ආලියා

ආලියා

Rose 🌹

Episode 01













හ්ම්.... හ්ම්.... කතා කරන්න පුළුවන් ද...? " එකපාරටම මගේ පිටිපස්සෙන් උගුර පාදන සද්දයක් ඇහුනු නිසා මම ගැස්සිලා ඒ දිහා බැලුවා.





අහ්.... ඔව් කියන්න.... "





ආලියා.... මන් හරි නෙ...." හැ මෙයා කොහොමද මගේ නම දන්නෙ....? ඕන දෙයක් වෙන්න කියලා මම ඔලුව හොලවලා ඔව් කිව්වා.





මොකෝ බය වෙලා.... " ඒ පාර මගේ මූණට බර වෙලා අහනවා. මම ආයෙම මොකුත් නෑ කියලා කියන්න ඔලුව වැනුවා.





ම්ම්.... හරි හරි.... නංගි.... මම මේ බෙන්චස් ටික ක්ලීන් කරන්නම්.... ඔයාට පුළුවන් ද පල්ලියෙ එහා පැත්තෙ කොනේ තියෙන හිස් මල් පෝච්චි වල අර එතන තියෙන අරලියා ඉති ටික හිටවන්න...."





හ... හරි අයියේ...." කියලා මමත් ඉක්මනට එතනින් ආවා. මන් ඇහැ කොනෙන් දැක්කා එයා මගේ දිහා හිනා වෙවී බලන් ඉන්නවා.





අයියෝ.... දැන් කොහෙන්ද මේකට පස්, පොහොර හොයන්නෙ.... මන් පල්ලියේ එහා පැත්තෙන් තිබුනු statue එක ලගට ගිහින් ඉනට අත් දෙකත් බැදගෙන කල්පනා කරා. මල් පෝච්චි අටක් තියෙනවා. අර අයියගෙන්ම අහනවද.... නැත්තම්.... සිස්ට මිහිරිගෙන් අහනවද....





මොකද දරුවො මේ කල්පනා කරන්නේ...." ඒත් එක්කම ආවෙ ෆාදර් සමීර....





අහ්... මේ ෆාදර්.... මට අයියා කෙනෙක් කිව්වා මේ මල් පැල ටික ඉන්දන්න කියලා.... ඒත්.... මේකට පස්, පොහොර හොයාගන්නෙ කොහෙන් ද කියලා මන් බැලුවෙ...."





මොන අයියද කිව්වෙ...." ෆාදර් ආපස්සට මගෙන් ඇහුවා.





මේ මේ.... අර උස.... අයියා කෙනෙක් ඉදියෙ ෆාදර්.... මම නම නම් දන්නෙ නෑ හැබැයි...."




ආ... අර අපේ යූත් එකේ President ද.... ආදි නේද...."





ආ ඔව් ඔව් ෆාදර්.... president අයියා තමයි...." ඒත් එක්කම ෆාදර්ගෙ කට කොනේ ඇදුනෙ හිනාවක් වෙද්දි මන් කට ඇරගෙන ෆාදර්ගෙ කට දිහා බලාගෙන හිටියා. එසැනින් ෆාදර් ඒ හිනාව මකාගෙන මගේ දිහා බැලුවා.






හරි දරුවෝ.... මම අන්කල් ට කියන්නම් පස් ගෙනත් දෙන්න කියලා.... "




හරි ෆාදර්...." ඒත් එක්කම ෆාදර් යන්න ගියා වෙද්දි මන් අහම්බෙන් වගේ දැක්කා අර President අයියා බෙන්ච් එක ක්ලීන් කරන එක පැත්තක තියලා මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ. මන් ඒත් බැලුවෙ මගේ පිටිපස්සෙ තව කවුරු හරි ඉන්නවද කියලා.





ඒත් එක්කම මන් දැක්කෙ මගේ පිටිපස්සෙ ඉන්න අනුගි අක්කා. මන් ඉක්මනට බිම බලාගෙන වැඩේට බැස්සා. සමහර විට ආදි ද කවුද කියන අයියා බලාගෙන ඉන්න ඇත්තෙ අනුගි අක්කා දිහා වෙන්න ඇති. කොහොමත් අපේ පල්ලියෙ ලස්සනම කෙනා තමයි අනුගි අක්කා.





ම්ම්.... ඔයාලා හිතනවා ඇති පල්ලියක් ගැන කියනකොට මම කැතලික් කියලා. නෑ නෑ.... මම බෞද්ධ.... ඒත් මම මේ පල්ලියට ඇවිත් මට පුළුවන් විදියට පල්ලියෙ වැඩ වලට උදව් කරනවා.





එහෙමයි කියලා පන්සල් නොගිහින් ඉන්නෙත් නෑ මම. කොහොම හරි අද යූත් එකේ අය පල්ලියෙ ශ්‍රමදානයක් තියන්න කතා කරගත්තා. ඒකට තමයි මම අද මේ ආවෙ.





ආලියා දරුවෝ.... ආ මෙන්න පස් ටික...." ඒත් එක්කම ආවෙ පියල් අන්කල්. එයා තමයි පල්ලියෙ ගාඩ්න් එක එහෙම බලාගන්නෙ.




ආ හරි අන්කල්.... ඔතනින් තියන්න...." ඊට පස්සේ අන්කල් පස් බෑග් එක බිමින් තියලා යන්න ගියා. මන් ඉතින් මල් පෝච්චි වලට පස් දාලා මල් පැල ඔක්කොම ඉන්දුවා. ඉන්දපු පෝච්චි ටික ජේසු පිලිමෙ ලගින් රටාවකට තියලා එතන අස් කරලා දැම්මා. දාඩිය එකයි මගේ ඇග පුරාම. ඒ අස්සෙ ගවුමෙ මඩත් ගෑවිලා.





බ්ලැක් කලර් ගවුමක් නිසා මඩ ටික පේනවත් වැඩී වගේ. මන් එතන තිබුනු පොඩි අත් රේක්කෙ එක්ක තව තිබුනු ආයුධ ටිකත් අරගෙන ගියේ ගබඩා කාමරේ පැත්තට.





ම්ම්.... මගේ ගැන තව කිව්වොත්.... මට දැන් අවුරුදු විස්සක් විතර වෙන්නෙ. ඒ වගේම පේරාදෙණිය කැම්පස් එකේ පලවෙනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. එතකොට මේ පල්ලිය අපේ බෝඩින් එක ලග තියෙන ටිකක් ලොකු පල්ලියක්.





ආව්හ්...."




අනේ සොරි ආලියා...." මොකක්ද දෙයියනේ ඒ උනේ...? කල්පනාවෙ හිටපු මන් එකපාර ගිහින් වැදුනෙ කාගෙ හරි ලොකු පපුවක.... මන් ඒ ඇස් දිහා නොබලම ඒ බාහු වලින් මිදිලා මගේ අතින් බිම වැටුනු ආයුධ ටිකත් ඇහිදගෙ එතනින් දුවලා ආවා. ඒත් මන් දැක්කා ඒ කෙනාගෙ ඇගිල්ලක් තුවාල වෙලා තියෙනවා. සමහර විට මගේ ආයුධ වලට වෙන්න ඇති.





ඕන දෙයක් කියලා මම ආයුධ ටිකත් ගබඩා කාමරෙන් දාලා ටැප් එකක් ලගට ගිහින් ඇදුම සෝදගෙන මූණත් සෝදගත්තා.





අනේ ආදි.... කොහොමද ඔයාට තුවාල උනේ.... බලන්න.... හොදටම බ්ලීඩ් වෙනවා...." මන් ඉක්මනට පිටිපස්ස හැරිලා බැලුවම හිටියෙ ආදි අයියයි අනුගි අක්කයි වෙද්දි මන් එතනම ගල් ගැහිලා බලාගෙන හිටියා.





එහාට යනවා ඕයි.... ඉක්මනට...." ඒත් එක්කම අනුගි අක්කා මට කෑ ගැහුවා. මන් ඉක්මනට ටැප් එක ලගින් එහාට වෙලා එක පාරක් ආදි අයියා දිහා බැලුවා. අයියත් බලන් ඉදලා තියෙන්නෙ මගේ ඇස් දිහා වෙද්දි මන් ඉක්මනට බිම බලාගත්තා.





එතකොට.... මගේ අතින්ද ආදි අයියව තුවාල උනේ.... හිත හිත මන් ආවා පල්ලිය ඇතුලට. වෙලාව එකොලහ විතර වෙලා. මන් යනකොට යූත් එකේ අනිත් අයත් පල්ලියෙ ඇතුලෙ බෙන්චස් වල ඉදන් කතා කර කර හිටියා .





ආ ආලියා.... එන්න එන්න.... අද කැම්පස් නිවාඩුද...." ඒ සාරා. මගේ පල්ලියෙ යාලුවෙක්. එයා එහා පැත්තෙ කොන්වන්ට් එකේ English teacher....





ඔව් සාරා.... " කියාගෙන මමත් සාරාගෙ එහා පැත්තෙන් වාඩි උනා.




නංගි අලුත්ද....?" ඒත් එක්කම එතන හිටපු හෙන ඇග ක් තියෙන අයියා කෙනෙක් ඇහුවා.





අහ්.... ඔව් අයියේ.... මම දැන් සති මාස දෙකක් වගේ වෙන්නෙ නුවර ඇවිත්.... මගේ ගම ගාල්ලෙ.... "





ආ.... හරි හරි.... සාරා.... එතකොට මේ නංගි ගැනද උබ මට කිව්වෙ.... අර අරූ.... "




ආආ.... සොනාල්.... මේ අන්න ෆාදර් උබට කතා කරා.... " ඒත් එක්කම එතන ඉදපු තව අයියා කෙනෙක් කිව්වා.  





ඒත් එක්කම සොනාල් අයියව ඇදගෙන අර අනිත් අයියා යන්න ගියා.




මේ.... කාලෙකට පස්සේ ආපු අයට කියන්නෙ.... මේ ඉන්නෙ ආලියා.... මෙයා medical student කෙනෙක්.... 1st year.... විශේෂම දේ තමයි.... මෙයා ආගමේ නෙවෙයි.... බෞද්ධ.... ඒ නිසා ආලියා අපේ පල්ලිය වෙනුවෙන් මේ කරන කැප කිරීම අපි අගය කරන්න වගේම ආලියා නොදන්න නොතේරෙන දේවල් කියලා දෙන්න ඕන...." සාරා කිව්වා. මන් හැමෝම දිහා හිනා වෙලා බලලා බිම බලාගත්තා.




හහ්.... ඇයි පන්සල් වල වැඩ නැද්ද.... " ඒත් එක්කම පල්ලිය ඇතුලට ආපු කවුරු හරි කියනවා ඇහුනා. මගේ ඇස් වල කදුලු පිරෙද්දි මන් හැමෝගෙන්ම මගේ ඇස් හංගගෙන බිම බලාගෙන ම හිටියා. 





අනුගි තමුසෙට පිස්සුද ආආ.... මෙහෙම ද ෆාදර් අපිට උගන්වලා තියෙන්නේ.... " තව කවුරු හරි කියනවා ඇහුනා. මන් එතකොටයි දැනගත්තෙ ඒ අනුගි අක්කා කියලා.





ඇයි තමුසෙට දුකද ආදි.... ආආ.... පල්ලියට උදව් කරන එක කෙසේ වෙතත් මන් දන්නවා මෙයා හොද අඩව්වක් නම් අල්ලයි කියලා....." ආයෙම එයා කිව්වා. නවත්තගන්න බැරි තරම් ඉකියක් මගේ කටින් පිට වෙද්දි මන් නැගිටලා දුවලා ආවෙ පල්ලියෙ cemetery එකට.





ආලියා.... " විනාඩි ගානකට පස්සෙ මට ඇහුනා කවුරු හරි මගේ ලගට ඇවිත් මට කතා කරනවා. ඉකිගගහා හිටපු මන් අත් දෙකෙන්ම මගේ මූණ වහගෙන තව හයියෙන් ඇඩුවා.





නංගි.... අඩන්න එපා.... " කියලා ඒ කෙනා මගේ ඔලුව අතගෑවා.






〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽〽




අලුත් එක. කැමති නම් කියන්න. අනිත් එක තාවකාලිකව නැවැත්තුවා. Sorry




I'm Rose 🌹

Report Page