ආලියා
Rose 🌹
Episode 3
ආදි අයියා අර වෙලාවෙ ගියා ගියාමයි ආයෙ ආවෙ නෑ මන් ඉස්සරහට. හවස හතරට විතර හැමෝම යන්න කලින් ෆාදර් අපි හැමෝම එක්ක සෙල්ෆි එකක් ගත්තා. ඒකටවත් ආදි අයියා ආවෙ නැති වෙද්දි මට ටිකක් අව්ල් ගියා. හේතුවක් මම වත් දන්නෙ නෑ.
ආලියා...." ඒත් එක්කම ආවෙ සාරා.
යන්නද හදන්නෙ ආලියා...."
ඔව් සාරා.... ඔයා යන්නෙ නැද්ද දැන්ම...."
මමත් යනවා.... ඉන්න මම එන්නම්...."
ම්ම්...." මන් සාරා එනකන් බලන් හිටියා. ඒත් එක්කම මගේ ලගට ආවෙ අනුගි අක්කා.
හොදට මතක තියාගන්නවා ආලියා.... ආදි කියන්නෙ මගේ ආදරේ.... අපේ ඩැඩි මාව එයාට propose කරා අද.... ඒ නිසා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවා හරිද.... මගේ ආදි මගේ විතරයි...." එයා කියවලා කියවලා යන්න ගියා වෙද්දි, මට ආයෙ පාරක් දැනුනා මන් මේ ලෝකෙ තනි උනා වගේ හැගීමක්. මගේ පපුව කියා ගන්න බැරි තරම් රිදෙද්දි. මන් මගේ කදුලු බොහොම අමාරුවෙන් පාලනේ කරගත්තා.
ඒත්.... මන් දන්නෙ නෑ ඇයි මන් මෙච්චර අව්ල් උනේ කියලා. ආදි අයියා මේ පැය ගානට මට ගොඩක් close උනු නිසා වෙන්න ඕන.... මේ හැමදේ ගැනම බෝඩිමට ගිහින් එකින් එක මන් එක්කම විසදගන්න හිතාගෙන මන් මගේ හිත තද කරගත්තා.
යමු ආලියා...." කියාගෙන ආවෙ සාරා. අපි දෙන්නා හෙමින් හෙමින් පල්ලියෙන් පිට උනා. ඒත් සාරායි මමයි අතර තිබුනෙ ලොකු නිහැඬියාවක්. විනාඩි ගානක් පුරාවට.
ආලියා...."
අහ් ඔව් කියන්න.... සාරා...."
ඔයාට මගෙන් අහන්න මොකුත් ප්‍රශ්න නැද්ද...? "
ඒ කිව්වෙ සාරා...."
ඒ කිව්වෙ.... මේකයි ආලියා.... මට ඇහුනා අනුගි කියපුවා.... ඒ වෙලාවෙ ඉදන් ඔයා මූඩ් ගහලා කියලත් මම දැක්කා.... ඉතින්.... මට හිතෙනවා ඔයාගෙ හිතේ ප්‍රශ්න ගොඩක් ඇති කියලා...."
කවුද සාරා කමල් අන්කල් කියන්නෙ...? " හිතලා හිතලා බැරිම තැන මම ඒ ප්‍රශ්නෙ ඇහුවා. මොකද මන් දැක්කා ඒ අන්කල් ආවා කියපු ගමන් ආදි අයියා කලබල උනු විදිය.
කමල් අන්කල් කියන්නෙ අනුගි ගෙ ඩැඩී ආලියා.... ඒ කියන්නෙ ආදි අයියගෙ අම්මගෙ මල්ලි.... ආදි අයියගෙ තාත්තා අවුරුදු දෙකකට කලින් නැති උනා ආලියා.... ආදි අයියා විතරයි ඒ පවුලෙ හිටියෙ.... ඉතින් ආදි අයියගෙ අම්මා ආදි අයියට ගොඩක් ආදරෙයි..... නමුත් කමල් අන්කල් හදන්නෙ අනුගිව ආදි අයියගෙ කරේ එල්ලන්න.... ඒ වෙන මොකුත් නිසා නෙමෙයි.... ආදි අයියලාගෙ බිස්නස් අල්ලන්න...." සාරා කිව්වා. ඒත් මට මොකුත් කියාගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. මන් හෙමින් හෙමින් බෝඩිම ලගට එනකන්ම නිහඬවම ආවා.
ආලියා.... පරිස්සමට ඉන්න.... මන් යන්නම්.... ජේසු පිහිටයි...."
ජේසු පිහිටයි, බුදු සරණයි සාරා...."
සාරා...."
කියන්න ආලියා...."
හෙට මන් පල්ලි එන්නද...? "
ඕක මගෙන් අහන්න දෙයක්ද මෝඩි.... එන්න.... මන් බලන් ඉන්නවා.... ආආ මේ.... හෙට කැම්පස් නිවාඩු නම් විතරක් එන්න හොදද...."
හරි සාරා... මන් යනවා...."
හරි... පරිස්සමෙන්...."
වෙලාව හවස හතහමාරයි. මගේ බෝඩින් එකේ ඉන්නෙ මම විතරක් වෙද්දි මට තනියම කෑම හදාගන්න සිද්ද වෙනවා. චූටි රූම් දෙකකුයි, ලිවින් එකයි , කිචන් එකයි, බාත් රූම් එකකුයි වගේ අත්‍යාවශ්‍ය දේවල් ටිකක් විතරක් තියෙන මගේ චූටි බෝඩින් එක තමයි දැන් මගේ ගෙදර....
මන් මේකෙ මිදුලෙ චූටි චූටි මල් පැල වවලා ලස්සනට බලාගන්නවා. ඒ දේවල් වලින් මට පුළුවන් මගේ ප්‍රශ්න ටිකක් හරි අමතක කරලා ඉන්න. හෙට ඉරිදා.... මන් සාමාන්‍යයෙන් ඉරිදාට පන්සල් යන්න පුරුදු වෙලා හිටියත් මට ඕනෙ උනා ආදි අයියගෙ මූණ තව එක පාරක් හරි බලන්න.
මන් වොෂ් එකක් දාගෙන චූටි ෂොටකට ටී ෂර්ට් එකක් ඇදගෙන රෑට කෝපි කෝප්පයක් හදාගෙන ආවා මිදුලට.... දැන් වෙලාව හත විතර වෙලා. මගේ Phone එකේ වොලියුම් අඩු කරලා සින්දුවක් දාගෙන මම අපේ මිදුලෙ තියෙන පැද්දෙන බෙන්ච් එකෙන් වාඩි උනා.
මන් ආසම වැඩෙත් මේක.... ඒත් මේ වෙලාවට මන් මගේ හිතත් එක්කම මගේ ප්‍රශ්න ගැන කතා කරන නිසා මට මේ වෙලාවට ටිකක් අමාරුයි.... I mean.... මගේ පපුව කියා ගන්න බැරි තරම් කකියනවා.... ඒත් දැන් මට ඒක හුරුයි.
දැන් මට තවත් ප්‍රශ්නයක්.... ආදි අයියා.... කාලෙකට පස්සේ මට මුණගැහුනු.... මාව තේරුම් ගත්ත ලස්සන මනුස්සයෙක්.... ආදි අයියා කියන්නේ මට තවත් බලාපොරොත්තුවක්.... ඒත් හැමෝම වගේ එයත් මාව දාලා යන පාටයි.... අද හවස අනුගි අක්කා කිව්වනෙ....
හොදම දේ කාටවත් බැදෙන්නෙ නැතුව ඉන්න එක. එතකොට දුකක් නෑ. ඒත් හදවතට කතා කරන මනුස්සයෙක් මුණගැහුනම මම කොහොමද නොබැඳි ඉන්නෙ. පිට කාගෙන්වත් මම මෙච්චර කාලෙකට ආදරේ බලාපොරොත්තු උනේ නෑ. මොකද මන් දන්නවා තමන්ගෙ අයගෙන් නොලැබෙන ආදරේ පිට කවුරුත් අපිට දෙන්නෙ නෑ කියලා.
ආදි කියන්නෙ මගේ හිතේ තිබුනු, මන් දවසක මැරි කරන්න ඕන කියලා හිතාගෙන හිටපු රූපෙ තියෙන ලස්සන පිරිමි ලමයෙක්. මන් හිතන්නේ.... නෑ එක්කෝ ඕන නෑ.... අපි කාලයට ඉඩ දීලා බලන් ඉමු. මට ඒ තරම් මාව තේරුම් ගතපු මනුස්සයෙක් ලැබෙන්න තරම් මන් ලකී නෑ කියලා මන් දන්නවා.
මන් එයාට ආදරේ කරන්න පටන් ගත්තොත් ඒකත් දුකකින් ඉවර වේවි කියලා මට හිතෙනවා. ඒත් මගේ හිත මුරණ්ඩුයි. කන්ට්‍රෝල් නැති වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩී. එයාගෙ ඉස්සරහ මන් ගොලු වෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති.
හිතට ආපු දේවල් කරන්න බෑ මට.... මොකද මන් තමයි දැන් මගේ ආරක්ෂකයා.... මට කියලා කවුරුත් නෑ මෙහෙ.... මෙහෙ තියා මගේ ජීවිතෙත් එහෙම කෙනෙක් නෑ මට.... තනිකම කියන දේ තදින්ම දැනෙනවා මට.... ඒත් මන් අවුරුද්දක් පුරාවට තනියම මගේ ප්‍රශ්න මන් එක්ක විතරක් ශෙයා කරගත්තා උනත්.... ආදි අයියා මගේ ප්‍රශ්න අහන්න හොද සවන් දෙන්නෙක් උනා....
මන් අවුරුද්දක් තිස්සේ කිව්වෙ අවුරුද්දකට කලින් මගේ ප්‍රශ්න අහන්න මගේ අයියා මට හිටපු නිසා. දැන් ආයෙම ආදි අයියා මාව නිවන්න මට ඉන්නවා කියලා මට දැනුනත් එයා තාවකාලිකයි කියලා මගේ හිත විලාප දෙනවා.
ඒත් එක්කම මගේ Phone එකට කෝල් එකක් ආවා... එතකොටයි මගේ දැහැන බිදුනෙ. කෝල් කරේ අම්මි.
Good evening අම්මි...."
Good evening ආලියා.... විනාඩි පහක් මන් එක්ක කතා කරන්න පුලුවන් ද ආලියා...."
කියන්න අම්මි...."
ඔයාට පුලුවන්ද හෙටම UK එන්න.... "
ඒ ඇයි අම්මි...."
තාත්ති ඔයාට හැන්ඩියෙක්ව හොයලා.... ඔයා දන්නවද ආලියා... ඒ දරුවා තමයි CnB කම්පැනි එකේ ඕනර්.... "
අනේ අම්මා.... මට බෑ දැන්ම මැරි කරන්න.... මට මෙහෙම ඉන්න දෙන්න...."
ඒවා හරියන්නෑ.... තාත්ති කිව්වා ඔයාට ඉක්මනටම මෙහෙ එන්න කියන්න කියලා.... හෙටම එන්න...."
ඒත් අම්මා.... අම්මා.... හෙලෝ.... ශීට්.... " අනේ ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නෙ.... මන් කොහොමද මේවා දරාගන්නෙ. ඇයි හැමෝම මාව මෙච්චර pressure කරන්නෙ.... දුක තරහ හැමදේටම මම ඇඩුවා රෑ එලි වෙනකන් ඇඩුවා. මට ආදි අයියාව ගොඩක් මතක් වෙනවා.
අනේ මට යන්න බෑ.... කවුරුත් නැද්ද මාව ආරක්ෂා කරන්න.... කවුරුත් නැද්ද මට හයියක් වෙන්න.... මට තියෙන්නෙ විසදුම් කිහිපයයි....
එක්කෝ අම්මි කිව්ව විදියට UK ගිහින් ඒ කෙනාට තේරුම් කරන්න ඕන මම මැරි කරන්න කැමති නෑ කියලා, නැත්නම් මේ ගැන ආදි අයියට කියලා එයාගෙන් විසදුමක් ඉල්ලගන්න ඕන, එහෙමත් නැත්නම් අම්මි තාත්ති දෙන්නවම අතෑරලම දාලා තනියම ජීවත් වෙන්න ඕන... ඒත් නැත්තම් රූකඩයක් වගේ මැරි කරලා මැරිච්ච කෙනෙක් වගේ ජීවත් වෙන්න ඕන... අවසානම දේ හැමදේම අතෑරලා මගේ ජීවිතේට තිත තියන්න ඕන....
හොදට හිතලා මන් තීරණයක් ගත්තා.... දැන් රෑ තුනත් පහුවෙලා.... මන් ඇතුලට ඇවිත් අඩ අඩ ම නිදාගන්න බෙඩ් එකට ආවා.
〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽
හිනාවෙලා react කරන්න තරම් කතාව අව්ල් නම් කියන්න. නොලියා ඉන්නම්.
I'm Rose🌹