ආලියා

ආලියා

Rose 🌹

Episode 02











මන් කදුලු පිහිදාගෙන ආවෙ කවුද කියලා බැලුවා. ඒ ආදි අයියා. ඒත් එක්කම එයා මගේ අතින් අල්ලගෙන cemetery එකේ බෙන්ච් එකක් ලගට ගිහින් වාඩි උනා.





අ..නේ සො..රි අ..යි..යේ.... " මන් ආදි අයියගෙ ඇගිල්ල දිහා බලාගෙන මිමිණුවා. නවත්තගන්න බැරි කදුලු එක්ක මන් ඒ අතින් මගේ අත ගලවගෙන බිම බලාගත්තා.





අහන්න.... ආලියා.... මුලින්ම අනුගි වෙනුවෙන් මම ඔයාගෙන් සමාව ඉල්ලනවා.... අනුගි කියන්නෙ මගේ ක'සින් නංගි.... සහ මම හිතනවා ඔයා බුද්ධිමත් ලමයෙක් කියලා.... ඒ නිසා කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා.... තව දෙයක්.... මන් පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්...." මන් හා කියන්න ඔලුව වැනුවා.





පොඩි දේටත් අඩන්න එපා ආලියා.... ඔයා ඔයිට වඩා ශක්තිමත් වෙන්න ඕන.... අපි ඔයාගෙ ඕනම දේකට ඉන්නවා.... මන් දන්නවා ඔයා ගෙදරින් පිට ඉන්නෙ කියලා.... ඒ නිසා ටිකක් strong උනොත් ඒක ඔයාට පහසුයි.... තේරුනාද...." මන් ඔව් කියන්න ඔලුව වැනුවා. 





මන් එක්ක කතා කරන්න බය වෙන්න එපා.... ඔයා දන්නෙ නැති උනාට මන් හැමදාම කැම්පස් එකේදි ඔයාව දකිනවා.... " ඒත් එක්කම බිම තිබුනු මගේ මූණ ඉබේම හැරුනෙ ආදි අයියා පැත්තට.





කැම්පස් එකේ 4th year medical student කෙනෙක් මම.... ඉතින් මන් දකිනවා ඔයා තනියම එහෙ මෙහෙ යනවා.... හැබැයි නංගි මට ප්‍රශ්නයක් තියෙනවා...."





අහන්න.... අයියේ...."





1st year students ලගෙ parents day special එකට ඇයි ඔයාගෙ ගෙදරින් කවුරුත් ආවෙ නැත්තෙ.... " එයාලා කොහේ එන්නද අයියේ.... එයාලට මට වඩා අනිත් සේරම ලොකුයි....





නංගි.... මට සමාවෙන්න ඔයාගෙ හිත රිදෙන දෙයක් ඇහුවා නම්...."





අහ්.... අනේ නෑ අයියේ.... මගේ අම්මියි තාත්තියි දෙන්නා ඒ දවස් වල ලංකාවේ හිටියෙ නෑ.... බිස්නස් වැඩ වගයකට රටින් පිට හිටියෙ...." මන් ලාවට හිනාවෙලා කිව්වා.





ආ හරි හරි නංගා.... එතකොට ඔයා විතරද ඔයාගෙ පවුලෙ ඉන්නෙ...." ඒත් එක්කම ආයෙම මගේ කදුලු අලුත් උනා.





අනේ නංගා සොරි.... අඩන්න එපා.... අපි යමු දැන්...."





අනේ නෑ අයියේ.... මන් දන්නෙ නෑ ඔයාව විශ්වාස කරන්න පුළුවන් ද කියලා.... ඒත් මෙච්චර දවසක් මගේ ලග ඉදපු කවුරුවත් මගේ ප්‍රශ්නෙ තේරුම් ගත්තෙ නෑ.... ඒත් මන් හිතන්නේ ඔයා මාව තේරුම් ගත්තා.... "





මන් ඔයාගෙ අයියා කියලා හිතන්නකෝ නංගා...."  





මට අයියා කෙනෙක් ඉන්නවා අයියේ.... පණ වගේ ආදරේ කරපු.... මගේ තාත්තිටත් වඩා ගරු කරපු.... එයා නේවි medical officer කෙනෙක්.... ඒත් ගිය අවුරුද්දෙ එයා මැරි කරා.... ඊට පස්සේ එයා මගෙන් හිතුවටත් වඩා ඈත් උනා අයියේ.... ඒ අක්කා කැමති නෑ අයියා මන් එක්ක කතා කරනවට වත්.... හැමදේම නැති උනා වගේ මට දැනුනෙ.... අම්මියි තාත්තියි දෙන්නා කොහොමත් මට චූටි කාලේ ඉදන්ම ඈතයි.... ඒත් අයියා මගේ හැමදේටම ලගින් හිටියා.... ඒත් දැන් එයත් වෙනස් වෙලා.... හැමදේම අමතක කරලයි මම මේ පල්ලියෙ වැඩ වලට උදව් කරන්න ආවෙ.... ඇත්තටම කිව්වොත් මේක මට සහනයක්.... මන් ආසයි ගීතිකා කියනවා අහන්න.... මන් ආසයි ඔයාලා යාඥා කරනවා බලන් ඉන්න.... " හිතේ තිබුනු හැමදේම කිව්වට පස්සෙයි මගේ හිතට නිදහසක් දැනුනෙ. ආදි අයියත් නිහඬවම මාව අහගෙන හිටියා.





මිනිස්සු කොහොමත් වෙනස් වෙනවා ආලියා.... ඔයා ඕනම වෙලාවක පල්ලියට ඇවිත් හිත සැහැල්ලු කරගන්න.... දැන් අඩන්න එපා හරිද.... බලන්න මූණ නිකන් ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා.... තව ටිකෙන් මන් ජම්බු කියලා හිතාගෙන කනවා...." ඒත් එක්කම කදුලු අතරින් මගේ කටින් පැන්නෙ හිනාවක්. ආදි අයියයි මමයි මූණට මුණ බලාගෙන හිනා උනා.





තැන්ක්ස් අයියේ.... මාව අහගෙන හිටියට...." මන් හිනාව මකාගෙන මිමිණුවා. එයා ලාවට හිනාවෙලා මට ඇහැක් ගැහුවා.





ඒ ආදි.... වරෙන් කෑම ගෙනාවා.... " මන් හිතන්නේ ඒ සොනාල් අයියා කියපු කෙනා.





නංගා අපි යමු.... බඩගිනිත් ඇතිනෙ.... මට නම් බඩගිනි යකෙක් කන්න...." එයා එයාගෙ බඩ අල්ලගෙන කිව්වා. මන් ඔලුව හොලවලා හා කිව්වා.





ඊට කලින්.... මෙහෙ එනවා මූණ හෝදන්න...." කියලා ආදි අයියා මගේ අතින් ඇදගෙන ටැප් එකක් ලගට එක්කන් ආවා.





ආදි.... මොකද මේ ආආ.... " මන් ගැස්සිලා ගියා ඒ කටහඩට. වෙන කවුරුවත් නෙවෙයි ඒ අනුගි අක්කා. අක්කා බලාගෙන හිටියෙ ආදි අයියා අල්ලගෙන ඉන්න මගේ අත දිහා වෙද්දි මන් ඉක්මනට ඒ අතින් මගේ අත ගලවගෙන මූණ සෝදගත්තා.





ආදි අපි යමු කෑම කන්න...."





ආලියවත් එක්කන් යමු අනුගි...."





මොකක්ද ආදි.... අපි යමුකො.... එයා එයිනෙ...."





ඔයා යන්න.... මම එන්නෙ ආලියා එක්ක...." මට ඇහුනා ඒ දෙන්නා ආවේගෙන් වගේ කතා කරනවා. මන් මූණ සෝදගෙන ඉවර වෙලා ආදි අයියා දිහා බැලුවා. එයා ආයෙම මගේ අතින් අල්ලගෙන රෙස්ට් රූම් එකට ආවා.




ආදි අයියේ.... මන් චුට්ටක් අරහෙට ගිහින් එන්නම්...."





කොහේටද...."





මේ.... මේ.... එලියට...."





යන්න.... හැබැයි.... අරයා නිසා නම් යන්න හදන්නෙ.... ඔයා කොහේවත් යන්න එපා.... මන් එක්කම ඉන්න.... ඔයා ගියොත් තමයි එයා මගේ ලගට එන්නෙ...." ආදි අයියා මට පෙන්නුවෙ අපි දිහා රවලා බලාගෙන ඉන්න අනුගි අක්කව. ආදි අයියා ඇයි එහෙම කියන්නේ.... මන් යන්න හැදුවෙ නම් අනුගි අක්කා නිසා තමයි. ඒත්.... අනේ මන්දා....





ඒයි... ඔච්චර කල්පනා කරන්න එපා.... අනුගි මගේ girl friend නෙවෙයි.... ඒත් එයා too much.... " ආදි අයියා මගේ කනට පහත් වෙලා කිව්වා. මන් ලාවට හිනාවෙලා බිම බලාගත්තා.






එන්න ලමයි කෑම කන්න...." ඒත් එක්කම ෆාදර් සමීර කතා කරා අපිට. අපි හැමෝම කෑම පැකට් එක එක අරගෙන තිබුනු බෙන්චස් වලට ගිහින් කන්න ගත්තා. මම කොහේ ගියත් ආදි අයියා මගේ පස්සෙන්මයි. මමයි ආදි අයියයි එක බෙන්ච් එකක වාඩි වෙලා කෑවා.





ඒත් නෑ.... එයා කෑවෙ නෑ කියලා මම දැක්කෙ පස්සෙ....





අයියේ.... ඔයා කන්නෙ නැද්ද...."





මේ.... " එයා පෙන්නුවෙ තුවාල වෙච්ච ඇගිල්ල....





ස්පූන් එකක් ඉල්ලලා දෙන්නම් ඉන්න.... " කියලා මන් කෑම එක තියලා නැගිටලා යන්න හදනවත් එක්කම එයා මගේ අතින් අල්ලගෙන මාව නැවැත්තුවා. මන් ආදි අයියගෙ මූණ දිහා බැලුවම එයා ඇස් වලින් කිව්වෙ මට වාඩි වෙන්න කියලා.





කවනවද...? " මන් එයාගෙ එහා පැත්තෙන් වාඩි උනාම එයා මගෙන් ඇහුවා. මන් මොකුත් නොකියා බලාගෙන හිටියෙ මොකුත් හිතාගන්න බැරුව.





ආලියා.... " එයා ආයෙම කතා කරා. මන් ලාවට හිනාවෙලා මගේ කෑම එකෙන්ම එයාටත් කැව්වා.





රසයි.... " එයා කිව්වා.





කඩේ කෑම කොහොමත් රසයි අයියේ...."





මේ කඩේ කෑම කන්න පටන් ගත්තෙ මම උසස්පෙළ කාලෙ ඉදන් මැට්ටි.... මම කිව්වෙ වෙනදට වඩා රසයි කියලා.... "





එතකොට අයියගෙ ගෙවල් නුවරමද අයියේ...."





ම්ම් ඔව්.... "





අම්මෝ ආදි.... උබ තමයි දවසකට හරි මිනිහා.... කෙල්ලට කියලා කෑමත් කවාගන්නවා නේ උබ.... නංගි ඕකා මහ කුකුලා ඔහොම හිටියට.... වැඩිය ෂුවර් කරන්න එපා...." කියලා ඇන්ජලෝ අයියා කෑ ගහලා කිව්වා.





මන් ලාවට හිනාවෙලා බිම බලාගත්තා. එයාලා හිතනවද දන්නෙ නෑ මම ආදි අයියා එක්ක affair එකක් පටන් අරගෙන කියලා.





ඒයි.... කවන්නෙ නැද්ද දැන්...." ආදි අයියා ආයෙම ඇහුවා. මන් ආයෙම ආදි අයියට කෑව්වා.





ඒ අපිටත් කවන්න බැරිද දන්නෙ නෑ නේද...." ඒ චේතක අයියා.





ආලියා.... "





කියන්න අයියේ...."





එයාලා එක එක ඒවා කියන එක ඔයාට අපහසුයි නම් කියන්න.... " මන් හා කියන්න ඔලුව වැනුවා.





ඒ ආදි.... අන්න උබලගෙ අර කමල් අන්කල් ඇවිත්.... " තව අයියා කෙනෙක් ඇවිත් කිව්වා විතරයි ආදි අයියා අකුණක් ගැහුවා වගේ නැගිටලා මගේ ඔලුව අතගාලා යන්න ගියා.





〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽




I'm Rose 🌹

Report Page