා යන්න එපා අයියේ.






එයා හරි පරිස්සමට මගේ කෙස් අතරින් ඇගිලි තුඩු අරගෙන යනවා. මන් ඔයාට ආදරේ කරනවා අයියේ. මට ඒක දැනෙනවා. ඔයත් මට ආදරෙ උනා නම්....




ආලියා...."






ම්ම්...." 






මන් අනුගිව මැරි කරනවට අකමැති ඇයි.... ම්ම්...." එයා ඇහුවෙ මාව ගොලු වෙන ප්‍රශ්නයක් වෙද්දි මන් ඒ බාහුවෙන් ඔලුව අරගෙන බිම බලාගත්තා.






ඒයි.... මොකද මේ...." මන් මොකුත් නෑ කියලා කියන්න ඔලුව වැනුවා.






මන් අනුගිව මැරි කරනවට ඔයා අකමැති ඇයි කියලා ඇහුවෙ...."




එහෙම දෙයක් නෑ අයියේ...." මන් බිම බලාගෙන මිමිණුවා.






එහෙනම් මන් ඒ proposal එකට කැමති වෙන්නද.... ම්ම්...." එයා මගේ මූණට බර වෙලා ඇහුවා. මන් මොකුත් නොකියා එක පාරක් ඒ ඇස් දිහා බලලා ආයෙම බිම බලාගත්තා.






ආලියා...."






කැමති දෙයක් කරන්න අයියේ...." කියලා මන් බෙන්ච් එකෙන් නැගිටලා ඉස්සරහට ඇවිදන් ගියා. ටික දුරක් යනකොට මට දැනුනා එයත් මගේ පස්සෙන් එනවා.





එක පාරටම මාව ඇදිලා ගියේ ආදි අයියගෙ පපුවට වෙද්දි මන් ඉක්මනට බිම බලාගත්තා. එයා මගේ ඇස් දිහා බලාගෙන හිටියා විනාඩි ගානක්. මට බෑ ඒ බැල්ම දරාගන්න. ඒත් එක්කම එයා මාව අතින් ඇදගෙන ලොකු ගහක් යටට ඇවිත් මගේ බද වටේ අතක් යවලා මාව ඒ පපුවට ඇදලා ගත්තා.





අයියේ...."






කියන්න.... එක පාරක්.... ඇයි මන් අනුගිව මැරි කරනවට අකමැති කියලා...." එයා මගේ ඇස් වලට බර වෙලා ඇහුවා. මන් ඒ ඇස් වලින් මගේ ඇස් හංගගෙන ම හිටියා. වෙන කරන්න දෙයක් නැති නිසා. එයාගෙ හැම ස්පර්ශයකටම මාව පණ නැති වෙනවා වගේ දැනෙද්දි මන් ඒ පපුවෙ මූණ හංගගෙන ඇස් පියාගත්තා.




〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽




I'm Rose 🌹


Report Page